නාහුම් 2:1-13

  • නිනිවය විනාශ කරයි (1-13)

    • ‘ගංගාවල දොරටු විවෘත වෙලා තියෙයි’ (6)

2  මිනිසුන්ව සීසීකඩ යවන කෙනෙක් ඔබට* විරුද්ධව ඇවිල්ලා.+ ඔබේ බලකොටු ආරක්ෂා කරගන්න. ඔබේ පාරවල් මුර කරන්න. සටනට සූදානම් වෙන්න.* ඔබේ සවිශක්තිය වැඩි කරගන්න.   මොකද යෙහෝවා යාකොබ්ගේ ගෞරවය වගේමඊශ්‍රායෙල්ගේ ගෞරවයත් කලින් තිබුණු තත්වයටම ගේනවා.මොකද විනාශ කරන්නෝ ඔවුන්ගේ දේශය විනාශ කළා.+ඒකේ මිදිවැල්වල අතු කපලා දැම්මා.   ඔහුගේ හමුදාවේ බලවන්තයෝ තද රතු පාට ඇඳුම්වලින් සැරසිලා ඔබට පහර දෙන්න සූදානමින් ඉන්නවා.ඔවුන් රතු තීන්ත ආලේප කරපු පලිස් අතේ තියාගෙන ඉන්නවා. ජුනිපර් ලීවලින් හදාගත්ත හෙල්ල උස්සගෙන ඉන්නවා.ඔවුන්ගේ යුධ රථවලට සවි කරලා තියෙන යකඩ කොටස් ගිනිදලු වගේ දිදුලනවා.   යුධ රථ වියරුවෙන් වගේ වීථිවල ගමන් කරනවා. ඒවා ප්‍රධාන හන්දිවල විදුලි වේගයෙන් එහේ මෙහේ යනවා. ඒවා හරියට ගිනිදැල් වගේ. අකුණු සැර වගේ.   රජතුමා තමන්ගේ නිලධාරීන්ව යුද්ධයට කැඳවනවා. ඔවුන් වැටිවැටී ඉදිරියට ගමන් කරනවා. ඔවුන් නගරයේ පවුරු දිහාවට දුවලා ගිහින්ඒකේ ආරක්ෂාව තර කරනවා.   ඒත් ගංගාවල දොරටු විවෘත වෙලා රජමාලිගාව වතුරට යට වෙලා යයි.*   නගරයට විරුද්ධව තීන්දුවක් දීලයි තියෙන්නේ.*ඇයව නිරුවත් කරලා නින්දාවට පත් කරයි. සතුරා ඇයව වහල්කමට අරන් යයි.ඇගේ දාසීන් පපුවට ගගහා පරෙවියන් වගේ දුකින් හඬ නඟයි.   අතීතයේ ඉඳන් නිනිවය+ දිය පොකුණක් වගේ තිබුණා.ඒත් දැන් මිනිසුන් එහෙන් පලා යනවා. සමහර අය “යන්න එපා! යන්න එපා” කියලා කෑගැහුවත් කිසි කෙනෙක් හැරිලා එන්නේ නැහැ.+   නගරයේ තියෙන රන් රිදී කොල්ල කන්න. එහේ ඇති තරම් වස්තු තියෙනවා. වටිනා දේවල් පිරිලා තියෙනවා. 10  නගරය හිස් වෙලා. ඒක නාස්ති වෙලා පාළුවට ගිහින්.+ එහේ වැසියන්ගේ හදවත් බයෙන් ගැහෙයි. ඔවුන්ගේ කකුල් වෙවුලයි.තුනටි කකියයි. ඔවුන්ගේ මුහුණු සුදුමැලි වෙලා. 11  සිංහයන්ගේ ගුහාවට මොකද වුණේ?+තරුණ සිංහයෝ* ගොදුරු කාපු තැනට මොකද වුණේ?සිංහයෝ උන්ගේ පැටව් එක්ක ඒකෙන් එළියට ඇවිත් නිදැල්ලේ ඇවිදිද්දීඋන්ව බය කරන්න කිසි කෙනෙක් හිටියේ නැහැ. 12  සිංහයා ගොදුර බෙල්ලෙන් අල්ලලා සිංහධේනුවන්ට කන්න දුන්නා.ඌ ගොදුර කෑලි කෑලිවලට ඉරලා පැටවුන්ට ඇති තරම් කන්න දුන්නා. උගේ ගුහාව දඩයම් කරපු සතුන්ගෙන් පිරිලා තිබුණා.ඌ ඉරලා දාපු සතුන්ගේ මස් ගුහාව පුරාම තිබුණා. 13  ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා+ මෙහෙම කියනවා.“මම ඔබට විරුද්ධව එනවා. ඔබේ යුධ රථ ගින්නෙන් විනාශ කරනවා.+ඔබේ තරුණ සිංහයෝ කඩුවෙන් මැරුම් කයි. මිනිසුන්ව ගොදුරු කරගන්න මම ආයෙත් ඔබට ඉඩ දෙන්නේ නැහැ.ඔබේ පණිවිඩකරුවන්ගේ හඬ තවදුරටත් ඔබට අහන්න ලැබෙන්නේ නැහැ.”+

පාදසටහන්

ඒ කියන්නේ නිනිවය.
මූ.අ., “ඔබේ ඉඟටිය තදින් බැඳගන්න.”
හෝ, “කඩන් වැටෙයි.” මූ.අ., “දිය වෙලා යයි.”
හෝ, “දුන්න තීන්දුව වෙනස් වෙන්නේ නැහැ.”
හෝ, “කේශර සිංහයෝ.”