නාහුම් 3:1-19

  • ‘ලේ පිපාසිත නගරයට අත් වෙන්නේ විපතක්!’ (1-19)

    • නිනිවයට දඬුවම් කරන්න හේතු (1-7)

    • නිනිවයත් නෝආමෝන් නගරය වගේ වැටෙයි (8-12)

    • නිනිවයට වෙන විනාශය නවත්තන්න බැහැ (13-19)

3  ලේ පිපාසිත නගරයට අත් වෙන්නේ මොන තරම් විපතක්ද! ඇගේ වංචා, දූෂණ, කොල්ල කෑම්වලට නිමාවක් නැහැ. නිතර දෙවේලේ ඇගේ කටේ ගොදුරක් දකින්න තියෙනවා.   අශ්ව රථ කලබලෙන් එහේ මෙහේ යන හඬ ඇගේ වීථිවල ඇහෙයි.අශ්වයන් පිම්මේ දුවන හඬත් රෝද කැරකෙන හඬත් කස පහරේ හඬත් ඇහෙයි.   අසරුවෝ වේගයෙන් ඉදිරියට ඇදී එයි.කඩු ගිනිදලු වගේ දිස් වෙයි. හෙල්ල දිදුලයි.බලන බලන තැන මළ මිනී ගොඩගහලා. පය තියන්නවත් ඉඩක් නැහැ.   මේ හැම දේම වුණේ ඒ ගණිකාව සීමාවක් නැතුව වේශ්‍යාකම් කරපු නිසයි.හිත වශී කරවන ඇය දක්ෂ මායාකාරියක්.ඇය වේශ්‍යාකම් කරලා ජාතීන්ව අහු කරගෙන.මන්තර ගුරුකම් කරලා මිනිසුන්ව පවුල් පිටින් අල්ලගෙන.   ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා+ මෙහෙම කියනවා.“මම ඔබට* විරුද්ධව එනවා.මම ඔබේ ඇඳුම් ගලවලා ජාතීන්ට ඔබේ නිරුවතත්රාජ්‍යයන්ට ඔබේ නින්දාවත් දකින්න සලස්වනවා.   මම ඔබ පිටට කුණුකසළ වීසි කරලාඅනිත් අයට ඔබව පිළිකුලක් වෙන්න සලස්වනවා.ඔබට වෙන දේ දැකලා හැමෝම බය වෙයි.+   ඔබව දකින හැමෝම බය වෙලා ‘නිනිවය විනාශ වෙලා ගිහින්! ඇයව සනසන්න කවුරුත්ම නැහැ’ කියලා ඔබව අත්හැරලා යයි.+ ඔබව සනසන්න කෙනෙක්ව මම කොහෙන් හොයාගන්නද?   නයිල් ගඟ+ ළඟ තිබුණ නෝආමෝන්*+ නගරයට වඩා ඔබ බලවත් කියලා හිතනවාද? ඇය ජලාශවලින් වට වෙලයි හිටියේ.මුහුද ඇයට පවුරක් වගේ වුණා. ඇයව ධනවත් කළෙත් මුහුදයි.   ඉතියෝපියාව ඇගේ සවිය වුණා. ඊජිප්තුවත් නොඅඩුව ඇයට සහය දුන්නා. පූට්+ ජාතිකයොත් ලිබියාවේ වැසියොත් ඇයට උදව් කළා.+ 10  ඒත් ඇයවත් යටත් කරගෙන වහල්කමට අරන් ගියා.+හැම වීථියකම ඇගේ දරුවන්ව පොළොවේ ගහලා මරලා දැම්මා. සතුරෝ දාදු දාලා ගෞරවය හිමි පුරුෂයන්ව තමන් අතරේ බෙදාගත්තා. ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ පුරුෂයන් හැමෝවම විලංගුවලින් හිර කළා. 11  ඔබත් වෙරි වෙලා වැනිවැනී යයි.+ඔබ ගිහින් හැංගෙයි. සතුරාගෙන් ආරක්ෂා වෙන්න තැනක් හොයහොය යයි. 12  ඔබේ හැම බලකොටුවක්ම, පළවෙනි වතාවට පල දරන අත්තික්කා ගස් වගේ.ඒ ගස් හොල්ලපු ගමන්ම අත්තික්කා ගෙඩි කෑදරයන්ගේ කටට වැටෙයි. 13  ඔබේ සෙබළු හරියට ස්ත්‍රීන් වගෙයි. සතුරන් එද්දී ඔබේ දේශයේ දොරටු සම්පූර්ණයෙන්ම ඇරලා තියෙයි. දොරටුවල අගුලු ගින්නෙන් දැවිලා යයි. 14  සතුරු සේනා ඔබව වටලන්න කලින්, වතුර එකතු කරගන්න.+ ඔබේ බලකොටුවල ආරක්ෂාව තර කරගන්න. මැටි පාගලා බදාම සකස් කරගන්න.ගඩොල් අච්චුව සූදානම් කරගන්න. 15  ඒ මොන දේ කළත් ගින්නෙන් සහ කඩුවෙන් ඔබ විනාශ වෙලා යනවා.+ පළඟැටියන් දේශය වනසනවා වගේ ඒවා ඔබව නැති කරලා දානවා.+ ඒ නිසා ඔබේ සෙනඟ වැඩි කරගන්න.පළඟැටියන් සහ පළඟැටි පිලවුන් සේනාවක් වගේ වැඩි වෙන්න. 16  ඔබ ඔබේ වෙළඳුන්ගේ ගාණ අහසේ තරුවලටත් වඩා වැඩි කරගෙන. පළඟැටි පිලවුන් උන්ගේ හම ඉවත් කරලා ඉගිල්ලිලා යයි. 17  ඔබේ මුරකරුවන් ඒ පළඟැටියන් වගේ.හමුදා නිලධාරීන් පළඟැටි සේනාවක් වගේ. ශීත කාලයේදී පළඟැටියෝ ගල් පවුරුවල කුහර අතරේ හැංගිලා ඉන්නවා.ඒත් හිරුරැස් විහිදුණු ගමන්ම උන් හැංගිලා හිටපු තැන්වලින් එළියට ඇවිත් ඉගිල්ලිලා යයි.ඊටපස්සේ උන්ව හොයාගන්නවත් ලැබෙන්නේ නැහැ. 18  ඇසිරියාවේ රජ්ජුරුවෙනි, ඔබේ එඬේරු නිදිකිරා වැටෙනවා.ඔබේ වංශවත් අය ඔවුන්ගේ ගෙවල්වලට වෙලා විවේක සුවයෙන් ඉන්නවා.ඔබේ රට වැසියෝ කඳුකරය පුරා විසිරිලා ගිහින්.ඔවුන්ව ආයෙත් එක් රැස් කරගන්න කවුරුත් නැහැ.+ 19  මේ විපතෙන් ගොඩ එන්න ඔබට බැහැ. ඔබේ තුවාලය සුව වෙන්නෙත් නැහැ. ඔබට සිද්ධ වුණ දේ ගැන අහන හැමෝම සතුටින් අත්පොළසන් දෙයි.+මොකද ඔබේ අසීමිත කුරිරුකම්වලින් දුක් නොවින්ද කෙනෙක් හොයාගන්න බැරි තරම්!”+

පාදසටහන්

ඒ කියන්නේ නිනිවයට.
ඒ කියන්නේ තීබ්ස්.