Skip to content

පටුනට යන්න

නික්මයාම පොත

පරිච්ඡේද

පොතේ සාරාංශයක්

  • 1

    • ඊජිප්තුවේදී ඊශ්‍රායෙල්වරුන්ගේ ගාණ වැඩි වෙයි (1-7)

    • පාරාවෝ ඊශ්‍රායෙල්වරුන්ට පීඩා කරයි (8-14)

    • දෙවියන්ට ගරුබිය දක්වපු වින්නඹුවන් ජීවිත බේරයි (15-22)

  • 2

    • මෝසෙස් ඉපදෙයි (1-4)

    • පාරාවෝගේ දුව මෝසෙස්ව එයාගේ පුතා විදිහට හදාගනියි (5-10)

    • මෝසෙස් මිදියන්වලට පලා යයි. ෂිප්පොරා එක්ක විවාහ වෙයි (11-22)

    • දෙවියන්ට ඊශ්‍රායෙල්වරුන්ගේ දුක් ගැනවිල්ල ඇහෙයි (23-25)

  • 3

    • මෝසෙස් සහ ඇවිළෙන කටු පඳුර (1-12)

    • යෙහෝවා ඔහුගේ නමේ අර්ථය තේරුම් කරලා දෙයි (13-15)

    • කරන්න ඕනෙ දේ යෙහෝවා මෝසෙස්ට කියයි (16-22)

  • 4

    • යෙහෝවා මෝසෙස්ට ලකුණු තුනක් දෙයි (1-9)

    • පැවරුම කරන්න බැහැ කියලා මෝසෙස්ට හිතෙයි (10-17)

    • මෝසෙස් ආයෙත් ඊජිප්තුවට යයි (18-26)

    • මෝසෙස්ට ආරොන්ව හම්බ වෙයි (27-31)

  • 5

    • මෝසෙස් සහ ආරොන් පාරාවෝ ඉස්සරහට යයි (1-5)

    • ඊශ්‍රායෙල්වරුන්ට තවත් කුරිරු විදිහට සලකයි (6-18)

    • ඊශ්‍රායෙල්වරු මෝසෙස්ටයි, ආරොන්ටයි දොස් කියයි (19-23)

  • 6

    • ඊශ්‍රායෙල්වරුන්ව බේරගන්නවා කියලා දෙවියන් ආයෙත් පොරොන්දු වෙයි (1-13)

      • යෙහෝවාගේ නමේ තේරුම හරියටම දැනන් හිටියේ නැහැ (2, 3)

    • මෝසෙස්ගෙයි, ආරොන්ගෙයි පෙළපත (14-27)

    • මෝසෙස්ට ආයෙත් පාරාවෝ ඉස්සරහට යන්න කියයි (28-30)

  • 7

    • යෙහෝවා මෝසෙස්ව ශක්තිමත් කරයි (1-7)

    • ආරොන්ගේ සැරයටිය ලොකු සර්පයෙක් වෙයි (8-13)

    • 1වෙනි පීඩාව: වතුර ලේවලට හැරෙයි (14-25)

  • 8

    • 2වෙනි පීඩාව: ගෙම්බන් (1-15)

    • 3වෙනි පීඩාව: වැලි මැක්කන් (16-19)

    • 4වෙනි පීඩාව: ගඩු මැස්සන් (20-32)

      • ගෝෂෙන් ප්‍රදේශය ආරක්ෂා වෙයි (22, 23)

  • 9

    • 5වෙනි පීඩාව: සත්තු මැරෙයි (1-7)

    • 6වෙනි පීඩාව: මිනිස්සුන්ගේ සහ සත්තුන්ගේ ඇඟවල් පුරාම සැරව ගෙඩි එයි (8-12)

    • 7වෙනි පීඩාව: හිම කැට වර්ෂාව (13-35)

      • පාරාවෝට දෙවියන්ගේ බලය දකින්න සලස්වනවා (16)

      • හැමෝම යෙහෝවා කියන දෙවියන්ගේ නම දැනගන්නවා (16)

  • 10

    • 8වෙනි පීඩාව: පළඟැටියෝ (1-20)

    • 9වෙනි පීඩාව: අන්ධකාරය (21-29)

  • 11

    • දහවෙනි පීඩාව ගැන කියයි (1-10)

      • ඊශ්‍රායෙල්වරුන්ට වටිනා දේවල් ඉල්ලගන්න කියයි (2)

  • 12

    • පාස්කුව මුල්ම වතාවට පවත්වයි (1-28)

      • උළුවහු කණුවල ලේ ගායි (7)

    • 10වෙනි පීඩාව: කුලුඳුලන් මැරෙයි (29-32)

    • ඊජිප්තුවෙන් පිටත් වෙලා යයි (33-42)

      • අවුරුදු 430 අවසන් වෙයි (40, 41)

    • පාස්කුව පවත්වන්න අවශ්‍ය මඟ පෙන්වීම් දෙයි (43-51)

  • 13

    • හැම කුලුඳුලෙක්ම අයිති යෙහෝවාටයි (1, 2)

    • මුහුන් නොදැමූ රොටි උත්සවය (3-10)

    • හැම කුලුඳුලෙක්වම දෙවියන්ට කැප කරයි (11-16)

    • ඊශ්‍රායෙල්වරුන්ව රතු මුහුද පැත්තට යවයි (17-20)

    • වලා ටැඹ සහ ගිනි ටැඹ (21, 22)

  • 14

    • ඊශ්‍රායෙල්වරු මුහුද ළඟට යයි (1-4)

    • පාරාවෝ ඊශ්‍රායෙල්වරු පස්සෙන් පන්නගෙන එයි (5-14)

    • ඊශ්‍රායෙල්වරු රතු මුහුද මැදින් යයි (15-25)

    • ඊජිප්තුවරු මුහුදේ ගිලෙයි (26-28)

    • ඊශ්‍රායෙල්වරුන්ට යෙහෝවා ගැන විශ්වාසයක් ඇති වෙයි (29-31)

  • 15

    • මෝසෙස් සහ ඊශ්‍රායෙල්වරු ජයග්‍රාහී ගීතයක් ගයයි (1-19)

    • මිරියම් පිළිතුරු ගීතයක් ගයයි (20, 21)

    • තිත්ත වතුර මිහිරි කරයි (22-27)

  • 16

    • මිනිස්සු කෑම ගැන කියකිය කන්කෙඳිරි ගායි (1-3)

    • සෙනඟ කන්කෙඳිරි ගගා කියපු දේවල් යෙහෝවාට ඇහෙයි (4-12)

    • වටුවන් සහ මන්නා දෙයි (13-21)

    • සබත් දවසේදී මන්නා ලැබුණේ නැහැ (22-30)

    • සිහිවටනයක් විදිහට මන්නා ටිකක් වෙන් කරලා තියයි (31-36)

  • 17

    • හොරෙබ්වලදී වතුර නැහැ කියලා සෙනඟ බනින්න පටන්ගනියි (1-4)

    • පර්වතයකින් වතුර ලබා දෙයි (5-7)

    • අමලෙක්වරු සටනට ඇවිත් පැරදෙයි (8-16)

  • 18

    • යෙත්‍රෝ සහ ෂිප්පොරා එයි (1-12)

    • විනිශ්චයකරුවන්ව පත් කරන්න කියලා යෙත්‍රෝ යෝජනා කරයි (13-27)

  • 19

    • සීනයි කන්දේදී (1-25)

      • ඊශ්‍රායෙල් සෙනඟගෙන් පූජකයන් පාලනය කරන රාජ්‍යයක් බිහි වෙන්න නියමිතයි (5, 6)

      • සෙනඟ දෙවියන් ඉස්සරහට යන්න කලින් තමන්වම පවිත්‍ර කරගනියි (14, 15)

  • 20

    • ආඥා දහය (1-17)

    • දෙවියන්ගේ බලය දැකලා ඊශ්‍රායෙල්වරු බය වෙයි (18-21)

    • දෙවියන්ට නමස්කාර කරන්න ඕනෙ විදිහ පැහැදිලි කරයි (22-26)

  • 21

    • ඊශ්‍රායෙල්වරු පිළිපදින්න ඕනෙ නීති (1-36)

      • හෙබ්‍රෙව් ජාතික දාසයන් ගැන (2-11)

      • කෙනෙක් තවත් කෙනෙක්ට හානියක් කරද්දී (12-27)

      • සත්තු ගැන (28-36)

  • 22

    • ඊශ්‍රායෙල්වරු පිළිපදින්න ඕනෙ නීති  (1-31)

      • හොරකම ගැන (1-4)

      • අස්වැන්නට හානියක් වෙද්දී (5, 6)

      • අයිතිකරුට වන්දියක් ගෙවන එක ගැන (7-15)

      • තරුණියක්ව රවට්ටලා ලිංගික සම්බන්ධකම් පැවැත්තුවොත් (16, 17)

      • නමස්කාරය ගැන. අනිත් අයට සාධාරණව සලකන එක ගැන (18-31)

  • 23

    • ඊශ්‍රායෙල්වරු පිළිපදින්න ඕනෙ නීති (1-19)

      • අවංකකම සහ සාධාරණව වැඩ කරන එක ගැන (1-9)

      • සබත් දවස සහ උත්සව ගැන (10-19)

    • ඊශ්‍රායෙල්වරුන්ට මඟ පෙන්නන්න දේවදූතයෙක්ව යවයි (20-26)

    • දේශය යටත් කරගන්න එක සහ දේශ සීමා (27-33)

  • 24

    • ගිවිසුමට එකඟව වැඩ කරන්න සෙනඟ කැමති වෙයි (1-11)

    • මෝසෙස් සීනයි කන්දට යයි (12-18)

  • 25

    • ශුද්ධ කූඩාරම වෙනුවෙන් සම්මාදම් එකතු කරයි (1-9)

    • ගිවිසුම් පෙට්ටිය (10-22)

    • මේසය (23-30)

    • පහන් රුක (31-40)

  • 26

    • ශුද්ධ කූඩාරම (1-37)

      • කූඩාරමේ ආවරණ (1-14)

      • රාමු සහ අඩි (15-30)

      • කූඩාරමේ තිර රෙදි (31-37)

  • 27

    • දවන පූජා ඔප්පු කරන පූජාසනය (1-8)

    • මළුව (9-19)

    • පහන් රුකට ඕනෙ කරන තෙල් (20, 21)

  • 28

    • පූජකයන්ගේ ඇඳුම් (1-5)

    • ඒෆොද් ඇඳුම (6-14)

    • ළයවැස්ම (15-30)

      • ඌරීම් සහ තුම්මීම් (30)

    • අත් නැති ඇඳුම (31-35)

    • රන් තහඩුව අල්ලපු හිස්වැස්ම (36-39)

    • පූජකයන්ට අන්දන ඇඳුම් (40-43)

  • 29

    • පූජකයන්ව දෙවියන්ට කැප කිරීම (1-37)

    • හැම දවසකම ඔප්පු කරන පූජාව (38-46)

  • 30

    • සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනය (1-10)

    • සෙනඟගේ සංගණනයක්. ජීවිත බේරගන්න සම්මාදමක් (11-16)

    • අත පය හෝදගන්න හදපු තඹ වතුර භාජනය (17-21)

    • අභිෂේක කරන්න පාවිච්චි කරන ශුද්ධ තෛලය (22-33)

    • සුවඳ දුම් ඔප්පු කරන්න හදපු සුගන්ධවත් ද්‍රව්‍යය (34-38)

  • 31

    • වැඩ කරන අයට දෙවියන්ගේ බලය කිසිම අඩුවක් නැතුව ලැබෙයි (1-11)

    • සබත දෙවියන් ඊශ්‍රායෙල් සෙනඟ එක්ක ඇති කරගත්ත ගිවිසුමට ලකුණක් (12-17)

    • ගල් පුවරු දෙක (18)

  • 32

    • රන් වස්සාට නමස්කාර කරයි (1-35)

      • මෝසෙස්ට අමුතු විදිහේ ගීතයක් ඇහෙයි (17, 18)

      • මෝසෙස් ගල් පුවරු දෙක වීසි කරයි (19)

      • ලෙවීවරු යෙහෝවාට විශ්වාසවන්තව ඉඳියි (26-29)

  • 33

    • දෙවියන්ගෙන් ලැබුණ හික්මවීමක් (1-6)

    • කඳවුරෙන් එළියේ තිබුණ හමු වීමේ කූඩාරම (7-11)

    • යෙහෝවාගේ තේජස පෙන්නන්න කියලා මෝසෙස් ඉල්ලයි (12-23)

  • 34

    • අලුත් ගල් පුවරු දෙකක් ලබා දෙයි (1-4)

    • මෝසෙස් යෙහෝවාගේ තේජස දකියි (5-9)

    • ගිවිසුමට ඇතුළත් වෙන දේවල් ආයෙත් පැහැදිලි කරයි (10-28)

    • මෝසෙස්ගේ මූණෙන් ලොකු දීප්තියක් විහිදෙයි (29-35)

  • 35

    • සබත පවත්වන විදිහ ගැන මඟ පෙන්වීම් (1-3)

    • ශුද්ධ කූඩාරම වෙනුවෙන් සම්මාදම් (4-29)

    • බෙසලෙල් සහ ඔහොලියාබ්ට දෙවියන්ගේ බලය නොඅඩුව ලැබෙයි (30-35)

  • 36

    • අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සම්මාදම් ලැබෙයි (1-7)

    • ශුද්ධ කූඩාරම ඉදි කරයි (8-38)

  • 37

    • ගිවිසුම් පෙට්ටිය හදයි (1-9)

    • මේසය (10-16)

    • පහන් රුක (17-24)

    • සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනය (25-29)

  • 38

    • දවන පූජා ඔප්පු කරන පූජාසනය (1-7)

    • තඹවලින් හදපු වතුර භාජනය (8)

    • මළුව (9-20)

    • ශුද්ධ කූඩාරමේ භාණ්ඩ ගණන් කරලා සටහන් කරගනියි (21-31)

  • 39

    • පූජකයන්ගේ ඇඳුම් හදයි (1)

    • ඒෆොද් ඇඳුම (2-7)

    • ළයවැස්ම (8-21)

    • අත් නැති ඇඳුම (22-26)

    • පූජකයන්ගේ ඇඳුම් (27-29)

    • රන් තහඩුව (30, 31)

    • මෝසෙස් ශුද්ධ කූඩාරම පරීක්ෂා කරයි (32-43)

  • 40

    • ශුද්ධ කූඩාරම සවි කරයි (1-33)

    • යෙහෝවාගේ තේජසින් ශුද්ධ කූඩාරම පිරෙයි (34-38)