නික්මයාම 11:1-10

  • දහවෙනි පීඩාව ගැන කියයි (1-10)

    • ඊශ්‍රායෙල්වරුන්ට වටිනා දේවල් ඉල්ලගන්න කියයි (2)

11  ඊටපස්සේ යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “පාරාවෝටයි, ඊජිප්තුවරුන්ටයි මම තව එක පීඩාවකින් පහර දෙනවා. ඒකෙන් පස්සේ එයා ඔයාලට යන්න දෙයි.+ ඇත්තටම එයා ඔයාලව මෙහෙන් එළවලා දායි.+  ඊශ්‍රායෙල් පුරුෂයන්ටයි, ස්ත්‍රීන්ටයි කියන්න එයාලාගේ අසල්වැසියන්ගෙන් රන් සහ රිදී ආභරණ ඉල්ලගන්න කියලා.”+  ඊශ්‍රායෙල්වරුන්ට කරුණාවෙන් සලකන්න යෙහෝවා ඊජිප්තුවරුන්ගේ හිත් පෙලඹුවා. ඒ වගේම ඊජිප්තුවරුන්ටත් පාරාවෝගේ සේවකයන්ටත් මෝසෙස් ගැන ලොකු ගෞරවයක් ඇති වෙලා තිබුණා.  මෝසෙස් පාරාවෝට මෙහෙම කිව්වා. “යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘අද මධ්‍යම රාත්‍රියේදී විතර මම ඊජිප්තුවට එනවා.+  එතකොට ඊජිප්තුවේ ඉන්න හැම කුලුඳුල් දරුවෙක්ම මැරෙනවා.+ සිංහාසනයේ ඉන්න පාරාවෝගේ කුලුඳුල් දරුවාත් ඇඹරුම් ගල ළඟ වැඩ කරන මෙහෙකාරියගේ කුලුඳුල් දරුවාත් මැරෙනවා. ඒ වගේම හැම කුලුඳුල් සතෙක්මත් මැරෙනවා.+  ඊජිප්තු දේශය පුරාම ඉන්න හැමෝම හඬා වැලපෙයි. ඒ වගේ වැලපෙන හඬක් මීට කලින් කවදාවත් ඊජිප්තුවේ ඇහිලා නැහැ. ආයේ කවදාවත් ඒ වගේ හඬක් ඇහෙන්නෙත් නැහැ.+  හැබැයි ඒ දේ වෙද්දී කිසි මිනිසෙක්වත් සතෙක්වත් ඊශ්‍රායෙල්වරුන්ට හිරිහැර කරන්නේ නැහැ. අඩුම තරමින් බල්ලෙක්වත් එයාලට බුරන්නේ නැහැ. යෙහෝවා වන මම ඊශ්‍රායෙල්වරුන්ට සලකන්නේ ඊජිප්තුවරුන්ට වඩා වෙනස් විදිහකටයි කියලා ඒකෙන් ඔයා දැනගනියි.’+  එතකොට ඔබේ සේවකයන් හැමෝම මං ළඟට ඇවිත් මං ඉස්සරහා වැඳ වැටිලා ‘ඔයා ඔයාගේ සෙනඟවත් අරන් මේ දේශයෙන් යන්න’+ කියලා මට කියයි. එතකොට මාත් මෙහෙන් යනවා.” එහෙම කියලා මෝසෙස් හරිම කේන්තියෙන් එතනින් පිට වෙලා ගියා.  යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “ඔයා කියන දේ පාරාවෝ අහන්නේ නැහැ.+ එහෙම වෙන්නේ ඊජිප්තු දේශයේ තව ගොඩක් ආශ්චර්යයන් මට කරන්න තියෙන නිසයි.”+ 10  මෝසෙස් සහ ආරොන්, පාරාවෝ ඉස්සරහා හුඟක් ආශ්චර්යයන් කරලා පෙන්නුවත්+ පාරාවෝ හිත මුරණ්ඩු කරගෙන ඊශ්‍රායෙල්වරුන්ට ඊජිප්තුවෙන් යන්න දුන්නේ නැහැ.+ යෙහෝවාත් එහෙම වෙන්න ඉඩහැරියා.

පාදසටහන්