නික්මයාම 20:1-26

  • ආඥා දහය (1-17)

  • දෙවියන්ගේ බලය දැකලා ඊශ්‍රායෙල්වරු බය වෙයි (18-21)

  • දෙවියන්ට නමස්කාර කරන්න ඕනෙ විදිහ පැහැදිලි කරයි (22-26)

20  ඊටපස්සේ දෙවියන් මේ හැම ආඥාවක්ම දුන්නා.+  “ඔබේ දෙවි වන යෙහෝවා මමයි. ඔබ වහලුන් වෙලා හිටිය ඊජිප්තු දේශයෙන් ඔබව පිටතට ගෙනාවේ මමයි.+  මා හැර* වෙන කිසි දෙවි කෙනෙක්ට ඔබ නමස්කාර නොකළ යුතුයි.+  “රූප හදාගන්න එපා. අහසෙවත් පොළොවෙවත් ජලයෙවත් තියෙන කිසිම දේකට සමාන රූපයක් හදාගන්න එපා.+  ඒවා ඉදිරියේ වැඳ වැටෙන්න එපා. ඒවාට නමස්කාර කරන්න ඔබව පොලඹවන්න කිසිම කෙනෙක්ට ඉඩ දෙන්නත් එපා.+ යෙහෝවා නම් වූ ඔබේ දෙවි වන මම බලාපොරොත්තු වෙනවා ඔබ මුළු හිතින්ම මට ආදරේ කරලා මට විතරක් නමස්කාර කරයි කියලා.*+ මට වෛර කරන අයගේ වැරදි නිසා මම ඔවුන්ටත් ඔවුන්ගේ දරුවන්ටත් ඔවුන්ගෙන් පැවතෙන තුන්වෙනි සහ හතරවෙනි පරම්පරාවල අයටත් දඬුවම් කරනවා.  ඒත් මට ආදරේ කරන, මගේ ආඥාවලට කීකරු වෙන+ අයගේ පරම්පරා දහස් ගාණකට මම නොසැලෙන ආදරයක් පෙන්නනවා.  “ඔබේ දෙවි වන යෙහෝවාගේ නමට අගෞරවයක් වෙන විදිහට ඒ නම පාවිච්චි කරන්න එපා.*+ යෙහෝවා වන මම, මගේ නමට අපහාස කරන හැමෝටම අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා.+  “සබත් දවස පවත්වන්න. ඒක ශුද්ධ දවසක් විදිහට සැලකිය යුතුයි.+  ඔබ දවස් හයක්ම වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න.+ 10  ඒත් හත්වෙනි දවස ඔබේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් කැප කරපු සබත් දවසක්. එදාට ඔබත් ඔබේ දූපුතුන්වත් ඔබේ දාස දාසීන්වත් ඔබේ සත්තුන්වත් ඔබේ නුවරේ ජීවත් වෙන විදේශිකයන්වත් කිසි වැඩක් නොකළ යුතුයි.+ 11  මොකද යෙහෝවා වන මම අහසත් පොළොවත් මුහුදත් ඒවාවල තියෙන හැම දෙයක්මත් දවස් හයකින් හදලා හත්වෙනි දවසේදී විවේක ගන්න පටන්ගත්තා.+ යෙහෝවා වන මම සබත් දවසට ආශීර්වාද කරලා ඒක ශුද්ධ දවසක් විදිහට වෙන් කළේ ඒ නිසයි. 12  “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.+ එතකොට ඔබේ දෙවි වන යෙහෝවා ඔබට දෙන දේශයේ ඔබට හුඟක් කල් ජීවත් වෙන්න පුළුවන්.+ 13  “මිනී මරන්න එපා.+ 14  “අනාචාරයේ* යෙදෙන්න එපා.+ 15  “හොරකම් කරන්න එපා.+ 16  “වෙන කෙනෙක්ට විරුද්ධව බොරු සාක්ෂි දෙන්න එපා.+ 17  “වෙන කෙනෙක්ගේ නිවසට ආශාවක් ඇති කරගන්න එපා. වෙන කෙනෙක්ගේ බිරිඳටවත්+ ඔහුගේ දාසයාටවත් දාසියටවත් ගවයාටවත් බූරුවාටවත් ඔහුට අයිති වෙන ඕනෑම දේකටවත් ආශාවක් ඇති කරගන්න එපා.”+ 18  කන්දෙන් දුම් නඟිනවාත් එක්කම ගිගුරුම් හඬ මැද්දේ විදුලි කොටන විදිහ සෙනඟ දැක්කා. මහ හොරණෑ ශබ්දයත් එයාලට ඇහුණා. ඒ නිසා සෙනඟ බයෙන් වෙවුලුවා. එයාලා කන්ද ළඟටවත් ගියේ නැහැ.+ 19  සෙනඟ මෝසෙස්ට මෙහෙම කිව්වා. “දෙවියන් කෙළින්ම අපි එක්ක කතා කළොත් අපි මැරෙයි. ඒ නිසා දෙවියන් කියන දේ ඔයා ඇවිත් අපිට කියන්න. අපි දෙවියන් කියන විදිහට කරන්නම්.”+ 20  එතකොට මෝසෙස් මෙහෙම කිව්වා. “බය වෙන්න එපා. සැබෑ දෙවියන්ට ඕනෙ ඔයාලාගේ හිත්වල තියෙන දේ සෝදිසි කරන්න.+ ඒ වගේම ඔහුට ඕනෙ ඔයාලා ඔහු ගැන ගරුබියක් ඇති කරගෙන ඔහුට විරුද්ධව පව් නොකර ඉන්නවා දකින්න.+ ඒ නිසයි ඔහු ඔයාලා ඉස්සරහට ඇවිත් ඉන්නේ.” 21  ඒත් එයාලා කන්ද කිට්ටුවට යන්න කැමති වුණේ නැහැ. හැබැයි මෝසෙස් සැබෑ දෙවියන් ඉන්න තැනට ඒ කියන්නේ අඳුරු වලාකුළ ළඟට ගියා.+ 22  යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘මං ඔයාලා එක්ක ස්වර්ගයේ ඉඳන් කතා කළා කියලා ඔයාලා හැමෝම දැක්කා.+ 23  මං හැර වෙන කිසිම දෙවි කෙනෙක්ට නමස්කාර කරන්න එපා. රන්වලින්වත් රිදීවලින්වත් දෙවිවරුන්ගේ රූප හදාගෙන ඒවාට නමස්කාර කරන්නත් එපා.+ 24  පස්වලින් මට පූජාසනයක් ගොඩනඟලා ඒ මත දවන පූජා සහ හවුල් පූජා* ඔප්පු කරන්න. එළුවන්, බැටළුවන් සහ ගවයන් ඒ මත ඔප්පු කරන්න. මගේ නම සිහි කරන්න මං තෝරපු ඕනෙම තැනක+ ඔයාලා මට නමස්කාර කරද්දී මං ඔයාලා ළඟට ඇවිත් ඔයාලට ආශීර්වාද කරනවා. 25  ඔයාලා මට ගල්වලින් පූජාසනයක් ගොඩනඟනවා නම් ආයුධයකින් කපපු ගල්වලින් ඒක හදන්න එපා.+ මොකද ඔයාලා ආයුධයකින් ඒවා කැපුවොත් පූජාසනය අපවිත්‍ර වෙනවා. 26  මගේ පූජාසනයට යන්න පඩි පෙළක් හදන්න එපා. මොකද පඩි පෙළකින් නැඟලා ගියොත් ඔයාලාගේ නිරුවත අනිත් අයට පෙනෙයි.’

පාදසටහන්

හෝ, “මට පිටු පාලා.”
හෝ, “වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළා දකිනවා.”
හෝ, “සඳහන් කරන්න එපා.”
ඒ කියන්නේ බිරිඳට හරි සැමියාට හරි ද්‍රෝහි වෙන එක.
හෝ, “සාම පූජා.”