නික්මයාම 31:1-18
31 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා.
2 “යූදා ගෝත්‍රයට අයත් හූර්ගේ පුතා වන උරීගේ+ පුත් බෙසලෙල්ව+ මම තෝරගත්තා.
3 ඔහුට අවශ්‍ය ප්‍රඥාව, දැනුම, තේරුම්ගැනීමේ හැකියාව වගේම හැම ශිල්ප ක්‍රමයක්ම දක්ෂ විදිහට කරන්න පුළුවන් වෙන්න මම මගේ බලය ඔහුට කිසිම අඩුවක් නැතුව ලබා දෙනවා.
4 එතකොට කලාත්මක විදිහට දේවල් නිර්මාණය කරන්න, රන්, රිදී සහ තඹ කැටයම් කරන්න,
5 මැණික් ගල් කපන්න, ඒවා ඔබ්බවන්න+ සහ ලීවලින් කරන ඕනෙම වැඩක් කරන්න ඔහුට හැකියාව ලැබෙයි.+
6 බෙසලෙල්ට උදව් කරන්න දාන් ගෝත්‍රයට අයිති අහිසාමක්ගේ පුතා වන ඔහොලියාබ්ව+ මම පත් කරනවා. විවිධ වැඩවලට දක්ෂ* හැමෝටම මම ප්‍රඥාව ලබා දෙනවා. එතකොට මං ඔබට අණ කරපු මේ හැම දෙයක්ම හදන්න ඔවුන්ට පුළුවන් වෙයි.+
7 හමු වීමේ කූඩාරම,+ ගිවිසුම් පෙට්ටිය*+ සහ ඒකේ පියන,+ කූඩාරමට අයිති හැම දෙයක්ම,
8 මේසය+ සහ ඒකේ තියන හැම භාණ්ඩයක්ම, පිරිසිදු රත්තරන්වලින් හදන පහන් රුක සහ ඒකට අයිති හැම භාණ්ඩයක්ම,+ සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනය,+
9 දවන පූජා ඔප්පු කරන පූජාසනය+ සහ ඒකේ තියෙන හැම භාණ්ඩයක්ම, වතුර භාජනය සහ ඒකේ ආධාරකය,+
10 හොඳින් වියපු ඇඳුම්, පූජක ආරොන්ගේ ශුද්ධ ඇඳුම්, පූජකයන් විදිහට සේවය කරන ඔහුගේ පුතාලාගේ ඇඳුම්,+
11 ශුද්ධ තෛලය, ශුද්ධස්ථානයේ පාවිච්චියට ගන්න සුගන්ධවත් ද්‍රව්‍යය ඔවුන්ට හදන්න පුළුවන් වෙයි.+ මම ඔබට අණ කරපු විදිහටම ඔවුන් ඒවා සෑදිය යුතුයි.”
12 යෙහෝවා දෙවියන් මේ දේත් මෝසෙස්ට කිව්වා.
13 “ඔබ ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘මං නියම කරපු සබත් දිනයන් ඔබ අනිවාර්යයෙන්ම පැවැත්විය යුතුයි.+ මොකද ඒක මං ඔබත් එක්ක ඇති කරගත්ත ගිවිසුමට ලකුණක්. ශුද්ධ සෙනඟක් විදිහට ඔබව වෙන් කරලා තියෙන්නේ යෙහෝවා වන මං කියලා ඒ ලකුණ ඔබේ හැම පරම්පරාවකදීම ඔබට මතක් කරලා දෙයි.
14 ඔබ සබත් දවස පැවැත්විය යුතුයි. මොකද ඒක ශුද්ධ දවසක්.+ කෙනෙක් සබත කඩ කළොත් ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි. එදාට කවුරු හරි කෙනෙක් වැඩ කළොත් ඔහුව මරා දැමිය යුතුයි.*+
15 දවස් හයක් ඔබට වැඩ කරන්න පුළුවන්. ඒත් හත්වෙනි දවස සබත් දවසක්. එදාට ඔබ මුළු දවසම විවේකයෙන් ගත කළ යුතුයි.+ මොකද යෙහෝවා වන මං ඒක සලකන්නේ ශුද්ධ දවසක් විදිහට. කවුරු හරි එදාට වැඩ කළොත් ඒ කෙනාව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.
16 ඊශ්‍රායෙල් සෙනඟ ඔවුන්ගේ හැම පරම්පරාවකදීම සබත පැවැත්විය යුතුයි. මං එයාලා එක්ක ඇති කරගන්න ඒ ගිවිසුම දිගටම වලංගුයි.
17 ඒක දිගටම මමයි, ඊශ්‍රායෙල් සෙනඟයි අතරේ ලකුණක් විදිහට තියෙයි.+ මොකද යෙහෝවා වන මං අහසත් පොළොවත් මුහුදත් දවස් හයකින් හදලා හත්වෙනි දවසේදී විවේක ගන්න පටන්ගත්තා.’”+
18 සීනයි කන්දේදී දෙවියන් මෝසෙස් එක්ක කතා කරලා ඉවර වුණාට පස්සේ දෙවියන්ගේ වචන සඳහන් ගල් පුවරු දෙකක්*+ ඔහු මෝසෙස්ට දුන්නා. ඒ ගල් පුවරු දෙක ලිව්වේ දෙවියන්ගේ බලයෙන්.*+
පාදසටහන්
^ මූ.අ., “ප්‍රඥාවන්ත සිතක් තියෙන.”
^ මූ.අ., “සාක්ෂි පෙට්ටිය.”
^ මූ.අ., “ඊශ්‍රායෙල් සෙනඟ අතරින් අයින් කළ යුතුයි.”
^ හෝ, “සාක්ෂියක් විදිහට ගල් පුවරු දෙකක්.”
^ මූ.අ., “දෙවියන්ගේ ඇඟිල්ලෙන්.”