නික්මයාම 5:1-23
5 ඊටපස්සේ මෝසෙස් සහ ආරොන් පාරාවෝ ළඟට ගිහින් මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි යෙහෝවා ඔබට කියනවා ‘මගේ නමින් උත්සවයක් පවත්වන්න මගේ සෙනඟට පාළුකරයට යන්න අවසර දෙන්න’ කියලා.”
2 ඒත් පාරාවෝ එයාලට මෙහෙම කිව්වා. “කවුද ඔය යෙහෝවා කියන්නේ?+ මං මොකටද එයා කියන දේවල් අහලා ඊශ්‍රායෙල්වරුන්ට යන්න දෙන්නේ?+ ඊශ්‍රායෙල්වරුන්ට කොහොමටවත් යන්න දෙන්න බෑ.+ යෙහෝවා කියන්නේ කවුද කියලවත් මං දන්නේ නැහැ.”
3 ඒත් එයාලා පාරාවෝට මෙහෙම කිව්වා. “හෙබ්‍රෙව්වරුන්ගේ දෙවියන් අපිත් එක්ක කතා කළා. අපිට අපේ දෙවියන් වන යෙහෝවාට පූජාවක් ඔප්පු කරන්න ඕනේ. ඒකට අපිට දවස් තුනකට පාළුකරයට යන්න දෙන්න.+ අපි ගියේ නැත්නම් ඔහු අපිට වසංගතයකින් හරි කඩුවෙන් හරි පහර දෙයි.”
4 එතකොට ඊජිප්තුවේ රජ එයාලට මෙහෙම කිව්වා. “ඇයි මේ සෙනඟට වැඩ කරන්න දෙන්නේ නැත්තේ? වහාම ගිහින් සෙනඟට වැඩ පටන්ගන්න කියන්න.”+
5 පාරාවෝ මෙහෙමත් කිව්වා. “මේ දේශයේ වැඩ කරන මිනිස්සු කීදෙනෙක් නම් ඉන්නවාද? උඹලා ඒ අයගේ වැඩ නතර කරන්නද හදන්නේ?”
6 එදාම පාරාවෝ වැඩ පවරන අයටත් වැඩ බලන නිලධාරීන්ටත් මෙහෙම අණ කළා.
7 “ගඩොල් හදන අයට කලින් වගේ පිදුරු එකතු කරලා දෙන්න එපා.+ ඒ අයටම ඒවා එකතු කරගන්න කියන්න.
8 ඒ මිනිස්සුන්ට කියන්න කලින් හදපු ගඩොල් ප්‍රමාණයම හදන්න ඕනෙ කියලා. පොඩ්ඩක්වත් වැඩ අඩු කරන්න එපා. උන් මහ කම්මැළියෝ! ‘අපේ දෙවියන්ට පූජාවක් ඔප්පු කරන්න අපිට යන්න දෙන්න’ කියකිය කෑගහන්නේ ඒකයි.
9 උන්ගෙන් තව තවත් වැඩ ගන්න. කිසිම බුරුලක් දෙන්න එපා. එතකොට උන් ඔය බොරු කතා අහන එකක් නැහැ.”
10 ඉතින් වැඩ පවරන අයත්+ වැඩ බලන නිලධාරීනුත් සෙනඟට මෙහෙම කිව්වා. “පාරාවෝ ඔයාලට මෙහෙම කියනවා. ‘මං මීට පස්සේ පිදුරු දෙන්නේ නැහැ.
11 පිදුරු හොයාගන්න පුළුවන් තැන්වලට ගිහින් උඹලාම ඒවා එකතු කරගනිල්ලා. කරන්න තියෙන වැඩ පොඩ්ඩක්වත් අඩු කරන්නේ නැහැ.’”
12 ඒ නිසා සෙනඟ කෙත්වල ඉතුරු වෙලා තිබුණ පිදුරු හොයන්න ඊජිප්තු දේශය පුරාම ඇවිද්දා.
13 වැඩ පවරන අය එයාලට මෙහෙම කිව්වා. “දවසට නියමිත වැඩ කොටස උඹලා හැමෝම කොහොමහරි ඉවර කරන්න ඕනේ. පිදුරු දුන්න කාලේ කරපු වැඩ ටිකම දැනුත් කරන්න ඕනේ.”
14 වැඩ බලන නිලධාරීන් විදිහට ඊශ්‍රායෙල්වරුන් සමහරදෙනෙක්වත් පත් කරලා තිබුණා. වැඩ පවරන අය ඒ නිලධාරීන්ට ගහලා+ එයාලාගෙන් මෙහෙම ඇහුවා. “ඊයෙයි, අදයි කරන්න දුන්න වැඩ ටික උඹලා ඉවර කරලා නෑ. ඇයි කලින් හදපු ගඩොල් ප්‍රමාණයම හැදුවේ නැත්තේ?”
15 ඒ නිසා ඊශ්‍රායෙල්වරු අතරින් වැඩ බලන්න පත් කරපු නිලධාරීන් පාරාවෝ ළඟට ගිහින් මෙහෙම කිව්වා. “ඇයි ඔබ ඔබේ දාසයන්ට මේ විදිහට සලකන්නේ?
16 අපිට පිදුරු දෙන්නේ නැතුව එයාලා කියනවා ‘ගඩොල් හදන්න’ කියලා. හදන්න බැරි වුණාම අපිට අල්ලන් ගහනවා. ඒත් වරද ඔබේ සේවකයන්ගේ, අපේ නෙමෙයි.”
17 එතකොට පාරාවෝ මෙහෙම කිව්වා. “උඹලා තමයි කිසි වැඩක් කරන්නේ නැතුව කාලේ කකා ඉන්නේ. උඹලා මහ කම්මැළියෝ!+ ඒකනේ උඹලා කියන්නේ ‘යෙහෝවාට පූජාවක් ඔප්පු කරන්න අපිට යන්න දෙන්න’ කියලා.+
18 දැන් ගිහින් වැඩ පටන්ගනිල්ලා. එක පිදුරු ගහක් දෙන්නේ නෑ. කලින් හදපු ගඩොල් ප්‍රමාණයම උඹලා හදන්න ඕනේ.”
19 හැම කෙනෙක්ම දවසට නියමිත ගඩොල් ප්‍රමාණය ඒ විදිහටම හදන්න ඕනෙ කියලා පාරාවෝ කියපු නිසා ඒ වැඩ බලන නිලධාරීන් ගොඩක් අසරණ වුණා.
20 එයාලා පාරාවෝ හිටපු තැනින් පිට වෙලා එද්දී එයාලට මෝසෙස්ව සහ ආරොන්ව හම්බ වුණා. ඒ දෙන්නා එයාලා එන කල් බලාගෙනයි හිටියේ.
21 ඒ දෙන්නාව දැක්කාම ඒ නිලධාරීන් මෙහෙම කිව්වා. “පාරාවෝයි, එයාගේ සේවකයනුයි අපිට සලකන්නේ හරිම පහත් විදිහට.* ඒ ඔයාලා දෙන්නා නිසා. ඔයාලා කළේ අපිව මරලා දාන්න එයාලාගේ අතට කඩුවක් දුන්නා වගේ වැඩක්.+ යෙහෝවා ඔයාලට දඬුවම් කරන්න ඕනේ!”
22 මෝසෙස් ඒ වෙලාවේ යෙහෝවා දෙවියන්ට මෙහෙම කිව්වා. “අනේ යෙහෝවා, ඇයි ඔයා මේ සෙනඟට මෙච්චර දුක් කරදර ගේන්නේ? මාව එයාලා ළඟට යැව්වේ ඇයි?
23 මං පාරාවෝට ඔයාගේ පණිවිඩේ කිව්වාට පස්සේ+ එයා කලින්ටත් වඩා දරුණු විදිහටයි මේ සෙනඟට සලකන්නේ.+ ඒත් ඔයාගේ සෙනඟව බේරගන්න ඔයා තාම කිසිම දෙයක් කරලා නැහැ.”+
පාදසටහන්
^ හෝ, “අපිව පිළිකුල් කරනවා.”