නෙහෙමියා 13:1-31

  • නෙහෙමියා කරපු තවත් වෙනස්කම් (1-31)

    • දහයෙන් කොටස ආයෙත් දෙන්න කියයි (10-13)

    • සබත කඩන්න එපා කියලා තදින්ම කියයි (15-22)

    • වෙනත් ජාතීන් එක්ක විවාහ වෙන්න එපා කියලා අවවාද කරයි (23-28)

13  එදා මෝසෙස්ගේ ලියවිල්ල සෙනඟට ඇහෙන්න කියෙව්වා.+ ඒක කියවද්දී හැමෝටම තේරුණා සැබෑ දෙවියන්ට නමස්කාර කරන සෙනඟට+ එකතු වෙන්න අම්මොන් ජාතිකයන්ටවත් මෝවබ් ජාතිකයන්ටවත්+ අවසර නැහැ කියලා.  මොකද අතීතයේදී ඒ අය ඊශ්‍රායෙල් සෙනඟට කෑම බීම දුන්නේ නැහැ. ඒ වගේම ඊශ්‍රායෙල්වරුන්ට ශාප කරන්න එයාලා බාලාම්ව කුලියට ගත්තා.+ ඒත් බාලාම් එයාලට ශාප කරන්න හදද්දී දෙවියන් ඒකට ඉඩ දෙන්නේ නැතුව බාලාම් ලවාම තමන්ගේ සෙනඟට ආශීර්වාද කළා.+  නීතියේ තියෙන දේ අහපු ගමන්ම ඊශ්‍රායෙල් සෙනඟගෙන් විදේශිකයන්* හැමෝවම වෙන් කළා.+  ඒ කාලේදී අපේ දෙවියන්ගේ ගෘහයේ*+ තිබුණ ගබඩා කාමර* භාරව හිටියේ පූජකයෙක් වුණ එලියාෂිබ්.+ එයා ටොබියාගේ+ නෑදෑයෙක්.  එලියාෂිබ් ටොබියා වෙනුවෙන්ම විශාල ගබඩා කාමරයක්* වෙන් කරලා තිබුණා. ඊට කලින් ඒ ගබඩා කාමරය පාවිච්චි කළේ ධාන්‍ය පූජාවලට ගෙනාපු ද්‍රව්‍ය, කට්ටකුමංජල් සහ භාජන ගබඩා කරන්න. ධාන්‍යවලින්, අලුත් වයින්වලින් සහ තෙල්වලින්+ ලෙවීවරුන්ටයි,+ ගායකයන්ටයි, දොරටු පාලකයන්ටයි ලැබුණ දහයෙන් කොටස් සහ පූජකයන්ට ලැබුණ පරිත්‍යාග+ ගබඩා කළේ ඒ කාමරයේ.  ඒ කාලේදී මං හිටියේ යෙරුසලමේ නෙමෙයි. මොකද බැබිලෝනියේ රජු වුණ අර්තක්ෂස්තාගේ+ 32වෙනි අවුරුද්දේදී+ මං ආයෙත් රජ්ජුරුවන් ළඟට ගියා. ටික කාලෙකට පස්සේ මං ආයෙත් යෙරුසලමට එන්න රජ්ජුරුවන්ගෙන් අවසර ගත්තා.  යෙරුසලමට ආවාම මං දැක්කා එලියාෂිබ්+ සැබෑ දෙවියන්ගේ ගෘහයේ මළුවේ තිබුණ ගබඩා කාමරයක් ටොබියාගේ+ පාවිච්චියට දීලා තියෙනවා. ඒක කොච්චර ලොකු වරදක්ද!  ඒක දැක්කාම මට හොඳටම කේන්ති ගියා. ඉතින් මං ගබඩා කාමරයට* ගිහින් ටොබියාගේ ගෘහ භාණ්ඩ ඔක්කොම එළියට වීසි කරලා දැම්මා.  ඊටපස්සේ ගබඩා කාමර* පවිත්‍ර කරන්න කියලා මං අණ කළා. සැබෑ දෙවියන්ගේ ගෘහයේ+ පාවිච්චියට තිබුණ භාජන, ධාන්‍ය පූජා සඳහා ගෙනාපු ද්‍රව්‍ය සහ කට්ටකුමංජල්+ ආයෙත් ඒකේ ගබඩා කරන්න කියලා මං කිව්වා. 10  ඒ වගේම ලෙවීවරුන්ට දෙන්න ඕනෙ නියමිත කොටස්+ එයාලට දීලා තිබුණේ නැහැ+ කියලත් මට දැනගන්න ලැබුණා. ඒ නිසා ලෙවීවරුන් සහ ගායකයන් එයාලට පවරලා තිබුණ වැඩ අත්හැරලා අවශ්‍යතා පිරිමහගන්න එයාලාගේ කෙත්වතුවල වැඩ කරන්න+ ගිහින් තිබුණා. 11  ඒ ගැන මං නිලධාරීන්ට+ දොස් කිව්වා. මං එයාලාගෙන් ඇහුවා “ඇයි ඔයාලා සැබෑ දෙවියන්ගේ ගෘහයේ වැඩ මේ විදිහට නොසලකාහැරලා තියෙන්නේ”+ කියලා. මං ලෙවීවරුන් හැමෝවම එකතු කරලා එයාලට කරන්න තිබුණ වැඩ ආයෙත් භාර දුන්නා. 12  ඊටපස්සේ යූදාවල හිටපු හැමෝම එයාලාගේ ධාන්‍යවලින්, අලුත් වයින්වලින් සහ තෙල්වලින් දහයෙන් කොටස්+ ගෙනල්ලා ගබඩාවලට+ භාර දුන්නා. 13  මං පූජක ෂෙලෙමියාව, පිටපත්කරුවෙක්* වුණ සාදොක්ව සහ ලෙවීවරයෙක් වුණ පෙදායාව ගබඩා කාමර භාරව වැඩ කරන්න පත් කළා. එයාලාගේ සහයකයා විදිහට මත්තනියාගේ පුතෙක් වුණ සක්කූර්ගේ පුත් හානාන්ව පත් කළා. මොකද එයාලා හුඟක් විශ්වාසවන්ත අය. එයාලාගේ සහෝදරයන්ට නියමිත කොටස් ලබා දෙන වගකීම පැවරුණේ ඒ අයටයි. 14  “මගේ දෙවියනි, මාව අමතක කරන්න එපා.+ මං මේ හැම දේම කළේ ඔයාගේ ගෘහය ගැනත් ඒකේ වැඩකටයුතු බලා කියා ගන්න අය ගැනත් මගේ හිතේ තියෙන නොසැලෙන ආදරේ නිසයි. මං කරපු ඒ දේවල් අමතක කරන්න එපා දෙවියනි.”+ 15  ඒ කාලයේදී යූදාවල හිටපු අය සබත් දවසේදී වයින් හදන්න මිදි පාගනවා+ කියලත් කපාගත්ත ධාන්‍ය ගොඩවල් බූරුවන් පිට පටවනවා කියලත් මට දැනගන්න ලැබුණා. ඒ වගේම එයාලා වයින්, මිදි, අත්තික්කා සහ වෙනත් බඩුත් සබත් දවසේදී යෙරුසලමට අරන් ආවා.+ ඒ නිසා මං එයාලට තදින්ම කිව්වා සබත් දවසේදී ඒ දේවල් විකුණන්න එපා කියලා. 16  යෙරුසලමේ හිටපු තීර් ජාතික වෙළෙන්දෝ මාළු සහ එක එක ජාතියේ භාණ්ඩ ගෙන්නගෙන ඒවා යෙරුසලමේ හිටපු යුදෙව්වන්ට සබත් දවසේදී විකුණමින් හිටියා.+ 17  ඒ ගැන මං යූදාවල හිටපු ප්‍රධානීන්ට දොස් කියලා එයාලාගෙන් මෙහෙම ඇහුවා. “මොනවාද මේ කරන්නේ? ඔයාලා කරන්නේ සබත් නීතිය කඩන එක කියලා තේරෙන්නේ නැද්ද? 18  අපේ මුතුන්මිත්තන් මේ වගේම දේවල් කරපු නිසා නේද අපේ දෙවියන් මේ නුවර විනාශ කරලා අපිට දඬුවම් කළේ? දැන් ඔයාලත් සබත කඩ කරලා+ කරන්නේ ඊශ්‍රායෙල් සෙනඟ ගැන දෙවියන්ට තියෙන කේන්තිය තවත් වැඩි කරන එකයි.” 19  සබත් දවසට කලින් දවසේදී කළුවර වැටෙන්න ඉස්සෙල්ලා යෙරුසලමේ දොරටු වහලා දාන්න කියලා මං අණ කළා. සබත් දවස ඉවර වෙන කල් දොරටු අරින්න එපා කියලත් මං කිව්වා. ඒ වගේම දොරටු ළඟ මගේම සේවකයන් කීපදෙනෙක්ව තියලා එයාලට කිව්වා සබත් දවසේදී කිසිම භාණ්ඩයක් නුවරට ගේන්න දෙන්න එපා කියලා. 20  ඒ නිසා වෙළෙන්දන් සහ එක එක භාණ්ඩ විකුණන අය යෙරුසලමෙන් පිට රාත්‍රිය ගත කළා. ඒ දේ දෙපාරක් විතර වුණා. 21  ඒ නිසා මං එයාලට තදින්ම මෙහෙම කිව්වා. “මොනවාද මේ රෑ තිස්සේ පවුර ළඟට වෙලා කරන්නේ? ආයෙත් මේ විදිහට ඉඳලා අහු වුණොත් කට්ටියව දාලා මං ඔයාලව මෙතනින් එළවනවා.” එදා ඉඳන් එයාලා සබත් දවසේදී වෙළඳාම් කරන්න නුවරට ආවේ නැහැ. 22  සබත් දවස ගෞරවනීය විදිහට පවත්වන්න ඕනෙ නිසා+ පවිත්‍ර වෙලා නුවර දොරටු ළඟ මුර සේවයේ යෙදෙන්න කියලා මං ලෙවීවරුන්ට කිව්වා. “මගේ දෙවියනි, මං දන්නවා ඔයා නොසැලෙන ආදරෙන් පිරුණු දෙවි කෙනෙක් කියලා. ඒ නිසා මට අනුකම්පා කරන්න. අනේ දෙවියනි, මං කරපු මේ දේවල් අමතක කරන්න එපා.”+ 23  ඒ කාලයේදී සමහර යුදෙව්වන් අෂ්දොද්,+ අම්මොන් සහ මෝවබ් ජාතික+ ස්ත්‍රීන්ව+ විවාහ කරගෙන ඉන්නවා කියලත් මං දැක්කා. 24  එයාලාගේ දරුවන්ගෙන් භාගයක්ම කතා කළේ අෂ්දොද්වරුන්ගේ භාෂාව. අනිත් අය කතා කළේ වෙනත් භාෂා. ඒ එක් කෙනෙක්ටවත් යුදෙව් භාෂාව කතා කරන්න පුළුවන් වුණේ නැහැ. 25  මං ඒ යුදෙව්වන්ට දොස් කියලා තදින්ම අවවාද කළා. එයාලාගෙන් සමහරදෙනෙක්ට පහර දීලා+ එයාලාගේ කෙස් උගුල්ලලා දැම්මා. ඊටපස්සේ එයාලා වෙනත් ජාතීන් එක්ක විවාහ වෙන්නේ නැහැ කියලත් එයාලාගේ දුවලා පුතාලව වෙනත් ජාතීන්ට විවාහ කරලා දෙන්නේ නැහැ+ කියලත් දිවුරලා පොරොන්දු වෙන්න කියලා මං එයාලට කිව්වා. 26  මං එයාලට මෙහෙමත් කිව්වා. “ඊශ්‍රායෙල්වරුන්ගේ රජු වුණ සලමොන්ට වෙච්ච දේ ඔයාලට මතක නැද්ද? වෙන කිසිම ජාතියක එයා වගේ රජ කෙනෙක් හිටියේ නැහැ.+ එයාගේ දෙවියන් එයාට ගොඩක් ආදරේ කළා.+ දෙවියන් එයාව මුළු ඊශ්‍රායෙල් ජාතියේම රජු විදිහට පත් කළේ ඒ නිසයි. ඒත් එයාගේ විදේශික භාර්යාවන්ගේ බලපෑම නිසා එයා දෙවියන්ට විරුද්ධව වැඩ කළා.+ 27  ඒ හැම දේම දැන දැනත් ඔයාලා විදේශික ස්ත්‍රීන්ව විවාහ කරගෙන+ අපේ දෙවියන්ට ද්‍රෝහි වුණේ කොහොමද කියලා මට හිතාගන්නවත් බැහැ.” 28  උත්තම පූජකයා වුණ එලියාෂිබ්ගේ+ පුත් යෝයාදාගේ+ එක පුතෙක් හෝරොන්වල වැසියෙක් වුණ සන්බලට්ගේ+ දුවෙක්ව විවාහ කරගෙන හිටියා. මං එයාව එළවලා දැම්මා. 29  “මගේ දෙවියනි, එයාලා කරන මේ වැරදි නිසා පූජකයන් විදිහට එයාලා කරන සේවයත් පූජකයන්+ සහ ලෙවීවරුන්+ එක්ක ඔයා ඇති කරගත්ත ගිවිසුමත් නින්දාවට ලක් වෙලා. එයාලාගේ වැරදි අමතක කරන්න එපා දෙවියනි.” 30  මං විදේශිකයන්ගේ හැම බලපෑමකින්ම සෙනඟව නිදහස් කරලා එයාලව දෙවියන් ඉස්සරහා පවිත්‍ර තත්වයකට ගෙනාවා. ඊටපස්සේ මං පූජකයන්ට සහ ලෙවීවරුන්ට පැවරිලා තිබුණ වගකීම් එයාලට ආයෙත් භාර දුන්නා.+ 31  ඒ වගේම නිතිපතා ඕනෙ කරන දරත්+ අස්වැන්නෙන් මුලින්ම නෙළාගත්ත පලදාවත් ගේන්න සැලසුම් කළා. “මගේ දෙවියනි, මාව අමතක කරන්නේ නැතුව මට ආශීර්වාද කරන්න කියලා මං ඔයාගෙන් ඉල්ලනවා.”+

පාදසටහන්

මූ.අ., “මිශ්‍ර ජාතිකයන්.”
හෝ, “දේවමාලිගාවේ.”
හෝ, “කෑම කාමර.”
හෝ, “කෑම කාමරයක්.”
හෝ, “කෑම කාමරයට.”
හෝ, “කෑම කාමර.”
හෝ, “ලේකම්වරයෙක්.”