නෙහෙමියා 7:1-73

  • පවුරේ දොරටු සහ දොරටු පාලකයන් (1-4)

  • වහල්කමින් නිදහස් වෙලා ආපු අයගේ නම් (5-69)

    • දේවමාලිගාවේ සේවය කරපු අය (46-56)

    • සලමොන්ගේ සේවකයන්ගේ පුතුන් (57-60)

  • වැඩවලට ලැබුණ පරිත්‍යාගයන් (70-73)

7  පවුර ඉදි කරලා ඉවර වුණාම+ මං දොරටුවල දොරවලුත් සවි කළා.+ ඊටපස්සේ දොරටු පාලකයන්ව,+ ගායකයන්ව+ සහ ලෙවීවරුන්ව+ එයාලාගේ කාර්යයන් කරන්න පත් කළා.  මං යෙරුසලම පාලනය කරන්න මගේ සහෝදරයෙක් වන හනානිවයි,+ දේවමාලිගාවේ බලකොටුවේ අධිපති+ වන හනනියාවයි පත් කළා. ඒ දවස්වල හිටපු හුඟදෙනෙක්ට වඩා හනනියා සැබෑ දෙවියන්ට ගරුබිය දක්වපු, හුඟක් විශ්වාසවන්ත කෙනෙක්.+  මං ඒ දෙන්නාට මෙහෙම කිව්වා. “ඉර මුදුන් වෙන වෙලාව වෙන කල් යෙරුසලමේ දොරටු අරින්න එපා. හවස වැඩමුරය ඉවර වෙන්න කලින් දොරවල් වහලා ඒවාට අගුලු දාන්න කියලා මුරකරුවන්ට කියන්න. යෙරුසලමේ ඉන්න අය අතරින්ම මුරකරුවන්ව තෝරගන්න. සමහරුන්ව මුරපොළවල් ළඟත් තවත් අයව එයාලාගෙම ගෙවල් ඉස්සරහත් මුරට දාන්න.”  නුවර හුඟක් විශාල වුණත් ඒකේ ජීවත් වුණේ ටිකදෙනායි.+ ඒකේ ගොඩක් ගෙවල් තිබුණෙත් නැහැ.  මං ප්‍රධානීන්වත් නිලධාරීන්වත් පොදු ජනයාවත් එකතු කරගෙන එයාලාගේ නම් පෙළපත් වාර්තාවලට+ ඇතුළත් කරන්න තීරණය කළා. මගේ දෙවියන් තමයි ඒ අදහස මගේ හිතට දැම්මේ. ඒ අතරේ වහල්කමින් නිදහස් වෙලා මුලින් ආපු අයගේ විස්තර ඇතුළත් පෙළපත් වාර්තාව මට හම්බ වුණා. ඒකේ මෙහෙම ලියලා තිබුණා.  බැබිලෝනියේ ඉඳන් ආපු, පළාත පුරාම පදිංචි* සමහර යුදෙව්වරු යෙරුසලමේ සහ යූදාවල එයාලට අයිති නගරවලට ඇවිත් පදිංචි වුණා.+ බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර්+ වහලුන් විදිහට අරන් ගිය+ අයගෙන් පිරිසකුත් එයාලා අතරේ හිටියා.  ඒ අය සෙරුබාබෙල්,+ යේෂුවා,+ නෙහෙමියා, අෂරියා, රයමියා, නහමානී, මොර්දෙකයි, බිල්ෂාන්, මිස්පෙරෙත්, බිග්වායි, නේහුම් සහ බානාහ් කියන අයගේ නායකත්වය යටතේ යූදා දේශයට ආවා. යූදා දේශයට ආපු ඊශ්‍රායෙල් පුරුෂයන්ගේ ගාණ මේකයි.+  පාරොෂ්ගේ පුතුන් 2,172යි.  ෂෙපටියාගේ පුතුන් 372යි. 10  ආරාහ්ගේ පුතුන්+ 652යි. 11  පාහත්මෝවබ්ගේ+ පෙළපතට අයිති යේෂුවාගේ සහ යෝවාබ්ගේ පුතුන්+ 2,818යි. 12  ඒලාම්ගේ පුතුන්+ 1,254යි. 13  සට්ටුගේ පුතුන් 845යි. 14  ෂක්කායිගේ පුතුන් 760යි. 15  බින්නුයිගේ පුතුන් 648යි. 16  බෙබායිගේ පුතුන් 628යි. 17  අස්ගාද්ගේ පුතුන් 2,322යි. 18  අදොනිකාම්ගේ පුතුන් 667යි. 19  බිග්වායිගේ පුතුන් 2,067යි. 20  ආදින්ගේ පුතුන් 655යි. 21  හෙසකියාගේ පෙළපතින් ආපු ආටෙර්ගේ පුතුන් 98යි. 22  හාෂුම්ගේ පුතුන් 328යි. 23  බේෂායිගේ පුතුන් 324යි. 24  හාරිෆ්ගේ පුතුන් 112යි. 25  ගිබියොන්ගේ+ පුතුන් 95යි. 26  බෙත්ලෙහෙමේ සහ නෙටොෆාවල පුරුෂයන් 188යි. 27  අනාතොත්වල+ පුරුෂයන් 128යි. 28  බෙත්අෂ්මාවෙත්වල පුරුෂයන් 42යි. 29  කිර්යත්යෙයාරීම්,+ කෙෆීරා සහ බෙයේරොත්වල+ පුරුෂයන් 743යි. 30  රාමා සහ ගෙබාවල+ පුරුෂයන් 621යි. 31  මික්මාස්වල+ පුරුෂයන් 122යි. 32  බෙතෙල්+ සහ ආයි+ නගරවල පුරුෂයන් 123යි. 33  නෙබෝවල* පුරුෂයන් 52යි. 34  ඒලාම්ගේ* පුතුන් 1,254යි. 35  හාරිම්ගේ පුතුන් 320යි. 36  යෙරිකෝවේ පුරුෂයන් 345යි. 37  ලොද්, හාදිද් සහ ඕනෝගේ+ පුතුන් 721යි. 38  සෙනායාගේ පුතුන්* 3,930යි. 39  මේ පූජකයන්ගේ+ ගාණයි. යේෂුවාගේ පවුලට අයිති යෙදායාගේ පුතුන් 973යි. 40  ඉම්මේර්ගේ පුතුන් 1,052යි. 41  පෂ්හූර්ගේ පුතුන්+ 1,247යි. 42  හාරිම්ගේ+ පුතුන් 1,017යි. 43  මේ ලෙවීවරුන්ගේ+ ගාණයි. හෝදෙවාගේ පවුලට අයිති කද්මියෙල්ගේ+ ඒ කියන්නේ යේෂුවාගේ පුතුන් 74යි. 44  ගායකයන්+ වුණ ආසාෆ්ගේ+ පුතුන් 148යි. 45  මේ දොරටු පාලකයන්ගේ+ ගාණයි. ෂල්ලුම්, ආටෙර්, ටල්මොන්, අක්කුබ්,+ හටීටා සහ ෂෝබයි කියන අයගේ පුතුන් 138යි. 46  මේ දේවමාලිගාවේ සේවය කරපු අයයි.*+ ෂීහාගේ පුතුන්, හසුෆාගේ පුතුන්, ටබ්බාවොත්ගේ පුතුන්, 47  කෙරොස්ගේ පුතුන්, සියාගේ පුතුන්, පාදොන්ගේ පුතුන්, 48  ලෙබානාගේ පුතුන්, හගාබාගේ පුතුන්, සල්මයිගේ පුතුන්, 49  හානාන්ගේ පුතුන්, ගිද්දෙල්ගේ පුතුන්, ගහර්ගේ පුතුන්, 50  රෙයායාගේ පුතුන්, රෙෂින්ගේ පුතුන්, නෙකෝදාගේ පුතුන්, 51  ගෂ්ෂාම්ගේ පුතුන්, උස්සාගේ පුතුන්, පාසේයාගේ පුතුන්, 52  බේසයිගේ පුතුන්, මෙයූනිම්වරුන්ගේ පුතුන්, නෙෆූෂෙසිම්වරුන්ගේ පුතුන්, 53  බක්බුක්ගේ පුතුන්, හකූෆාගේ පුතුන්, හර්හූර්ගේ පුතුන්, 54  බෂ්ලීත්ගේ පුතුන්, මෙහිදාගේ පුතුන්, හර්ෂාගේ පුතුන්, 55  බාකොස්ගේ පුතුන්, සිසෙරාගේ පුතුන්, තෙමාගේ පුතුන්, 56  නෙෂියාගේ පුතුන්, හටීෆාගේ පුතුන්. 57  සලමොන්ගේ සේවකයන්ගේ පුතුන්+ මේ අයයි. සෝටයිගේ පුතුන්, සොෆෙරෙත්ගේ පුතුන්, පෙරීදාගේ පුතුන්, 58  යයලාගේ පුතුන්, දර්කොන්ගේ පුතුන්, ගිද්දෙල්ගේ පුතුන්, 59  ෂෙපටියාගේ පුතුන්, හට්ටිල්ගේ පුතුන්, පොකෙරෙත්හෂ්ෂෙබායිම්ගේ පුතුන් සහ ආමොන්ගේ පුතුන්. 60  දේවමාලිගාවේ සේවකයන්ගේ*+ සහ සලමොන්ගේ සේවකයන්ගේ පුතුන්ගේ මුළු ගාණ 392යි. 61  ටෙල්මේලා, ටෙල්හර්ෂා, කේරුබ්, අද්දොන් සහ ඉම්මේර් කියන නගරවලින් ආපු අයට එයාලාගේ පෙළපත් ඊශ්‍රායෙල්ගෙන් පැවතෙනවා කියලා ඔප්පු කරන්න බැරි වුණා.+ මේ ඒ අයයි. 62  දෙලායාගේ පුතුන්, ටොබියාගේ පුතුන් සහ නෙකෝදාගේ පුතුන්. ඒ අයගේ ගාණ 642යි. 63  පූජකයන් අතරේ හබායාගේ පුතුන්, හක්කොෂ්ගේ+ පුතුන් සහ බාසිල්ලයිගේ පුතුන් හිටියා. බාසිල්ලයිගේ පුතුන්ට ඒ නම ලැබුණේ එයාලාගේ මුතුන්මිත්තා, ගිලියද්වරයෙක් වුණ බාසිල්ලයිගේ+ දුවෙක්ව විවාහ කරගෙන එයාගේ මාමණ්ඩිගේ නම ලබාගත්ත නිසයි. 64  එයාලා පෙළපත් වාර්තාවල එයාලාගේ පවුල්වල නම් තියෙනවාද කියලා හොයලා බැලුවත් ඒවා හොයාගන්න බැරි වුණා. ඒ නිසා පූජකයන් විදිහට සේවය කරන්න එයාලට අවසර ලැබුණේ නැහැ.*+ 65  ඌරීම් සහ තුම්මීම්+ යොදාගෙන තීන්දුවක් ලබා දෙන්න පුළුවන් පූජකයෙක් හම්බ වෙන කල් දෙවියන්ට කැප කරපු ශුද්ධ ආහාර+ කන්න එයාලට අවසර නැහැ කියලා ආණ්ඩුකාරයා*+ කිව්වා. 66  යූදා දේශයට ආපු අයගේ මුළු ගාණ 42,360යි.+ 67  ඒ අයට අමතරව එයාලාගේ දාස දාසීන්+ 7,337දෙනෙක් සහ ගායක ගායිකාවන්+ 245දෙනෙක් ආවා. 68  එයාලට අශ්වයන් 736ක්, කොටළුවන් 245ක්, 69  ඔටුවන් 435ක් සහ බූරුවන් 6,720ක් හිටියා. 70  කරගෙන යන වැඩවලට ඕන කරන දේවල් පෙළපත්වල ප්‍රධානීන්ගෙන් සමහරදෙනෙක් පරිත්‍යාග කළා.+ ආණ්ඩුකාරයාත්* භාණ්ඩාගාරයට රන් ඩ්‍රැක්මා* 1,000ක්, බඳුන් 50ක් සහ පූජකයන්ට ඕන කරන ඇඳුම්+ 530ක් පරිත්‍යාග කළා. 71  පෙළපත්වල ප්‍රධානීන්ගෙන් සමහරදෙනෙක් රන් ඩ්‍රැක්මා 20,000ක් සහ රිදී මීනා* 2,200ක් භාණ්ඩාගාරයට පරිත්‍යාග කළා. 72  පොදු ජනයා රන් ඩ්‍රැක්මා 20,000ක්, රිදී මීනා 2,000ක් සහ පූජකයන්ට ඕන කරන ඇඳුම් 67ක් පරිත්‍යාග කළා. 73  පූජකයන්, ලෙවීවරුන්, දොරටු පාලකයන්, ගායකයන්,+ සාමාන්‍ය ජනයා අතරින් පිරිසක්, දේවමාලිගාවේ සේවකයන්* සහ අනිත් සෙනඟ* එයාලාගේ නගරවල පදිංචි වුණා.+ හත්වෙනි මාසය වෙද්දී+ ඊශ්‍රායෙල්වරුන් හැමෝම තම තමන්ගේ නගරවල පදිංචි වෙලා හිටියා.+

පාදසටහන්

මෙතන කතා කරන්නේ මේද පර්සියාව යටතේ තිබුණ පළාතක් ගැන.
මූ.අ., “නෙබෝ විදිහට හඳුන්වන අනිත් නුවර.”
මූ.අ., “ඒලාම් විදිහට හඳුන්වන අනිත් කෙනාගේ.”
හෝ සමහරවිට, “සෙනායාවල පුරුෂයන්.”
හෝ, “නෙතිනිම්වරු.” මූ.අ., “දෙනු ලැබූවන්.”
හෝ, “නෙතිනිම්වරු.” මූ.අ., “දෙනු ලැබූවන්.”
හෝ, “එයාලව අපවිත්‍ර අය විදිහට සලකපු නිසා පූජකයන් විදිහට සේවය කරන්න ඉඩ දුන්නේ නැහැ.”
හෝ, “තිර්ෂාතා.” පර්සියානු භාෂාවෙන් පළාත් ආණ්ඩුකාරයාව හැඳින්නුවේ එහෙමයි.
හෝ, “තිර්ෂාතා.” පර්සියානු භාෂාවෙන් පළාත් ආණ්ඩුකාරයාව හැඳින්නුවේ එහෙමයි.
මෙතන සඳහන් වෙන්නේ ග්‍රීක ලියවිලිවල සඳහන් වෙන ඩ්‍රැක්මා ගැන නෙමෙයි. මෙතන කතා කරන්නේ පර්සියානු ජාතිකයන් පාවිච්චි කරපු දරික් කියලා හඳුන්වපු රන් කාසියක් කියලා විශ්වාස කරනවා. ඒකේ බර ග්‍රෑම් 8.4ක්. උප. B14 බලන්න.
හෙබ්‍රෙව් ලියවිල්ලේ කතා කරන මීනා එකක බර ග්‍රෑම් 570ක්. උප. B14 බලන්න.
හෝ, “නෙතිනිම්වරු.” මූ.අ., “දෙනු ලැබූවන්.”
මූ.අ., “ඊශ්‍රායෙල්වරුන් හැමෝම.”