Skip to content

පටුනට යන්න

මතෙව්ගේ වාර්තාව

පරිච්ඡේද

පොතේ සාරාංශයක්

  • 1

    • යේසුස් ක්‍රිස්තුස්ගේ පෙළපත් වාර්තාව (1-17)

    • යේසුස්ගේ උපත (18-25)

  • 2

    • ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයන් යේසුස්ව බලන්න එයි (1-12)

    • ඊජිප්තුවට පලා යයි (13-15)

    • හෙරොද් පුංචි පිරිමි දරුවන්ව මරයි (16-18)

    • ආයෙත් නාසරෙත්වලට එයි (19-23)

  • 3

    • යොහන් බව්තීස්ත දේශනා කරයි (1-12)

    • යේසුස්ගේ බව්තීස්මය (13-17)

  • 4

    • යක්ෂයා යේසුස්ව වරදකට පොලඹවන්න උත්සාහ කරයි (1-11)

    • යේසුස් ගලීලයේ දේශනා කරන්න පටන්ගනියි (12-17)

    • මුල්ම ගෝලයන්ව කැඳවයි (18-22)

    • යේසුස් දේශනා කරයි, උගන්වයි, සුව කරයි (23-25)

  • 5

    • කන්ද උඩ දේශනාව (1-48)

      • යේසුස් කන්ද උඩදී උගන්වයි (1, 2)

      • සතුටට හේතු වෙන දේවල් නවයක් (3-12)

      • ලුණු සහ ආලෝකය (13-16)

      • යේසුස් ආවේ නීතිය ඉටු කරන්න (17-20)

      • කේන්ති යන එක (21-26), අනාචාරය (27-30), දික්කසාදය (31, 32), දිවුරුම් දෙන එක (33-37), පළිගන්න එක (38-42), සතුරන්ට ආදරේ කරන එක ගැන දුන්න මඟ පෙන්වීම් (43-48)

  • 6

    • කන්ද උඩ දේශනාව (1-34)

      • අනිත් අයට පේන්න හොඳ දේවල් කරන්න එපා (1-4)

      • යාච්ඤා කරන විදිහ (5-15)

        • ආදර්ශ යාච්ඤාව (9-13)

      • නිරාහාරව ඉන්න එක (16-18)

      • ස්වර්ගයේ සහ මේ ලෝකේ වස්තු (19-24)

      • කනස්සලු වෙන එක නවත්තන්න (25-34)

        • දිගටම දෙවියන්ගේ රාජ්‍යයට මුල් තැන දෙන්න (33)

  • 7

    • කන්ද උඩ දේශනාව (1-27)

      • විනිශ්චය කරන එක නවත්තන්න (1-6)

      • දිගටම ඉල්ලන්න, හොයන්න, තට්ටු කරන්න (7-11)

      • රන් අණ (12)

      • පටු දොරටුව (13, 14)

      • එයාලාගේ පලවලින් අඳුරගන්න පුළුවන් (15-23)

      • පර්වතයක් මත හදපු ගේ, වැලි මත හදපු ගේ (24-27)

    • යේසුස් උගන්වන විදිහ ගැන සෙනඟ පුදුම වෙයි (28, 29)

  • 8

    • ලාදුරු රෝගියෙක්ව සුව කරයි (1-4)

    • හමුදා නිලධාරියෙක්ගේ විශ්වාසය (5-13)

    • කපර්ණවුමේදී යේසුස් හුඟදෙනෙක්ව සුව කරයි (14-17)

    • යේසුස්ගේ අනුගාමිකයෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේ (18-22)

    • යේසුස් කුණාටුවක් නිශ්චල කරයි (23-27)

    • යේසුස් භූතයන්ව ඌරු රැළකට වැහෙන්න සලස්වයි (28-34)

  • 9

    • යේසුස් අංශභාග රෝගියෙක්ව සුව කරයි (1-8)

    • යේසුස් මතෙව්ට ඔහුගේ අනුගාමිකයෙක් වෙන්න කියයි (9-13)

    • නිරාහාරව ඉන්න එක ගැන අහපු ප්‍රශ්න (14-17)

    • යායිරස්ගේ දුව; කාන්තාවක් යේසුස්ගේ ඇඳුමේ වාටිය අල්ලයි (18-26)

    • යේසුස් අන්ධ අයවත් ගොළු අයවත් සුව කරයි (27-34)

    • අස්වැන්න ලොකුයි. වැඩකරුවන් ටිකදෙනායි (35-38)

  • 10

    • නියෝජිතයන් 12දෙනා (1-4)

    • සේවේ ගැන දීපු මඟ පෙන්වීම් (5-15)

    • ගෝලයන්ට පීඩාවලට මුහුණ දෙන්න වෙයි (16-25)

    • මිනිස්සුන්ට නෙමෙයි දෙවියන්ට බය වෙන්න (26-31)

    • ආවේ කඩුවක් දෙන්න මිසක් සාමය ගේන්න නෙමෙයි (32-39)

    • යේසුස්ගේ ගෝලයන්ව පිළිගන්න අය (40-42)

  • 11

    • යොහන් බව්තීස්තව අගය කරයි (1-15)

    • මුරණ්ඩු පරම්පරාව හෙළා දකියි (16-24)

    • නිහතමානී අයට ආශීර්වාද කරන එක ගැන යේසුස් තමන්ගේ තාත්තාට ප්‍රශංසා කරයි (25-27)

    • යේසුස්ගේ වියගහ නිසා සහනයක් ලැබෙනවා (28-30)

  • 12

    • යේසුස් “සබත් දවසේ ස්වාමියා” (1-8)

    • අතක් පණ නැති මිනිසෙක්ව සුව කරයි (9-14)

    • දෙවියන් තෝරගත්ත ආදරණීය සේවකයා (15-21)

    • දෙවියන්ගේ බලයෙන් භූතයන්ව එළවයි (22-30)

    • සමාව ලැබෙන්නේ නැති වරද (31, 32)

    • ගහ මොන වගේද කියලා පලවලින් දැනගන්න පුළුවන් (33-37)

    • යෝනාගේ ලකුණ (38-42)

    • භූතයෙක් හිටපු තැනටම ආපහු එයි (43-45)

    • යේසුස්ගේ අම්මා සහ මල්ලිලා (46-50)

  • 13

    • රාජ්‍යය ගැන දීපු උදාහරණ (1-52)

      • වපුරන්නා (1-9)

      • යේසුස් උදාහරණ පාවිච්චි කරපු හේතුව (10-17)

      • වපුරන්නාගේ උදාහරණය පැහැදිලි කරයි (18-23)

      • තිරිඟු සහ කිරිඳි (24-30)

      • අබ ඇටය සහ මුහුන් (31-33)

      • උදාහරණ පාවිච්චි කරපු එකෙන් අනාවැකියක් ඉටු වෙයි (34, 35)

      • තිරිඟු සහ කිරිඳි ගැන උදාහරණය පැහැදිලි කරයි (36-43)

      • හංගපු වස්තුව සහ වටිනා මුතු ඇටය (44-46)

      • මාදැල (47-50)

      • වස්තු ගබඩාවේ තියෙන අලුත් සහ පරණ දේවල් (51, 52)

    • යේසුස්ගේ ගමේම අය ඔහුව ප්‍රතික්ෂේප කරයි (53-58)

  • 14

    • යොහන් බව්තීස්තගේ හිස ගසා දමයි (1-12)

    • යේසුස් 5,000කට කන්න දෙයි (13-21)

    • යේසුස් වතුර මත ඇවිදියි (22-33)

    • ගෙනසරෙත්වලදී අසනීප අයව සුව කරයි (34-36)

  • 15

    • මිනිස්සුන්ගේ චාරිත්‍ර උසස් කරන එකේ අනතුර (1-9)

    • කෙනෙක් අපවිත්‍ර වෙන්නේ හිතේ තියෙන දේවල්වලින් (10-20)

    • ෆිනීෂියානු කාන්තාවගේ විශ්වාසය (21-28)

    • යේසුස් හුඟක් ලෙඩ රෝග සුව කරයි (29-31)

    • යේසුස් 4,000කට කන්න දෙයි (32-39)

  • 16

    • ලකුණක් පෙන්නන්න කියයි (1-4)

    • පරිසිවරුන්ගේ සහ සද්දුසිවරුන්ගේ මුහුන් (5-12)

    • රාජ්‍යයේ යතුරු (13-20)

      • සභාව පර්වතයක් මත ගොඩනඟයි (18)

    • යේසුස්ගේ මරණය ගැන කලින්ම කියයි (21-23)

    • සැබෑ අනුගාමිකයෙක් කරන දේ (24-28)

  • 17

    • යේසුස්ගේ පෙනුම වෙනස් වෙයි (1-13)

    • අබ ඇටයක් තරම් විශ්වාසයක් (14-21)

    • යේසුස්ගේ මරණය ගැන ආයෙත් කියයි (22, 23)

    • මාලුවාගේ කටෙන් ගත්ත කාසියෙන් බදු ගෙවයි (24-27)

  • 18

    • රාජ්‍යයේ උතුම්ම කෙනා (1-6)

    • අනිත් අය වැටිලා යන්න හේතු වෙන දේවල් (7-11)

    • නැති වුණ බැටළුවා ගැන උදාහරණය (12-14)

    • සහෝදරයාට හරි දේ කරන්න උදව් කරන විදිහ (15-20)

    • සමාව දුන්නේ නැති දාසයා ගැන උදාහරණය (21-35)

  • 19

    • විවාහය සහ දික්කසාදය (1-9)

    • තනිකඩව ඉන්න එක දීමනාවක් (10-12)

    • යේසුස් දරුවන්ට ආශීර්වාද කරයි (13-15)

    • පොහොසත් තරුණයා අහපු ප්‍රශ්නය (16-24)

    • රාජ්‍යය වෙනුවෙන් කරන කැප කිරීම් (25-30)

  • 20

    • මිදිවත්තේ වැඩකරුවන් හැමෝටම එකම කුලිය ගෙවයි (1-16)

    • යේසුස්ගේ මරණය ගැන ආයෙත් කියයි (17-19)

    • රාජ්‍යයේ උසස් තනතුරු ඉල්ලයි (20-28)

      • යේසුස් හුඟදෙනෙක් වෙනුවෙන් වන්දියක් ගෙවයි (28)

    • අන්ධ මිනිස්සු දෙන්නෙක්ව සුව කරයි (29-34)

  • 21

    • යේසුස් ප්‍රීති ඝෝෂා මැද නුවරට එයි (1-11)

    • යේසුස් දේවමාලිගාව පවිත්‍ර කරයි (12-17)

    • අත්තික්කා ගහට ශාප කරයි (18-22)

    • යේසුස්ගේ අධිකාරිය ප්‍රශ්න කරයි (23-27)

    • දරුවෝ දෙන්නා ගැන උදාහරණය (28-32)

    • මිනී මරන වගාකරුවන් ගැන උදාහරණය (33-46)

      • ප්‍රධාන ගල ඉවතට දායි (42)

  • 22

    • විවාහ උත්සවය ගැන උදාහරණය (1-14)

    • දෙවියන් සහ සීසර් (15-22)

    • නැවත නැඟිටීම ගැන අහපු ප්‍රශ්නය (23-33)

    • උතුම්ම ආඥා දෙක (34-40)

    • ක්‍රිස්තුස් දාවිත්ගේ පුතාද? (41-46)

  • 23

    • නීතිය පිටපත් කරන අයවයි, පරිසිවරුන්වයි ආදර්ශයට ගන්න එපා (1-12)

    • නීතිය පිටපත් කරන අයටත් පරිසිවරුන්ටත් දරුණු විපතකට මුහුණ දෙන්න වෙයි (13-36)

    • යේසුස් යෙරුසලම ගැන දුක් වෙයි (37-39)

  • 24

    • යේසුස් ආයෙත් පැමිණෙන කාලය දැනගන්න ලකුණක් (1-51)

      • යුද්ධ, ආහාර හිඟකම්, භූමිකම්පා (7)

      • ශුභාරංචිය දේශනා කරයි (14)

      • මහත් පීඩාව (21, 22)

      • මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ (30)

      • අත්තික්කා ගහ (32-34)

      • නෝවාගේ කාලයට සමානයි (37-39)

      • සෝදිසියෙන් ඉන්න (42-44)

      • විශ්වාසවන්ත දාසයා සහ දුෂ්ට දාසයා (45-51)

  • 25

    • යේසුස් ආයෙත් පැමිණෙන කාලය දැනගන්න ලකුණක් (1-46)

      • අවිවාහක තරුණියන් දහදෙනා ගැන උදාහරණය (1-13)

      • තලෙන්ත ගැන උදාහරණය (14-30)

      • බැටළුවන් සහ එළුවන් (31-46)

  • 26

    • පූජකයන් යේසුස්ව මරන්න කුමන්ත්‍රණය කරයි (1-5)

    • සුවඳ තෙල් යේසුස්ගේ ඇඟට වක් කරයි (6-13)

    • අන්තිම පාස්කුව සහ පාවා දීම (14-25)

    • ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය හඳුන්වලා දෙයි (26-30)

    • පේතෘස් තමන්ව අඳුරන්නේ නැහැ කියලා කියනවා කියලා යේසුස් කලින්ම කියයි (31-35)

    • යේසුස් ගෙත්සෙමනයට ගිහින් යාච්ඤා කරයි (36-46)

    • යේසුස්ව අත්අඩංගුවට ගනියි (47-56)

    • යේසුස්ව මන්ත්‍රණ සභාව ඉස්සරහට අරන් යයි (57-68)

    • පේතෘස් යේසුස්ව අඳුරන්නේ නැහැ කියලා කියයි (69-75)

  • 27

    • යේසුස්ව පිලාත්ට භාර දෙයි (1, 2)

    • යූදස් එල්ලිලා මැරෙයි (3-10)

    • යේසුස්ව පිලාත් ඉස්සරහට අරන් යයි (11-26)

    • ප්‍රසිද්ධියේ ලැජ්ජා කරයි (27-31)

    • ගොල්ගොතාවලදී කණුවක ඇණ ගහයි (32-44)

    • යේසුස්ගේ මරණය (45-56)

    • යේසුස්ව තැන්පත් කරයි (57-61)

    • සොහොන ආරක්ෂා කරයි (62-66)

  • 28

    • යේසුස්ව නැවත නැඟිට්ටවයි (1-10)

    • බොරු කියන්න කියලා මුරකරුවන්ට සල්ලි දෙයි (11-15)

    • මිනිස්සුන්ට ගෝලයන් වෙන්න උදව් කරන්න කියයි (16-20)