මතෙව් 1:1-25

  • යේසුස් ක්‍රිස්තුස්ගේ පෙළපත් වාර්තාව (1-17)

  • යේසුස්ගේ උපත (18-25)

1  මේ, ආබ්‍රහම්ගෙන්+ සහ දාවිත්ගෙන් පැවතෙන+ යේසුස් ක්‍රිස්තුස්ගේ* ජීවිත කතාව* ඇතුළත් පොතයි.   ආබ්‍රහම්ගේ පුතා ඊසාක්.+ඊසාක්ගේ පුතා යාකොබ්.+යාකොබ්ගේ පුතා යූදා.+ යාකොබ්ට තවත් පුතාලා හිටියා.   යූදාගේ පුතාලා වුණේ පේරෙස් සහ සේරා.+ එයාලාගේ අම්මා තාමර්.පේරෙස්ගේ පුතා හෙස්‍රොන්.+හෙස්‍රොන්ගේ පුතා රාම්.+   රාම්ගේ පුතා අමිනදාබ්.අමිනදාබ්ගේ පුතා නාෂොන්.+නාෂොන්ගේ පුතා සල්මොන්.   සල්මොන්ගේ පුතා බෝවස්. බෝවස්ගේ අම්මා රාහබ්.+බෝවස්ගේ පුතා ඕබෙද්. ඕබෙද්ගේ අම්මා රූත්.+ඕබෙද්ගේ පුතා යෙස්සේ.+   යෙස්සේගේ පුතා දාවිත්+ රජ.දාවිත්ගේ පුතා සලමොන්.+ සලමොන්ගේ අම්මා වුණේ උරියාගේ බිරිඳ වෙලා හිටපු කාන්තාවයි.   සලමොන්ගේ පුතා රෙහබෝවම්.+රෙහබෝවම්ගේ පුතා අබියා.අබියාගේ පුතා ආසා.+   ආසාගේ පුතා යෙහෝෂපාට්.+යෙහෝෂපාට්ගේ පුතා යෙහෝරම්.+යෙහෝරම්ගේ පුතා උසියා.   උසියාගේ පුතා යෝතම්.+යෝතම්ගේ පුතා ආහස්.+ආහස්ගේ පුතා හෙසකියා.+ 10  හෙසකියාගේ පුතා මනස්සේ.+මනස්සේගේ පුතා ආමොන්.+ආමොන්ගේ පුතා යොෂියා.+ 11  යොෂියාගේ+ පුතා යෙකොනියා.+ යොෂියාට තවත් පුතාලා හිටියා. යොෂියාගේ පුතාලා ඉපදුණේ ඊශ්‍රායෙල්වරුන්ව බැබිලෝනියේ වහල්කමට අරන් ගිය කාලයෙදියි.+ 12  ඊශ්‍රායෙල්වරුන්ව බැබිලෝනියට අරන් ගියාට පස්සේ යෙකොනියාගේ පුතා වන ෂෙයල්ටියල් ඉපදුණා.ෂෙයල්ටියල්ගේ පුතා සෙරුබාබෙල්.+ 13  සෙරුබාබෙල්ගේ පුතා අබියූද්.අබියූද්ගේ පුතා එලියාකීම්.එලියාකීම්ගේ පුතා ආෂොර්. 14  ආෂොර්ගේ පුතා සාදොක්.සාදොක්ගේ පුතා ආකීම්.ආකීම්ගේ පුතා එලියූද්. 15  එලියූද්ගේ පුතා එලියාසර්.එලියාසර්ගේ පුතා මතන්.මතන්ගේ පුතා යාකොබ්. 16  යාකොබ්ගේ පුතා යෝසෙප්. එයා තමයි මරියාගේ සැමියා වුණේ. ක්‍රිස්තුස් විදිහට හඳුන්වන+ යේසුස්ගේ අම්මා වුණේ මරියායි.+ 17  ආබ්‍රහම් ඉඳන් දාවිත් වෙන කල් පරම්පරා 14යි. දාවිත් ඉඳන් ඊශ්‍රායෙල්වරුන්ව බැබිලෝනියේ වහල්කමට අරන් ගිය කාලය වෙන කල් පරම්පරා 14යි. බැබිලෝනියේ වහල්කමට අරන් ගිය කාලේ ඉඳන් ක්‍රිස්තුස් වෙන කල් පරම්පරා 14යි. 18  යේසුස් ක්‍රිස්තුස්ගේ උපත සිද්ධ වුණේ මෙහෙමයි. ඔහුගේ අම්මා වුණ මරියා යෝසෙප් එක්ක විවාහ ගිවිසගෙන හිටියා. ඒත් ඒ දෙන්නා විවාහ වෙලා යුවළක් විදිහට එකට ජීවත් වෙන්න කලින් තමන්ට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා මරියා දැනගත්තා. මරියා ගැබ්ගත්තේ දෙවියන්ගේ බලය එයා තුළ ක්‍රියාත්මක වුණ නිසයි.+ 19  යෝසෙප් ධර්මිෂ්ඨ කෙනෙක්. ඒ නිසා මරියාව ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත් කරන්න එයා කැමති වුණේ නැහැ. ඉතින් මරියාව රහසින් දික්කසාද කරන්න එයා තීරණය කළා.+ 20  එයා ඒ හැම දෙයක් ගැනම හිතුවාට පස්සේ යෙහෝවාගේ* දූතයා සිහිනයකින් පෙනිලා එයාට මෙහෙම කිව්වා. “දාවිත්ගේ පුත් යෝසෙප්, ඔයාගේ බිරිඳ මරියාව ඔයාගේ ගෙදරට එක්කගෙන යන්න බය වෙන්න එපා. මොකද එයාට දරුවෙක් ලැබෙන්න ඉන්නේ* දෙවියන්ගේ බලය එයා තුළ ක්‍රියාත්මක වුණ නිසයි.+ 21  එයාට පුතෙක් ලැබෙයි. ඒ දරුවාට යේසුස්* කියන නම දෙන්න.+ මොකද ඔහු තමන්ගේ සෙනඟව පාපයෙන් ගලවගන්නවා.”+ 22  මේ හැම දෙයක්ම වුණේ යෙහෝවා* දෙවියන් තමන්ගේ අනාගතවක්තෘ මාර්ගයෙන් කියපු මේ දේ ඉටු වෙන්නයි. 23  “කන්‍යාව ගැබ්ගෙන පුතෙක් බිහි කරනවා. ඔවුන් ඒ පුතාට එම්මානුවෙල් කියන නම තියනවා.”+ ඒ නමේ තේරුම “දෙවියන් අපිත් එක්කයි.”+ 24  නින්දෙන් අවදි වුණාට පස්සේ යෝසෙප් යෙහෝවාගේ* දූතයා කියපු විදිහටම එයාගේ බිරිඳව ගෙදරට එක්කගෙන ආවා. 25  ඒත් දරුවා ඉපදෙන කල් යෝසෙප් මරියාත් එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවේ නැහැ.+ දරුවා ඉපදුණාම යෝසෙප් දරුවාට යේසුස් කියන නම දුන්නා.+

පාදසටහන්

හෝ, “පෙළපත් වාර්තාව.”
හෝ, “මෙසියස්ගේ; අභිෂේක ලබපු කෙනාගේ.”
මේ පරිවර්තනයේ, ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලේ පරිච්ඡේදවල යෙහෝවා කියන දෙවියන්ගේ නම 237 වතාවක් සඳහන් වෙනවා. මේ, ඒක සඳහන් වෙන මුල්ම වතාවයි. උප. A5 බලන්න.
හෝ, “එයා දරුවෙක් පිළිසිඳගත්තේ.”
යෙෂුවා හෝ යොෂුවා කියන හෙබ්‍රෙව් නම්වලට සමාන අර්ථයක් තියෙන නමක්. ඒකේ තේරුම, “යෙහෝවා දෙන ගැලවීම.”
උප. A5 බලන්න.
උප. A5 බලන්න.