මතෙව් 2:1-23

  • ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයන් යේසුස්ව බලන්න එයි (1-12)

  • ඊජිප්තුවට පලා යයි (13-15)

  • හෙරොද් පුංචි පිරිමි දරුවන්ව මරයි (16-18)

  • ආයෙත් නාසරෙත්වලට එයි (19-23)

2  යේසුස් ඉපදුණේ හෙරොද්* රජ වෙලා හිටපු කාලේ+ යුදයට අයිති වෙලා තිබුණ බෙත්ලෙහෙම් කියන නගරයේ.+ දවසක් නැඟෙනහිර පැත්තේ ඉඳන් ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයන් පිරිසක් යෙරුසලමට ඇවිත්  මෙහෙම ඇහුවා. “යුදෙව්වරුන්ව පාලනය කරන්න ඉන්න රජ+ ළඟදී ඉපදුණා නේද? ඔහු ඉන්නේ කොහෙද? අපි නැඟෙනහිර පැත්තේ ඉද්දී ඔහු වෙනුවෙන් පායලා තිබුණ තරුව දැක්කා. අපි ආවේ ඔහුට ගරුබුහුමන් දක්වන්න.”  ඒ ගැන දැනගත්තාම හෙරොද් රජයි, යෙරුසලමේ හිටපු හැමෝමයි හොඳටම කලබල වුණා.  හෙරොද් නායක පූජකයන් සහ නීතිය පිටපත් කරන* හැමෝටම එන්න කියලා එයාලාගෙන් ඇහුවා ක්‍රිස්තුස්* ඉපදෙන්නේ කොහෙද කියලා.  එයාලා රජට මෙහෙම කිව්වා. “එයා ඉපදෙන්නේ යුදයට අයිති බෙත්ලෙහෙමේ.+ මොකද අනාගතවක්තෘවරයා ඒ ගැන මෙහෙම ලියලා තියෙනවා.  ‘යූදා දේශයට අයිති බෙත්ලෙහෙම, ඔබ යූදාවල ආණ්ඩුකාරයන්ගේ නගර අතරින් වැදගත්කමින් අඩුම නගරය නම් නෙමෙයි. මොකද මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව එඬේරෙක් වගේ බලාගන්න පාලකයෙක් ඔබෙන් බිහි වෙනවා.’”+  හෙරොද් ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයන්ව රහසින් එයා ළඟට ගෙන්නගෙන, තරුව පේන්න පටන්ගත්ත කාලය ගැන හරියටම එයාලාගෙන් අහලා දැනගත්තා.  ඊටපස්සේ හෙරොද් එයාලව බෙත්ලෙහෙමට යවද්දී මෙහෙම කිව්වා. “ඔයාලා ගිහින් ඒ දරුවා ඉන්නේ කොහෙද කියලා හොඳට හොයලා බලන්න. එයා ඉන්න තැන හොයාගත්තාම මටත් ඇවිල්ලා ඒක කියන්න. එතකොට මටත් පුළුවන් එතනට ගිහිල්ලා දරුවාට ගෞරවය පෙන්නන්න.”  රජ කියපු දේ ඇහුවාට පස්සේ එයාලා එතනින් පිටත් වෙලා ගියා. ඔය අතරේ එයාලා නැඟෙනහිර පැත්තේ+ ඉද්දී දැක්ක තරුව එයාලට ඉස්සරහින් ගිහින් පොඩි දරුවා හිටපු තැනට ඉහළින් නැවතුණා. 10  තරුව නතර වෙලා තියෙනවා දැක්කාම එයාලට දැනුණේ ලොකු සතුටක්. 11  ගෙදරට ඇතුල් වුණාම එයාලා දැක්කා පොඩි දරුවා එයාගේ අම්මා වුණ මරියා එක්ක ඉන්නවා. එයාලා දරුවා ඉස්සරහා දණින් වැටිලා එයාට ගරුබුහුමන් කළා. ඊටපස්සේ එයාලා ළඟ තිබුණ වටිනා දේවල් එළියට අරන් රත්තරන්, කට්ටකුමංජල් සහ සුවඳ ලාටු දරුවාට තෑගි කළා. 12  ඒත් හෙරොද් ළඟට ආයෙත් යන්න එපා කියලා දෙවියන් සිහිනයකින්+ එයාලට අනතුරු අඟවපු නිසා එයාලා වෙන පාරකින් ආයෙත් එයාලාගේ රටට ගියා. 13  එයාලා එතනින් පිට වෙලා ගිය ගමන්ම වගේ යෙහෝවාගේ* දූතයා සිහිනයකින්+ යෝසෙප්ට පෙනිලා මෙහෙම කිව්වා. “නැඟිටින්න. ඉක්මනටම මෙහෙන් යන්න! පොඩි දරුවාවයි, එයාගේ අම්මාවයි අරගෙන ඊජිප්තුවට යන්න. මං කියන කල් එහේ නැවතිලා ඉන්න. මොකද තව ටික වෙලාවකින් හෙරොද් දරුවාව මරන්න හිතාගෙන එයාව හොයන්න පටන්ගනියි.” 14  ඉතින් යෝසෙප් නැඟිටලා දරුවාවයි, දරුවාගේ අම්මාවයි අරගෙන එදා රෑම ඊජිප්තුවට ගියා. 15  හෙරොද් මැරෙන කල්ම එයා එහේ නැවතිලා හිටියා. “මම ඊජිප්තුවෙන් මගේ පුතාව ගෙන්වගත්තා”+ කියලා යෙහෝවා* දෙවියන් ඔහුගේ අනාගතවක්තෘ මාර්ගයෙන් කියපු දේ ඒකෙන් ඉටු වුණා. 16  ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයන් එයාව රැවැට්ටුවා කියලා දැනගත්තාම හෙරොද්ට හොඳටම කේන්ති ගියා. ඉතින් එයා බෙත්ලෙහෙමටයි, ඒ අවට තිබුණ හැම ප්‍රදේශයකටමයි මිනිස්සුන්ව යවලා, වයස අවුරුදු දෙකක් සහ ඊට වඩා බාල පිරිමි දරුවන් හැමෝවම මරලා දැම්මා. එයා ඒ වයස තීරණය කළේ ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයන්ගෙන් දැනගත්ත තොරතුරු ගැන හොඳට හොයලා බලලයි.+ 17  ඒ එක්කම අනාගතවක්තෘ යෙරෙමියා මාර්ගයෙන් කියපු මේ දේ ඉටු වුණා. 18  “අඬා වැලපෙන හඬක් රාමාවලින් ඇහුණා. ඒ, තමන්ගේ දරුවන් වෙනුවෙන් අඬා වැලපෙන රාකෙල්ගේ හඬයි.+ ඇයව සනසන්න උත්සාහ කළත් ඇගේ දරුවන් අහිමි වුණ නිසා ඇය සැනසෙන්න කැමති වුණේ නැහැ.”+ 19  හෙරොද් මිය ගියාට පස්සේ ඊජිප්තුවේ හිටිය යෝසෙප්ට යෙහෝවාගේ* දූතයා සිහිනයකින් පෙනිලා+ මෙහෙම කිව්වා. 20  “නැඟිටින්න. පොඩි දරුවාවයි, එයාගේ අම්මාවයි එක්කගෙන ඊශ්‍රායෙල්වලට යන්න. මොකද දරුවාව මරන්න හදපු අය දැන් මැරිලා.” 21  ඉතින් යෝසෙප් නැඟිටලා දරුවාවයි, දරුවාගේ අම්මාවයි අරගෙන ඊශ්‍රායෙල් දේශයට ආවා. 22  ඒත් හෙරොද් වෙනුවට එයාගේ පුතා වුණ ආකෙලාවුස් යුදයේ රජකම් කරනවා කියලා දැනගත්තාම යෝසෙප් යුදයට යන්න බය වුණා. ඒ වගේම සිහිනයකින් එයාට දෙවියන්ගෙන් ලැබුණ අනතුරු ඇඟවීමක් නිසාත්+ එයා ගලීලයට ගිහින්,+ 23  නාසරෙත් කියන නගරයේ පදිංචි වුණා.+ ‘ඔහුව නාසරෙත්වලින් ආපු කෙනෙක්* හැටියට හඳුන්වනවා’+ කියලා අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් කියපු දේ ඉටු වුණේ ඒ විදිහටයි.

පාදසටහන්

හෝ, “මෙසියස්; අභිෂේක ලබපු කෙනා.”
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
සමහරවිට මේ යෙදුම හැදිලා තියෙන්නේ “අංකුරය” කියන තේරුම තියෙන හෙබ්‍රෙව් වචනයෙන් වෙන්න පුළුවන්.