මතෙව් 28:1-20

  • යේසුස්ව නැවත නැඟිට්ටවයි (1-10)

  • බොරු කියන්න කියලා මුරකරුවන්ට සල්ලි දෙයි (11-15)

  • මිනිස්සුන්ට ගෝලයන් වෙන්න උදව් කරන්න කියයි (16-20)

28  සබත් දවසට පස්සේ, සතියේ පළවෙනි දවසේ එළිය වැටීගෙන එද්දී මරියා මග්දලේනායි, මරියා කියලා හඳුන්වපු අනිත් කාන්තාවයි සොහොන් ගේ බලන්න ගියා.+  එයාලා එහෙට ගියාම ලොකු භූමිකම්පාවක් ඇති වෙලා කියලා එයාලා දැක්කා. මොකද යෙහෝවා* දෙවියන්ගේ දූතයා ස්වර්ගයෙන් ඇවිත් ගල අහකට පෙරළලයි තිබුණේ. එයා ඒ ගල උඩ ඉඳගෙන හිටියා.+  අකුණු සැරයකින් විහිදෙනවා වගේ ආලෝකයක් එයාගෙන් විහිදුණා. එයාගේ ඇඳුම් හිම වගේ සුදුවට තිබුණා.+  එතන හිටපු මුරකරුවෝ දේවදූතයාව දැකලා බයෙන් වෙවුලුවා. එයාලා හිටියේ හරියට මැරුණ අය වගේ.  එතකොට දේවදූතයා ඒ කාන්තාවන්ට මෙහෙම කිව්වා. “බය වෙන්න එපා. ඔයාලා හොයන්නේ කණුවක ඇණ ගහලා මරලා දාපු යේසුස්ව කියලා මං දන්නවා.+  ඔහු දැන් මෙතන නැහැ. ඔහු කියපු විදිහටම ඔහුව මරණයෙන් නැඟිට්ටවලා.+ ඔහුව තැන්පත් කරලා තිබුණ තැනට ඇවිත් බලන්න.  දැන් ඉක්මනට ගිහින් ඔහුගේ ගෝලයන්ට කියන්න ඔහුව මරණයෙන් නැඟිට්ටවලා කියලා. ඔහු ඔයාලට කලින් ගලීලයට යනවා.+ එහෙදී ඔයාලට ඔහුව හම්බ වෙයි. මං ආවේ ඔයාලට ඒ ගැන කියන්නයි.”+  ඉතින් එයාලා ඉක්මනටම සොහොන් ගේ* ළඟින් පිට වෙලා ගියා. එයාලාගේ හිත්වල බයක් තිබුණත් එයාලට දැනුණේ පුදුම සතුටක්. වෙච්ච දේ ගැන ගෝලයන්ට කියන්න එයාලා දුවගෙන ගියා.+  එහෙම යද්දී එයාලට යේසුස්ව හම්බ වුණා. යේසුස් “ඔයාලට සුබ දවසක්” කියලා කිව්වා. එයාලා යේසුස් ළඟට ඇවිත් දණින් වැටිලා ඔහුගේ කකුල් ඇල්ලුවා. 10  ඊටපස්සේ යේසුස් එයාලට මෙහෙම කිව්වා. “බය වෙන්න එපා! ගිහින් මගේ සහෝදරයන්ට මේ ගැන කියන්න. එතකොට එයාලා ගලීලයට යයි. එහෙදී මාව දකින්න එයාලට පුළුවන් වෙයි.” 11  එයාලා මඟ යන අතරේ මුරකරුවන්ගෙන් කීපදෙනෙක්+ නගරයට ගිහින් වෙච්ච හැම දෙයක් ගැනම නායක පූජකයන්ට කිව්වා. 12  එතකොට නායක පූජකයන් වැඩිමහල්ලන් එක්ක එකතු වෙලා ඒ ගැන කතා කළාට පස්සේ සෙබළුන්ට රිදී කාසි ගොඩක් දීලා 13  මෙහෙම කිව්වා. “‘එයාගේ ගෝලයෝ රෑ ඇවිල්ලා අපි නිදාගෙන ඉද්දී එයාගේ සිරුර හොරකම් කරගෙන ගියා’ කියලා සෙනඟට කියන්න.+ 14  මේ ගැන ආණ්ඩුකාරයාට ආරංචි වුණොත් අපි එයා එක්ක ඒක බේරගන්නම්. ඔයාලා ඒ ගැන වධ වෙන්න එපා.” 15  ඉතින් ඒ සෙබළු රිදී කාසි අරගෙන එයාලා කියපු විදිහටම කළා. අද වෙන කල්ම යුදෙව්වරුන් අතරේ ඒ කතාව පැතිරිලා යනවා. 16  ගෝලයෝ 11දෙනා ගලීලයේ+ තිබුණ කන්දේ යේසුස් එයාලට එන්න කියපු තැනට ගියා.+ 17  එයාලා යේසුස්ව දැක්කාම ඔහු ඉස්සරහා දණින් වැටුණා. ඒත් සමහරුන්ගේ හිත්වල සැකයක් තිබුණා. 18  යේසුස් එයාලා ළඟට ඇවිත් මෙහෙම කිව්වා. “ස්වර්ගයෙත් පොළොවෙත් සියලුම බලය මට දීලා තියෙනවා.+ 19  ඒ නිසා ගිහින් හැම ජාතියකටම අයිති මිනිස්සුන්ට+ මගේ ගෝලයන් වෙන්න උදව් කරන්න. පියාවත් පුතාවත් දෙවියන්ගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළිගන්න අයව බව්තීස්ම කරන්න.*+ 20  මං ඔයාලට අණ කරපු හැම දෙයක්ම පිළිපදින්න එයාලට උගන්වන්න.+ මේකත් මතක තියාගන්න. මම අද ඉඳන් පවතින සමාජයේ* අවසාන කාලය ඉවර වෙන කල්ම ඔයාලත් එක්ක හැමදාටම ඉන්නවා.”+

පාදසටහන්

උප. A5 බලන්න.
හෝ, “සිහි වෙන්න හදපු සොහොන් ගේ.”
මූ.අ., “පියාගේ, පුතාගේ සහ දෙවියන්ගේ බලයේ නමින් ඒ අයව බව්තීස්ම කරන්න.”