මතෙව් 3:1-17

  • යොහන් බව්තීස්ත දේශනා කරයි (1-12)

  • යේසුස්ගේ බව්තීස්මය (13-17)

3  ඒ කාලයේදී යොහන්+ බව්තීස්ත යූදා පාළුකරයේ දේශනා කරන්න+ පටන්ගත්තා.  “පසුතැවිලි වෙන්න. මොකද ස්වර්ග රාජ්‍යය ළඟටම ඇවිත්”+ කියලා එයා දේශනා කළා.  අනාගතවක්තෘ යෙසායා+ මේ දේ කියලා තිබුණේ යොහන් ගැනයි. “පාළුකරයෙන් මෙහෙම කියන හඬක් ඇහෙනවා. ‘යෙහෝවාගේ* මාර්ගය සූදානම් කරන්න! ඔහුගේ මාර්ග සමතලා කරන්න.’”+  යොහන් ඇඳගෙන හිටියේ ඔටු රෝමවලින් හදපු ඇඳුමක්. එයා ඉණ වටේට හම් පටියක් බැඳගෙන හිටියා.+ එයා කෑමට ගත්තේ පළඟැටියන් සහ කැලේ තියෙන මීපැණි.+  යෙරුසලමේ සහ යූදා පළාත පුරාම හිටපු හැමෝමත් යොර්දාන් ගඟ අවට හිටපු හැමෝමත් යොහන් ළඟට ගිහින්+  තමන්ගේ වැරදි ප්‍රසිද්ධියේ පිළිගත්තා. යොහන් ඒ අයව යොර්දාන් ගඟේ+ බව්තීස්ම කළා.*  බව්තීස්ම කරන තැනට පරිසිවරුන්* සහ සද්දුසිවරුන්*+ හුඟදෙනෙක් එනවා දැකලා යොහන් එයාලට මෙහෙම කිව්වා. “පොළඟුන්ගෙන් පැවතෙන්නෙනි,+ කවුද ඔයාලට කිව්වේ ළඟදීම මුහුණ දෙන්න වෙන දෙවියන්ගේ විනිශ්චයෙන් ඔයාලට බේරිලා යන්න පුළුවන් කියලා?+  ඇත්තටම පසුතැවිලි වෙනවා නම් ඒක ඔයාලා කරන දේවලින් පෙන්නන්න.  ‘අපේ තාත්තා ආබ්‍රහම්’+ කියලා හිතහිත ඔයාලවම රවට්ටගන්න එපා. දෙවියන්ට ඕනෙ නම් පුළුවන් මේ ගල්වලින් වුණත් ආබ්‍රහම්ට දරුවෝ හදලා දෙන්න. 10  ගහ මුල ළඟින්ම කපලා දාන්න පොරොව දැනටමත් ලෑස්ති කරලයි තියෙන්නේ. හොඳ පල දරන්නේ නැති හැම ගහක්ම කපලා ගින්නට වීසි කරලා දානවා.+ 11  මං ඔයාලව වතුරෙන් බව්තීස්ම කරන්නේ ඔයාලා ඔයාලාගේ වැරදි ගැන පසුතැවිලි වෙන නිසයි.+ ඒත් මගෙන් පස්සේ එන කෙනා මට වඩා බලවත් කෙනෙක්. ඔහුගේ පාවහන් ගලවන්න තරම්වත් මං වටින්නේ නැහැ.+ ඒ කෙනා දෙවියන්ගේ බලයෙන්+ සහ ගින්නෙන්+ ඔයාලව බව්තීස්ම කරයි. 12  ඔහු දැනටමත් ධාන්‍ය පොළන ආයුධය* අතට අරගෙනයි ඉන්නේ. ඔහුගේ කමත ඔහු සම්පූර්ණයෙන්ම පිරිසිදු කරලා ඔහුගේ තිරිඟු ටික ගබඩාවට රැස් කරනවා. ඒත් දහයියා ටික ඔහු කාටවත් නිවලා දාන්න බැරි ගින්නකින් පුච්චලා දානවා.”+ 13  ඔය අතරේ යේසුස් ගලීලයේ ඉඳන් යොර්දාන් ගඟ ළඟ ඉන්න යොහන් ළඟට ආවා. ඔහු යොහන්ට කිව්වා ඔහුව බව්තීස්ම කරන්න කියලා.+ 14  ඒත් යොහන් ඔහුව නවත්තලා මෙහෙම කිව්වා. “හරි නම් ඔයායි මාව බව්තීස්ම කරන්න ඕනේ. ඉතින් ඇයි ඔයා බව්තීස්ම වෙන්න මං ළඟට ආවේ?” 15  ඒත් යේසුස් එයාට මෙහෙම කිව්වා. “මාව නවත්තන්න හදන්න එපා. මොකද අපි මේ දේ කළොත් තමයි දෙවියන් කැමති හැම දෙයක්ම කරන්න අපිට පුළුවන් වෙන්නේ.” ඊටපස්සේ යොහන් ඔහුව නවත්තන්න හැදුවේ නැහැ. 16  යේසුස් බව්තීස්ම වෙලා වතුරෙන් උඩට එනවාත් එක්කම අහස විවර වුණා.+ ඒ වෙලාවේ දෙවියන්ගේ බලය පරෙවියෙක් වගේ ඔහු* පිටට එනවා ඔහු* දැක්කා.+ 17  ඒ එක්කම ස්වර්ගයෙන් මෙහෙම කියන හඬක්+ ඇහුණා. “මේ තමයි මගේ පුතා.+ මගේ ආදරණීය පුතා. මම ඔහු ගැන හුඟක් සතුටු වෙනවා.”*+

පාදසටහන්

උප. A5 බලන්න.
හෝ, “වතුරේ ගිල්ලුවා.”
මේක සවලක හැඩය තියෙන උපකරණයක් නැත්නම් දැති කීපයක් සවි කරපු පොල්ලක් වෙන්නත් පුළුවන්.
ඒ කියන්නේ යේසුස්.
මෙතන “ඔහු” කියද්දී ඒකෙන් යොහන්වත් අදහස් වෙන්න පුළුවන්.
හෝ, “මම ඔහුව පිළිගන්නවා; අනුමත කරනවා.”