මතෙව් 7:1-29

  • කන්ද උඩ දේශනාව (1-27)

    • විනිශ්චය කරන එක නවත්තන්න (1-6)

    • දිගටම ඉල්ලන්න, හොයන්න, තට්ටු කරන්න (7-11)

    • රන් අණ (12)

    • පටු දොරටුව (13, 14)

    • එයාලාගේ පලවලින් අඳුරගන්න පුළුවන් (15-23)

    • පර්වතයක් මත හදපු ගේ, වැලි මත හදපු ගේ (24-27)

  • යේසුස් උගන්වන විදිහ ගැන සෙනඟ පුදුම වෙයි (28, 29)

7  “අනිත් අයව විනිශ්චය කරන එක නවත්තන්න.+ එතකොට ඔයාවත් විනිශ්චය කරන්නේ නැහැ.  මොකද ඔයා අනිත් අයව විනිශ්චය කරන විදිහටමයි ඔයාවත් විනිශ්චය කරන්නේ.+ ඔයා අනිත් අයව මනින මිම්මෙන්මයි ඔයාවත් මනින්නේ.+  එහෙනම් ඔයාගේ ඇහේ තියෙන පරාලය දිහා බලන්නේ නැතුව ඔයාගේ සහෝදරයාගේ ඇහේ තියෙන රොඩ්ඩ දිහා බලන්නේ ඇයි?+  ඔයාගේ ඇහේ පරාලයක් තියෙද්දී ‘ඔයාගේ ඇහේ තියෙන රොඩ්ඩ අයින් කරන්න මට ඉඩ දෙන්න’ කියලා ඔයාගේ සහෝදරයාට කියන්නේ කොහොමද?  කුහකයා! ඉස්සෙල්ලාම ඔයාගේ ඇහේ තියෙන පරාලය අයින් කරගන්න. එතකොට ඔයාගේ සහෝදරයාගේ ඇහෙන් රොඩ්ඩ අයින් කරන්නේ කොහොමද කියලා ඔයාට හොඳට පෙනෙයි.  “දෙවියන්ට අයිති දේවල් බල්ලන්ට දෙන්න එපා. ඔයා ළඟ තියෙන මුතු ඌරන්ට දාන්න එපා.+ මොකද එහෙම කළොත් උන් ඒවා පාගලා දාලා ඔයාට අනතුරක් කරන්න එයි.  “දිගටම ඉල්ලන්න. එතකොට ඉල්ලන දේ ඔයාට ලැබෙයි.+ දිගටම හොයන්න. එතකොට ඔයාට හම්බ වෙයි. දිගටම තට්ටු කරන්න. එතකොට දොර ඇරෙයි.+  මොකද දිගටම ඉල්ලන අයට ලැබෙයි.+ දිගටම හොයන අයට හම්බ වෙයි. දිගටම තට්ටු කරන අයට දොර ඇරෙයි.  ඔයාලා අතරේ ඉන්න කවුරු හරි තමන්ගේ පුතා රොටියක් ඉල්ලුවොත් එයාට ගලක් දෙයිද? 10  නැත්නම් එයා මාළුවෙක් ඉල්ලුවොත් සර්පයෙක් දෙයිද? 11  ඔයාලා දුෂ්ට වුණත් ඔයාලාගේ දරුවන්ට හොඳ දේවල් දෙන්නේ කොහොමද කියලා ඔයාලා දන්නවා. එහෙනම් ස්වර්ගයේ ඉන්න ඔයාලාගේ පියාණන් ඊටත් වඩා කොච්චර වැඩියෙන් ඔහුගෙන් ඉල්ලන අයට+ හොඳ දේවල් දෙයිද?+ 12  “අනිත් අය ඔයා වෙනුවෙන් කරනවාට කැමති හැම දේම ඔයාත් ඒ අයට කරන්න.+ නීතියෙත් අනාගතවක්තෘවරු කියපු දේවල්වලත් තේරුම ඒකයි.+ 13  “පටු දොරටුවෙන් ඇතුල් වෙන්න.+ මොකද විනාශයට යන පාරේ දොරටුව පළල්. ඒ පාරේ හුඟක් ඉඩකඩත් තියෙනවා. ඒ දොරටුවෙන් ඇතුල් වෙන අයත් වැඩියි. 14  ඒත් ජීවනයට යන පාරේ දොරටුව පටුයි. ඒ පාරේ හුඟක් අවහිරකම් තියෙනවා. ඒක හොයාගන්නෙත් ටිකදෙනායි.+ 15  “බොරු අනාගතවක්තෘවරුන්ගෙන් පරෙස්සම් වෙන්න.+ එයාලා බැටළු වෙස් අරගෙන ඔයාලා ගාවට ආවත්+ එයාලා ඇතුළෙන් දරුණු වෘකයෝ.+ 16  ඒත් එයාලාගේ පලවලින්* එයාලා කවුද කියලා අඳුරගන්න පුළුවන්. මිනිස්සු කවදාවත් කටු ගස්වලින් මිදිවත් වල් පැළෑටිවලින් අත්තික්කාවත් නෙළාගන්නවාද?+ 17  හැම හොඳ ගහකින්ම ලැබෙන්නේ හොඳ පල. ඒත් හැම නරක ගහකින්ම නෙළාගන්න වෙන්නේ කිසි වැඩකට නැති පල.+ 18  හොඳ ගහක වැඩකට නැති පල හටගන්නෙවත් නරක ගහක හොඳ පල හටගන්නෙවත් නැහැ.+ 19  හොඳ පල දරන්නේ නැති හැම ගහක්ම කපලා ගින්නට වීසි කරලා දානවා.+ 20  එහෙනම් ඒ බොරු අනාගතවක්තෘවරුන්ගේ පලවලින් එයාලව අඳුරගන්න ඔයාලට පුළුවන්.+ 21  “මට ‘ස්වාමීනි, ස්වාමීනි’ කියන හැමෝටම ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ අවස්ථාව ලැබෙන්නේ ස්වර්ගයේ ඉන්න මගේ පියාණන් කැමති දේ කරන අයට විතරයි.+ 22  ඒ දවසේදී හුඟදෙනෙක් මගෙන් මෙහෙම අහයි. ‘ස්වාමීනි, ස්වාමීනි,+ අපි ඔබේ නමින් අනාවැකි කිව්වේ නැද්ද? ඔබේ නමින් භූතයන්ව එළෙව්වේ නැද්ද? ඔබේ නමින් හුඟක් බලවත් දේවල් කළේ නැද්ද?’+ 23  එතකොට මං එයාලට මෙහෙම කියනවා. ‘දුෂ්ටයෙනි,* මගෙන් අහකට යන්න! මං කවදාවත් ඔයාලව අඳුරගෙන හිටියේ නැහැ!’+ 24  “මං මේ කියන දේවල් අහලා ඒවා පිළිපදින හැම කෙනෙක්ම හරියට පර්වතයක් මත ගෙයක් හදපු ඥානවන්ත කෙනෙක් වගේ.+ 25  හොඳටම වැහැලා ගංවතුර ගැලුවත් තද හුළං හැමුවත් ඒ ගේ පර්වතයක් උඩ හදලා තිබුණ නිසා ඒක කඩන් වැටුණේ නැහැ. 26  මං කියන දේවල් අහලා ඒවා පිළිපදින්නේ නැති හැම කෙනෙක්ම හරියට වැලි මත ගෙයක් හදපු අඥාන කෙනෙක් වගේ.+ 27  හොඳටම වැහැලා ගංවතුර ගලද්දී තද හුළං හමද්දී+ ඒ ගේ කඩන් වැටිලා සම්පූර්ණයෙන්ම විනාශ වුණා.” 28  යේසුස් ඒ දේවල් උගන්වලා ඉවර වුණාම එතන හිටපු සෙනඟ ඔහු උගන්වන විදිහ ගැන පුදුම වුණා.+ 29  මොකද ඔහු උගන්වපු විදිහ නීතිය පිටපත් කරන අයට වඩා වෙනස්. ඔහු ඉගැන්නුවේ දෙවියන්ගෙන් ඉගෙනගත්ත දේවල්.+

පාදසටහන්

ඒ කියන්නේ එයාලා කරන දේවලින්.
මූ.අ., “අධර්මිෂ්ඨ ක්‍රියා කරන්නෙනි.”