මලාකි 1:1-14

  • යෙහෝවා ඔහුගේ සෙනඟට හුඟක් ආදරෙයි (1-5)

  • පූජකයන් කිසි වටිනාකමක් නැති පූජා ඔප්පු කරයි (6-14)

    • දෙවියන්ගේ නම සියලු ජාතීන් අතරේ උසස් වෙයි (11)

1  මේ, දෙවියන්ගෙන් ලැබුණ පණිවිඩයක්. යෙහෝවා දෙවියන් මලාකි* මාර්ගයෙන් ඊශ්‍රායෙල්වරුන්ට කියන මේ දේට සවන් දෙන්න.  යෙහෝවා මෙහෙම කියනවා. “මං ඔයාලට කොච්චර ආදරේ කළාද!”+ ඒත් ඔයාලා මගෙන් ඇහුවා “ඔබ අපිට ආදරේ පෙන්නුවේ කොහොමද” කියලා. එතකොට යෙහෝවා මෙහෙම කියනවා. “ඒසව් සහ යාකොබ් එක කුසේ උපන් දරුවන් නේද?+ ඒත් මං ආදරේ කළේ යාකොබ්ට.  හැබැයි ඒසව්ව මං ප්‍රතික්ෂේප කළා.*+ එයාට අයිති කඳුකර පළාත මම පාළු තැනක් කළා.+ එයාට උරුම වුණ දේශය හිවලුන්ට දුන්නා.”+  “‘අපිව විනාශ කරලා සීසීකඩ යැව්වත් අපි ආයෙත් ඇවිත් පාළුවට ගිය නටබුන් ගොඩනඟනවා’ කියලා ඒදොම්වරු කියනවා. ඒත් ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘එයාලා ඒවා ගොඩනැඟුවත් මම ඒවා කඩලා දානවා. මිනිස්සු එයාලාගේ දේශයට “දුෂ්ටකම රජයන දේශය” කියලත් එයාලට “යෙහෝවා දෙවියන් හැමදාටම හෙළා දකින සෙනඟක්”+ කියලත් කියයි.  එයාලට සිද්ධ වෙන දේවල් දැකලා ඔයාලා මෙහෙම කියයි. “මුළු ඊශ්‍රායෙල් දේශය පුරාම යෙහෝවාව ගෞරවයට පත් වේවා!”’”  “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. ‘මගේ නමට අගෞරව කරන පූජකයෙනි,+ මේ ගැන හිතන්න. සාමාන්‍යයෙන් පුතෙක් එයාගේ තාත්තාට ගෞරව කරන්නේ නැද්ද?+ සේවකයෙක් එයාගේ ස්වාමියාට ලැබෙන්න ඕනෙ ගෞරවය දෙන්නේ නැද්ද? ඔයාලාගේ තාත්තා මමයි.+ එහෙනම් ඔයාලා මට ගෞරව කරන්නේ නැත්තේ ඇයි?+ ඔයාලාගේ ස්වාමියා මමයි. එහෙනම් ඇයි ඔයාලා මට ලැබෙන්න ඕනෙ ගෞරවය* දෙන්නේ නැත්තේ? “‘ඒත් ඔයාලා අහනවා “අපි කොහොමද ඔබේ නමට අගෞරව කළේ” කියලා.’  “‘ඔයාලා එහෙම කළේ මගේ පූජාසනයේ අපවිත්‍ර කෑම* ඔප්පු කරලයි.’ “‘ඒත් ඔයාලා මගෙන් අහනවා “අපි ඔබේ නමට අගෞරවයක් වෙන විදිහට පූජා ඔප්පු කළේ කොහොමද” කියලා.’ “‘“යෙහෝවාගේ පූජාසනයට*+ මොකටද අපි ගෞරව කරන්නේ” කියලා කියන එකෙන් තමයි ඔයාලා එහෙම කළේ.  ඒ විතරක් නෙමෙයි, ඔයාලා පූජාවක් විදිහට අන්ධ සතෙක්ව අරන් ආවාම කියනවා “මේ සතාව පූජා කළාට කමක් නැහැ” කියලා. කොර සතෙක්ව හරි ලෙඩ සතෙක්ව හරි ඔප්පු කළාමත් ඔයාලා කියන්නේ “ඒකේ කිසිම වරදක් නැහැ” කියලයි.’”+ ඒත් ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම අහනවා. “ඒ වගේ සතෙක්ව ඔයාලාගේ ආණ්ඩුකාරයාට දීලා බලන්න. එයා ඒ ගැන සතුටු වෙයි කියලා හිතනවාද?”  “ඔයාලා ඒ වගේ පූජා දෙවියන්ට ඔප්පු කරද්දී ඔහු ඔයාලා ගැන සතුටු වෙයි කියලා හිතනවාද? ඉතින් දැන් දෙවියන්ගෙන් සමාව ඉල්ලන්න. එතකොට ඔහු අපිට ඔහුගේ අනුමැතිය දීලා ආශීර්වාද කරයි.” එහෙම කියන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා. 10  ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙමත් කියනවා. “ඔයාලා මගේ ගෘහයේ දොරටු වහන්නත් මුදලක් අය කරනවා.+ මගේ පූජාසනයේ ගිනි දල්වන්නෙත් මුදලක් බලාපොරොත්තුවෙන්.+ වාසියක් නොබලා ඒ දේවල් කරන එක් කෙනෙක්වත් ඔයාලා අතරේ ඉන්නවාද? මම ඔයාලා ගැන පොඩ්ඩක්වත් සතුටු වෙන්නේ නැහැ. ඔයාලා මට ඔප්පු කරන එක තෑග්ගකින්වත් මං සතුටු වෙන්නේ නැහැ.”+ 11  “නැඟෙනහිර ඉඳන් බස්නාහිර වෙන කල් ඉන්න සියලු ජාතීන් අතරේ මගේ නම ගෞරවයට පත් වෙනවා.+ පොළොවේ හැම තැනකම එයාලා මට පූජා ඔප්පු කරයි. ඒවාවලින් නැඟෙන දුම ඉහළටම නඟියි. මගේ නමට ප්‍රශංසා කරන්න එයාලා මට පිළිගන්න පුළුවන් විදිහේ තෑගි පූජාත් අරන් එයි. මොකද සියලු ජාතීන් අතරේ මගේ නම උසස් වෙනවා.”+ එහෙම කියන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා. 12  “ඒත් ඔයාලා ‘යෙහෝවාගේ පූජාසනය අපවිත්‍රයි. ඒකේ මොන විදිහේ පූජා* ඔප්පු කළත් කිසිම ප්‍රශ්නයක් නැහැ’+ කියලා මගේ නමට අගෞරව කරනවා.*+ 13  ඒ වගේම ඔයාලා ‘මේ මොන කරදරයක්ද’ කියකිය මගේ ශුද්ධ දේවල් දිහා අප්පිරියාවෙන් බලනවා” කියලත් ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියනවා. “ඔයාලා මට තෑගි විදිහට ගේන්නේ හොරකම් කරපු, ලෙඩින් ඉන්න, කොර සත්තු! ඔයාලා හිතනවාද මං ඒ වගේ තෑගි පිළිගන්න ඕනෙ කියලා?”+ එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්. 14  “ඔයාලාගෙන් සමහරු රැළේ හොඳ බැටළුවෙක් ඉද්දී යෙහෝවා වන මට කිසි වටිනාකමක් නැති සතුන්ව භාරයක් විදිහට ඔප්පු කරනවා. ඒ වගේ කපටි අයට ශාප වෙන්න ඕනේ! මොකද මම ශ්‍රේෂ්ඨ රජෙක්.+ මගේ නම නිසා සියලු ජාතීන්ට මං ගැන ගරුබියක් ඇති වෙයි.”+ එහෙම කියන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.

පාදසටහන්

තේරුම, “මගේ පණිවිඩකරු.”
හෙබ්‍රෙව් භාෂාවෙන් “ඒසව්ට වෛර කළා.”
හෝ, “ගරුබිය.”
මූ.අ., “රොටි.”
මූ.අ., “මේසයට.”
මූ.අ., “පලතුරු සහ කෑම.”
හෝ සමහරවිට, “මට අගෞරව කරනවා.”