මලාකි 3:1-18

  • සැබෑ ස්වාමීන් ඔහුගේ ගෘහය පවිත්‍ර කරන්න එයි (1-5)

    • ගිවිසුමට සම්බන්ධ දූතයා (1)

  • යෙහෝවා ළඟට ආයෙත් හැරිලා එන්න කියලා කියයි (6-12)

    • යෙහෝවා වෙනස් වෙන්නේ නැහැ (6)

    • “මං ළඟට ආයෙත් හැරිලා එන්න. එතකොට මාත් ඔයාලට ළං වෙන්නම්” (7)

    • ‘මුළු ආදායමෙන් දහයෙන් කොටසක් ගේන්න. එතකොට පිරිලා ඉතිරිලා යන්නම යෙහෝවා ආශීර්වාද කරයි’ (10)

  • ධර්මිෂ්ඨ අය සහ දුෂ්ට අය (13-18)

    • දෙවියන්ගේ මතකයේ ඉන්න අයගේ නම් සටහන් කරන ලියවිල්ල (16)

    • ධර්මිෂ්ඨ කෙනෙක් සහ දුෂ්ට කෙනෙක් අතරේ තියෙන වෙනස (18)

3  “බලන්න! මම මගේ පණිවිඩකරුව යවනවා. ඔහු මට කලින් ගිහින් මාර්ගය එළිපෙහෙළි* කරනවා.+ ඔයාලා හොයාගෙන යන සැබෑ ස්වාමීන් ඔයාලා හිතන්නේ නැති වෙලාවක ඔහුගේ ගෘහයට එනවා.+ ගිවිසුමට සම්බන්ධ දූතයාත් එනවා. ඔහු එන කල් ඔයාලා ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඔහු අනිවාර්යයෙන්ම එනවා.” එහෙම කියන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා.  “ඒත් ඔහු එන දවසේදී විඳදරාගෙන ඉන්න පුළුවන් කාටද? ඒ දවසේදී ස්ථිරව ඉන්න පුළුවන් කාටද? මොකද ඔහු ලෝහ පිරිසිදු කරන ගින්නක් වගෙත් රෙදි හෝදන්න පාවිච්චි කරන සබන් වගෙත්+ වැඩ කරනවා.  රිදී උණු කරලා ඒක පවිත්‍ර තත්වයකට එන කල් බලාගෙන ඉන්න රන්කරුවෙක් වගේ+ ඔහුත් ලෙවීගේ පුතුන්ව පවිත්‍ර කරයි. රන් සහ රිදීවල තියෙන බොර ඉවත් කරනවා වගේ ඔහු එයාලව පවිත්‍ර කරයි. ඊටපස්සේ එයාලා යෙහෝවා දෙවියන්ට ධර්මිෂ්ඨකමින් පූජා ඔප්පු කරන සෙනඟක් වෙයි.  එතකොට යූදා දේශයේ සහ යෙරුසලමේ වැසියන් ඔප්පු කරන තෑගි ගැන යෙහෝවා හුඟක් සතුටු වෙයි. ඈත අතීතයේදී ඔප්පු කරපු පූජා වගේ ඔහු ඒවාත් පිළිගනියි.”+  ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. “මම ඔයාලව විනිශ්චය කරන්න එනවා. මම ඇවිත් කට්ටඩියන්ටත්+ අනාචාරයේ* යෙදෙන අයටත් බොරුවට දිවුරන අයටත්+ විරුද්ධව අදිමදි නොකර සාක්ෂි දෙනවා. කුලීකරුවන්ට, වැන්දඹුවන්ට සහ පියා නැති* දරුවන්ට වංචා කරන අයටත්+ විදේශිකයන්ට උදව් කරන්නේ නැති* අයටත්+ විරුද්ධව මම සාක්ෂි දෙනවා. එයාලාගෙන් එක් කෙනෙක්ටවත් මං ගැන කිසිම ගරුබියක් නැහැ.”  “මම යෙහෝවා. මම කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.*+ ඔයාලා යාකොබ්ගේ පුතුන්. ඒ නිසයි තාමත් ඔයාලා විනාශ වෙලා නැත්තේ.  ඔයාලාගේ මුතුන්මිත්තන්ගේ කාලේ ඉඳන් මේ වෙන කල්ම ඔයාලා මගේ නියෝග පිළිපැද්දේ නැහැ.+ මං ළඟට ආයෙත් හැරිලා එන්න. එතකොට මාත් ඔයාලට ළං වෙන්නම්”+ කියලා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියනවා. ඒත් ඔයාලා මෙහෙම අහනවා. “ඔබ ළඟට හැරිලා එන්න කියන්නේ ඇයි? අපි ඔබව දාලා ගියේ කවද්ද?”  “මිනිසෙක්ට පුළුවන්ද දෙවියන්ට අයිති දේ හොරකම් කරන්න? ඒත් ඔයාලා මගෙන් හොරකම් කරනවා.” එහෙම කරලා ඔයාලා අහනවා “අපි ඔබෙන් හොරකම් කළා කියලා ඔබ කියන්නේ ඇයි” කියලා. “මට අයිති දහයෙන් කොටස් සහ පරිත්‍යාග ඔයාලා මට දුන්නේ නැහැ.  ඒ නිසා ඔයාලට හුඟක් බය හිතෙන දේවලට මූණ දෙන්න වෙනවා.* මොකද ඔයාලා මගෙන් හොරකම් කරනවා. මුළු ජාතියම ඒ වරද කරනවා. 10  ඉතින් දැන් ඔයාලාගේ මුළු ආදායමෙන් දහයෙන් කොටසක් මගේ ගබඩාවට ගේන්න.+ එතකොට මගේ ගෘහයේ කෑම තියෙයි.+ මං ඔයාලාගෙන් ඉල්ලන්නේ එහෙම කරලා මං ඔයාලට ආශීර්වාද කරන්නේ නැද්ද කියලා බලන්න+ කියලයි. එතකොට මම අහසේ කවුළු ඇරලා ඔයාලාගේ ගබඩා පිරිලා ඉතිරිලා යන්නම ආශීර්වාද කරනවා.”+ එහෙම කියන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා. 11  “ඔයාලාගේ වගාව කාලා දාන්න මම පළඟැටියන්ට* ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා උන් කෙතේ තියෙන අස්වැන්න විනාශ කරන්නෙවත් මිදිවැලේ පලදාව නාස්ති කරන්නෙවත් නැහැ”+ කියලත් ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියනවා. 12  “එතකොට සියලු ජාතීන් කියයි ඔයාලා කොච්චර සන්තෝෂවත් සෙනඟක්ද කියලා.+ මොකද දෙවියන් ඔයාලාගේ දේශයට මොන තරම් ආශීර්වාද කරනවාද කියලා එයාලා දකියි.” එහෙම කියන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා. 13  යෙහෝවා දෙවියන් මෙහෙමත් කියනවා. “ඔයාලා මට විරුද්ධව කියපු වචන නිසා මගේ හිත පෑරිලා.” ඒත් ඔයාලා මගෙන් අහනවා “ඔබේ හිත පෑරෙන්න අපි මොනවාද කිව්වේ” කියලා.+ 14  “‘දෙවියන්ට සේවය කරන එකෙන් කිසි වැඩක් නැහැ.+ අපි ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ඉස්සරහා අපේ වැරදි ගැන දුක් වුණා. ඔහු ඉස්සරහා අපේ වගකීම් ඉටු කළා. ඒත් ඒකෙන් වැඩක් වුණාද’ කියලා ඔයාලා කතා වුණේ නැද්ද? 15  ‘සතුටින් ඉන්නේ අපි අතරේ ඉන්න උඩඟු අය. දියුණු වෙන්නේ දුෂ්ටකම් කරන අය.+ එයාලා බය නැතුව දෙවියන්ට විරුද්ධව දේවල් කරලා කිසි කරදරයක් නැතුව ජීවත් වෙනවා’ කියලත් ඔයාලා කිව්වේ නැද්ද?” 16  ඒ කාලේදී යෙහෝවා දෙවියන් ගැන ගරුබියක් තිබුණ අයත් එකිනෙකා එක්ක කතා කළා. එයාලා කතා කරපු දේවල් යෙහෝවා හොඳින් අහගෙන හිටියා. ඊටපස්සේ දෙවියන් තමන්ගේ මතකයේ ඉන්න අයගේ නම් ලියවිල්ලක සටහන් කරන්න කියලා කිව්වා.+ යෙහෝවාගේ නම ගැන හොඳින් කල්පනා කරන,* ඔහුට ගරුබිය පෙන්වන අයගේ නම් ඒකේ ලිව්වා.+ 17  ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙමත් කියනවා. “ඒ කාලයේදී මම එයාලව මගේ විශේෂ සෙනඟ* විදිහට තෝරගන්නවා.+ එතකොට එයාලා මටම අයිති සෙනඟක් වෙනවා.+ තාත්තා කෙනෙක් එයාට කීකරු වෙන පුතෙක්ට දයාව පෙන්වනවා වගේ මමත් එයාලට දයාව පෙන්වනවා.+ 18  ඒ කාලයේදී ධර්මිෂ්ඨ කෙනෙක් සහ දුෂ්ට කෙනෙක් අතරෙත් දෙවියන්ට සේවය කරන සහ නොකරන කෙනෙක් අතරෙත් තියෙන වෙනස ඔයාලට ආයෙත් පැහැදිලිව දකින්න පුළුවන් වෙයි.”+

පාදසටහන්

හෝ, “සූදානම්.”
ඒ කියන්නේ බිරිඳට හරි සැමියාට හරි ද්‍රෝහි වෙන එක.
හෝ, “අම්මා තාත්තා නැති.”
හෝ, “විදේශිකයන්ගේ අයිතීන් උල්ලංගනය කරන.”
හෝ, “මම වෙනස් වෙලා නැහැ.”
හෝ සමහරවිට, “ඔයාලා මට ශාප කරනවා.”
මූ.අ., “විනාශ කරන්නාට.” මෙතන කතා කරන්නේ වගාවට හානි කරන කෘමීන් ගැන.
හෝ සමහරවිට, “නමට ගොඩක් ආදරේ කරන.”
හෝ, “වටිනා වස්තුවක්.”