මාක් 13:1-37

  • පවතින සමාජයේ අවසාන කාලය (1-37)

    • යුද්ධ, භූමිකම්පා, ආහාර හිඟකම් (8)

    • ශුභාරංචිය දේශනා කරන්න ඕනේ (10)

    • මහත් පීඩාව (19)

    • මනුෂ්‍ය පුත්‍රයා එන විදිහ (26)

    • අත්තික්කා ගහ ගැන උදාහරණය (28-31)

    • දිගටම සෝදිසියෙන් ඉන්න (32-37)

13  ඔහු දේවමාලිගාවෙන් පිට වෙලා යද්දී ඔහුගේ එක ගෝලයෙක් මෙහෙම කිව්වා. “ගුරුතුමනි, බලන්න! මේ ගොඩනැඟිලි, මේ ගල් කොච්චර ලස්සනද!”+  ඒත් යේසුස් එයාට මෙහෙම කිව්වා. “මේ ලොකු ගොඩනැඟිලි ඔයාට පේනවා නේද? ගලක් උඩ තව ගලක් ඉතුරු වෙන්නේ නැති වෙන්න මේ හැම ගලක්ම බිමට ඇදලා දානවා.”+  ඔහු ඔලීව කන්දට ගිහින් දේවමාලිගාව පේන තැනක ඉඳගෙන ඉද්දී පේතෘස්, යාකොබ්, යොහන් සහ අන්දෘ ඔහු ළඟට ඇවිත් මෙහෙම ඇහුවා.  “ඒ දේවල් වෙන්නේ කවදාද කියලා අපිට කියන්න. මේ හැම දෙයක්ම අවසන් වෙන්න ළඟයි කියලා දැනගන්න තියෙන ලකුණ මොකක්ද?”+  ඉතින් යේසුස් එයාලට මෙහෙම කිව්වා. “කාටවත් ඔයාලව රවට්ටන්න ඉඩ දෙන්න එපා.+  හුඟදෙනෙක් ඇවිත් මගේ නම පාවිච්චි කරලා ‘මම ක්‍රිස්තුස්’ කියලා කියයි. ඒකට ගොඩක් අය රැවටෙයි.  ඒ වගේම ළඟපාත වෙන යුද්ධ ගැනත් දුර ඈත වෙන යුද්ධ ගැනත් ඔයාලට ආරංචි වෙයි. ඒත් කලබල වෙන්න එපා. ඒ දේවල් සිද්ධ වෙන්න ඕනේ. ඒත් අවසානය තාම ඇවිත් නැහැ.+  “මොකද ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත්+ සටන් කරයි. එක තැනක භූමිකම්පාවක් වෙලා ඉවර වෙද්දීම තවත් තැනක භූමිකම්පාවක් වෙයි. කෑමත් හිඟ වෙයි.+ ඒ හැම දේකින්ම පේනවා හරිම අමාරු කාලයක්* පටන් අරන් කියලා.+  “ඔයාලත් විමසිල්ලෙන් ඉන්න. මිනිස්සු ඔයාලව උසාවිවලට භාර දෙයි.+ සිනගෝගවලදී ඔයාලට ගහයි.+ ඔයාලා මගේ ගෝලයන් නිසා ඔයාලව ආණ්ඩුකාරයන් සහ රජවරු ඉස්සරහට අරන් යයි. ඒ අය ඉස්සරහා සාක්ෂි දරන්න ඒකෙන් ඔයාලට අවස්ථාව ලැබෙයි.+ 10  අවසානය එන්න කලින්* සියලු ජාතීන්ට ශුභාරංචිය දේශනා කරන්න ඕනේ.+ 11  මිනිස්සු ඔයාලව බලධාරීන්ගේ අතට භාර දෙන්න අරන් යද්දී කියන්නේ මොනවාද කියලා හිතලා කරදර වෙන්න එපා. ඔයාලා කියන්න ඕනෙ මොනවාද කියලා ඒ වෙලාවේදී ඔයාලට දැනගන්න ලැබෙයි. මොකද ඇත්තටම කතා කරන්නේ ඔයාලා නෙමෙයි. ඔයාලා කතා කරන්නේ දෙවියන්ගේ බලයේ උදව්වෙන්.+ 12  සහෝදරයෙක් එයාගෙම සහෝදරයාව මරන්න අල්ලලා දෙයි. තාත්තා කෙනෙක් එයාගෙම දරුවාට ඒ දේම කරයි. දරුවෝ එයාලාගේ දෙමාපියන්ට විරුද්ධ වෙලා දෙමාපියන්ව මරලා දාන්න භාර දෙයි.+ 13  ඔයාලා මගේ අනුගාමිකයන් නිසා* හැමෝම ඔයාලට වෛර කරයි.+ ඒත් අවසානය වෙන කල්ම විඳදරාගෙන විශ්වාසවන්තව ඉන්න කෙනා+ ගැලවෙනවා.+ 14  “ඒත් විනාශයක් කරන පිළිකුල් දේ+ ඒක තියෙන්න සුදුසු නැති තැනක තියෙනවා ඔයාලා දැක්කාම (කියවන කෙනා කියලා තියෙන දේ හොඳට තේරුම්ගන්න), යුදයේ ඉන්න අය කඳුවලට පලා යන්න ඕනේ.+ 15  ගෙදර වහලේ* උඩ ඉන්න කෙනා පල්ලෙහට ඇවිල්ලා කිසිම දෙයක් ගන්න ගේ ඇතුළට යන්න එපා. 16  වත්තේ වැඩ කරකර ඉන්න කෙනා පිට වස්ත්‍රය ගන්න ආපහු ගෙදර යන්න එපා. 17  ඒ දවස් ගැබිනි මව්වරුන්ටත් කිරි දෙන මව්වරුන්ටත් කොච්චර අමාරු වෙයිද!+ 18  ඔයාලට පලා යන්න සිද්ධ වෙන කාලය සීත කාලේදී එන්න එපා කියලා දිගටම යාච්ඤා කරන්න. 19  මොකද ඒ දවස්වලදී ගොඩක් පීඩා ඇති වෙයි.+ ඒ පීඩා දෙවියන් මිනිස්සුන්ව නිර්මාණය කරපු කාලේ ඉඳන් මේ වෙන කල් කවදාවත් ඇවිල්ලා නැති, ආයේ කවදාවත් එන්නේ නැති විදිහේ පීඩාවන් වෙයි.+ 20  ඇත්තටම යෙහෝවා* ඒ දවස් කෙටි කළේ නැත්නම් කිසිම කෙනෙක් බේරෙන්නේ නැහැ. ඒත් ඔහු තෝරගත්ත අය වෙනුවෙන් ඔහු ඒ දවස් කෙටි කරනවා.*+ 21  “ඒ වගේම කෙනෙක් ඔයාලට කිව්වොත් ‘බලන්න! ක්‍රිස්තුස් මෙතන ඉන්නවා’ නැත්නම් ‘අර බලන්න! ඔහු අතන ඉන්නවා’ කියලා ඒක විශ්වාස කරන්න එපා.+ 22  මොකද ක්‍රිස්තුස් කියලා බොරුවට කියාගන්න අයයි, බොරු අනාගතවක්තෘවරුනුයි+ ඇවිත් පුදුම දේවල් කරයි. ලකුණුත් පෙන්නයි. එයාලා හදන්නේ තෝරගත්ත අයවත් නොමඟ යවන්නයි. 23  ඉතින් ඔයාලා පරෙස්සම් වෙන්න.+ මං හැම දෙයක් ගැනම ඔයාලට කලින්ම කියලයි තියෙන්නේ. 24  “ඒත් ඒ දවස්වලදී ඒ පීඩාවෙන් පස්සේ ඉර අඳුරු වෙයි. හඳෙන් කිසිම එළියක් ලැබෙන්නේ නැහැ.+ 25  තරු අහසෙන් කඩාගෙන වැටෙයි. අහසේ තියෙන බලවත් දේවල් දෙදරුම් කයි. 26  එතකොට මනුෂ්‍ය පුත්‍රයා+ මහත් බලයක් සහ තේජසක් ඇතුව වලාකුළුවල එන විදිහ මිනිස්සු දකියි.+ 27  එතකොට ඔහු දේවදූතයන්ව යවලා පොළොවේ එක කෙළවරක ඉඳන් අනිත් කෙළවර වෙන කලුත් අහසේ එක කෙළවරක ඉඳන් අනිත් කෙළවර වෙන කලුත් පොළොවේ හතර කොනෙන්ම ඔහුට අයිති, තෝරගත්ත අයව එකට රැස් කරනවා.+ 28  “දැන් අත්තික්කා ගහේ උදාහරණෙන් මේ දේ ඉගෙනගන්න. ඒකේ ළපටි අතු ඇවිත් දලු ලියලද්දී ගිම්හාන කාලේ ළඟයි කියලා ඔයාලා දන්නවා.+ 29  ඒ වගේම ඔයාලා මේ දේවල් වෙනවා දකිද්දී ඔහු දොරකඩ ළඟටම ඇවිල්ලා කියලා ඔයාලට ස්ථිර වෙන්න පුළුවන්.+ 30  ඇත්තටම මම ඔයාලට කියන්නේ මේ හැම දෙයක්ම වෙන කල් මේ පරම්පරාව කොහොමටවත් නැති වෙලා යන්නේ නැහැ.+ 31  අහසයි, පොළොවයි නැති වෙලා යයි.+ ඒත් මගේ වචන කවදාවත් නැති වෙලා යන්නේ නැහැ.+ 32  “ඒ දවස හරි, පැය හරි එන්නේ කවදාද කියලා කවුරුත් දන්නේ නැහැ. ස්වර්ගයේ ඉන්න දේවදූතයන්වත් පුතාවත් ඒක දන්නේ නැහැ. ඒක දන්නේ පියාණන් විතරයි.+ 33  දිගටම සෝදිසියෙන් ඉන්න.+ අවදියෙන් ඉන්න. මොකද නියම කරපු කාලය එන්නේ කවදාද කියලා ඔයාලා දන්නේ නැහැ.+ 34  පිටරට යන මනුස්සයෙක් ගැන හිතන්න. එයා තමන්ගේ නිවස බලාගන්න දාසයන්ට භාර දීලා+ එක එක දාසයාට කරන්න වැඩ දෙනවා. දොරටු පාලකයාට සෝදිසියෙන් ඉන්න කියන අණ දීලා එයා පිටත් වෙලා යනවා.+ 35  ඉතින් සෝදිසියෙන් ඉන්න. මොකද නිවස අයිති ස්වාමියා එන්නේ කොයි වෙලාවෙද කියලා ඔයාලා දන්නේ නැහැ.+ එයා හවස එයිද රෑ 12ට එයිද එළිය වැටෙන්න කලින්* එයිද නැත්නම් උදේ පාන්දර එයිද කියලා ඔයාලා දන්නේ නැහැ.+ 36  ඔයාලා සෝදිසියෙන් හිටියේ නැත්නම් ඔහු හදිස්සියේම ආවාම ඔයාලා නිදාගෙන ඉන්නවා ඔහු දකියි.+ 37  මං ඔයාලට කියන දේ හැමෝටම කියනවා. සෝදිසියෙන් ඉන්න.”+

පාදසටහන්

මූ.අ., “ප්‍රසව වේදනා.”
මූ.අ., “ඉස්සෙල්ලාම.”
හෝ, “මගේ නම දරන නිසා.”
හෝ, “පැතලි වහලේ.” ඒ කාලේ ගොඩක් ගෙවල්වල පැතලි වහලක් තිබුණා. සමහර අය නිදාගන්න, අමුත්තන් එක්ක එකට කෑම වේලක් ගන්න ඒක පාවිච්චි කළා.
උප. A5 බලන්න.
මූ.අ., “කෙටි කරලා තියෙනවා.”
මූ.අ., “කුකුළා හඬලන වෙලාවේ.”