මාක් 16:1-8

  • යේසුස්ව නැවත නැඟිටුවයි (1-8)

16  සබත් දවස+ ගෙවුණාට පස්සේ මරියා මග්දලේනායි, යාකොබ්ගේ අම්මා වුණ මරියායි,+ සලෝමියි සුවඳ ද්‍රව්‍ය මිල දීලා ගත්තා. එයාලා ඒවා ගත්තේ යේසුස්ගේ දේහයේ ගාන්නයි.+  එයාලා සතියේ පළවෙනි දවසේ පාන්දරින්ම නැඟිටලා සොහොන් ගේ* ළඟට යන්න පිටත් වුණා. එයාලා එතනට එද්දී ඉර පායලා තිබුණා.+  මඟ එද්දී එයාලා එකිනෙකා අතරේ මෙහෙම කතා වුණා. “සොහොන් ගෙයි දොරකඩ ළඟ තියෙන ගල අපි කාට කියලද අයින් කරගන්නේ?”  ඒත් සොහොන් ගෙට ඇතුල් වෙන තැන දිහා බලද්දී එයාලා දැක්කා ඒ විශාල ගල අහකට පෙරළලා දාලා තියෙනවා.+  සොහොන් ගේ ඇතුළට ගියාම සුදු ඇඳුමක් ඇඳගෙන හිටපු තරුණයෙක් ඒකේ දකුණු පැත්තේ ඉඳගෙන ඉන්නවා එයාලා දැක්කා. ඒ තරුණයා දිහා එයාලා ගල්ගැහිලා වගේ බලාගෙන හිටියා.  එතකොට එයා මෙහෙම කිව්වා. “පුදුම වෙලා බලන් ඉන්න එපා.+ ඔයාලා හොයන්නේ කණුවක ඇණ ගහලා මරලා දාපු නාසරෙත්වල යේසුස්ව කියලා මං දන්නවා. ඔහුව මරණයෙන් නැඟිට්ටෙව්වා.+ එයාලා ඔහුව තැන්පත් කළේ මෙතන.+ ඒත් බලන්න! දැන් ඔහු මෙතන නැහැ.  ඔයාලා දැන් ගිහින් ඔහුගේ ගෝලයන්ටයි, පේතෘස්ටයි මෙහෙම කියන්න. ‘ඔහු ඔයාලට කලින් ගලීලයට යනවා.+ ඔහු කිව්ව විදිහටම එහෙදී ඔයාලට ඔහුව හම්බ වෙයි.’”+  සොහොන් ගෙයින් එළියට ආපු එයාලා වෙච්ච දේ අදහාගන්න බැරුව, බයෙන් වෙවුල වෙවුල එතනින් දුවලා ගියා. බය නිසා වෙච්ච ඒ කිසිම දෙයක් ගැන එයාලා කාටවත් කිව්වේ නැහැ.*+

පාදසටහන්

හෝ, “සිහි වෙන්න හදපු සොහොන් ගේ.”
පරණ, විශ්වාසවන්ත අත්පිටපත්වලට අනුව මාක්ගේ සුවිශේෂය 8වෙනි පදයත් එක්ක අවසන් වෙනවා. උප. A3 බලන්න.