මාක් 2:1-28

  • යේසුස් අංශභාග රෝගියෙක්ව සුව කරයි (1-12)

  • යේසුස් ලෙවීට ගෝලයෙක් වෙන්න ආරාධනා කරයි (13-17)

  • නිරාහාරව ඉන්න එක ගැන ප්‍රශ්න අහයි (18-22)

  • යේසුස් “සබත් දවසේ ස්වාමියා” (23-28)

2  ඒත් දවස් කීපයකට පස්සේ ඔහු ආපහු කපර්ණවුමට ගියා. ඔහු ගෙදර ඉන්නවා කියලා මිනිස්සුන්ට ආරංචි වුණා.+  ඉතින් විශාල සෙනඟක් එහෙට ආවා. කොච්චරද කියනවා නම් ඇඟිල්ලක් ගහන්න තරම්වත් ඉඩක් තිබුණේ නැහැ. දොරකඩ ළඟ පොඩි ඉඩක්වත් තිබුණේ නැහැ. ඒ සෙනඟට ඔහු ශුභාරංචිය ගැන කියන්න පටන්ගත්තා.+  ඔය අතරේ මිනිස්සු කට්ටියක් අංශභාග රෝගියෙක්ව අරගෙන ආවා. එයාව උස්සගෙන ආවේ මිනිස්සු හතරදෙනෙක්.+  ඒත් විශාල සෙනඟක් රැස් වෙලා හිටපු නිසා එයාව යේසුස් ළඟටම අරගෙන එන්න එයාලට බැරි වුණා. ඉතින් එයාලා යේසුස් හිටපු තැනට ඉහළින් වහලේ කොටසක් ගලවලා එතනින් අංශභාග රෝගියා හිටපු ඇඳ බිමට බැස්සුවා.  යේසුස් එයාලාගේ විශ්වාසය දැකලා+ අංශභාග රෝගියාට මෙහෙම කිව්වා. “පුතේ, ඔයාගේ පව්වලට සමාව ලැබුණා.”+  නීතිය පිටපත් කරන්නන්ගෙන් සමහරදෙනෙකුත් එතන ඉඳගෙන හිටියා. එයාලා මෙහෙම හිතුවා.+  “මේ මනුස්සයා මොනවාද මේ කියන්නේ? එයා දෙවියන්ට අපහාස කරනවා. පව්වලට සමාව දෙන්න අයිතිය තියෙන්නේ දෙවියන්ට විතරයිනේ.+ වෙන කාටවත් පුළුවන්ද ඒක කරන්න?”  ඒත් ඒ වෙලාවෙම යේසුස්ට තේරුණා එයාලා මොනවාද හිතන්නේ කියලා. ඉතින් ඔහු එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා ඔය විදිහට හිතන්නේ ඇයි?+  අංශභාග රෝගියාට ‘ඔයාගේ පව්වලට සමාව ලැබුණා’ කියලා කියන එකද ලේසි නැත්නම් ‘නැඟිටින්න, ඔයාගේ ඇඳත් අරන් ඇවිදගෙන යන්න’ කියලා කියන එකද ලේසි? 10  මනුෂ්‍ය පුත්‍රයාට+ මේ පොළොවේදී පව්වලට සමාව දෙන්න බලය තියෙනවා කියලා ඔයාලා දැනගන්න ඕනෙ නිසා . . .”+ ඔහු අංශභාග රෝගියාට මෙහෙම කිව්වා. 11  “නැඟිටින්න, ඔයාගේ ඇඳත් අරන් ගෙදර යන්න.” 12  එතකොටම එයා නැඟිටලා එයාගේ ඇඳත් අරගෙන හැමෝම ඉස්සරහා ඇවිදගෙන එතනින් ගියා. ඒක දැක්කාම හැමෝම පුදුම වෙලා දෙවියන්ට ප්‍රශංසා කරලා මෙහෙම කිව්වා. “මේ වගේ දෙයක් නම් අපි කවදාවත් දැකලා නැහැ.”+ 13  ආයෙත් සැරයක් යේසුස් මුහුද* ළඟින් යද්දී සෙනඟක් ඔහු ළඟට ආවා. ඔහු එයාලට උගන්නන්න පටන්ගත්තා. 14  ඔහු ඇවිදගෙන යද්දී අල්ෆෙවුස්ගේ පුතා වුණ ලෙවී බදු එකතු කරන කාර්යාලයේ ඉඳගෙන ඉන්නවා දැක්කා. යේසුස් එයාට මෙහෙම කිව්වා. “මගේ අනුගාමිකයෙක් වෙන්න.” ඒ වෙලාවෙම එයා නැඟිටලා යේසුස්ගේ පස්සෙන් ගියා.+ 15  පස්සේ යේසුස් ඔහුගේ ගෝලයන් එක්ක ලෙවීගේ ගෙදර කෑමකට ගියා. බදු එකතු කරන අය සහ වැරදි දේවල් කරන ගොඩක් අයත් එයාලා එක්ක කෑම ගත්තා. ඒ අයගෙන් හුඟදෙනෙක් ඔහුගේ අනුගාමිකයන් වුණා.+ 16  වැරදි දේවල් කරන අය සහ බදු එකතු කරන අය එක්ක යේසුස් කෑම ගන්නවා පරිසිවරුන්ගේ* නිකායට අයිති නීතිය පිටපත් කරන අය දැක්කා. එතකොට එයාලා ඔහුගේ ගෝලයන්ගෙන් මෙහෙම ඇහුවා. “මොනවාද එයා මේ කරන්නේ? බදු එකතු කරන අයයි, පව්කාරයනුයි එක්ක කෑම කන්නේ ඇයි?” 17  ඒක ඇහුණාම යේසුස් එයාලට මෙහෙම කිව්වා. “දොස්තර කෙනෙක් ඕනෙ ලෙඩින් ඉන්න අයටයි. නිරෝගී අයට දොස්තරගෙන් වැඩක් නැහැ. මම ආවේ වැරදි කරන අයට පසුතැවිලි වෙන්න උදව් කරන්නයි. ධර්මිෂ්ඨයන්ට උදව් කරන්න නෙමෙයි.”+ 18  යොහන්ගේ ගෝලයනුත් පරිසිවරුනුත් චාරිත්‍රයක් විදිහට නිරාහාරව ඉන්නවා. ඉතින් කීපදෙනෙක් ඇවිත් යේසුස්ගෙන් මෙහෙම ඇහුවා. “යොහන්ගේ ගෝලයනුයි, පරිසිවරුන්ගේ ගෝලයනුයි චාරිත්‍රයක් විදිහට නිරාහාරව ඉන්නවා. ඒත් ඔයාගේ ගෝලයන් එහෙම කරන්නේ නැත්තේ ඇයි?”+ 19  ඉතින් යේසුස් එයාලට මෙහෙම උත්තර දුන්නා. “මනාලයා+ තමන් එක්ක ඉද්දී මනාලයාගේ යාළුවෝ මොකටද නිරාහාරව ඉන්නේ? මනාලයා එයාලා එක්ක ඉන්න තාක් කල් එයාලා නිරාහාරව ඉන්න එක හරි නැහැ. 20  ඒත් මනාලයාව එයාලාගෙන් වෙන් කරන දවස එනවා.+ ඒ දවසේදී එයාලා නිරාහාරව ඉඳියි. 21  පරණ ඇඳුමක ඉරුණු තැනක් මහද්දී කවුරුත් එතනට අලුත් රෙදි කෑල්ලක්* තියලා මහන්නේ නැහැ නේද? එහෙම කළොත් අලුත් රෙදි කෑල්ල ඇකිළෙන නිසා පරණ ඇඳුම ඇදිලා ඉරුණු තැන තවත් ලොකු වෙයි.+ 22  කිසිම කෙනෙක් අලුත් වයින් පරණ හම් භාජනවලට දාන්නෙත් නැහැ. එහෙම කළොත් ඒ හම් භාජන පැළෙයි. එතකොට වයින් හැලිලා යනවා විතරක් නෙමෙයි හම් භාජනයෙනුත් වැඩක් නැහැ. ඒ නිසා අලුත් වයින් දාන්නේ අලුත් හම් භාජනවලට.” 23  සබත් දවසක යේසුස් ධාන්‍ය කෙත් මැදින් යද්දී ඔහුත් එක්ක හිටපු ඔහුගේ ගෝලයෝ යන ගමන් ධාන්‍ය කඩාගත්තා.+ 24  ඒක දැකලා පරිසිවරු යේසුස්ගෙන් මෙහෙම ඇහුවා. “අර බලන්න! ඇයි එයාලා සබත් දවසේ කරන්න අවසර නැති දෙයක් කරන්නේ?” 25  එතකොට ඔහු එයාලට මෙහෙම කිව්වා. “කෑම ඉවර වෙලා දාවිත්ටයි, එයාත් එක්ක හිටපු මිනිස්සුන්ටයි බඩගිනි වුණාම දාවිත් මොනවාද කළේ කියලා ඔයාලා කවදාවත් කියවලා නැද්ද?+ 26  නායක පූජක අබියාතර්ගේ වාර්තාව+ කියවද්දී ඔයාලා දැක්කේ නැද්ද දාවිත් දෙවියන්ගේ ගෘහයට ඇතුල් වෙලා ශුද්ධ රොටි* කෑවා කියලා. ඒ රොටි කන්න අවසර තිබුණේ පූජකයන්ට විතරයි.+ දාවිත් ඒ රොටි එයාත් එක්ක හිටපු මිනිස්සුන්ටත් කන්න දුන්නා.” 27  ඔහු එයාලට මෙහෙම කිව්වා. “සබත ඇති කළේ මිනිස්සුන්ගේ ප්‍රයෝජනයට.+ නැතුව සබත රකින්න මිනිස්සුන්ව හැදුවා නෙමෙයි. 28  සබත් දවසේ ස්වාමියා විදිහට ඉන්නෙත් මනුෂ්‍ය පුත්‍රයායි.”+

පාදසටහන්

ඒ කියන්නේ ගලීල මුහුද.
ඒ කියන්නේ හෝදලවත් නැති, අලුත්ම රෙදි කෑල්ලක්.
හෝ, “දෙවියන්ට පූජා කරන රොටි.”