මාක් 7:1-37

  • මිනිස්සුන්ගේ චාරිත්‍ර හෙළා දකියි (1-13)

  • අපවිත්‍ර වෙන්නේ හදවතින් එන දේවලිනුයි (14-23)

  • සිරොෆිනීෂියානු ස්ත්‍රියගේ විශ්වාසය (24-30)

  • බිහිරි කෙනෙක්ව සුව කරයි (31-37)

7  යෙරුසලමේ ඉඳලා ආපු පරිසිවරු සහ නීතිය පිටපත් කරන අයගෙන් සමහරදෙනෙක් යේසුස් ළඟට එක් රැස් වුණා.+  ඒ වෙලාවේදී ඔහුගේ ගෝලයන් කීපදෙනෙක් අපවිත්‍ර අත්වලින් ඒ කියන්නේ අත් හෝදන්නේ නැතුව* කෑම කනවා එයාලා දැක්කා.  (පරිසිවරු සහ යුදෙව්වරු හැමෝම වැලමිට වෙන කල් අත් හෝදන්නේ නැතුව කිසිම වෙලාවක කෑම කෑවේ නැහැ. එහෙම කළේ අතීතයේ හිටපු අයගේ චාරිත්‍රවලට එයාලා ඇලිලා හිටපු නිසයි.  වෙළඳපොළේ ඉඳන් ආවාම එයාලා තමන්ව හෝදගන්නේ නැතුව කෑම කෑවේ නැහැ. අතීතයේ ඉඳන් එන තව ගොඩක් චාරිත්‍රවලට එයාලා ඇලිලා ඉන්නවා. උදාහරණෙකට කෝප්ප, ජෝගු, තඹ බඳුන් පාවිච්චි කරන්න කලින් එයාලා ඒවා වතුරේ ගිල්ලලා තියනවා.)+  ඉතින් ඒ පරිසිවරු සහ නීතිය පිටපත් කරන අය යේසුස්ගෙන් මෙහෙම ඇහුවා. “ඔබේ ගෝලයෝ ඇයි අපේ මුතුන්මිත්තන් ඇති කරපු චාරිත්‍ර පිළිපදින්නේ නැත්තේ? බලන්න එයාලා අපවිත්‍ර අත්වලින් කෑම කනවා.”+  එතකොට ඔහු එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා නම් මහා කුහකයෝ! යෙසායා ඔයාලා ගැන කියපු දේ හරියටම හරි. එයා මෙහෙම ලිව්වා. ‘මේ මිනිස්සු මට ගෞරව කරන්නේ තොල්වලින් විතරයි. ඒත් එයාලාගේ හිත් මගෙන් ගොඩක් ඈත් වෙලා.+  එයාලා ඔය විදිහට නමස්කාර කළාට මට ඒකෙන් වැඩක් නැහැ. මොකද එයාලා දෙවියන්ගේ ඉගැන්වීම් විදිහට උගන්නන්නේ මිනිස්සු හදාගත්ත නීති.’+  ඔයාලා දෙවියන්ගේ ආඥාවන් පැත්තකට දාලා මිනිස්සුන්ගේ චාරිත්‍රවලට ඇලිලා ඉන්නවා.”+  ඔහු එයාලට මෙහෙමත් කිව්වා. “ඔයාලා ඔයාලාගේ චාරිත්‍ර රැකගන්න හරිම කපටි විදිහට දෙවියන්ගේ නීති පැත්තකට දානවා.+ 10  උදාහරණෙකට ‘ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න’+ කියලත් ‘මවට හරි පියාට හරි නින්දා කරන කෙනාව මරලා දාන්න ඕනෙ’+ කියලත් මෝසෙස් කිව්වා. 11  ඒත් කෙනෙක් තමන්ගේ අම්මා තාත්තාට කිව්වොත් ‘මං ඔයාලාගේ ප්‍රයෝජනයට දෙන්න ඕනෙ දේ කොර්බාන් කළා (ඒ කියන්නේ තෑග්ගක් විදිහට දෙවියන්ට කැප කළා) කියලා’ එතකොට ඔයාලා මොනවාද කියන්නේ? 12  ඒ කෙනාගේ අම්මා තාත්තා වෙනුවෙන් ආයේ කිසිම දෙයක් කරන්න ඔයාලා ඒ කෙනාට ඉඩ දෙන්නේ නැහැ.+ 13  ඔයාලා අනිත් අයට පිළිපදින්න කියන ඒ වගේ චාරිත්‍ර නිසා ඔයාලා ඇත්තටම කරන්නේ දෙවියන්ගේ වචනය කිසිම වටිනාකමක් නැති දෙයක් විදිහට අහක දාන එකයි.+ ඔයාලා මේ වගේ තව කොච්චර දේවල් කරනවාද!”+ 14  ඊටපස්සේ ඔහු ආයෙත් සෙනඟට එන්න කියලා එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා හැමෝම මං කියන දේට ඇහුම්කන් දෙන්න. ඒවා තේරුම්ගන්න උත්සාහ කරන්න.+ 15  කෙනෙක් අපවිත්‍ර වෙන්නේ එයා කෑමට ගන්න දේවල් නිසා නෙමෙයි. එයා අපවිත්‍ර වෙන්නේ එයාගේ හදවතින් පිටතට එන දේවල් නිසයි.”+ 16 * —— 17  යේසුස් සෙනඟ හිටපු තැනින් පිටත් වෙලා ගිහින් ගෙදරකට ඇතුල් වුණා. ඒ වෙලාවේ ඔහුගේ ගෝලයෝ ඇවිල්ලා ඒ උදාහරණය ගැන ඔහුගෙන් ඇහුවා.+ 18  ඉතින් ඔහු එයාලට මෙහෙම කිව්වා. “එයාලට වගේ ඔයාලටත් ඒ දේවල් හරියට තේරුම්ගන්න බැරිද? කෑමට ගන්න දේවල් නිසා කෙනෙක් අපවිත්‍ර වෙන්නේ නැහැ කියලා ඔයාලා දන්නේ නැද්ද? 19  මොකද දෙයක් කටට ගත්තාම ඒක යන්නේ හිතට නෙමෙයි බඩට. බඩට ගියාට පස්සේ මලපහ විදිහට ඒක ශරීරයෙන් එළියට යනවා.” ඔහු එහෙම කියලා ඕනෙම කෑමක් පවිත්‍රයි කියලා පෙන්නලා දුන්නා. 20  ඔහු මෙහෙමත් කිව්වා. “කෙනෙක් අපවිත්‍ර වෙන්නේ එයාගේ හදවතින් පිටතට එන දේවල් නිසයි.+ 21  මොකද හදවතින්+ තමයි දුෂ්ට සිතුවිලි එන්නේ. ඒ සිතුවිලි නිසා තමයි ලිංගික දුරාචාරයට,* හොරකම් කරන්න, මිනී මරන්න, 22  අනාචාරයේ* යෙදෙන්න, තණ්හාවෙන් වැඩ කරන්න, දුෂ්ට දේවල් කරන්න, වංචා කරන්න, කිසිම ලැජ්ජාවක් බයක් නැතුව හැසිරෙන්න,* ඊර්ෂ්‍යා කරන්න,* අපහාස කරන්න, උඩඟු විදිහට වගේම හිතුවක්කාර විදිහට වැඩ කරන්න කෙනෙක් පෙලඹෙන්නේ. 23  හදවතින් එන ඒ හැම දුෂ්ට දේකින්ම තමයි මිනිස්සු අපවිත්‍ර වෙන්නේ.” 24  ඔහු එතනින් පිටත් වෙලා තීර් සහ සීදොන් ප්‍රදේශයට ගියා.+ ඔහු එහෙට ආවා කියලා කවුරුත් දැනගන්නවාට අකමැති වුණ නිසා ඔහු එහේ ගෙදරකට ගියා. ඒත් මිනිස්සුන්ට ඒ ගැන ආරංචි වුණා. 25  ඔහු එහෙට ආපු ගමන්ම ඒ ගැන ආරංචි වුණ එක කාන්තාවක් ඔහු ළඟට ඇවිත් ඔහුගේ පාමුල වැටුණා. එයාගේ පුංචි දුවට භූතයෙක් වැහිලයි හිටියේ.+ 26  එයා සිරොෆිනීෂියානුවන් අතරේ ජීවත් වුණ* ග්‍රීක ජාතික කාන්තාවක්. දුවට වැහිලා ඉන්න භූතයාව එළවන්න කියලා එයා කීප සැරයක්ම යේසුස්ට බැගෑපත් වුණා. 27  ඒත් යේසුස් එයාට මෙහෙම කිව්වා. “මුලින්ම දරුවන්ට හොඳට කන්න දෙන්න ඕනේ. දරුවන්ගේ රොටි අරගෙන බලු පැටවුන්ට දාන එක හරි නෑනේ.”+ 28  ඒත් එයා මෙහෙම උත්තර දුන්නා. “මහත්මයාණෙනි, ඔබ කියන දේ හරි. ඒත් මේසේ යට ඉන්න බලු පැටව් පොඩි දරුවන් කෑම කද්දී වැටෙන දේවල් කන්නේ නැද්ද?” 29  ඒක අහලා ඔහු ඒ කාන්තාවට මෙහෙම කිව්වා. “ඔයා කියපු ඒ දේ නිසා භූතයා වැහිලා හිටපු ඔයාගේ දුව දැන් සුව වුණා. ඉතින් දැන් ගෙදර යන්න.”+ 30  ඒ කාන්තාව ගෙදර ගියාම එයාට තේරුණා ඇඳේ හාන්සි වෙලා හිටපු එයාගේ දුව භූතයාගෙන් නිදහස් වෙලා කියලා.+ 31  යේසුස් තීර් ප්‍රදේශයෙන් පිටත් වෙලා ගලීල මුහුද දිහාවට ආවා. ඔහු ආවේ සීදොන් ප්‍රදේශය වගේම දෙකපොලිසයට අයිති ප්‍රදේශය* හරහායි.+ 32  එහෙදී* මිනිස්සු කට්ටියක් බිහිරි වගේම හරියට කතා කරන්න බැරි මනුස්සයෙක්ව ඔහු ළඟට ගෙනාවා.+ ඒ මනුස්සයාව සුව කරන්න* කියලා එයාලා ඔහුට බැගෑපත් වුණා. 33  ඔහු ඒ මනුස්සයාව සෙනඟගෙන් ටිකක් ඈතට එක්කගෙන ගියා. ඊටපස්සේ ඔහු ඒ මනුස්සයාගේ කන්වලට තමන්ගේ ඇඟිලි දැම්මා. ඊළඟට ඔහු කෙළ ගහලා ඒ මනුස්සයාගේ දිව ස්පර්ශ කළා.+ 34  ඔහු අහස දිහා බලලා ලොකු හුස්මක් අරන් “එෆ්ෆාතා” කියලා එයාට කිව්වා. ඒකේ තේරුම “ඇරෙන්න” කියන එකයි. 35  ඒ වෙලාවෙම එයාට ඇහෙන්න පටන්ගත්තා.+ හරියට කතා කරන්න බැරුව හිටපු එයාට තිබුණ ඒ ආබාධයත් සුව වුණා. එයා පැහැදිලිව කතා කරන්න පටන්ගත්තා. 36  ඊටපස්සේ ඒ ගැන කාටවත් කියන්න එපා කියලා යේසුස් සෙනඟට අණ කළා.+ ඒ ගැන කියන්න එපා කියලා ඔහු කොච්චර කිව්වත් එයාලා යේසුස් කරපු දේ ගැන තව තවත් කිව්වා.+ 37  ඇත්තටම එයාලා ගොඩක් පුදුම වෙලා+ මෙහෙම කිව්වා. “ඔහු කරන දේවල් දකිද්දී පුදුම හිතෙනවා. ඔහු ගොළු අයව, බිහිරි අයව වුණත් සුව කරනවානේ.”+

පාදසටහන්

ඒ කියන්නේ චාරිත්‍රානුකූලව අත් හේදුවේ නැහැ.
උප. A3 බලන්න.
ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.
ඒ කියන්නේ බිරිඳට හරි සැමියාට හරි ද්‍රෝහි වෙන එක.
හෝ, “නින්දිත ක්‍රියාවල නිරත වෙන්න.” ග්‍රීක භාෂාවෙන් අසෙල්ජෙයියා. “පැහැදිලි කිරීමක්” බලන්න.
මූ.අ., “ඊර්ෂ්‍යාවෙන් බලන්න.”
මූ.අ., “සිරොෆිනීෂියානුවෙක්.” පේන විදිහට ෆිනීෂියාවේ ඉපදුණ කෙනෙක්.
හෝ, “නගර දහයක් තියෙන ප්‍රදේශය.”
ඒ කියන්නේ දෙකපොලිසයේදී.
හෝ, “එයා පිට අත තියන්න.”