මීකා 4:1-13

4  අවසාන කාලේදී යෙහෝවා දෙවියන්ගේ ගෘහය තියෙන කන්ද+අනිත් හැම කන්දකටම වඩා ඉහළින්, ස්ථිරව පිහිටුවයි.ඒක හෙල්වලටත් වඩා ඉහළින් තියෙයි.මිනිසුන් ඒ කන්දට වැල නොකැඩී ඇදී එයි.+   හුඟක් ජාතීන් ඇවිත් මෙහෙම කියයි. “එන්න, යෙහෝවාගේ කන්දට අපි යමු.යාකොබ්ගේ දෙවියන්ගේ ගෘහයට යමු.+ ඔහුගේ මාර්ග ගැන ඔහු අපිට උගන්වයි.අපි ඔහු පෙන්වන පාරේ යමු.” මොකද සියොන් කන්දේ ඉඳන් නීතිය* ගැන උගන්වයි.යෙරුසලමේ ඉඳන් යෙහෝවාගේ වචනය දැනුම් දෙයි.   ඔහු හුඟක් මිනිසුන්ව විනිශ්චය කරයි.+දුර ඈත ඉන්න බලවත් ජාතීන්ගේ අඩුපාඩු* නිවැරදි කරයි. ඔවුන් තමන්ගේ කඩුවලින් නගුලුත්හෙල්ලවලින් දෑකැතිත් හදාගනියි.+ ජාතියක් තව ජාතියකට විරුද්ධව කඩු ඔසවන්නේ නැහැ.ඔවුන් ආයේ කවදාවත් යුද්ධ කරන්න ඉගෙනගන්නෙත් නැහැ.+   ඔවුන් එක් එක් කෙනා තම තමන්ගේ මිදිවැල යටත්අත්තික්කා ගස යටත් සුවෙන් කල් ගෙවයි.+කවුරුත් ඔවුන්ව බයගන්වන්නේ නැහැ.+මොකද ඒ දේ පොරොන්දු වෙලා තියෙන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.   අනිත් හැමෝම තම තමන්ගේ දෙවිවරුන්ට නමස්කාර කරයි.*ඒත් අපි සදාකාලයෙන් සදාකාලයටම නමස්කාර කරන්නේ අපේ දෙවි යෙහෝවාටයි.*+   යෙහෝවා මෙහෙම කියනවා.“ඒ කාලයේදී, කොරගගහා හිටපු අයවත්*විසිරිලා හිටපු අයවත්+මගෙන් දඬුවම් ලබපු අයවත් මම එකට එකතු කරනවා.   කොරගගහා හිටපු අයගෙන්* කුඩා පිරිසක්ව මම බේරගන්නවා.+දේශයෙන් ඈතට අරන් ගිය අයව මම බලවත් ජාතියක් වෙන්න සලස්වනවා.+යෙහෝවා වන මම දැනුත් සදාකාලයටමත්සියොන් කන්දේ ඉඳන් ඔවුන්ගේ රජ විදිහට පාලනය කරනවා.   සෙනඟව ආරක්ෂා කරන මුරපොළ,සියොන් දියණියගේ කන්ද,+මුලින්ම පිහිටවපු* රාජ්‍යය ආයෙත් ඔබ ළඟට එනවා.+ඒ රාජ්‍යය අයිති යෙරුසලම් දියණියටයි.+   ඔබ මහ හයියෙන් කෑගහන්නේ ඇයි? ඔබව පාලනය කරන්න රජෙක් නැති නිසාද?ඔබට උපදෙස් දෙන කෙනා මිය ගිහින්ද?දරුවෙක් බිහි කරන ස්ත්‍රියක් වගේ ඔබ වේදනාවෙන් ඉන්නේ ඒ නිසාද?+ 10  සියොන් දියණිය, දරුවෙක් බිහි කරන ස්ත්‍රියක් වගේ වේදනා විඳිමින් කෑගහන්න.මොකද ඔබට නුවරෙන් පිට වෙලා එළිමහනේ ජීවත් වෙන්න සිද්ධ වෙනවා. බැබිලෝනිය වෙන කල්ම ඔබට යන්න වෙනවා.+එහේ ඉද්දී මම ඔබව බේරගන්නවා.+යෙහෝවා වන මම එහෙදී ඔබේ සතුරන්ගෙන් ඔබව බේරගන්නවා.+ 11  හුඟක් ජාතීන් ඔබට විරුද්ධව එක් රැස් වෙයි.‘සියොන් අගෞරවයට පත් වේවා!ඒ දේ අපේ ඇස් දෙකෙන්ම දකින්න ලැබේවා’ කියලා ඔවුන් කියයි. 12  ඒත් යෙහෝවා වන මගේ සිතුවිලි ඔවුන් දන්නේ නැහැ.මං අරමුණු* කරන දේ ඔවුන් තේරුම් අරන් නැහැ.මොකද අලුතෙන් කපපු ධාන්‍ය කරල් කමතට අරන් යනවා වගේ මම ඔවුන්වත් කමතට අරන් යනවා. 13  සියොන් දියණිය, නැඟිටලා කරල් පාගන්න.+මොකද මම ඔබට යකඩ අං සහ තඹ කුර ලබා දෙනවා.ඔබ හුඟක් ජාතීන්ව පොඩි කරලා දානවා.+ ඔවුන් වංචාවෙන් උපයගත්ත ලාභ ඔබ යෙහෝවා වන මට කැප කරනවා.ඔවුන්ට අයිති වටිනා දේවලුත් මුළු පොළොවටම අධිපති වන මට භාර දෙනවා.”+

පාදසටහන්

හෝ, “මඟ පෙන්වීම්.”
හෝ, “වැරදි.”
මූ.අ., “දෙවිවරුන්ගේ නමින් ගමන් කරයි.”
මූ.අ., “ගමන් කරන්නේ අපේ දෙවි යෙහෝවාගේ නමින්.”
මූ.අ., “තැනැත්තියවත්.”
මූ.අ., “ඇගෙන්.”
හෝ, “කලින් තිබුණ.”
හෝ, “සැලසුම්.”