මීකා 7:1-20

7  අනේ, මට මොන තරම් විපතක්ද මේ වුණේ!මං හරියට ඉදුණු පලතුරු* නෙළුවාට පස්සෙත් මිදිපල නෙළුවාට පස්සෙත්ඉතුරු වෙලා තියෙන පලතුරු හොයාගෙන යන කෙනෙක් වගේ.ඒත් එක මිදිපොකුරක්වත් මං කන්න ආසාවෙන් හිටපු ඉදුණු අත්තික්කා ගෙඩියක්වත් මට ඉතුරු වෙලා නැහැ!   දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න, එක මිනිසෙක්වත් පොළොවේ හොයාගන්න නැහැ.එක ධර්මිෂ්ඨ මිනිසෙක්වත් ඉතුරු වෙලා නැහැ.+ හැමෝම බලාගෙන ඉන්නේ ලේ වගුරුවන්නයි.+ තමන්ගෙම සහෝදරයන්ට උගුල් අටවන්නයි.*   ඔවුන් නපුරු දේ කරන්න දක්ෂයි.+පාලකයෝ බලහත්කාරයෙන් දේවල් ඉල්ලනවා.විනිශ්චයකරුවන් තීන්දු දෙන්නේ මුදලට.+බලවත් අය තමන්ගේ හිතේ ආශාවන් කියයි.+ඒ හැමෝම එකතු වෙලා කුමන්ත්‍රණය කරනවා.   ඔවුන් අතරේ ඉන්න හොඳම අය වුණත් කටු පඳුරු වගේ.ඔවුන් අතරේ ඉන්න අවංකම කෙනාත් කටු වැටකටත් වඩා දරුණුයි. ඔබේ මුරකරුවන් අනතුරු අඟවපු විදිහටම සිද්ධ වෙයි. ඔබේ දුෂ්ටකම්වලට වග කියන්න වෙන දවස අනිවාර්යයෙන්ම එයි.+ එදාට ඔවුන් හොඳටම කලබල වෙයි.+   ඔබ ඇසුරු කරන කෙනාව විශ්වාස කරන්න එපා.ඔබේ කිට්ටුම යාළුවාවවත් විශ්වාස කරන්න එපා.+ ඔබේ ළයේ සැතපෙන කෙනාට ඔබ කියන දේ ගැන පරෙස්සම් වෙන්න.   මොකද පුතෙක් ඔහුගේ තාත්තාව හෙළා දකිනවා.දුව අම්මාට විරුද්ධවත්+ ලේළි නැන්දම්මාට විරුද්ධවත්+ වැඩ කරනවා.කෙනෙක්ගේ සතුරෝ වෙන්නේ ඔහුගෙම පවුලේ අයයි.+   ඒත් මම නම් යෙහෝවා පියවර ගන්න කල් බලාගෙන ඉන්නවා.+ මට ගැලවීම දෙන දෙවියන් ක්‍රියා කරන කල් මම ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.+ මගේ දෙවියන් මට ඇහුම්කන් දෙනවා කියලා මට විශ්වාසයි.+   මට සතුරුකම් කරන තැනැත්තිය, මට වෙච්ච විපත ගැන සතුටු වෙන්න එපා. මම දැන් වැටිලා හිටියත් මං ආයෙත් නැඟිටිනවා.මං දැන් අන්ධකාරයේ හිටියත් යෙහෝවා මට ආලෝකයක් වෙයි.   දෙවියන් මං වෙනුවෙන් නැඟී ඉඳලා මට සාධාරණය ඉටු කරන කල්මම යෙහෝවාගේ උදහස ඉවසලා දරාගන්නවා.මොකද මම ඔහුට විරුද්ධව පව් කළා.+ ඔහු මාව අන්ධකාරයෙන් ආයෙත් ආලෝකයට අරන් එයි.එතකොට ඔහුගේ ධර්මිෂ්ඨකම දැකගන්න මට පුළුවන් වෙයි. 10  මට සතුරුකම් කරපු තැනැත්තියත් ඒක දැකලා ලැජ්ජාවට පත් වෙයි.“ඔබේ දෙවි යෙහෝවා කොහෙද”+ කියලා මට සමච්චල් කරපු ස්ත්‍රිය ලැජ්ජා වෙයි. මිනිසුන්ගේ පයට පෑගෙන මඩ වගේ ඇයවත් පාගලා දායි. ඇයට සිද්ධ වෙන දේ මට දැකගන්න ලැබෙයි. 11  ඒ දවසේදී ඔබේ ගල් පවුරු ගොඩනඟයි.ඔබේ දේශ සීමා පුළුල් කරයි.* 12  ඒ දවසේදී ජනයා ඇසිරියාවේ සහ ඊජිප්තුවේ නගරවල ඉඳන් ඔබ ළඟට එයි.ඊජිප්තුවේ ඉඳන් මහ ගඟ* දක්වාත්එක මුහුදක ඉඳන් තවත් මුහුදක් දක්වාත්එක කන්දක ඉඳන් තවත් කන්දක් දක්වාත් ජීවත් වෙන ජනයා ඔබ ළඟට එයි.+ 13  ඒත් දේශයේ වැසියන් කරන දේවල් නිසාදේශය පාළු වෙලා යනවා. 14  දෙවියනි, ඔබේ උරුමය වන ඔබට අයිති බැටළු රැළ රැකබලා ගන්න.+වනාන්තරයක තනියම ජීවත් වුණ, පලතුරු උයනක් මැද හිටපු ඔවුන්ට ඔබේ සැරයටියෙන් මඟ පෙන්වන්න. අතීතයේදී කළා වගේ බාෂාන්වලදීත් ගිලියද්වලදීත්+ ඔබේ සෙනඟව පෝෂණය කරන්න. 15  “ඔබ ඊජිප්තු දේශයෙන් පිටතට ආපු දවස්වලදී වගේමම ආයෙත් ඔබට පුදුම දනවන දේවල් පෙන්වනවා.+ 16  බලවත් ජාතීන් පවා ඒ පුදුම දනවන දේවල් දැකලා ලැජ්ජාවට පත් වෙයි.+ ඔවුන් තමන්ගේ අත්වලින් කට වහගනියි.ඔවුන්ගේ කන් බිහිරි වෙයි. 17  ඔවුන් සර්පයන් වගේ දූවිලි කයි.+ඔවුන් උරගයන් වගේ තමන්ගේ සුරක්ෂිත තැන්වලින් බයෙන් වෙවුලමින් පිටතට එයි. අපේ දෙවි යෙහෝවා ළඟට ඔවුන් බයෙන් වෙවුලමින් එයි.ඔවුන් ඔබ ගැන බයෙන් ඉඳියි.”+ 18  දෙවියනි, ඔබ වගේ තවත් දෙවි කෙනෙක් ඉන්නවාද?ඔබේ උරුමය වන ඔබේ සෙනඟගෙන් ඉතුරු වුණ අයගේ+ වරදට ඔබ සමාව දෙනවා. ඔවුන්ගේ වැරදි අමතක කරලා දානවා.+ඔබ හැමදාමත් කේන්තිය හිතේ තියාගෙන ඉන්නේ නැහැ.මොකද ඔබ නොසැලෙන ආදරයට ප්‍රිය කරන දෙවි කෙනෙක්.+ 19  ඔබ ආයෙත් අපිට දයාව පෙන්වලා+ අපේ වැරදිවලින් ගොඩ එන්න අපිට උදව් කරනවා. ඔබ අපේ හැම වරදක්ම මුහුදු පත්ලටම වීසි කරනවා.+ 20  ඔබ අතීතයේ අපේ මුතුන්මිත්තන්ට දිවුරලා පොරොන්දු වුණ විදිහටම+යාකොබ් එක්ක විශ්වාසවන්තව වැඩ කරනවා.ආබ්‍රහම්ට නොසැලෙන ආදරයක් පෙන්වනවා.

පාදසටහන්

මූ.අ., “ගිම්හාන පලතුරු අස්වැන්න.” සමහරවිට මෙතන කතා කරන්නේ අත්තික්කා සහ රටඉඳි ගැන වෙන්න පුළුවන්.
මූ.අ., “මාදැලක් එළන්නයි.”
හෝ සමහරවිට, “නියෝගය දුරස්ව තියෙයි.”
ඒ කියන්නේ යුප්‍රටීස් ගඟ.