යාකොබ් ලියපු ලිපිය 3:1-18

  • දිව මෙල්ල කරගන්න (1-12)

    • හැමෝම ගුරුවරුන් වෙන්න ඉක්මන් වෙන්න එපා (1)

  • ස්වර්ගයෙන් එන ප්‍රඥාව (13-18)

3  මගේ සහෝදරයෙනි, ගුරුවරුන් වන අපිට ලැබෙන්නේ බරපතළ විනිශ්චයක්.+ ඒ නිසා ඔයාලා හැමෝම ගුරුවරුන් වෙන්න ඉක්මන් වෙන්න එපා.  මොකද අපි හැමෝම අතින් නිතරම වගේ වැරදි වෙනවා.*+ කතා කරද්දී කෙනෙක්ට කවදාවත් වැරදි දෙයක් නොකියා ඉන්න පුළුවන් නම් එයා පව් නොකරන කෙනෙක්. එහෙම කෙනෙක්ට පුළුවන් එයාගේ මුළු ශරීරයම හොඳින් පාලනය කරගන්න.  අශ්වයෙක්ව මෙල්ල කරන්න අපි ඌට කටකලියාවක් දානවා. එතකොට අපිට පුළුවන් උගේ මුළු ශරීරයම අපිට ඕනෙ විදිහට හසුරුවගන්න.  නැවක් ගැන හිතන්න. නැව කොච්චර ලොකු වුණත් පුංචි සුක්කානමකින් නැව තමන් කැමති දිශාවට ගෙනියන්න කපිතාන්ට පුළුවන්. තද හුළඟක් නිසා නැව ගහගෙන යද්දීත් එයාට ඒක කරන්න පුළුවන්.  ඒ වගේ තමයි දිවත්. ඒක පුංචි අවයවයක් වුණාට ලොකුවට දේවල් කියවනවා. පුංචි ගිනිපුපුරකින් ලොකු වනාන්තරයක් වුණත් පුච්චලා දාන්න පුළුවන්.  දිවත් ගින්නක්.+ අධර්මිෂ්ඨකමින් පිරිලා තියෙන දිව නිසා මුළු ශරීරයටම කැළලක් ඇති වෙනවා.+ ඒකට පුළුවන් කෙනෙක්ගේ මුළු ජීවිතයම විනාශ කරන්න.* ඒකෙන් වෙන විනාශය ගෙහෙන්නාවේ* වෙන විනාශයට සමානයි.  ඕනෙම වනසතෙක්ව, කුරුල්ලෙක්ව, බඩ ගාගෙන යන සතෙක්ව, මුහුදේ ඉන්න සතෙක්ව හීලෑ කරන්න මිනිස්සුන්ට පුළුවන්. මිනිස්සු එහෙම කරලත් තියෙනවා.  හැබැයි දිව මෙල්ල කරගන්න නම් කිසිම මනුස්සයෙක්ට පුළුවන් වෙලා නැහැ. දිව කියන්නේ කිසි පාලනයක් නැති, හානිකර දෙයක්. ඒක මාරාන්තික විෂවලින් පිරිලා.+  ඒකෙන් අපි අපේ දෙවි පියාණන් වන යෙහෝවාට* ප්‍රශංසා කරනවා. ඒත් එක්කම “දෙවියන්ට යම් සමානකම් තියෙන”+ විදිහට හදලා තියෙන මිනිස්සුන්ට අපහාස කරනවා. 10  ප්‍රශංසා කරන කටින්ම අපහාසත් කරනවා. මගේ සහෝදරයෙනි, ඒක කොහොමටවත් සුදුසු නැහැ.+ 11  එකම උල්පතෙන් හොඳ වතුරයි, කිවුල් වතුරයි දෙකම එන්න පුළුවන්ද? 12  සහෝදරයෙනි, අත්තික්කා ගහක ඔලීව ගෙඩි හැදෙනවාද? මිදිවැලක අත්තික්කා ගෙඩි හැදෙනවාද?+ ලුණු වතුර උල්පතකින් කවදාවත් හොඳ වතුර එන්නේ නැහැ. 13  කාරණා හොඳට තේරුම් අරන් ප්‍රඥාවන්තව වැඩ කරන කෙනෙක් ඔයාලා අතරේ ඉන්නවාද? එහෙමනම් එයා එයාගේ ජීවිතේ ගත කරන විදිහෙන් ඒක පෙන්නන්න ඕනේ. එයාට ලැබිලා තියෙන ප්‍රඥාව නිසා හැම දෙයක්ම මෘදුකමින් කරන්න ඕනේ. 14  ඒත් ඔයාගේ හිතේ ලොකු ඊර්ෂ්‍යාවක්+ තියෙනවාද? ඔයා නිතරම වාදවිවාදවලට පැටලෙනවාද?*+ එහෙමනම් ඔයාගේ ප්‍රඥාව ගැන මහ ඉහළින් කතා කරන්නේ කොහොමද?+ ඔයා කරන්නේ බොරුවක්. 15  ස්වර්ගයෙන් එන ප්‍රඥාව තියෙන කෙනෙක් ඒ විදිහට වැඩ කරන්නේ නැහැ. ඒ විදිහට වැඩ කරන්නේ මේ ලෝකේ අය.+ තිරිසන් ගති, භූතයන්ගේ ගති තියෙන අය. 16  මොකද ඊර්ෂ්‍යා කරන, වාදවිවාදවලට පැටලෙන* කෙනෙක් ඉන්න තැන හැම දෙයක්ම අවුල් වෙනවා. ගොඩක් නරක දේවලුත් වෙනවා.+ 17  ඒත් දෙවියන්ගෙන් ලැබෙන ප්‍රඥාව තියෙන කෙනෙක් පවිත්‍ර ජීවිතයක් ගත කරනවා.+ ඒක එයා තුළ මුලින්ම දකින්න තියෙන දෙයක්. ඒ වගේම එයා සාමකාමියි.+ එයා සාධාරණව හිතන,*+ කීකරු වෙන්න ලෑස්ති, දයාවෙන් පිරුණු, යහපත් දේවල් කරන කෙනෙක්.+ එයා හැමෝටම එක වගේ සලකනවා.+ එයා බොරු මවාපෑමක් කරන්නේ නැහැ.+ 18  ඇත්තටම අනිත් අය එක්ක සාමයෙන් ඉන්න උත්සාහ කරන අය+ සාමකාමී වටපිටාවක් ඇති කරනවා*+ වගේම එයාලා හරි දේවලුත් කරනවා.*

පාදසටහන්

මූ.අ., “පය පැටලිලා වැටෙනවා.”
හෝ, “ජීවිතයට ගිනි තියන්න.”
උප. A5 බලන්න.
හෝ සමහරවිට, “කොහොමහරි ඉස්සරහට එන්න හදනවාද?”
හෝ සමහරවිට, “කොහොමහරි ඉස්සරහට එන්න හදන.”
හෝ, “මුරණ්ඩු නැති; එයාගේ මතයේ එල්බගෙන ඉන්නේ නැති.”
මූ.අ., “ධර්මිෂ්ඨ පල නිපදවනවා.”
හෝ, “සාමකාමී වාතාවරණයක හොඳ දේවල් කරන්නේ සාමය ඇති කරන අයයි.”