යාකොබ් ලියපු ලිපිය 4:1-17

  • ලෝකයේ මිතුරෙක් වෙන්න එපා (1-12)

    • යක්ෂයාට විරුද්ධ වෙන්න (7)

    • දෙවියන්ට ළං වෙන්න (8)

  • උඩඟු අයට අනතුරු ඇඟවීමක් (13-17)

    • “යෙහෝවා කැමති නම්” (15)

4  ඔයාලා රණ්ඩු දබර කරන්නේ ඇයි? ඒකට හේතුව ඔයාලාගේ පව්කාර ආශාවන් නෙමෙයිද? ඒ ආශාවන් ඔයාලව* පාලනය කරන්න හදන නිසා නෙමෙයිද?+  ඔයාලා ලබාගන්න ආශාවෙන් ඉන්න දේ ඔයාලට ලැබෙන්නේ නැහැ. ඔයාලා මරාගත්තාට, තණ්හාවෙන් වැඩ කළාට ඔයාලට මුකුත් ලැබෙන්නේ නැහැ. ඔයාලා දිගටම රණ්ඩු දබරවලට පැටලෙනවා.+ ඔයාලට මුකුත් ලැබිලා නැත්තේ ඔයාලා ඉල්ලන්නේ නැති නිසයි.  ඉල්ලුවත් ඔයාලට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. මොකද ඔයාලා ඉල්ලන්නේ වැරදි චේතනාවෙන්. ඔයාලට ඕනෙ ඔයාලාගේ පව්කාර ආශාවන් ඉටු කරගන්නයි.  ද්‍රෝහිකම් කරන මනුෂ්‍යයෙනි,* ලෝකයේ මිතුරෙක් වෙද්දී දෙවියන්ගේ සතුරෙක් වෙනවා කියලා ඔයාලා දැනගෙන හිටියේ නැද්ද? ඇත්තටම කෙනෙක් ලෝකය එක්ක මිතුරු වෙන්න කැමති නම් එයා දෙවියන්ගේ සතුරෙක් වෙනවා.+  ශුද්ධ ලියවිල්ලේ කියනවා “අපේ හිතේ තියෙන තණ්හාව සහ ඊර්ෂ්‍යාව නිසා තමයි එක එක දේවල් ලබාගන්න දැඩි ආශාවක් ඇති වෙන්නේ”+ කියලා. ඔයාලා හිතන්නේ ඒ කියන දේ කිසි තේරුමක් නැහැ කියලද?  ඒත් දෙවියන් හරිම කරුණාවන්තව අපිට උදව් කරන නිසා* අපේ හිතේ තියෙන තණ්හාව, ඊර්ෂ්‍යාව පරාජය කරන්න අපිට පුළුවන්. “දෙවියන් උඩඟු අයට විරුද්ධව ඉන්නවා.+ ඒත් නිහතමානී අයට මහත් කරුණාව* පෙන්නනවා”+ කියලා ශුද්ධ ලියවිල්ලේ කියලා තියෙන්නේ ඒ නිසයි.  ඒ නිසා දෙවියන්ට යටත් වෙන්න.+ යක්ෂයාට විරුද්ධ වෙන්න.+ එතකොට යක්ෂයා ඔයාව අත්හැරලා පලා යයි.+  දෙවියන්ට ළං වෙන්න. එතකොට ඔහුත් ඔයාට ළං වෙයි.+ පව්කාරයෙනි, ඔයාලාගේ අත් පිරිසිදු කරගන්න.+ දෙගිඩියාවෙන් ඉන්න මනුෂ්‍යයෙනි, ඔයාලාගේ සිත් පවිත්‍ර කරගන්න.+  දුක් වෙන්න. හඬා වැලපෙන්න.+ හිනා වෙනවා වෙනුවට වැලපෙන්න. සතුටින් ඉන්නවා වෙනුවට කනගාටු වෙන්න. 10  නිහතමානීව යෙහෝවාට* යටත් වෙන්න.+ එතකොට ඔහු ඔයාව ගෞරවයට පත්* කරයි.+ 11  සහෝදරයෙනි, එකිනෙකාට විරුද්ධව කතා කරන එක නවත්තන්න.+ කෙනෙක් සහෝදරයෙක්ට විරුද්ධව කතා කරනවා නම් නැත්නම් සහෝදරයෙක්ව විනිශ්චය කරනවා නම් එයා කතා කරන්නේ නීතියට* විරුද්ධවයි. එයා ඇත්තටම කරන්නේ නීතිය හෙළා දකින එක. ඒ විදිහට වැඩ කරනවා නම් ඔයා විනිශ්චයකරුවෙක් මිසක් නීතිය පිළිපදින කෙනෙක් නෙමෙයි. 12  ඇත්තටම නීති දාන්නත් විනිශ්චය කරන්නත් අයිතිය තියෙන්නේ දෙවියන්ට විතරයි.+ කෙනෙක්ව ගලවගන්නත් විනාශ කරන්නත් බලය තියෙන්නේ ඔහුටයි.+ එහෙමනම් ඔයාගේ අසල්වැසියාව විනිශ්චය කරන්න ඔයා කවුද?+ 13  “අද නැත්නම් හෙට අපි අහවල් නගරෙට ගිහිල්ලා එහේ අවුරුද්දක් ඉඳලා වෙළඳාම් කරලා ලාභයක් ගමු”+ කියලා ඔයාලාගෙන් සමහරු කියනවා. 14  ඒත් හෙට දවසේ ඔයාට මොනවා වෙයිද කියලා ඔයා දන්නේ නැහැ.+ මොකද ඔයා හරියට ටික වෙලාවක් තිබිලා නොපෙනී යන මීදුමක් වගේ.+ 15  ඒ වෙනුවට ඔයාලා කියන්න ඕනෙ මෙහෙමයි. “යෙහෝවා* කැමති නම්+ අපිට පුළුවන් ජීවත් වෙලා ඒ දේ හරි මේ දේ හරි කරන්න.” 16  ඒත් ඔයාලා හරිම අහංකාර විදිහට ඔයාලා ගැනම මහ ඉහළින් කතා කරනවා. එහෙම කතා කරන එක කොච්චර දුෂ්ට දෙයක්ද! 17  ඉතින් කෙනෙක් හරි දේ මොකක්ද කියලා දැනගෙනත් ඒක කරන්නේ නැත්නම් එයා කරන්නේ වරදක්.*+

පාදසටහන්

මූ.අ., “ඔයාලාගේ ශරීරයේ හැම අවයවයක්ම.”
මූ.අ., “අනාචාරයේ යෙදෙන්නෙනි.”
මූ.අ., “දෙවියන් පෙන්නන මහත් කරුණාව ශ්‍රේෂ්ඨ නිසා.”
හෝ, “ලබන්න නොවටිනා කරුණාව.” “පැහැදිලි කිරීමක්” බලන්න.
උප. A5 බලන්න.
හෝ, “උසස්.”
පේන විදිහට මෙතන කතා කරන්නේ පොදුවේ දෙවියන් දීලා තියෙන නීති ගැනයි.
උප. A5 බලන්න.
හෝ, “පාපයක්.”