යූද් ලියපු ලිපිය 1:1-25

  • සුබ පැතුම් (1, 2)

  • බොරු ගුරුවරුන්ට විනිශ්චයෙන් බේරෙන්න බැහැ (3-16)

    • මිකායෙල් සහ යක්ෂයා අතර ඇති වුණ මතභේදය (9)

    • ඒනොක්ගේ අනාවැකිය (14, 15)

  • දිගටම දෙවියන්ගේ ආදරය ලබන කෙනෙක් වෙන්න (17-23)

  • දෙවියන්ට ගෞරවය දෙන්න (24, 25)

 මේ ලිපිය ලියන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ දාසයෙක් සහ යාකොබ්ගේ+ සහෝදරයෙක් වන යූද්. මේක ලියන්නේ අපේ තාත්තා වන දෙවියන් කැඳවපු,+ ඔහුගේ ආදරේ ලබන, යේසුස් ක්‍රිස්තුස් වෙනුවෙන් දෙවියන් ආරක්ෂා කරන අයටයි.+  ඔයාලට දෙවියන්ගේ දයාවත් සමාදානයත් ආදරයත් වැඩි වැඩියෙන් ලැබේවා!  ආදරණීය සහෝදරයෙනි, අපි හැමෝම අද්දකින ගැලවීම+ ගැන ඔයාලට ලියන්න මම ගොඩක් ආසාවෙන් හිටියා. ඒත් මට තේරුණා වෙනත් දෙයක් ගැන ඔයාලට ලියන්න ඕනෙ කියලා. ඔයාලා විශ්වාස කරන දේවල්වලට ඇලිලා ඉන්න ලොකු සටනක් කරන්න+ කියලා ඔයාලව උනන්දු කරන්න මම කැමතියි. ශුද්ධ තැනැත්තන්ට භාර දුන්න, ඔයාලා විශ්වාස කරන ඒ කිසිම දෙයක් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.  මං මේ ගැන ලියන්නේ යම් පිරිසක් රහසින් ඔයාලා අතරට ඇවිත් ඉන්න නිසයි. බොහෝ කාලෙකට කලින් ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙලා තියෙන විනිශ්චය එයාලට ලැබෙන්න නියමිතයි. එයාලා දෙවියන්ට කිසිම ගෞරවයක් පෙන්නන්නේ නැහැ. අපේ දෙවියන් පෙන්නන මහත් කරුණාව* කිසිම ලැජ්ජාවක් බයක් නැතුව හැසිරෙන්න*+ එයාලා නිදහසට හේතුවක් කරගෙන තියෙනවා. අපේ එකම අයිතිකරු සහ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ට එයාලා ද්‍රෝහි වෙලා.+  ඔයාලා මේ හැම දෙයක්ම දන්නවා කියලා මට සැකයක් නැහැ. ඒත් මම ඔයාලට මේ ගැන මතක් කරන්න කැමතියි. යෙහෝවා* දෙවියන් ඊජිප්තු දේශයෙන් සෙනඟක් ගලවගත්තත්+ විශ්වාසයක් පෙන්නුවේ නැති අයව පස්සේ විනාශ කළා.+  ඒ වගේම තමන්ගේ පැවරුම කරන්නේ නැතුව තමන්ගේ නියමිත වාසස්ථානය අත්හැරලා ගිය දේවදූතයන්ට+ වුණ දේත් මතක් කරන්න කැමතියි. මහත් දවසේදී එයාලට නියමිත විනිශ්චය ලැබෙන කල් එයාලව සදාකාලික බැඳුම්වලින් බැඳලා තද අන්ධකාරයේ තියලා තියෙනවා.+  සොදොම්, ගොමෝරා සහ ඒ අවට නගරවල හිටපු මිනිස්සුත් ඒ දේවදූතයන් වගේ කිසිම ගාණක්* නැතුව ලිංගික දුරාචාරයේ* යෙදුණා. එයාලා අස්වාභාවික ලිංගික ආශාවන් පස්සේ ගියා.+ දෙවියන් එයාලව ගින්නෙන් විනාශ කළා. ඒක සදාකාලික දඬුවමක්. එයාලට වුණ දේ අපිට අනතුරු ඇඟවීමක්.+  ඒ වුණත් රහසින් ඇවිල්ලා ඉන්න ඒ මිනිස්සු පහත් දේවල් ගැන හීන මවනවා. තමන්වත් අනුන්වත් අපවිත්‍ර කරන දේවල් කරනවා.* තමන්ට ඉහළින් ඉන්න අයට අගෞරව කරනවා. දෙවියන් ගෞරවය ලබා දීලා තියෙන අය ගැන පහත් විදිහට කතා කරනවා.+  ඒත් මෝසෙස්ගේ මළ සිරුර ගැන+ අග්‍රදේවදූත+ මිකායෙල්+ සහ යක්ෂයා අතරේ මතභේදයක් ඇති වුණ වෙලාවේදී යක්ෂයාට විරුද්ධව විනිශ්චයක් දෙන්න තමන්ට අයිතියක් තියෙනවා කියලා මිකායෙල් හිතුවේ නැහැ.+ ඔහු පහත් විදිහට කතා කළෙත් නැහැ. ඒ වෙනුවට ඔහු කිව්වේ “ඔයාට ලැබෙන්න ඕනෙ විනිශ්චය යෙහෝවා* දෙයි”+ කියලා. 10  ඒත් ඒ මිනිස්සු තමන්ට කිසි අවබෝධයක් නැති හැම දෙයක් ගැනම හරිම පහත් විදිහට කතා කරනවා.+ ඉවෙන් වැඩ කරන සත්තු වගේ+ එයාලා දන්නේ එයාලාගේ ආශාවන් ඉටු කරගන්න විතරයි. ඒ දේවල් කරලා එයාලා තව තවත් අපවිත්‍ර වෙනවා. 11  ඒ වගේ අය ඉන්නේ ලොකු අනතුරක. එයාලා වැඩ කරන්නේ කායින් වගේ.+ වාසි ප්‍රයෝජන බලාගෙන වැරදි පාරේ යන්න ඉක්මන් වුණ බාලාම් වගේ.+ කැරලිකාර කෝරා+ වගේ එයාලත් අධිකාරියක් තියෙන අයට විරුද්ධව කතා කරනවා.+ එයාලා විනාශ වෙන්නේ ඒ නිසයි. 12  ඒ අය ඔයාලාගේ උත්සවවලට* ඇවිත් ඔයාලා එක්ක කාලා බීලා හොඳට ඉන්නවා.+ ඒත් එයාලා දිය යට හැංගිලා තියෙන ගල්පර වගේ. එයාලා කිසි ලැජ්ජාවක් බයක් නැතුව මඩිය තර කරගන්න එඬේරුන්.+ හුළඟට එහේ මෙහේ ගහගෙන යන හිස් වලාකුළු වගේ.+ වාරෙට පල දරන්නේ නැති, සම්පූර්ණයෙන්ම* මැරිලා ගිය, උගුල්ලලා දැම්ම ගස් වගේ. 13  කැලඹුණු මුහුදක රළ පහර මුහුදේ තියෙන කුණු ගොඩට ගේනවා වගේ එයාලා කරන අපවිත්‍ර දේවලුත් හැමෝටම පේනවා.+ එයාලා නියමිත ගමන් මාර්ගයක් නැති තරු වගේ. එයාලට සදහටම නියම වෙන්නේ තදම තද අන්ධකාරයයි.+ 14  ආදම්ගේ පෙළපතින් ආව හත්වෙනියා වුණ ඒනොක්+ ඒ අය ගැන මෙහෙම අනාවැකි කිව්වා. “බලන්න! යෙහෝවා* තම දසදහස් ගණන් ශුද්ධ දූතයන් එක්ක ඇවිත් ඉන්නවා.+ 15  ඔහු ආවේ හැමෝටම විරුද්ධව තම විනිශ්චය ඉටු කරන්නයි.+ ඔහුට කිසි ගෞරවයක් පෙන්නන්නේ නැති, ඔහු ගැන කිසි තැකීමක් නැතුව ගොඩක් දුෂ්ට දේවල් කරපු පව්කාරයන්ට දඬුවම් නියම කරන්නයි. දෙවියන් එහෙම කරන්නේ ඒ පව්කාරයන් ඔහු ගැන කිසි ගෞරවයක් නැතුව ඔහුට විරුද්ධව හරිම පහත්, නින්දිත දේවල් කියපු+ සහ හරිම දුෂ්ට දේවල් කරපු නිසයි.” 16  ඒ මිනිස්සු නිතරම කොඳුරනවා.+ තියෙන දේවලින් සෑහීමට පත් වෙන්නේ නැති එයාලා, නිතරම කන්කෙඳිරි ගානවා. එයාලා බලන්නේ එයාලාගෙම ආශාවන් ඉටු කරගන්නයි.+ එයාලා තමන් ගැනම මහ ඉහළින් කතා කරනවා. තමන්ගේ වාසියට අනිත් අයව බොරුවට වර්ණනා කරනවා.+ 17  ආදරණීය සහෝදරයෙනි, අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නියෝජිතයන්* කලින් කියපු දේවල් මතක් කරගන්න. 18  එයාලා නිතරම කිව්වා “තමන්ගේ දුෂ්ට අදහස් ඉටු කරගන්න හදන,+ සත්‍යය විහිළුවකට ගන්න අය අවසාන කාලයේදී ඉන්නවා” කියලා. 19  භේද ඇති කරන්නෙත්+ සත්තු වගේ වැඩ කරන්නෙත් මේ අයයි. එයාලා දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීම්වලට එකඟව වැඩ කරන්නේ නැහැ. 20  ඒත් ආදරණීය සහෝදරයෙනි, ශුද්ධ දෙයක් වන ඔයාලාගේ විශ්වාසය ශක්තිමත් කරගන්න. දෙවියන්ගේ බලයෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට එකඟව යාච්ඤා කරන්න.+ 21  ඒ විදිහට දිගටම දෙවියන්ගේ ආදරේ ලබන කෙනෙක් වෙන්න.+ ඒ අතරේ ඔයාලට සදාකාල ජීවනය ලබාගන්න මාර්ගය විවෘත කරන අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දයාව ගැන බලාපොරොත්තුවෙන් ඉන්න.+ 22  ඒ වගේම සැකෙන් ඉන්න අයට+ දිගටම දයාව පෙන්නන්න.+ 23  එයාලව විනාශයෙන්* ගලවගන්න.+ අනිත් අයටත් දිගටම දයාව පෙන්නන්න. ඒත් පරෙස්සම් වෙන්න. එයාලා පව්කාර ක්‍රියාවලින් අපවිත්‍ර වෙලයි ඉන්නේ.* ඒ නිසා එයාලට දයාව පෙන්නද්දී ඒ පව්කාර ක්‍රියා* පිළිකුල් කරන්න.+ 24  වරදට* වැටෙන්නේ නැතුව ඉන්න ඔයාට උදව් කරන්න දෙවියන්ට පුළුවන්. ඔහුගේ තේජස ඉදිරියේ ලොකු සතුටකින් සහ කැළලක් නැති+ කෙනෙක් විදිහට ඉන්න ඔයාට උදව් කරන්නත් ඔහුට පුළුවන්. 25  අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් අපිට ගැලවීම ලබා දෙන එකම දෙවියන් වන ඔහුට ප්‍රශංසා වේවා! ඔහුගේ තේජසත් ශ්‍රේෂ්ඨත්වයත් පාලන අයිතියත් කලින් වගේම දැනුත් සදහටමත් පවතීවා! ආමෙන්.*

පාදසටහන්

හෝ, “ලබන්න නොවටිනා කරුණාව.” “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “නින්දිත ක්‍රියාවල නිරත වෙන්න.” ග්‍රීක භාෂාවෙන් අසෙල්ජෙයියා. “පැහැදිලි කිරීමක්” බලන්න.
උප. A5 බලන්න.
හෝ, “ඉවක්බවක්.”
ඒ කියන්නේ ලිංගික දුරාචාරය නිසා අපවිත්‍ර වෙනවා.
උප. A5 බලන්න.
හෝ, “සහෝදරයන්ට ආදරය පෙන්නන්න සැලසුම් කරපු සාදයන්වලට.”
මූ.අ., “දෙපාරක්.”
උප. A5 බලන්න.
හෝ, “යවනු ලැබූ අය.”
මූ.අ., “ගින්නෙන්.”
මූ.අ., “එයාලාගේ ඇඳුම් පව්කාර ක්‍රියාවලින් අපවිත්‍ර කරගෙනයි තියෙන්නේ.”
මූ.අ., “අපවිත්‍ර වුණ ඇඳුම්.”
මූ.අ., “පය පැටලිලා.”
හෝ, “එසේම වේවා!”