Skip to content

පටුනට යන්න

යෙරෙමියා පොත

පරිච්ඡේද

පොතේ සාරාංශයක්

  • 1

    • යෙරෙමියාව අනාගතවක්තෘවරයෙක් විදිහට පත් කරයි (1-10)

    • ආමන්ඩ් ගහ ගැන දැක්ක දර්ශනය (11, 12)

    • ලොකු හැළිය ගැන දර්ශනය (13-16)

    • පැවරුම කරන්න යෙරෙමියාව ශක්තිමත් කරයි (17-19)

  • 2

    • ඊශ්‍රායෙල්වරු යෙහෝවාව අතහරියි (1-37)

      • ඊශ්‍රායෙල් හරියට වල් මිදිවැලක් වගෙයි (21)

      • ඇගේ ඇඳුම්වල ලේ ගෑවිලා (34)

  • 3

    • ඊශ්‍රායෙල්ගේ ද්‍රෝහිකම්වල තරම (1-5)

    • ඊශ්‍රායෙල් සහ යූදා අනාචාරයේ යෙදුණා (6-11)

    • පසුතැවිලි වෙන්න කියලා කරන ඉල්ලීම (12-25)

  • 4

    • පසුතැවිලි වෙද්දී ආශීර්වාද ලැබෙයි (1-4)

    • උතුරෙන් එන්න යන විනාශය (5-18)

    • එන්න යන විනාශය ගැන යෙරෙමියා දුක් වෙයි (19-31)

  • 5

    • යෙහෝවා දෙන හික්මවීම් පිළිගන්න සෙනඟ අකමැති වෙයි (1-13)

    • විනාශ කළත් නැත්තටම නැති කරන්නේ නැහැ (14-19)

    • යෙහෝවාට වග කියන්න සෙනඟට වෙයි (20-31)

  • 6

    • යෙරුසලම වටලන්න ළඟයි (1-9)

    • යෙරුසලමට විරුද්ධව යෙහෝවාගේ කේන්තිය ඇවිළෙයි (10-21)

      • “සාමය උදා වෙලා” කියලා කිව්වත් සාමය නැහැ (14)

    • උතුරෙන් එන දරුණු ආක්‍රමණයක් (22-26)

    • යෙරෙමියා රිදී පවිත්‍ර කරන කෙනෙක්ගේ වැඩේ කරයි (27-30)

  • 7

    • දෙවියන්ගේ ගෘහය ගැන බොරු විශ්වාසයක් (1-11)

    • ෂීලෝවලට වුණ දේම දේවමාලිගාවටත් වෙනවා (12-15)

    • බොරු නමස්කාරය හෙළා දකියි (16-34)

      • “අහස් දේවතාවියට” කරන නමස්කාරය (18)

      • බෙන්හින්නොම් නිම්නයේදී දරුවන්ව පූජා කරයි (31)

  • 8

    • සෙනඟ තෝරගන්නේ වැඩිදෙනා යන මාර්ගය (1-7)

    • යෙහෝවාගේ වචන නැතුව මොන ප්‍රඥාවක්ද? (8-17)

    • යූදාගේ වැටීම දැකලා යෙරෙමියා වැලපෙනවා (18-22)

      • “ගිලියද් දේශයේ බෝල්සම් තෛලය නැද්ද?” (22)

  • 9

    • යෙරෙමියාට ලොකු වේදනාවක් දැනෙයි (1-3අ)

    • යෙහෝවාට වග කියන්න යූදාට වෙයි (3ආ-16)

    • යූදා ගැන වැලපෙයි (17-22)

    • යෙහෝවාව හොඳින් අඳුරගෙන ඉන්න එක ගැන ආඩම්බර වෙන්න (23-26)

  • 10

    • ජීවමාන දෙවියන් සහ ජාතීන්ගේ දෙවිවරු අතර වෙනස (1-16)

    • එන්න තියෙන විනාශය සහ වහල්කමට යන එක (17, 18)

    • යෙරෙමියා දුක් වෙයි (19-22)

    • අනාගතවක්තෘගේ යාච්ඤාව (23-25)

      • තමන් තියන පියවර තනියම තීරණය කරන්න අයිතියක් නැහැ (23)

  • 11

    • දෙවියන් එක්ක ඇති කරගත්ත ගිවිසුම යූදා කඩ කරයි (1-17)

      • නගරවල ගාණටම දෙවිවරු (13)

    • යෙරෙමියා හරියට මරන්න ගෙනියන බැටළුවෙක් වගෙයි (18-20)

    • යෙරෙමියාගේ ගමේ අය එයාට විරුද්ධ වෙයි (21-23)

  • 12

    • යෙරෙමියාගේ පැමිණිල්ල (1-4)

    • යෙහෝවා දුන්න පිළිතුර (5-17)

  • 13

    • දිරලා ගිය ලිනන් ඉණපටිය (1-11)

    • විශාල වයින් බඳුන් කුඩු කරලා දානවා (12-14)

    • වෙනස් වෙන්නේ නැති යූදාව වහල්කමට යවනවා (15-27)

      • ‘කූෂ් ජාතිකයෙක්ට ඔහුගේ හමේ පාට වෙනස් කරගන්න පුළුවන්ද?’ (23)

  • 14

    • නියඟය, සාගතය සහ කඩු පහර (1-12)

    • බොරු අනාගතවක්තෘවරුන්ව හෙළා දකියි (13-18)

    • සෙනඟගේ වැරදි යෙරෙමියා පිළිගනියි (19-22)

  • 15

    • යෙහෝවා දුන්න විනිශ්චය වෙනස් කරන්නේ නැහැ (1-9)

    • යෙරෙමියාගේ පැමිණිල්ල (10)

    • යෙහෝවා දුන්න උත්තරය (11-14)

    • යෙරෙමියාගේ යාච්ඤාව (15-18)

      • දෙවියන්ගේ වදන් කෑවාම ලැබුණ සතුට (16)

    • යෙහෝවා යෙරෙමියාව ශක්තිමත් කරයි (19-21)

  • 16

    • යෙරෙමියාට විවාහ වෙන්නවත් වැලපෙන්නවත් උත්සවවලට යන්නවත් අවසර නැහැ (1-9)

    • දඬුවම, ඊටපස්සේ ආපහු ගොඩනඟනවා (10-21)

  • 17

    • යූදාගේ වරද කොටලා තියෙනවා (1-4)

    • යෙහෝවාව විශ්වාස කරන එකේ ආශීර්වාද (5-8)

    • රැවටිලිකාර හිත (9-11)

    • ඊශ්‍රායෙල්ගේ බලාපොරොත්තුව යෙහෝවායි (12, 13)

    • යෙරෙමියාගේ යාච්ඤාව (14-18)

    • සබත් දවස ශුද්ධ දවසක් විදිහට සලකන්න (19-27)

  • 18

    • කුඹල්කරුගේ අතේ තියෙන මැටි (1-12)

    • යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ව අතහරියි (13-17)

    • යෙරෙමියාට විරුද්ධව කරන කුමන්ත්‍රණය; එයාගේ කන්නලව්ව (18-23)

  • 19

    • මැටි බඳුනක් කුඩු කරන්න කියලා යෙරෙමියාට කියයි (1-15)

      • දරුවන්ව බාල්ට පූජා කරයි (5)

  • 20

    • පෂ්හූර් යෙරෙමියාට ගහයි (1-6)

    • යෙරෙමියාට නිහඬව ඉන්න බැහැ (7-13)

      • දෙවියන්ගේ පණිවිඩය ගින්නක් වගේ ඇවිළුණා (9)

      • යෙහෝවා බලවත් සටන්කරුවෙක් වගෙයි (11)

    • යෙරෙමියාගේ පැමිණිල්ල (14-18)

  • 21

    • යෙහෝවා ශෙදකියාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි (1-7)

    • ජීවිතය හරි මරණය හරි තෝරගන්න (8-14)

  • 22

    • දුෂ්ට රජවරුන්ට විරුද්ධව දුන්න විනිශ්චය පණිවිඩ (1-30)

      • ෂල්ලුම් ගැන (10-12)

      • යෙහෝයාකිම් ගැන (13-23)

      • කොනියා ගැන (24-30)

  • 23

    • හොඳ එඬේරු සහ නරක එඬේරු (1-4)

    • “ධර්මිෂ්ඨ කෙනෙක්” යටතේ සුරක්ෂිතව (5-8)

    • බොරු අනාගතවක්තෘවරුන්ව හෙළා දකියි (9-32)

    • “යෙහෝවාගේ පණිවිඩය අපිට ලොකු බරක්” (33-40)

  • 24

    • හොඳ අත්තික්කා සහ නරක අත්තික්කා (1-10)

  • 25

    • යෙහෝවා ජාතීන්ට විරුද්ධව කරන පැමිණිල්ල (1-38)

      • ජාතීන් අවුරුදු 70ක් බැබිලෝනිවරුන්ට සේවය කරයි (11)

      • කේන්තිය කියන දෙවියන්ගේ වයින් කුසලානය (15)

      • විපත්ති එක ජාතියක ඉඳන් තව ජාතියකට පැතිරිලා යනවා (32)

      • යෙහෝවා අතින් මැරුම් කන අය (33)

  • 26

    • යෙරෙමියාට මරණ තර්ජන (1-15)

    • යෙරෙමියාව බේරයි (16-19)

      • මීකාගේ අනාවැකිය ගැන කියයි (18)

    • අනාගතවක්තෘ උරියාහ් (20-24)

  • 27

    • බැබිලෝනියේ වියගහ (1-11)

    • බැබිලෝනිවරුන්ට යටත් වෙන්න කියලා ශෙදකියාට කියයි (12-22)

  • 28

    • යෙරෙමියා සහ බොරු අනාගතවක්තෘ හනනියා (1-17)

  • 29

    • බැබිලෝනියේ වහලුන් විදිහට ඉන්න අයට යෙරෙමියා යවපු ලියුම (1-23)

      • අවුරුදු 70කට පස්සේ ඊශ්‍රායෙල්වරු ආපහු එනවා (10)

    • ෂෙමායාට දුන්න පණිවිඩය (24-32)

  • 30

    • ආපහු ගොඩනඟලා සුව කරනවා කියලා දුන්න පොරොන්දුව (1-24)

  • 31

    • ඊශ්‍රායෙල්වරුන්ගෙන් ඉතුරු වෙන අය ආයෙත් දේශයේ පදිංචි වෙයි (1-30)

      • රාකෙල් ඇගේ දරුවන් ගැන අඬා වැලපෙයි (15)

    • අලුත් ගිවිසුමක් (31-40)

  • 32

    • යෙරෙමියා ඉඩමක් සල්ලි දීලා ගනියි (1-15)

    • යෙරෙමියාගේ යාච්ඤාව (16-25)

    • යෙහෝවා දුන්න පිළිතුර (26-44)

  • 33

    • ආපහු ගොඩනඟනවා කියලා දුන්න පොරොන්දුව (1-13)

    • “ධර්මිෂ්ඨ කෙනෙක්” යටතේ සුරක්ෂිතව (14-16)

    • දාවිත් සහ පූජකයන් එක්ක ඇති කරගත්ත ගිවිසුම (17-26)

      • දවාල සහ රාත්‍රිය එක්ක ඇති කරගත්ත ගිවිසුම (20)

  • 34

    • ශෙදකියාට දුන්න විනිශ්චය පණිවිඩය (1-7)

    • දාසයන්ව නිදහස් කරන්න ඇති කරගත්ත ගිවිසුම කඩ කරයි (8-22)

  • 35

    • රේකාබ්වරුන්ගේ කීකරුකම ආදර්ශයක් (1-19)

  • 36

    • යෙරෙමියා කියද්දී ලියාගත්ත ලියවිල්ල (1-7)

    • බාරුක් හැමෝටම ඇහෙන්න ලියවිල්ල කියවයි (8-19)

    • යෙහෝයාකිම් ලියවිල්ල පුච්චයි (20-26)

    • පණිවිඩය ලියවිල්ලක ආයෙත් ලියයි (27-32)

  • 37

    • කල්දිවරු ඉවත් වෙලා යන්නේ ටික කාලෙකට (1-10)

    • යෙරෙමියාව හිරේ දායි (11-16)

    • ශෙදකියා යෙරෙමියාව හම්බ වෙයි (17-21)

      • යෙරෙමියාට රොටිය ගාණේ ලැබෙයි (21)

  • 38

    • යෙරෙමියාව ළිඳකට දායි (1-6)

    • ඒබෙද්මෙලෙක් යෙරෙමියාව බේරගනියි (7-13)

    • යටත් වෙන්න කියලා යෙරෙමියා ශෙදකියාට කියයි (14-28)

  • 39

    • යෙරුසලමේ විනාශය (1-10)

      • ශෙදකියා පැනලා ගියත් අල්ලගනියි (4-7)

    • යෙරෙමියාව ආරක්ෂා කරයි (11-14)

    • ඒබෙද්මෙලෙක්ගේ ජීවිතය ආරක්ෂා කරයි (15-18)

  • 40

    • නෙබුෂරදාන් යෙරෙමියාව නිදහස් කරයි (1-6)

    • ගෙදලියාව දේශය බලාගන්න පත් කරයි (7-12)

    • ගෙදලියාට විරුද්ධව කුමන්ත්‍රණය කරයි (13-16)

  • 41

    • ඉෂ්මායෙල් ගෙදලියාව මරලා දායි (1-10)

    • යෝහානාන් ඉෂ්මායෙල් පස්සේ පන්නගෙන යයි (11-18)

  • 42

    • මඟ පෙන්වීම් ඉල්ලලා යාච්ඤා කරන්න කියලා සෙනඟ ඉල්ලයි (1-6)

    • “ඊජිප්තුවට යන්න එපා” කියලා යෙහෝවා කියයි (7-22)

  • 43

    • අකීකරු වෙලා සෙනඟ ඊජිප්තුවට යයි (1-7)

    • ඊජිප්තුවේදී යෙහෝවාගෙන් යෙරෙමියාට ලැබුණ පණිවිඩය (8-13)

  • 44

    • යුදෙව්වන් ඊජිප්තුවේදී විපත් අද්දකිනවා කියලා කියයි (1-14)

    • සෙනඟ දෙවියන්ගේ අනතුරු ඇඟවීම ප්‍රතික්ෂේප කරයි (15-30)

      • “අහස් දේවතාවියට” නමස්කාර කරයි (17-19)

  • 45

    • යෙහෝවා බාරුක්ට දුන්න පණිවිඩය (1-5)

  • 46

    • ඊජිප්තුවට විරුද්ධව කියපු අනාවැකිය (1-26)

      • නෙබුකද්නෙෂර් ඊජිප්තුව අල්ලගනියි (13, 26)

    • ඊශ්‍රායෙල්වරුන්ට දුන්න පොරොන්දුව (27, 28)

  • 47

    • පිලිස්තිවරුන්ට විරුද්ධව කියපු අනාවැකිය (1-7)

  • 48

    • මෝවබ්වරුන්ට විරුද්ධව කියපු අනාවැකිය (1-47)

  • 49

    • අම්මොන්වරුන්ට විරුද්ධව කියපු අනාවැකිය (1-6)

    • ඒදොම්වලට විරුද්ධව කියපු අනාවැකිය (7-22)

      • ඒදොම් ජාතියක් විදිහට නැත්තටම නැති කරනවා (17, 18)

    • දමස්කයට විරුද්ධව කියපු අනාවැකිය (23-27)

    • කේදාර්වලට සහ හාෂොර්වලට විරුද්ධව කියපු අනාවැකිය (28-33)

    • ඒලාම්වලට විරුද්ධව කියපු අනාවැකිය (34-39)

  • 50

    • බැබිලෝනියට විරුද්ධව කියපු අනාවැකිය (1-46)

      • බැබිලෝනියෙන් පලා යන්න (8)

      • ඊශ්‍රායෙල්ව ආපහු ගේනවා (17-19)

      • බැබිලෝනියේ ජල ධාරා හිඳිලා යනවා (38)

      • බැබිලෝනිය මනුෂ්‍ය වාසයක් නැති තැනක් වෙයි (39, 40)

  • 51

    • බැබිලෝනියට විරුද්ධව කියපු අනාවැකිය (1-64)

      • බැබිලෝනිය එක මොහොතකින් මේදියවරු අතට අහු වෙයි (8-12)

      • ලියවිල්ල යුප්‍රටීස් ගඟට වීසි කරයි (59-64)

  • 52

    • ශෙදකියා බැබිලෝනියට විරුද්ධව කැරලිගහයි (1-3)

    • නෙබුකද්නෙෂර් යෙරුසලම වටලයි (4-11)

    • නගරය සහ දේවමාලිගාව විනාශ වෙයි (12-23)

    • සෙනඟව වහලුන් විදිහට බැබිලෝනියට අරගෙන යයි (24-30)

    • යෙහෝයාකින්ව හිරෙන් නිදහස් කරයි (31-34)