යෙරෙමියා 10:1-25

  • ජීවමාන දෙවියන් සහ ජාතීන්ගේ දෙවිවරු අතර වෙනස (1-16)

  • එන්න තියෙන විනාශය සහ වහල්කමට යන එක (17, 18)

  • යෙරෙමියා දුක් වෙයි (19-22)

  • අනාගතවක්තෘගේ යාච්ඤාව (23-25)

    • තමන් තියන පියවර තනියම තීරණය කරන්න අයිතියක් නැහැ (23)

10  ඊශ්‍රායෙල්වරුනි, යෙහෝවා දෙවියන් ඔබට විරුද්ධව කියන මේ දේට සවන් දෙන්න.  යෙහෝවා මෙහෙම කියනවා. “වෙනත් ජාතීන් වැඩ කරන විදිහට වැඩ කරන්න එපා.+ඔවුන් අහසේ ලකුණු දැකලා බය වුණත්ඔබ ඒවා දැකලා බය වෙන්න එපා.+   ජාතීන්ගේ චාරිත්‍රවල කිසිම තේරුමක් නැහැ.* කැලෑවෙන් කපාගන්න ගහකට කරන දේ ගැන හිතන්න.කැටයම්කරුවෙක් තමන්ගේ ආයුධවලින් ඒ ගහෙන් යම් දෙයක් හදාගන්නවා.+   ඒකට රන් රිදී ආලේප කරලා ඒක ලස්සන කරනවා.+මිටියෙන් ඇණ ගහලා ඒක වැටෙන්නේ නැති වෙන්න සවි කරනවා.+   ඒ රූප හරියට පිපිඤ්ඤා වත්තක හිටවලා තියෙන පඹයෙක් වගේ. ඒවාට කතා කරන්න බැහැ.+ඇවිදින්න බැරි නිසා ඒවා උස්සගෙන යන්න ඕනේ.+ ඒවාට බය වෙන්න එපා. කිසිම අනතුරක් කරන්න ඒවාට බැහැ.කිසිම යහපතක් කරන්නත් ඒවාට බැහැ.”+   යෙහෝවා දෙවියනි, ඔබට සමාන කිසිම කෙනෙක් නැහැ.+ ඔබ ශ්‍රේෂ්ඨයි. ඔබේ නමත් ශ්‍රේෂ්ඨයි. ඔබේ බලවත්කම ඒ නමෙන් පැහැදිලි වෙනවා.   ජාතීන්ගේ රජ්ජුරුවෙනි,+ ඔබට ගරුබිය පෙන්නන්නේ නැතුව ඉන්න පුළුවන් කාටද?ඔබ ගරුබිය ලබන්න වටින කෙනෙක්.මොකද ප්‍රඥාවන්තයන් අතරේවත් ජාතීන්ගේ රජවරුන් අතරේවත් ඔබට සමාන කිසිම කෙනෙක් නැහැ.+   ඔවුන් හැමෝම හිතන්නේ බලන්නේ නැති මෝඩ අය.+ මොකද ගහකින් ලබාගන්න මඟ පෙන්වීම් මුළාවක් විතරයි.*+   තර්ෂිෂ්වලින්+ රිදී තහඩුත් උෆාස්වලින් රත්තරනුත් ගෙන්නගන්නවා.කම්මල්කරුවයි, කැටයම්කරුවයි ඒවා රූපවල ආලේප කරනවා. ඊටපස්සේ මිනිස්සු ඒවාට නිල් පාට නූල්වලින් සහ දම් පාට ලොම්වලින් හදපු ඇඳුම් අන්දවනවා. ඒ රූප දක්ෂ කර්මාන්තකරුවන්ගේ නිර්මාණයක් විතරයි. 10  ඒත් යෙහෝවා ඇත්තටම දෙවියන්. ජීවමාන දෙවියන් ඔහුයි.+ සදාකාල රජත් ඔහුයි.+ ඔහුගේ කේන්තිය නිසා පොළොව දෙදරුම් කනවා.+කිසිම ජාතියකට ඔහුගේ කේන්තිය දරාගන්න බැහැ. 11  * ඔබ ඔවුන්ට මේ දේ කියන්න. “අහස පොළොව හැදුවේ නැති දෙවිවරුන් පොළොවෙන් නැති වෙලා යයි.මේ අහස්තලය යටින් ඔවුන් විනාශ වෙලා යයි.”+ 12  තම බලයෙන් මේ පොළොව හැදුවේ ඔහුයි.තම ප්‍රඥාවෙන් සරුසාර භූමිය ස්ථිරව පිහිටෙව්වේ ඔහුයි.+තම නුවණින් අහස්තලය දිගහැරියේ ඔහුයි.+ 13  ඔහු හඬ නඟද්දී අහසේ ජලය කැලඹෙයි.+ඔහු පොළොවේ හතර කොනෙන්ම වලාකුළු* ඉහළට නඟින්න සලස්වනවා.+ ඔහු වැස්සත් එක්ක අකුණු සැර එවනවා.*ඔහුගේ ගබඩාවලින් හුළං හමාගෙන එන්න සලස්වනවා.+ 14  හැම කෙනෙක්ම වැඩ කරන්නේ දැනුම් තේරුම් නැති මෝඩයන් වගේ. තමන් හදන රූප නිසා කම්මල්කරුවන් හැමෝවම ලැජ්ජාවට පත් කරනවා.+මොකද ඔහු හදන රූප* නිකම්ම නිකම් බොරුවක්.ඒ රූපවලට කිසි ජීවයක් නැහැ.+ 15  ඒවා මායාවක් විතරයි,* හරිම මෝඩ වැඩ.+ විනිශ්චය කරන දවසේදී ඒවා නැත්තටම නැති වෙලා යනවා. 16  ඒත් යාකොබ්ගේ උරුමය වන තැනැත්තා ඒ රූප වගේ නෙමෙයි.හැම දෙයක්ම හැදුවේ ඔහුයි.ඊශ්‍රායෙල් ඔහුගේ උරුමය වන සැරයටියයි.+ ඔහුව හඳුන්වන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියලයි.+ 17  වටලලා ඉන්න ස්ත්‍රිය,ඔබේ බඩු මල්ල අතට ගන්න. 18  මොකද යෙහෝවා මෙහෙම කියනවා. “දැන් මම දේශයේ ඉන්න සෙනඟව එළියට වීසි කරලා දානවා.+මම ඔවුන් පිටට විපත්ති ගේනවා.” 19  අනේ, මට වුණ විපත* කොච්චර දරුණුද!+ මගේ තුවාලය සුව කරන්න බැහැ. මම මෙහෙම කිව්වා. “මේ වේදනාව දැනෙන්නේ මටයි. මම ඒක දරාගන්න ඕනේ. 20  මගේ කූඩාරම විනාශ වෙලා. ඒකේ ලණු කඩලා දාලා.+ මගේ පුතුන් මාව අතහැරලා ගිහින්. ඔවුන් දැන් නැහැ.+ මගේ කූඩාරම ගහන්න හරි ඒකේ තිර දිගහරින්න හරි කිසිම කෙනෙක් ඉතුරු වෙලා නැහැ. 21  මොකද එඬේරුන් වැඩ කළේ මෝඩ විදිහටයි.+ඔවුන් යෙහෝවාගෙන් මඟ පෙන්වීම් ඉල්ලුවේ නැහැ.+ අවබෝධයෙන් වැඩ කරන්න ඔවුන්ට බැරි වුණෙත්ඔවුන්ගේ මුළු රැළම විසුරුවාහැරියෙත් ඒ නිසයි.”+ 22  සවන් දෙන්න! මේ දැන් පණිවිඩයක් ලැබුණා. උතුරු දේශයේ ඉඳන් ලොකු කැලඹීමක් එනවා.+ඒක එන්නේ යූදාවල නගර පාළු තැනක් කරන්නයි. ඒවා හිවලුන් ලගින තැනක් කරන්නයි.+ 23  යෙහෝවා දෙවියනි, තමන් යන්න ඕනෙ මාර්ගය මොකක්ද කියලා තීරණය කරන්න මිනිසෙක්ට අයිතියක් නැහැ.* ඒක මම හොඳින්ම දන්නවා. ජීවිත ගමනේ තමන්ගේ පියවර තියන්න ඕනෙ කොහොමද කියලා තනියම තීරණය කරන්නවත් ඔහුට අයිතියක් නැහැ.+ 24  අනේ යෙහෝවා, මාව නිවැරදි කරන්න. ඔබට හොඳයි කියලා හිතෙන විදිහට ඒක කරන්න.ඒත් කේන්තියෙන් එහෙම කරන්න එපා.+ එහෙම කළොත් මං විනාශ වෙලා යයි.+ 25  ඔබව ගණන් ගන්නේ නැති ජාතීන් පිටටත්ඔබේ නම කියලා කන්නලව් කරන්නේ නැති ගෝත්‍ර පිටටත් ඔබේ කේන්තිය පිට කරන්න.+ මොකද ඔවුන් යාකොබ්ව ගිලලා දැම්මා.+ඔහු නැත්තටම නැති වෙලා යන විදිහට ඔවුන් ඔහුව ගිලලා දැම්මා.+ඔවුන් ඔහුගේ මව්බිම පාළු කළා.+

පාදසටහන්

හෝ, “ජාතීන්ගේ චාරිත්‍ර මායාවක් විතරයි.”
හෝ, “මඟ පෙන්වීම්වලින් කිසිම වැඩක් නැහැ.”
11වෙනි පදය මුලින් ලියලා තිබුණේ ඇරමයික භාෂාවෙන්.
හෝ සමහරවිට, “වැස්ස ලබා දෙන්න ඔහු අහසේ කවුළු හදනවා.”
හෝ, “ජල වාෂ්ප.”
හෝ, “ලෝහ උණු කරලා හදන රූප.”
හෝ, “ඒවාවලින් කිසිම වැඩක් නැහැ.”
හෝ, “මගේ තුවාලය.”
මිනිසෙක්ට ඒ හැකියාව නැහැ කියන අදහසත් ඒකට ඇතුළත්.