යෙරෙමියා 25:1-38

  • යෙහෝවා ජාතීන්ට විරුද්ධව කරන පැමිණිල්ල (1-38)

    • ජාතීන් අවුරුදු 70ක් බැබිලෝනිවරුන්ට සේවය කරයි (11)

    • කේන්තිය කියන දෙවියන්ගේ වයින් කුසලානය (15)

    • විපත්ති එක ජාතියක ඉඳන් තව ජාතියකට පැතිරිලා යනවා (32)

    • යෙහෝවා අතින් මැරුම් කන අය (33)

25  යොෂියාගේ පුත්, යූදාවල රජ වුණ යෙහෝයාකිම්+ පාලනය කරපු හතරවෙනි අවුරුද්දේදී යූදාවල සෙනඟ ගැන යෙරෙමියාට පණිවිඩයක් ලැබුණා. ඒක බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්* පාලනය කරපු පළවෙනි අවුරුද්දයි.  අනාගතවක්තෘ යෙරෙමියා යූදාවල සෙනඟ සහ යෙරුසලමේ ඉන්න හැමෝම ගැන* කිව්ව පණිවිඩය මේකයි.  “ආමොන්ගේ පුත්, යූදාවල රජ වුණ යොෂියා රජකම් කරපු 13වෙනි අවුරුද්දේ+ ඉඳන් අද වෙන කල් ඒ කියන්නේ මේ අවුරුදු 23 පුරාම යෙහෝවා දෙවියන්ගෙන් පණිවිඩ මට ලැබුණා. මම ආයේ ආයේ* ඒ පණිවිඩ ඔබට කිව්වත් ඔබ ඇහුම්කන් දුන්නේ නැහැ.+  යෙහෝවා ඔහුගේ සේවකයන් වුණ අනාගතවක්තෘවරුන්ව ඔබ ළඟට ආයේ ආයේ* එව්වත් ඔබ ඇහුම්කන් දුන්නේ නැහැ. ඔවුන් කියපු දේවල් ඔබ කනකටවත් ගත්තේ නැහැ.+  ඒ අනාගතවක්තෘවරු මෙහෙම කිව්වා. ‘ඔබ කරන දුෂ්ට වැඩ අතහරින්න. ඔබ යන වැරදි මාර්ගවලින් හැරිලා ආපහු එන්න.+ එහෙම කළොත් යෙහෝවා අතීතයේදී ඔබටත් ඔබේ මුතුන්මිත්තන්ටත් දුන්න දේශයේ තව දිගු කාලයක් ජීවත් වෙන්න ඔබට පුළුවන් වෙයි.  වෙනත් දෙවිවරු පස්සේ ගිහින් ඔවුන් ඉස්සරහා වැඳ වැටිලා ඔවුන්ට සේවය කරන්න එපා. රූප හදාගෙන ඔහුව කේන්ති ගස්සන්න එපා. එහෙම කළොත් ඔහු ඔබ පිටට විපත්ති ගෙනෙයි.’  “‘ඒත් ඔබ මට ඇහුම්කන් දුන්නේ නැහැ’ කියලා යෙහෝවා කියනවා. ‘ඔබ රූප හදාගෙන මාව කේන්ති ගැස්සුවා. ඒ නිසා මම ඔබ පිටට විපත්ති ගේනවා.’+  “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. ‘“ඔබ මට අකීකරු වුණ නිසා  මම උතුරේ ඉන්න හැම ගෝත්‍රයකටම එන්න කියනවා”+ කියලා යෙහෝවා කියනවා. “මගේ සේවකයා වන බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ට* මම එන්න කියනවා.+ මම ඒ අයව මේ දේශයටත්+ මෙහේ ජීවත් වෙන අයටත් අවට ජාතීන්ටත් විරුද්ධව එවනවා.+ මම ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. ඔවුන්ට වෙන දේ දැකලා හැමෝම බය වෙනවා. ඔවුන් හැමෝගෙම අපහාසයට ලක් වෙනවා.* ඒක නටබුන් ගොඩක් වෙනවා. 10  සතුටින් කෑගහන හඬත් ප්‍රීති ඝෝෂා නඟන හඬත්+ මනාලයාගේ සහ මනාලියගේ හඬත්+ ඔවුන් අතරින් ආයේ ඇහෙන්න මම ඉඩ තියන්නේ නැහැ. ඇඹරුම් ගලේ හඬත් පහනේ ආලෝකයත් මම ඔවුන් අතරින් නැති කරලා දානවා. 11  මේ මුළු දේශයම නටබුන් ගොඩක් වෙනවා. ඒක දකින හැමෝම බය වෙයි. මේ ජාතීන්ට අවුරුදු 70ක් බැබිලෝනියේ රජට සේවය කරන්න සිද්ධ වෙනවා.”’+ 12  “‘ඒත් අවුරුදු 70 සම්පූර්ණ වුණාම+ මම බැබිලෝනියේ රජටත් ඔහුගේ ජාතියටත් ඔවුන් කරපු වරදට දඬුවම් කරනවා’+ කියලා යෙහෝවා කියනවා. ‘මම කල්දිවරුන්ගේ දේශය හැමදාටම පාළුවට ගිය තැනක් කරනවා.+ 13  මම ඒ දේශයට විරුද්ධව කියපු හැම දෙයක්ම ඒ විදිහටම ඉටු කරනවා. ඒ කියන්නේ යෙරෙමියා හැම ජාතියකටම විරුද්ධව අනාවැකි විදිහට කියපු, මේ ලියවිල්ලේ සඳහන් හැම දෙයක්ම මම ඒ විදිහටම ඉටු කරනවා. 14  හුඟක් ජාතීන් සහ බලවත් රජවරු+ ඔවුන්ව වහල්කමට ගන්නවා.+ ඔවුන්ගේ වැඩවලට අනුව, ඔවුන් තමන්ගෙම අතින් කරපු දේවල්වලට අනුව ඔවුන්ට ලැබෙන්න ඕනෙ දඬුවම මම දෙනවා.’”+ 15  ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මට මෙහෙම කිව්වා. “කේන්තිය කියන මේ වයින් කුසලානය මගේ අතින් අරගෙන මම ඔයාව යවන හැම ජාතියක් ළඟටම ගිහින් ඔවුන්ට ඒකෙන් බොන්න දෙන්න. 16  ඔවුන් ඒකෙන් බීලා වැනිවැනී යයි. පිස්සු හැදුණ කෙනෙක් වගේ හැසිරෙයි. ඔවුන්ට එහෙම වෙන්නේ මම ඔවුන් අතරට යවන කඩුව නිසයි.”+ 17  ඉතින් මම යෙහෝවාගේ අතේ තිබුණ කුසලානය අරගෙන යෙහෝවා මාව යවපු හැම ජාතියක් ළඟටම ගිහින් ඔවුන්ට ඒකෙන් බොන්න දුන්නා.+ 18  මම මුලින්ම යෙරුසලමේ සහ යූදා දේශයේ නගරවල වැසියන්ටයි,+ ඇගේ රජවරුන්ට සහ අධිපතීන්ටයි බොන්න දුන්නා. දෙවියන් ඔවුන්ව විනාශ කරන්න තීරණය කරලා තිබුණ නිසා ඔවුන්ට ඒකෙන් බොන්න සිද්ධ වුණා. ඔවුන්ට වෙන දේ දැකලා මිනිස්සු බය වෙනවා. මිනිස්සු ඔවුන්ට අපහාස කරනවා,* ශාප කරනවා.+ ඇත්තටම මේ වෙද්දී වෙලා තියෙන්නේ ඒ දේම තමයි. 19  ඊළඟට මම ඊජිප්තුවේ රජ වන පාරාවෝටත් ඔහුගේ සේවකයන්ටත් අධිපතීන්ටත් සෙනඟ හැමෝටමත්+ 20  ඔවුන් අතරේ ජීවත් වෙන විදේශිකයන් හැමෝටමත් ඒකෙන් බොන්න දුන්නා. ඌෂ් දේශයේ රජවරු හැමෝටමත් පිලිස්තිවරුන්ගේ දේශයේ ඉන්න රජවරු හැමෝටමත්+ අෂ්කෙලොන්,+ ගාසා සහ එක්‍රොන්වලටත් අෂ්දොද්වල ඉතුරු වෙලා ඉන්න අයටත් 21  ඒදොම්,+ මෝවබ්+ සහ අම්මොන්වරුන්ටත්+ ඒකෙන් බොන්න දුන්නා. 22  තීර්වල රජවරු හැමෝටමත් සීදොන්වල රජවරු හැමෝටමත්+ මුහුද මැද දූපතේ රජවරුන්ටත් 23  දෙදාන්,+ තේමා සහ බූෂ්වලටත් කම්මුල් දෙපැත්තේ තියෙන කෙස් කපාගත්ත හැමෝටමත්+ ඒකෙන් බොන්න දුන්නා. 24  අරාබිවරුන්ගේ රජවරු හැමෝටමත්+ පාළුකරයේ ජීවත් වෙන විවිධ ජාතීන්ගේ රජවරුන්ටත් 25  සිම්රීවල රජවරු හැමෝටමත් ඒලාම්වල රජවරු+ හැමෝටමත් මේදියවරුන්ගේ රජවරු හැමෝටමත්+ 26  දුරින් සහ ළඟින් ඉන්න උතුරේ රජවරු හැමෝටමත් ඒකෙන් බොන්න දුන්නා. එක් කෙනෙක්ගෙන් පස්සේ තවත් කෙනෙක්ට පිළිවෙළට ඒකෙන් බොන්න දුන්නා. පොළොවේ තියෙන අනිත් හැම රාජ්‍යයකටමත් ඒකෙන් බොන්න දුන්නා. අන්තිමට ඒකෙන් බොන්නේ ෂේෂක්වල* රජ.+ 27  “ඔයා ඒ අයට මෙහෙම කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. “මත් වෙන කල්ම බීලා වමනේ දාන්න. බිම ඇදගෙන වැටෙන්න. ආයෙත් නැඟිටින්න එපා.+ මොකද මම ඔබ අතරට කඩුවක් එවනවා.”’ 28  ඔයාගේ අතේ තියෙන කුසලානයෙන් බොන්න අකමැති වුණොත් ඒ ජාතීන්ට මෙහෙම කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. “ඔබ මේකෙන් බොන්නම ඕනේ. 29  මම මගේ නම දරන නුවරින්ම විපත්ති ගේන එක පටන්ගන්නවා නම්+ ඔබට මගේ දඬුවමෙන් බේරෙන්න පුළුවන් කියලා හිතනවාද?”’+ “‘පොළොවේ ඉන්න හැමෝටම පහර දෙන්න මම කඩුවක් එවන නිසා ඔබට කොහොමටවත් මගේ දඬුවමෙන් බේරෙන්න ලැබෙන්නේ නැහැ’ කියලා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියනවා. 30  “ඔයා මේ හැම අනාවැකියක්ම ඒ අයට කියන්න.‘උස් තැනක ඉඳන් යෙහෝවා දෙවියන් සිංහයෙක් වගේ ගර්ජනා කරයි.ඔහු ශුද්ධ වාසස්ථානයේ ඉඳන් නඟන හඬ හැමෝටම ඇහෙයි. පොළොවේ තියෙන ඔහුගේ වාසස්ථානයට විරුද්ධව ඔහු හයියෙන් ගර්ජනා කරයි. මිදි පාගන අය සතුටින් කෑගහනවා වගේපොළොවේ ජීවත් වෙන හැමෝවම පරාජය කරලා ඔහු සතුටින් ගී ගයයි.’ 31  ‘පොළොවේ ඈත කෙළවර වෙන කල්ම ඝෝෂාවක් පැතිරිලා යයි.යෙහෝවා ජාතීන්ට විරුද්ධව පැමිණිල්ලක් කරනවා. ඔහු හැම මනුෂ්‍යයෙක්වම නඩු විභාගයකට කැඳවනවා.+ දුෂ්ටයන්ව කඩුවෙන් විනාශ කරන්න ඔහු තීන්දු කරනවා’ කියලා යෙහෝවා කියනවා. 32  ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. ‘බලන්න! මහ විපතක් එනවා. එක ජාතියක ඉඳන් තවත් ජාතියකට ඒක පැතිරිලා යනවා.+මහ කුණාටුවක් මුදාහරිනවා. ඒක පොළොවේ ඈත කෙළවරේ ඉඳන් කඩාගෙන බිඳගෙන එනවා.+ 33  “‘ඒ දවසේදී යෙහෝවාගේ අතින් මැරුම් කන අය පොළොවේ එක කෙළවරක ඉඳන් අනිත් කෙළවර වෙන කල් වැටිලා ඉඳියි. කවුරුත් ඔවුන් ගැන වැලපෙන්නේ නැහැ. ඔවුන්ගේ මළ මිනී එකතු කරන්නෙවත් ඒවා වළලන්නෙවත් නැහැ. ඒවා ගොම වගේ පොළොවට පස් වෙලා යනවා.’ 34  එඬේරුනි, අඬා වැලපෙන්න! හයියෙන් කෑගහන්න! රැළේ ප්‍රධානියෙනි, බිම පෙරළෙන්න.මොකද ඔබව මරලා දාන්නත් සීසීකඩ විසුරුවාහරින්නත් කාලේ ඇවිල්ලා.වටින බඳුනක් බිම වැටිලා බිඳිලා යනවා වගේ ඔබත් බිඳිලා යයි. 35  එඬේරුන්ට පලා යන්න තැනක් නැහැ.රැළේ ප්‍රධානීන්ට කිසිම ගැලවීමක් නැහැ. 36  අහන්න! ඒ හඬ එඬේරුන් වැලපෙන හඬයි.රැළේ ප්‍රධානීන් අඬා වැලපෙන හඬයි.මොකද යෙහෝවා ඔවුන්ගේ තණබිම් විනාශ කරනවා. 37  යෙහෝවාගේ කේන්තිය ගින්නක් වගේ ඇවිළුණ නිසානිවිහැනහිල්ලේ ජීවත් වුණ තැන් දැන් පාළුවට ගිහින්. 38  ගුහාවෙන් එළියට එන කේශර සිංහයෙක් වගේ ඔහු පිටතට ආවා.+කිසිම දයාවක් පෙන්නන්නේ නැතුව කඩුවෙන් පහර දීපු නිසාත්ඔහුගේ ඇවිළෙන කේන්තිය නිසාත්ඔවුන්ගේ දේශයට වෙන දේ දකින හැමෝම හොඳටම බය වෙනවා.”

පාදසටහන්

මූ.අ., “නෙබුකද්රෙෂර්.” ඒ නම ලියන වෙන විදිහක්.
හෝ, “යූදාවල සෙනඟට සහ යෙරුසලමේ ඉන්න හැමෝටම.”
මූ.අ., “උදේ පාන්දර නැඟිටලා.”
මූ.අ., “උදේ පාන්දර නැඟිටලා.”
හෝ, “නින්දාවක් විදිහට ඔවුන්ට විසිල් ගහයි.”
මූ.අ., “නෙබුකද්රෙෂර්ට.” ඒ නම ලියන වෙන විදිහක්.
හෝ, “නින්දාවක් විදිහට විසිල් ගහනවා.”
පේන විදිහට මේක බාබෙල් (බැබිලෝනිය) කියන නම හංගලා ලියන විදිහක්.