යෙරෙමියා 30:1-24

  • ආපහු ගොඩනඟලා සුව කරනවා කියලා දුන්න පොරොන්දුව (1-24)

30  යෙහෝවා දෙවියන්ගෙන් යෙරෙමියාට මේ පණිවිඩය ලැබුණා.  “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘මං ඔයාට කියන හැම දෙයක්ම ලියවිල්ලක ලියාගන්න.  “බලන්න! වහලුන් විදිහට ඉන්න මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්වයි, යූදා සෙනඟවයි මම එකට එකතු කරගන්න කාලයක් එනවා”+ කියලා යෙහෝවා කියනවා. “මම ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන්න දේශයට ඔවුන්ව ආපහු ගේනවා. ඔවුන් ඒ දේශය ආයෙත් අයිති කරගන්නවා”+ කියලා යෙහෝවා කියනවා.’”  යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ටයි, යූදා සෙනඟටයි කියපු දේවල් තමයි මේ.   යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. “බයෙන් කෑගහන හඬක් අපිට ඇහුණා.භීතිය හැම තැනම පැතිරිලා. සාමය පේන මානෙකවත් නැහැ.   පුරුෂයෙක්ට දරුවෙක්ව බිහි කරන්න පුළුවන්ද කියලා අහලා බලන්න. එහෙමනම් ශක්තිමත් පුරුෂයන් හැමෝම දරුවෙක් බිහි කරන ස්ත්‍රියක් වගේතුනටියට* අත තියාගෙන ඉන්නවා මට පේන්නේ ඇයි?+ හැමෝගෙම මුහුණු සුදුමැලි වෙලා තියෙන්නේ ඇයි?   අනේ, ඒ දවස කොච්චර භයානක දවසක් වෙයිද!+ කවදාවත් ඒ වගේ දවසක් තිබිලා නැහැ.ඒක යාකොබ්ට දුක් විඳින්න වෙන කාලයක්. ඒත් ඔහුව ඒකෙන් බේරගන්නවා.”  ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. “ඒ දවසේදී ඔබේ කර පිට තියලා තියෙන වියගහ මම කඩලා දානවා. ඒකේ පටි මම දෙකට කඩනවා. ඊටපස්සේ විදේශිකයන්* ආයේ ඔහුව* දාසකමට ගෙනියන්නේ නැහැ.  ඔවුන් තමන්ගේ දෙවි වන යෙහෝවාට සේවය කරයි. ඔවුන්ගේ රජ විදිහට මං පත් කරන දාවිත්ට ඔවුන් සේවය කරයි.”+ 10  යෙහෝවා මෙහෙම කියනවා. “මගේ සේවකයා වන යාකොබ්, බය වෙන්න එපා.ඊශ්‍රායෙල්, බයෙන් වෙවුලන්න එපා.+ මොකද දුර ඈත දේශයකට ගෙනියන ඔබව මම බේරගන්නවා.වහලුන් විදිහට ජීවත් වෙන ඔබේ දරුවන්ව මම බේරගන්නවා.+ යාකොබ් ආපහු ඇවිත් කරදරයක් නැතුව සැනසිල්ලේ ජීවත් වෙයි.කවුරුත් ඔවුන්ව බයගන්වන්නේ නැහැ.”+ 11  “ඔබව බේරගන්න මම ඔබ එක්කම ඉන්නවා” කියලා යෙහෝවා කියනවා. “මම ඔබව විසුරුවාහැරිය දේශවල ඉන්න හැම ජාතියක්වම නැත්තටම නැති කරනවා.+ඒත් මම ඔබව විනාශ කරන්නේ නැහැ.+ ඔබට දඬුවම් නොකර ඉන්නෙත් නැහැමම ඔබව සුදුසු ප්‍රමාණයට හික්මවනවා.”*+ 12  යෙහෝවා මෙහෙම කියනවා. “ගොඩ එන්න බැරි විදිහට ඔබ වැටිලා ගිහින්.+ ඔබේ තුවාලය සුව කරන්න බැහැ. 13  ඔබ වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැහැ.ඔබේ තුවාලය සුව කරන්න විදිහක් නැහැ. ඔබට කිසිම සුවයක් නැහැ. 14  ඔබේ පෙම්වතුන්ට ඔබව අමතක වෙලා.+ ඔවුන් ආයේ ඔබව හොයාගෙන එන්නේ නැහැ. මොකද සතුරෙක් පහර දෙනවා වගේ මම ඔබට පහර දුන්නා.+කුරිරු කෙනෙක් වගේ මම ඔබට දඬුවම් කළා.මම එහෙම කළේ ඔබ ගොඩක් වැරදි කරපු නිසයි. ඔබ හුඟක් පව්කාර දේවල් කරපු නිසයි.+ 15  ඔබේ වැටීම ගැන ඔබ අඬා වැලපෙන්නේ මොකටද? ඔබට දැනෙන වේදනාව නැති වෙන්නේ නැහැ. මම මේ දේ ඔබට කළේ ඔබ ගොඩක් වැරදි කරපු නිසයි.+ඔබ හුඟක් පව්කාර දේවල් කරපු නිසයි. 16  ඔබව විනාශ කරන අයව සතුරෙක් විනාශ කරලා දානවා.+ඔබේ සතුරන් හැමෝවමත් වහල්කමට ගෙනියනවා.+ ඔබව කොල්ල කන අයවත් කොල්ල කනවා.ඔබට අයිති දේවල් පැහැරගන්න අයව මම කොල්ලකරුවන්ගේ අතට භාර දෙනවා.”+ 17  “පන්නලා දැම්ම තැනැත්තියක් විදිහට ඔබව සලකයි.‘කවුරුත් හොයලා බලන්නේ නැති සියොන්’+ කියලා ඔබව හඳුන්වයි. ඒත් මම ඔබව සුව කරනවා. ඔබේ තුවාල සනීප කරනවා”+ කියලා යෙහෝවා කියනවා. 18  යෙහෝවා මෙහෙම කියනවා. “මම ආපහු යාකොබ්ගේ කූඩාරම්වලට ඇවිල්ලා වහලුන්ව එකට එකතු කරගන්නවා.+ඔහු වාසය කරන තැන්වලට අනුකම්පාව පෙන්නනවා. නගරය තිබුණ කන්ද මතම ඒක ආපහු ගොඩනඟනවා.+ඒකේ බලකොටුව තිබුණ තැනම ආපහු ඉදි කරනවා. 19  ස්තුති ගී ගයන හඬත් සතුටින් හිනා වෙන හඬත් ඔවුන් අතරින් ඇහෙයි.+ මම ඔවුන්ව ගණනින් වැඩි කරනවා. ඔවුන්ගේ ගාණ අඩු වෙන්න දෙන්නේ නැහැ.+මම ඔවුන්ව විශාල සෙනඟක් කරනවා.*ඔවුන් කුඩා සෙනඟක් වෙන්නේ නැහැ.+ 20  යාකොබ්ගේ පුතුන් කලින් වගේම සැපට ජීවත් වෙයි.මං ඉස්සරහා ඔවුන් ශක්තිමත් සෙනඟක් වෙයි.+ ඔහුට පීඩා කරපු හැමෝටම මම දඬුවම් කරනවා.+ 21  ඔහුගෙන්ම පැවතෙන කෙනෙක් ඔහුගේ උත්තමයා වෙනවා.ඔහුගේ පාලකයා එන්නේ ඔහු අතරින්මයි. මං ළඟට එන්න ඒ කෙනාට මම අවසර දෙනවා. ඒ කෙනා මං ළඟට එයි.” “ඇත්තටම මගේ අවසරය නැතුව මං ළඟට එන්න ඉදිරිපත් වෙන්නේ කවුද” කියලා යෙහෝවා අහනවා. 22  “ඔබ මගේ සෙනඟ වෙනවා.+ මම ඔබේ දෙවියන් වෙනවා.”+ 23  බලන්න! යෙහෝවාගේ කේන්තිය සුළි කුණාටුවක් වගේ හමාගෙන එනවා.+ඒක සුළිසුළඟක් වගේ ඇවිත් දුෂ්ටයාගේ ඔළුවට කඩා වැටෙනවා. 24  යෙහෝවා කරන්න හිතපු දේ කරලා ඉවර වෙන කල්ඇවිළෙන ඔහුගේ කේන්තිය නිවිලා යන්නේ නැහැ.+ අවසාන කාලේදී ඔබ ඒ ගැන තේරුම්ගනියි.+

පාදසටහන්

හෝ, “බඩට.”
හෝ, “නාඳුනන අය.”
හෝ, “ඔවුන්ව.”
හෝ, “නිවැරදි කරනවා.”
හෝ සමහරවිට, “ගෞරවය දිනාගත්ත සෙනඟක් කරනවා.”