යෙරෙමියා 31:1-40

  • ඊශ්‍රායෙල්වරුන්ගෙන් ඉතුරු වෙන අය ආයෙත් දේශයේ පදිංචි වෙයි (1-30)

    • රාකෙල් ඇගේ දරුවන් ගැන අඬා වැලපෙයි (15)

  • අලුත් ගිවිසුමක් (31-40)

31  යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. “ඒ කාලේදී මම ඊශ්‍රායෙල්වරුන්ගේ හැම පවුලකටම දෙවියන් වෙනවා. මම ඔවුන්ව මගේ සෙනඟ විදිහට පිළිගන්නවා.”+   යෙහෝවා මෙහෙම කියනවා. “කඩු පහරින් බේරුණු සෙනඟට පාළුකරයේදී දෙවියන්ගේ කරුණාව ලැබුණා.ඊශ්‍රායෙල් තමන්ට නිවිහැනහිල්ලේ ඉන්න පුළුවන් තැනට ගමන් කරමිනුයි හිටියේ.”   දුර ඈත ඉඳන් යෙහෝවා මං ළඟට ඇවිත් මෙහෙම කිව්වා. “මට ඔබ ගැන තියෙන්නේ සදා නොමියෙන ආදරයක්. ඒ නිසයි මම ඔබට නොසැලෙන ආදරයක් පෙන්නලා ඔබව මං ළඟට ගත්තේ.*+   මම ඔබව ආපහු ගොඩනඟනවා. ඔබ ආපහු ජාතියක් වෙනවා.+ ඊශ්‍රායෙල් දියණිය, ඔබ ආයෙත් ඔබේ රබන් අතට ගනියි.ඔබ සතුටින් නටනට යයි.+   ඔබ ආයෙත් සමාරියේ කඳුවල මිදිවතු වවයි.+වගා කරන අය මිදිවතු වවලා ඒවාවල පලදාව රස විඳියි.+   එෆ්‍රායිම් කඳුකරයේ ඉන්න මුරකරුවන් කෑගහලා මෙහෙම කියන දවසක් එනවා. ‘නැඟිටින්න! අපි සියොන්වලට යමු. අපේ දෙවි වන යෙහෝවා ළඟට යමු.’”+   මොකද යෙහෝවා මෙහෙම කියනවා. “සතුටින් යාකොබ්ට අඬගහන්න. ඔබ හැම ජාතියකටම වඩා ඉදිරියෙන් ඉන්න නිසා සතුටින් කෑගහන්න.+ මේ ආරංචිය දසත පතුරුවන්න. දෙවියන්ට ප්‍රශංසා කරලා මෙහෙම කියන්න.‘යෙහෝවා දෙවියනි, ඔබේ සෙනඟව ගලවගන්න. ඊශ්‍රායෙල්වරුන් අතරින් ඉතුරු වෙලා ඉන්න අයව බේරගන්න.’+   මම ඔවුන්ව උතුරු දේශයේ ඉඳන් ආපහු අරගෙන එනවා.+ පොළොවේ දුර ඈත ප්‍රදේශවල ඉන්න ඔවුන්ව මම එකට එකතු කරනවා.+ ඔවුන් අතරේ අන්ධ අයත් කොර අයත්+ගැබිනි මව්වරුනුත් ප්‍රසව වේදනාවෙන් ඉන්න මව්වරුනුත් ඉඳියි. ඔවුන් හැමෝම විශාල සමූහයක් විදිහට මේ දේශයට හැරිලා එයි.+   ඔවුන් අඬඅඬ ආපහු එයි.+ දයාව පෙන්නන්න කියලා කන්නලව් කරයි. මම ඔවුන්ට හරි මාර්ගය පෙන්නනවා. මම ඔවුන්ව දිය පහරවල් ළඟට ගෙනියනවා.+පය පැටලිලා වැටෙන්නේ නැති, සමතලා පාරක ගෙනියනවා. මොකද ඊශ්‍රායෙල්ගේ පියා මමයි. එෆ්‍රායිම් මගේ කුලුඳුලායි.”+ 10  ජාතීනි, යෙහෝවා කියන දේට සවන් දෙන්න.දුර ඈත තියෙන දූපත්වලට ඒ ගැන දැනුම් දෙන්න.+ “ඊශ්‍රායෙල්ව විසුරුවාහැරපු තැනැත්තාම ඔහුව ආයෙත් එකතු කරයි. ඒ තැනැත්තා එඬේරෙක් තමන්ගේ රැළ බලාගන්න විදිහට ඔහුව රැකබලා ගනියි.+ 11  මොකද යෙහෝවා යාකොබ්ව මුදවගනියි.+යාකොබ්ට වඩා බලවත් කෙනාගේ අතින් ඔහුව බේරගනියි.+ 12  ඔවුන් ඇවිත් සියොන් කන්දේ ඉඳන් සතුටින් කෑගහයි.+යෙහෝවාගේ යහපත්කම ගැන ඔවුන් ප්‍රීතියෙන් ඉපිල යයි.ඔවුන්ට ලැබෙන ධාන්‍ය ගැනත් අලුත් වයින් ගැනත්+ තෙල් ගැනත් ඔවුන් සතුටු වෙයි.එළු බැටළු සහ ගව රැළවල් ගණනින් වැඩි වෙන එක ගැන+ සතුටින් පිරිලා ඉතිරිලා යයි. ඔවුන් හොඳට වතුර ලැබෙන උයනක් වගේ වෙයි.+ඔවුන් ආයේ කවදාවත් මැලවිලා යන්නේ නැහැ.”+ 13  “ඒ කාලේදී තරුණියන් සතුටින් නටයි.තරුණයන් සහ මහලු අයත් ඔවුන්ට එකතු වෙයි.+ මම ඔවුන්ගේ දුක සතුටට පෙරළනවා.+ මම ඔවුන්ව සනසලා ශෝකය වෙනුවට ප්‍රීතිය ලබා දෙනවා.+ 14  මම පූජකයන්ට රසවත් කෑම ඇති තරම් දෙනවා.මම ලබා දෙන යහපත් දේවල් නිසා මගේ සෙනඟ තෘප්තියට පත් වෙනවා”+ කියලා යෙහෝවා කියනවා. 15  “යෙහෝවා මෙහෙම කියනවා. ‘අඬා වැලපෙන හඬක් රාමාවලින්+ ඇහෙනවා. ශෝකයෙන් විලාප දෙන හඬක් ඇහෙනවා. ඒ රාකෙල් තම පුතුන්* ගැන අඬා වැලපෙන හඬයි.+ ඇයව සනසන්න උත්සාහ කළත් ඇය සැනසෙන්න කැමති වුණේ නැහැ.මොකද ඇයට ඇගේ පුතුන් අහිමි වෙලා.’”+ 16  යෙහෝවා මෙහෙම කියනවා. “‘තවත් කඳුළු සලන්න එපා. දැන් අඬා වැලපෙන්න එපා.ඔබ කරපු දේ වෙනුවෙන් මම ඔබට ආශීර්වාද කරනවා’ කියලා යෙහෝවා කියනවා. ‘සතුරන්ගේ දේශයේ ඉඳන් ඔවුන් අනිවාර්යයෙන්ම ආපහු එනවා.’+ 17  ‘ඔබට බලාපොරොත්තුවක් තියෙනවා’+ කියලා යෙහෝවා කියනවා. ‘ඔබේ පුතුන් ඔවුන්ට අයිති දේශයට ආපහු එනවා.’”+ 18  “එෆ්‍රායිම් දුක් වෙවී මෙහෙම කියනවා මට ඇහුණා.‘මම හිටියේ පුරුදු පුහුණු නොකළ වහු පැටියෙක් වගෙයි.ඔබ මගේ වැරදි පෙන්නලා දුන්නා. මම ඒකෙන් ඉගෙනගත්තා. මාව ආපහු අරන් එන්න. මම හරිම ආසාවෙන් ඔබ ළඟට හැරිලා එනවා.මොකද යෙහෝවා, ඔබයි මගේ දෙවියන්. 19  ඔබ ළඟට හැරිලා ආවාට පස්සේ මගේ වැරදි ගැන මම පසුතැවිලි වුණා.+මගේ වැරදි මට තේරුම් කරලා දුන්නාට පස්සේ මට ලොකු දුකක් දැනුණා.* තරුණ කාලේ මං කරපු වැරදි නිසාමට දැනෙන්නේ ලොකු ලැජ්ජාවක්. මං නින්දාවට පත් වෙලා.’”+ 20  “එෆ්‍රායිම් මං ප්‍රිය කරන පුතෙක් නෙමෙයිද? මං ගොඩක් ආදරේ කරන දරුවෙක් නෙමෙයිද?+ මම ඔහුට ආයේ ආයේ තරවටු කළත් මම ඔහුව අමතක කරලා දාන්නේ නැහැ. ඔහු වෙනුවෙන් මගේ හිත උණු වෙනවා.*+ මම අනිවාර්යයෙන්ම ඔහුට අනුකම්පා කරනවා” කියලා යෙහෝවා කියනවා.+ 21  “ඔබේ ප්‍රයෝජනය වෙනුවෙන් මං සලකුණු හිටවන්න.මඟ පෙන්නන කණු හිටවන්න.+ ඔබ යන්න ඕනෙ මාර්ගයට හොඳ අවධානයක් දෙන්න.+ ඊශ්‍රායෙල් කන්‍යා දියණිය, ආපහු එන්න. ඔබට අයිති මේ නගරවලට ආපහු හැරිලා එන්න. 22  අවිශ්වාසවන්ත දියණිය, ඔබ තව කොච්චර කාලයක් ඒ මේ අත වැනිවැනී ඉන්නවාද? මොකද යෙහෝවා පොළොවේ අලුත් දෙයක් නිර්මාණය කළා. ඒ නිසා ස්ත්‍රියක් පුරුෂයෙක්ගේ හිත දිනාගන්න ලොකු උත්සාහයක් ගනියි.” 23  ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. “වහලුන් විදිහට ඉන්න සෙනඟව මම එකට එකතු කළාම යූදා දේශයේදී සහ එහේ නගරවලදී ඔවුන් ආපහු මෙහෙම කියයි. ‘ධර්මිෂ්ඨකම හොයාගන්න පුළුවන් ස්ථානය+ වන ඔබට, ශුද්ධ කන්ද+ වන ඔබට යෙහෝවාගේ ආශීර්වාදය ලැබේවා!’ 24  යූදා නගරවල සෙනඟත් ගොවියොත් එඬේරුත් යූදා දේශයේ එකට ජීවත් වෙයි.+ 25  විඩාවට පත් වෙලා ඉන්න කෙනාව මම ශක්තිමත් කරනවා. මලානිකව ඉන්න හැමෝවම මම ප්‍රාණවත් කරනවා.”+ 26  එතකොටම මට ඇහැරුණා. මම ඇස් ඇරලා වටපිට බැලුවා. මං හිටියේ සුව නින්දක කියලා මට තේරුණා. 27  “බලන්න! ඊශ්‍රායෙල් ජාතියත් යූදා ජාතියත් මම ගණනින් වැඩි කරන කාලයක් ඉදිරියේදී එනවා. ඔවුන්ට අයිති සතුන්ගේ ගාණත් මම වැඩි කරනවා” කියලා යෙහෝවා කියනවා.+ 28  “මම ඔවුන් පිටට කරදර ගේන්නත් ඔවුන්ව කඩලා බිඳලා උදුරලා දාන්නත් විනාශ කරලා බිමට ඇදලා දාන්නත් බලාගෙන හිටියා.+ ඒ විදිහටම මම ඔවුන්ව ගොඩනඟන්නත් හිටවන්නත් බලාගෙන ඉන්නවා”+ කියලා යෙහෝවා කියනවා. 29  “‘අමු මිදි කෑවේ තාත්තලා. ඒත් හිරි වැටුණේ දරුවන්ගේ දත්’ කියලා ඒ කාලේදී ඔවුන් ආයේ කියන්නේ නැහැ.+ 30  ඒ කාලේදී කෙනෙක් මැරෙන්නේ ඒ කෙනා කරන වරද නිසයි. අමු මිදි කන කෙනාගේ දත් තමයි හිරි වැටෙන්නේ.” 31  යෙහෝවා මෙහෙම කියනවා. “බලන්න! මම ඊශ්‍රායෙල් සහ යූදා සෙනඟ එක්ක අලුත් ගිවිසුමක් ඇති කරගන්න කාලයක් ඉදිරියේදී එනවා.+ 32  ඒත් ඒක ඔවුන්ගේ මුතුන්මිත්තන්ව ඊජිප්තුවෙන් පිටතට ගේන්න මම ඔවුන්ගේ අත අල්ලගත්ත දවසේදී ඔවුන් එක්ක ඇති කරගත්ත ගිවිසුම වගේ නෙමෙයි.+ ‘මම ඔවුන්ගේ එකම ස්වාමියා* වුණත් මං ඇති කරගත්ත ඒ ගිවිසුම ඔවුන් කඩ කළා’+ කියලා යෙහෝවා කියනවා.” 33  “ඒ කාලෙට පස්සේ මම ඊශ්‍රායෙල් සෙනඟ එක්ක මේ ගිවිසුම ඇති කරගන්නවා” කියලා යෙහෝවා කියනවා. “මම මගේ නීතිය ඔවුන්ගේ ඇතුළාන්තයටම දානවා.+ ඒක ඔවුන්ගේ හදවතේ ලියනවා.+ මම ඔවුන්ගේ දෙවියන් වෙනවා. ඔවුන් මගේ සෙනඟ වෙනවා.”+ 34  “‘යෙහෝවාව අඳුරගන්න’+ කියලා කවුරුත් තමන්ගේ අසල්වැසියාටවත් සහෝදරයාටවත් තවත් කියන්නේ නැහැ. මොකද පොඩිම කෙනාගේ ඉඳන් ලොකුම කෙනා වෙන කල්+ හැමෝම මාව හොඳින් අඳුරගෙන ඉන්නවා” කියලා යෙහෝවා කියනවා. “මම ඔවුන් කරපු වැරදිවලට සමාව දෙනවා. ඔවුන්ගේ පාප ආයේ මතක් කරන්නේ නැහැ.”+ 35  යෙහෝවා කියන දේට සවන් දෙන්න.දවල් කාලේදී ආලෝකය දෙන්න හිරු හැදුවේ ඔහුයි.රාත්‍රිය ආලෝකවත් කරන්න හඳට සහ තරුවලට නීති දුන්නේ ඔහුයි.මුහුද කලඹලා එහි රළ පහර දරුණු කරන්නේ ඔහුයි.ඔහුව හඳුන්වන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියලයි.+ ඔහු මෙහෙම කියනවා. 36  “‘ඒ නීති හැමදාටම ක්‍රියාත්මක වෙනවා වගේඊශ්‍රායෙල්ගෙන් පැවතෙන අය හැමදාමත් මං ඉස්සරහා ජාතියක් විදිහට ඉඳියි’ කියලා යෙහෝවා කියනවා.”+ 37  යෙහෝවා කියන්නේ මෙහෙමයි. “‘කාට හරි අහස මැනලා බලන්නවත් පොළොවේ අත්තිවාරම් හොයාගන්නවත් පුළුවන්ද? එහෙම කරන්න පුළුවන් වුණොත් මම ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන අයවත් ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් කොච්චර වැරදි කරලා තිබුණත් මම ඔවුන්ව සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්නේ නැහැ’ කියලා යෙහෝවා කියනවා.”+ 38  “යෙහෝවා වෙනුවෙන් නගරය ආපහු ගොඩනඟන කාලයක් එනවා.+ හනානෙල්ගේ මුරකොටුවේ+ ඉඳන් කොනේ දොරටුව+ වෙන කල්ම ඒක ගොඩනඟනවා” කියලා යෙහෝවා කියනවා. 39  “ඒක මනින්න අදින ලණුව+ ගාරෙබ් හෙල දක්වාත් එතනින් ගෝයා දක්වාත් දිව යයි. 40  මළ කඳන් සහ අළු* දාන නිම්නයත්* කිද්‍රොන් නිම්නය+ වෙන කල් තියෙන කෙත්වතුත් නැඟෙනහිර පැත්තේ තියෙන අශ්ව දොරටුවේ+ කොන දක්වා මුළු ප්‍රදේශයත් යෙහෝවා ශුද්ධ ප්‍රදේශයක් විදිහට සලකනවා.+ ඒක ආයේ කවදාවත් උදුරලා දාන්නෙවත් කඩලා බිඳලා දාන්නෙවත් නැහැ.”

පාදසටහන්

හෝ, “ඒ නිසයි මම ඔබට දිගටම නොසැලෙන ආදරයක් පෙන්නන්නේ.”
හෝ, “දරුවන්.”
හෝ, “මං මගේ කළවයට ගහගත්තා.”
මූ.අ., “මගේ බඩවැල් කැලතෙනවා.”
හෝ සමහරවිට, “ස්වාමිපුරුෂයා.”
හෝ, “තෙල් මිශ්‍ර අළු.” ඒ කියන්නේ සත්ව පූජාවල තෙල් මිශ්‍ර වුණ අළු.
හෝ, “තැනිතලාවත්.”