යෙරෙමියා 42:1-22

  • මඟ පෙන්වීම් ඉල්ලලා යාච්ඤා කරන්න කියලා සෙනඟ ඉල්ලයි (1-6)

  • “ඊජිප්තුවට යන්න එපා” කියලා යෙහෝවා කියයි (7-22)

42  ඊටපස්සේ හමුදාවේ ප්‍රධානීන් හැමෝමයි, කාරියාගේ පුතා වුණ යෝහානානුයි,+ හෝෂායාගේ පුතා වුණ යෙෂනියායි, මුළු සෙනඟයි ඒ කියන්නේ ලොකු කුඩා හැමෝම  අනාගතවක්තෘ යෙරෙමියා ළඟට ගිහින් මෙහෙම කිව්වා. “අනේ, අපේ ඉල්ලීමට ඇහුම්කන් දෙන්න. අපි හැමෝම වෙනුවෙන් ඔයාගේ දෙවි වන යෙහෝවාට යාච්ඤා කරන්න. ඔයාට පේනවානේ කලින් ලොකු සෙනඟක් හිටියාට දැන් ඉතුරු වෙලා ඉන්නේ ටිකදෙනායි කියලා.+ ඉතුරු වෙලා ඉන්න ටිකදෙනා වෙනුවෙන් යාච්ඤා කරන්න.  ඔයාගේ දෙවි යෙහෝවා අපි යන්න ඕනෙ පාර අපිට පෙන්නලා දෙයි. අපි කරන්න ඕනෙ මොනවාද කියලා අපිට කියයි.”  අනාගතවක්තෘ යෙරෙමියා එයාලට මෙහෙම කිව්වා. “හරි, ඔයාලා ඉල්ලපු විදිහටම මම ඔයාලාගේ දෙවි යෙහෝවාට යාච්ඤා කරන්නම්. යෙහෝවා කියන හැම වචනයක්ම මං ඒ විදිහටම ඔයාලට කියන්නම්. කිසිම දෙයක් ඔයාලාගෙන් හංගන්නේ නැහැ.”  එයාලා යෙරෙමියාට මෙහෙම කිව්වා. “ඔයාගේ දෙවි යෙහෝවා ඔයා මාර්ගයෙන් අපිට කරන්න කියන දේ අපි කළේ නැත්තං යෙහෝවාම අපිට විරුද්ධව සාක්ෂි දෙයි. ඔහු විශ්වාසවන්ත, සැබෑ සාක්ෂිකරුවෙක්.  අපි වෙනුවෙන් දෙවියන්ගෙන් විමසන්න කියලා අපි ඔබෙන් ඉල්ලුවා. අපේ දෙවි යෙහෝවා කියන දේට අපි කැමති වුණත් නැතත් අපි ඔහුට කීකරු වෙනවා. අපේ දෙවි යෙහෝවාට කීකරු වුණොත් අපිට වරදින්නේ නැහැ.”  දවස් දහයකට පස්සේ යෙහෝවා දෙවියන්ගෙන් යෙරෙමියාට පණිවිඩයක් ලැබුණා.  ඉතින් යෙරෙමියා, කාරියාගේ පුතා වුණ යෝහානාන්ටයි, එයාත් එක්ක හිටපු හමුදාවේ ප්‍රධානීන් හැමෝටමයි, මුළු සෙනඟටයි ඒ කියන්නේ ලොකු කුඩා හැමෝටම එන්න කිව්වා.+  යෙරෙමියා එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා වෙනුවෙන් දෙවියන් ඉස්සරහා කන්නලව් කරන්න කියලා ඔයාලා මගෙන් ඉල්ලුවා. ඒ ඉල්ලීමට ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම උත්තර දෙනවා. 10  ‘ඔබ දිගටම මේ දේශයේ ජීවත් වුණොත් මම ඔබව ගොඩනඟනවා, ඔබව විනාශ කරලා දාන්නේ නැහැ. මම ඔබව හිටවනවා. ඔබව උදුරලා දාන්නේ නැහැ. මම ඔබ පිටට විපත්ති ගෙනාවත් ඒවා හැමදාටම තියෙන්න මං ඉඩ දෙන්නේ නැහැ.+ 11  ඔයාලා බයෙන් ඉන්න බැබිලෝනියේ රජට තවත් බය වෙන්න එපා.’+ “‘ඔහුට බය වෙන්න එපා’ කියලා යෙහෝවා කියනවා. ‘මොකද ඔහුගේ අතින් ඔබව බේරගන්නත් ඔබව ගලවගන්නත් මම ඔබ එක්කම ඉන්නවා. 12  මම ඔබට දයාව පෙන්නනවා.+ ඒ නිසා ඔහු ඔබට අනුකම්පා කරලා ආපහු ඔබේ දේශයට හැරිලා යන්න ඔබට ඉඩ දෙයි. 13  “‘ඒත් ඔබ කියන්න පුළුවන් “අපිට මේ දේශයේ ඉන්න බැහැ” කියලා. ඔබේ දෙවි වන යෙහෝවාගේ වචනයට අකීකරු වෙලා 14  ඔබ මෙහෙම කියන්න ඉඩ තියෙනවා. “අපි ඊජිප්තු දේශයට යනවා.+ එහෙදී අපිට යුද්ධ දකින්නවත් යුද්දෙට සෙනඟ රැස් කරන හොරණෑවේ හඬ අහන්නවත් කෑම නැතුව බඩගින්නේ ඉන්නවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි එහේ ජීවත් වෙනවා.” 15  යූදාවල ඉතුරු වෙලා ඉන්න සෙනඟෙනි, ඔබ එහෙම කිව්වොත් යෙහෝවා ඔබට මේ පණිවිඩය දෙනවා. ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. “ඊජිප්තුවට යන්න ඔබ ගත්ත තීරණය කොහොමටවත් වෙනස් නොකර, ජීවත් වෙන්න* එහෙට ගියොත් 16  ඔබ බයෙන් ඉන්න සතුරාම ඔබේ පස්සෙන් එළවගෙන ඇවිත් ඊජිප්තු දේශයේදී ඔබට කඩුවෙන් පහර දෙයි. සාගතයට බයෙන් ඔබ ඊජිප්තුවට පලා ගියත් එහෙදීත් ඒකට මූණ දෙන්න ඔබට සිද්ධ වෙයි. එහෙදී ඔබ මැරිලා යයි.+ 17  ඊජිප්තුවට ගිහින් එහේ ජීවත් වෙන්න හිතාගෙන ඉන්න හැමෝම කඩුවෙන්, සාගතයෙන් සහ වසංගතවලින්* මැරුම් කනවා. මං ඔවුන් පිටට ගේන විපත්තිවලින් ඔවුන්ගෙන් කිසිම කෙනෙක් බේරෙන්නේ නැහැ.”’ 18  “මොකද ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘ඔබ ඊජිප්තුවට ගියොත් යෙරුසලමේ සෙනඟට විරුද්ධව මම මගේ කේන්තිය පිට කරපු විදිහටම+ ඔබට විරුද්ධවත් මගේ කේන්තිය පිට කරනවා. ඔබට වෙන දේ දැකලා මිනිස්සු පුදුම වෙයි. ඔවුන් ඔබට ශාප කරයි, සමච්චල් කරයි, ඔබව පිළිකුල් කරයි.+ ඔබට ආයේ කවදාවත් මේ දේශය දකින්න ලැබෙන්නේ නැහැ.’ 19  “යූදාවල ඉතුරු වෙලා ඉන්න සෙනඟෙනි, ඊජිප්තුවට යන්න එපා කියලා යෙහෝවා ඔයාලට කිව්වා. අද මම ඔයාලට ඒ ගැන අනතුරු ඇඟෙව්වා කියලා මතක තියාගන්න. 20  ඔයාලාගේ වරදට ඔයාලාගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙනවා. මොකද ඔයාලාගේ දෙවි වන යෙහෝවාගෙන් විමසන්න කියලා මාව ඔහු ළඟට යැව්වේ ඔයාලමයි. ඔයාලා මට මෙහෙම කිව්වා. ‘අපි වෙනුවෙන් අපේ දෙවි යෙහෝවාට යාච්ඤා කරන්න. අපේ දෙවි යෙහෝවා කියන හැම දෙයක්ම අපිට කියන්න. අපි ඒ විදිහටම කරනවා.’+ 21  මං අද දෙවියන් කියපු හැම දෙයක්ම ඔයාලට කිව්වා. ඔයාලට කියන්න කියලා ඔහු මට කියපු කිසිම දෙයක් ඔයාලා කරන්නේ නැහැ. ඔයාලා ඔයාලාගේ දෙවි වන යෙහෝවා කියන දේවලට ඇහුම්කන් දෙන්නෙත් නැහැ.+ 22  ඒ නිසා ඔයාලා ගිහින් ජීවත් වෙන්න ආසාවෙන් ඉන්න දේශයේදී ඔයාලට කඩුවෙන්, සාගතයෙන් සහ වසංගතවලින් මැරුම් කන්න වෙනවා. ඒක ස්ථිරවම වෙනවා කියලා දැනගන්න.”+

පාදසටහන්

හෝ, “ටික කාලයක් ඉන්න.”
හෝ, “ලෙඩ රෝගවලින්.”