යෙරෙමියා 45:1-5

  • යෙහෝවා බාරුක්ට දුන්න පණිවිඩය (1-5)

45  යොෂියාගේ පුතා වුණ යෙහෝයාකිම් යූදාවල රජකම් කරපු හතරවෙනි අවුරුද්දේදී+ නෙරියාගේ පුතා වුණ බාරුක් අනාගතවක්තෘ යෙරෙමියා කියපු දේවල් ලියවිල්ලක ලිව්වා.+ ඒ කාලේදීම යෙරෙමියා බාරුක්ට+ මේ පණිවිඩය දුන්නා.  “බාරුක්, ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා ඔයාට මෙහෙම කියනවා.  ‘ඔයා කියනවා “අනේ, මට වෙච්ච දේ! යෙහෝවා මගේ දුක තවත් වැඩි කළා. මට සැනසිල්ලේ ඉන්නවත් තැනක් නැහැ. මේ ජීවිතේ දැන් මට ඇති වෙලා” කියලා.’  “දැන් බාරුක්ට මෙහෙම කියන්න. ‘යෙහෝවා ඔයාට කියන්නේ මෙහෙමයි. “මං ගොඩනඟපු දේවල් මං කඩලා දානවා. හිටවපු දේවල් උදුරලා දානවා. ඒක මං මේ මුළු දේශයටම කරනවා.+  ඒත් ඔයා හිතන්නේ ඔයාගේ දියුණුව ගැන විතරයි.* ඔයා ගොඩක් දේවල් පස්සේ යනවා. ඒක නවත්තන්න.”’ “‘මොකද මම ළඟදීම ලොකු විනාශයක් ගේනවා. හැම කෙනෙක්ටම ඒකට මුහුණ දෙන්න වෙනවා.+ හැබැයි ඔයා කොහේ ගියත් මං ඔයාගේ ජීවිතේ වස්තුවක් වගේ ආරක්ෂා කරලා දෙනවා’+ කියලා යෙහෝවා කියනවා.”

පාදසටහන්

හෝ, “ඔයා ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙනවා.”