යෙරෙමියා 47:1-7

  • පිලිස්තිවරුන්ට විරුද්ධව කියපු අනාවැකිය (1-7)

47  පාරාවෝ ගාසා නගරය පරාජය කරන්න කලින් පිලිස්තිවරු+ ගැන අනාගතවක්තෘ යෙරෙමියාට යෙහෝවා දෙවියන්ගෙන් මේ පණිවිඩය ලැබුණා.  යෙහෝවා මෙහෙම කියනවා. “බලන්න! උතුරෙන් ජල ධාරාවක් එනවා. ඔවුන් හරියට වේගයෙන් ගලාගෙන එන ජල පහරක් වගෙයි. ඔවුන් දේශයත් දේශයේ ඇති හැම දෙයක්මත් යට කරලා දායි.නගරයත් එහි වැසියන්වත් යට කරලා දායි. පුරුෂයෝ අඬා වැලපෙයි.දේශයේ ඉන්න හැමෝම විලාප තියයි.   සතුරු සේනාවේ අශ්වයන් දුවන භයානක ශබ්දයත්යුධ රථවලින් නැඟෙන හඬත්ඒවාවල රෝද කැරකෙන හඬත් ඇහුණාමතාත්තලා තමන්ගේ දරුවන්ව බේරගන්නවත් ආපහු හැරිලා එන්නේ නැහැ.මොකද ඔවුන්ගේ අත් ඒ තරමටම දුර්වල වෙනවා.   පිලිස්තිවරුන්ව විනාශ කරන දවස එනවා.+ඒ දවසේදී තීර්+ සහ සීදොන්වලට+ උදව් කරන්න ඉතුරු වෙලා ඉන්න අයව නැති කරලා දානවා. මොකද යෙහෝවා පිලිස්තිවරුන්ව විනාශ කරනවා.කප්තෝර්*+ දූපතේ ඉඳන් ආව අයගෙන් ඉතුරු වෙලා ඉන්න ඒ අයව විනාශ කරනවා.   හිස බූ ගාන්න වෙන කාලයක්* ගාසාවලට එනවා. අෂ්කෙලොන් නිහඬ වෙනවා.+ ඔවුන්ගේ තැනිතලාවේ ඉතුරු වෙලා ඉන්න සෙනඟෙනි,ඔබ තව කොච්චර කාලයක් ඔබේ ඇඟ කපාගන්නවාද?+   යෙහෝවා දෙවියන්ගේ කඩුව,+ ඔබ නිහඬ වෙන්නේ කවදාද? ආපහු ඔබේ කොපුවට යන්න. නිහඬ වෙලා විවේක ගන්න.   යෙහෝවා අණක් දීලා තියෙද්දී,කඩුව නිහඬව ඉන්නේ කොහොමද? අෂ්කෙලොන්වලටත් මුහුදුබඩ ප්‍රදේශයටත් පහර දෙන්න+ඔහු කඩුවට අණ කරලයි තියෙන්නේ.”

පාදසටහන්

ඒ කියන්නේ ක්‍රීට්.
ඒ කියන්නේ ලැජ්ජාවත් දුකත් නිසා හිස බූ ගාගන්න කාලයක්.