යෙරෙමියා 50:1-46

  • බැබිලෝනියට විරුද්ධව කියපු අනාවැකිය (1-46)

    • බැබිලෝනියෙන් පලා යන්න (8)

    • ඊශ්‍රායෙල්ව ආපහු ගේනවා (17-19)

    • බැබිලෝනියේ ජල ධාරා හිඳිලා යනවා (38)

    • බැබිලෝනිය මනුෂ්‍ය වාසයක් නැති තැනක් වෙයි (39, 40)

50  අනාගතවක්තෘ යෙරෙමියා මාර්ගයෙන් යෙහෝවා දෙවියන් බැබිලෝනිය ගැන පණිවිඩයක් දුන්නා.+ කල්දිවරුන්ගේ දේශය ගැන ඔහු කිව්වේ මේකයි.   “ජාතීන් අතරේ මේ ගැන දැනුම් දෙන්න. ඔවුන්ට මේ ගැන ප්‍රකාශ කරන්න. සංඥාවක් විදිහට කණුවක් හිටවලා මේ ගැන ප්‍රකාශ කරන්න. කිසිම දෙයක් හංගන්නේ නැතුව මෙහෙම කියන්න. ‘බැබිලෝනිය යටත් කරගත්තා.+ බෙල්ව ලැජ්ජාවට පත් කරලා.+ මෙරොදක් බයේ වෙවුලනවා. ඇගේ රූප නින්දාවට පත් කරලා. ඇගේ පිළිකුල් රූප* බයෙන් ගැහෙනවා.’   මොකද ඇයට විරුද්ධව උතුරෙන් ජාතියක් ඇවිල්ලා.+ ඒ ජාතිය ඇගේ දේශයට කරන දේ දැකලා අනිත් අය පුදුම වෙයි.කිසිම කෙනෙක් එහේ ජීවත් වෙන්නේ නැහැ. මිනිස්සු සහ සත්තු දේශය අතහැරලා පලා ගිහින්.ඔවුන් හැමෝම යන්න ගිහින්.”  “ඒ දවස්වලදී ඊශ්‍රායෙල් සෙනඟයි, යුදෙව්වනුයි එක කණ්ඩායමක් විදිහට එයි”+ කියලා යෙහෝවා කියනවා. “ඔවුන් අඬඅඬ එයි.+ ඔවුන් එකට එකතු වෙලා ඔවුන්ගේ දෙවි වන යෙහෝවාගේ මඟ පෙන්වීම් පතයි.+  ඔවුන් සියොන්වලට යන මාර්ගය ගැන අහයි. එහෙට යන්න අදිටන් කරගෙන ඉන්න ඔවුන්+ මෙහෙම කියයි. ‘එන්න, අමතක නොවන සදාකාලික ගිවිසුමක් මාර්ගයෙන් අපි ආයෙත් යෙහෝවාගේ සෙනඟ වෙමු.’+  මගේ සෙනඟ හරියට මංමුළා වුණ බැටළු රැළක් වගේ.+ ඔවුන්ගෙම එඬේරු ඔවුන්ව නොමඟ යැව්වා.+ ඒ එඬේරු මඟ පෙන්නුවේ ඔවුන්ට කඳුවලට යන්නයි. කන්දෙන් කන්දට යන්නයි. ඔවුන්ගේ සුරක්ෂිත නිවහන ඔවුන්ට අමතක වෙලා ගියා.  සතුරන්ට ඔවුන්ව අහු වුණාම ඔවුන්ව ගිලලා දැම්මා.+ සතුරෝ මෙහෙම කිව්වා. ‘ඔවුන් යෙහෝවාට විරුද්ධව වැරදි කළා. ඒ නිසා අපි කරන්නේ වරදක් නෙමෙයි. මොකද ඔවුන් ධර්මිෂ්ඨකමේ උල්පත සහ ඔවුන්ගේ පියවරුන් බලාපොරොත්තු තියපු යෙහෝවාට විරුද්ධව වැරදි කළා.’”   “බැබිලෝනියෙන් පලා යන්න.රැළේ ඉදිරියෙන්ම යන සතුන් වගේකල්දිවරුන්ගේ දේශයෙන් එළියට යන්න.+   මම උතුරු දේශයෙන් බලවත් ජාතීන් සමූහයක් කැඳවනවා.මම ඔවුන්ව බැබිලෝනියට විරුද්ධව ගේනවා.+ ඔවුන් හොඳින් පෙළ ගැහිලා ඇයට විරුද්ධව එයි.ඔවුන් ඇයව යටත් කරගන්නවා. ඔවුන්ගේ ඊතල යුධ දක්ෂයන්ගේ ඊතල වගෙයි.ඉලක්කය වරදින්නේ නැහැ.ඒ ඊගස් දෙමාපියන්ගෙන් දරුවන්ව උදුරගන්නවා.+ 10  කල්දියාව කොල්ල කනවා.+ ඇයව කොල්ල කන හැමෝම තෘප්තියට පත් වෙයි”+ කියලා යෙහෝවා කියනවා. 11  “මොකද ඔබ මගේ උරුමය කොල්ල කද්දී සතුටු වුණා.+ප්‍රීතියෙන් ඉපිල ගියා.+ හරියට තණ නිල්ල පාගපාග ඉන්න වැස්සියක් වගෙත්හඬ නඟමින් ඉන්න අශ්වයන් වගෙත් ඔබ සතුටු වුණා. 12  ඔබේ මවව ලැජ්ජාවට පත් කළා.+ ඔබව බිහි කරපු කෙනාගේ බලාපොරොත්තු සුන් වුණා. බලන්න! ඇය ජාතීන් අතරේ සුළුම කෙනා වෙලා.දිය පොදක් නැති පාළුකරයක් වෙලා. කාන්තාරයක් වෙලා.+ 13  යෙහෝවාගේ කේන්තිය නිසා ඇය පාළුවට යනවා.+ඇයව සම්පූර්ණයෙන්ම අතහැරලා දානවා.+ බැබිලෝනිය පහු කරගෙන යන හැමෝම ඇය දිහා පුදුමයෙන් බලනවා.ඇයට වුණ විපත ගැන කියලා ඔවුන් ඇයට අපහාස කරනවා.*+ 14  දුන්න නමලා විදින්න සූදානමින් ඉන්න සියල්ලෙනි,බැබිලෝනියට විරුද්ධව හැම පැත්තකින්ම පෙළ ගැහිලා සටනට එන්න. ඊතලවලින් ඇයට විදින්න. එකක්වත් ඉතුරු කරගන්න එපා.+මොකද ඇය වැරදි කළේ යෙහෝවාට විරුද්ධවයි.+ 15  ඇයව වට කරලා ඇයට විරුද්ධව යුධ ඝෝෂා නඟන්න. ඇය යටත් වුණා. ඇගේ කුලුනු කඩන් වැටුණා. ඇගේ පවුරු බිඳලා දැම්මා.+මොකද ඒක තමයි යෙහෝවාගෙන් ඇයට ලැබෙන දඬුවම.+ ඇගෙන් පළිගන්න. ඇය කරපු විදිහටම ඇයටත් කරන්න.+ 16  බැබිලෝනියෙන් බීජ වපුරන්නාවයි,දෑකැත්තෙන් අස්වැන්න නෙළන්නාවයි විනාශ කරලා දාන්න.+ දරුණු කඩු පහරින් බේරෙන්න හැමෝම තමන්ගේ සෙනඟ ළඟටත්තමන්ගේ දේශයටත් පලා යයි.+ 17  “ඊශ්‍රායෙල් සෙනඟ මංමුළා වුණ බැටළුවන් වගෙයි.+ සිංහයෝ ඔවුන්ව විසුරුවාහැරියා.+ මුලින්ම ඇසිරියාවේ රජ ඔවුන්ව ගොදුරු කරගත්තා.+ ඊටපස්සේ බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්* ඔවුන්ගේ ඇටකටු හපලා හපලා දැම්මා.+ 18  ඒ නිසා ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘මම ඇසිරියාවේ රජට දඬුවම් කරපු විදිහටම බැබිලෝනියේ රජටත් ඔහුගේ දේශයටත් දඬුවම් කරනවා.+ 19  මම ඊශ්‍රායෙල්ව ආපහු ඔහුගේ තණබිමට ගේනවා.+ ඔහු කර්මෙල්වලත් බාෂාන්වලත් හිතේ හැටියට තණ කයි.+ එෆ්‍රායිම්+ සහ ගිලියද්+ කඳුකරයේ ඔහු තෘප්තිමත්ව ඉඳියි.’” 20  “ඒ දවස්වලදී ඊශ්‍රායෙල්ගේ වරද ගැන හෙව්වත්කාටවත් කිසිම දෙයක් හොයාගන්න බැරි වෙයි” කියලා යෙහෝවා කියනවා.“යූදා කරපු වැරදිත් හොයාගන්න බැරි වෙයි.මොකද මං ජීවත් වෙන්න ඉඩ දීපු අයට මම සමාව දෙනවා.”+ 21  “මෙරතායිම් දේශයටත් පෙකොඩ්වල+ සෙනඟටත් විරුද්ධව යන්න. ඔවුන්ව සමූල ඝාතනය කරලා සම්පූර්ණයෙන්ම විනාශ කරන්න” කියලා යෙහෝවා කියනවා. “මම ඔබට අණ කරන හැම දෙයක්ම කරන්න. 22  යුධ ඝෝෂාවේ හඬ දේශය පුරාම පැතිරිලා.මහා විනාශයක හඬ දේශයෙන් ඇහෙනවා. 23  මුළු පොළොවටම පහර දුන්න කුළු ගෙඩිය* කැඩිලා, කුඩු වෙලා ගිය හැටි බලන්න!+ බැබිලෝනියට වුණ දේ දකින ජාතීන් බය වෙන හැටි බලන්න!+ 24  බැබිලෝනිය, මම ඔබට උගුලක් ඇටෙව්වා.ඔබ නොදැනුවත්වම ඒ උගුලට අහු වුණා. ඔබව හොයාගෙන අල්ලගත්තා.+මොකද ඔබ විරුද්ධ වුණේ යෙහෝවාටයි. 25  යෙහෝවා ඔහුගේ ආයුධ ගබඩාව විවෘත කළා.ඔහුගේ කේන්තිය පෙන්නන්න පාවිච්චි කරන ආයුධ ඔහු එළියට ගන්නවා.+ මොකද ශ්‍රේෂ්ඨතම පාලකයාණන් සහ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාටකල්දිවරුන්ගේ දේශයේදී කරන්න දෙයක් තියෙනවා. 26  දුර ඈත ඉඳන් ඇයට විරුද්ධව එන්න.+ ඇගේ ධාන්‍ය ගබඩා අරින්න.+ ඇයට තියෙන වටින දේවල් ධාන්‍ය ගොඩක් වගේ ගොඩගහන්න. ඇයව සම්පූර්ණයෙන්ම විනාශ කරන්න.+ ඇයට අයිති කිසිම කෙනෙක්ව ඉතුරු නොකරන්න. 27  ඇගේ තරුණ වස්සන්ව ඝාතනය කරන්න.+ඔවුන්ව මරලා දාන්න. ඔවුන්ට වෙන්නේ මොන තරම් දරුණු දෙයක්ද! මොකද ඔවුන්ව විනිශ්චය කරන දවස ඇවිල්ලා.ඔවුන්ට දඬුවම් කරන දවස ඇවිල්ලා. 28  ඒ ඇහෙන්නේ පලා යන අයගේ හඬයි.බැබිලෝනියෙන් බේරිලා යන අයගේ හඬයි.ඔවුන් යන්නේ අපේ දෙවි වන යෙහෝවා බැබිලෝනියට දුන්න දඬුවම ගැන සියොන්වලදී ප්‍රකාශ කරන්නයි.ඔහුගේ මාලිගාවට කරපු දේට ඔහු දුන්න දඬුවම ගැන කියන්නයි.+ 29  බැබිලෝනියට පහර දෙන්න දුනුවායන්ව කැඳවන්න.දුන්න නමලා විදින්න සූදානමින් ඉන්න අයව කැඳවන්න.+ හැම පැත්තෙන්ම ඇයව වට කරන්න. කිසිම කෙනෙක්ට බේරෙන්න දෙන්න එපා. ඇය කරපු දේවලට අනුව ඇයට දඬුවම් කරන්න.+ ඇය අනිත් අයට කරපු විදිහටම ඇයටත් කරන්න.+ මොකද ඇය යෙහෝවාට විරුද්ධව හරිම උඩඟු විදිහට වැඩ කළා. ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තාණන්ට විරුද්ධව වැඩ කළා.+ 30  ඇගේ තරුණයෝ මැරුම් කාලා මංසන්ධිවල වැටිලා ඉඳියි.+ඒ දවසේදී ඇගේ සෙබළු විනාශ වෙලා යනවා”* කියලා යෙහෝවා කියනවා. 31  “හිතුවක්කාර තැනැත්තිය,+ මම ඔබට විරුද්ධව සටන් කරනවා”+ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් සහ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියනවා.“මම ඔබට දඬුවම් කරන දවස එනවා. ඔබ මට වග කියන්න වෙන දවස අනිවාර්යයෙන්ම එනවා. 32  හිතුවක්කාර තැනැත්තිය, ඔබේ පය පැටලිලා ඔබ වැටිලා යනවා.ඔබට අත දෙන්න කවුරුත් නැහැ.+ මම ඔබේ නගරවලට ගිනි තියනවා.ඒ ගින්නෙන් ඔබ වටේ තියෙන හැම දෙයක්ම පිච්චිලා යනවා.” 33  ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. “ඊශ්‍රායෙල් සහ යූදා හිරිහැර විඳිනවා.ඔවුන්ව වහල්කමට අරන් ගිය හැමෝම ඔවුන්ව තියාගත්තා.+ නිදහස් කරන්න කැමති වුණේ නැහැ.+ 34  ඒත් ඔවුන්ගේ මිදුම්කරු හරිම බලවත්.+ ඔහුව හඳුන්වන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියලයි.+ ඔහුගේ සෙනඟගේ නඩුවට ඔහු පෙනී ඉන්නවා.+එහෙම කරන්නේ දේශයට සාමය උදා කරන්නයි.+බැබිලෝනියේ සෙනඟව නොසන්සුන් කරන්නයි.”+ 35  “කල්දිවරුන්ට පහර දෙන්න කඩුවක් ලෑස්ති කරලා තියෙනවා” කියලා යෙහෝවා කියනවා.“බැබිලෝනියේ සෙනඟටත් ඇගේ අධිපතීන්ටත් බුද්ධිමතුන්ටත් පහර දෙන්න කඩුවක් තියෙනවා.+ 36  හිස් වචන දොඩවන අයට* පහර දෙන්නත් කඩුවක් ලෑස්ති කරලා තියෙනවා. ඔවුන් මෝඩයන් කියලා වැඩ කරන විදිහෙන් පෙනෙයි. ඇගේ යුධ දක්ෂයන්ට පහර දෙන්නත් කඩුවක් තියෙනවා. ඔවුන් බයෙන් වෙවුලයි.+ 37  ඔවුන්ගේ අශ්වයන්ටත් යුධ රථවලටත් පහර දෙන්න කඩුවක් තියෙනවා.ඇය අතරේ ඉන්න විවිධ ජාතීන්ට අයිති අයටත් පහර දෙන්න කඩුවක් තියෙනවා.ඔවුන් දුර්වල වුණ ස්ත්‍රීන් වගේ වෙයි.+ ඇගේ වස්තුවලට පහර දෙන්නත් කඩුවක් තියෙනවා. ඔවුන් ඒ වස්තු කොල්ල කයි.+ 38  ඇගේ ජල ධාරා විනාශ වෙනවා. ඒවා හිඳිලා යයි.+ මොකද ඒක පිළිකුල් රූපවලින් පිරුණු දේශයක්.+ඔවුන් දකින භයානක දර්ශන නිසා ඔවුන් සිහිවිකල් වුණ අය වගේ හැසිරෙනවා. 39  ඒ නිසා ඇය පැස්බරුන් වාසය කරන තැනක් වෙයි.කාන්තාරවල ගැවසෙන සතුන් උඩු බුරන සතුන් එක්ක එතන එකට ලගියි.+ ඇය සදහටම මනුෂ්‍ය වාසයක් නැති තැනක් වෙයි.පරම්පරාවෙන් පරම්පරාවට ඇය පාළු තැනක් වෙයි.”+ 40  “සොදොම් සහ ගොමෝරාවත් ඒ අවට තිබුණ කුඩා නගරත් දෙවියන් විනාශ කරපු විදිහටම+ බැබිලෝනිය විනාශ කරනවා.+ කිසිම කෙනෙක් එහේ ජීවත් වෙන්නෙවත් පදිංචි වෙන්නෙවත් නැහැ”+ කියලා යෙහෝවා කියනවා. 41  බලන්න! උතුරෙන් සෙනඟක් එනවා.පොළොවේ ඈත කෙළවරින්+බලවත් ජාතියක්ව සහ ශ්‍රේෂ්ඨ රජවරුන්ව නැඟිට්ටවනවා.+ 42  ඔවුන් දුනු සහ හෙල්ල අතට ගනියි.+ ඔවුන් කිසිම අනුකම්පාවක් පෙන්නන්නේ නැති, කුරිරු සෙනඟක්.+ අශ්වයන් පිට නැඟී එන ඔවුන්ගේ හඬමුහුදේ ඝෝෂාව වගෙයි.+ බැබිලෝනි දියණියනි, ඔවුන් එකා වගේ ඔබට විරුද්ධව පෙළගැහෙයි.+ 43  බැබිලෝනියේ රජට ඔවුන් ගැන ආරංචි වුණා.+ඔහුගේ අත් පණ නැතුව ගියා.+ භීතිය ඔහුව වෙළාගත්තා.දරුවෙක් බිහි කරන ස්ත්‍රියකට දැනෙන වේදනාවට සමාන වේදනාවක් ඔහුට දැනුණා. 44  “බලන්න! යොර්දාන් ගඟ දිගේ තියෙන ගන කැලෑවේ ඉඳන් සිංහයෙක් කඩා පනිනවා වගේ කෙනෙක් ආරක්ෂිත තණබිම්වලට පහර දෙන්න කඩා පනිනවා. එක මොහොතකින් ඔවුන්ට ඇයව අතහැරලා පලා යන්න මම සලස්වනවා. මම තෝරගත්ත කෙනාව ඇයව පාලනය කරන්න පත් කරනවා.+ මොකද මට සමාන කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද? මං කරන දේ ප්‍රශ්න කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද? මට විරුද්ධව ඉන්න පුළුවන් එඬේරෙක් ඉන්නවාද?+ 45  දැන් ඇහුම්කන් දෙන්න. බැබිලෝනියට විරුද්ධව යෙහෝවා ගත්ත තීරණයටත්+ කල්දිවරුන්ගේ දේශයට විරුද්ධව ඔහු කරන්න අදහස් කරන දේටත් ඇහුම්කන් දෙන්න. ඔවුන් කරපු දේවල් නිසා ඔහු ඔවුන්ගේ දේශය පාළු කරනවා. රැළේ ඉන්න බැටළු පැටවුන්ව අනිවාර්යයෙන්ම ඇදගෙන යනවා.+ 46  බැබිලෝනිය වැටෙන ශබ්දයට පොළොව දෙදරුම් කනවා.හයියෙන් කෑගහන හඬක් හැම ජාතියක් අතරටම විහිදිලා යනවා.”+

පාදසටහන්

හෙබ්‍රෙව් භාෂාවෙන් ඒ රූප කොච්චර පිළිකුල් දේවල්ද කියලා විස්තර කරන්න ඒවාට “ගොම” කියන වචනය පාවිච්චි කරලා තියෙනවා
හෝ, “නින්දාවක් විදිහට විසිල් ගහනවා.”
මූ.අ., “නෙබුකද්රෙෂර්.” ඒ නම ලියන වෙන විදිහක්.
ඒ කියන්නේ විශාල මිටියක්.
මූ.අ., “සෙබළුන්ව නිහඬ කරනවා.”
හෝ, “බොරු අනාගතවක්තෘවරුන්ට.”