යෙරෙමියා 9:1-26
9 අනේ, මගේ හිස දිය පොකුණක් වුණා නම්,මගේ ඇස් දෙක කඳුළු උල්පතක් වුණා නම්,+
මට දිවා රෑ දෙකේ අඬන්න තිබුණා.මැරුම් කාපු මගේ සෙනඟ වෙනුවෙන් වැලපෙන්න තිබුණා.
2 අනේ, මට පාළුකරයේ නවාතැනක් තිබුණා නම්,මං මගේ සෙනඟව අතහැරලා එතනට යනවා.
මොකද ඔවුන් හැමෝම අනාචාරයේ යෙදෙනවා.+
ඔවුන් ද්‍රෝහිකම් කරන පිරිසක්.
3 දුන්න නමලා විදින්න සූදානම් කරනවා වගේ ඔවුන් බොරු කියන්න ලෑස්ති පිට ඉන්නවා.දේශයේ රජකම් කරන්නේ විශ්වාසවන්තකම නෙමෙයි බොරුව.+
“ඔවුන් කෙළවරක් නැතුව දුෂ්ටකම් කරනවා.ඔවුන් මට පොඩ්ඩක්වත් ඇහුම්කන් දෙන්නේ නැහැ”+ කියලා යෙහෝවා කියනවා.
4 “හැම කෙනෙක්ම තමන්ගේ අසල්වැසියාගෙන් පරෙස්සම් වෙන්න.ඔබේ සහෝදරයාවවත් විශ්වාස කරන්න එපා.
මොකද හැම සහෝදරයෙක්ම ද්‍රෝහියෙක්.+හැම අසල්වැසියෙක්ම අපහාස කරන්නෙක්.+
5 හැම කෙනෙක්ම තම අසල්වැසියාට බොරු කරනවා.කිසිම කෙනෙක් ඇත්ත කතා කරන්නේ නැහැ.
ඔවුන් බොරු කියන්න ඔවුන්ගේ දිව පුරුදු කරගෙන තියෙනවා.+
ඔවුන් හෙම්බත් වෙලා ඉන්නේ වැරදි දේවල් කරලයි.
6 ඔබ ජීවත් වෙන්නේ බොරුව වංචාව මැදයි.
බොරුවෙන් ජීවත් වෙන ඔවුන් මාව අඳුරගන්න කැමති වුණේ නැහැ” කියලා යෙහෝවා කියනවා.
7 ඒ නිසා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා.
“මම ලෝහ උණු කරනවා වගේ ඔවුන්ව උණු කරලා පරීක්ෂා කරනවා.+එහෙම නොකර මගේ දියණිය වන මගේ සෙනඟට මම වෙන මොනවා කරන්නද?
8 ඔවුන්ගේ දිව මාරාන්තික ඊතලයක් වගේ. කතා කරන්නෙම වංචනික දේවල්.
කෙනෙක් තමන්ගේ අසල්වැසියා එක්ක සමාදානයෙන් කතා කළත්යටි හිතින් ඔහුට උගුල් අටවනවා.”
9 “ඔවුන් කරන ඒ දේවලට ඔවුන් මට වග කියන්න ඕනෙ නැද්ද” කියලා යෙහෝවා අහනවා.
“ඒ වගේ ජාතියකට මං දඬුවම් නොකර ඉන්නේ කොහොමද?+
10 මම කඳු ගැන අඬා වැලපෙනවා.පාළුකරයේ තියෙන තණබිම් ගැන ශෝක ගීයක් ගායනා කරනවා.මොකද ඒ හැම දෙයක්ම පිච්චිලා ගිහිල්ලා. ඒ නිසා කිසිම මිනිසෙක්ට ඒ හරහා යන්න බැහැ.
එළුවන්ගේ සහ බැටළුවන්ගේ හඬ එහෙන් ඇහෙන්නේ නැහැ.
කුරුල්ලනුත් සතුනුත් එහෙන් පැනලා ගිහින්. උන් ඔක්කොම පැනලා ගිහින්.+
11 මම යෙරුසලම නටබුන් ගොඩක් කරනවා.+ හිවලුන් ලගින තැනක් කරනවා.+යූදාවල නගර කිසි මිනිසෙක් වාසය කරන්නේ නැති පාළු තැනක් කරනවා.+
12 ඒ දේවල් වෙන්නේ ඇයි කියලා තේරුම්ගන්න තරම් ප්‍රඥාවක් තියෙන්නේ කාටද?
ඒ දේවල් ගැන අනිත් අයට කියන්න පුළුවන් වෙන්න යෙහෝවා ඒ ගැන කිව්වේ කාටද?
දේශය විනාශ වුණේ ඇයි?
කාටවත් දේශය මැදින් යන්න බැරි වෙන විදිහටඒක පාළුකරයක් වගේ වේළිලා ගියේ ඇයි?”
13 යෙහෝවා මෙහෙම උත්තර දුන්නා. “එහෙම වුණේ මං ඔවුන්ට දුන්න නීතිය* ඔවුන් ප්‍රතික්ෂේප කරපු නිසයි. ඔවුන් ඒක පිළිපැද්දෙවත් මගේ හඬට ඇහුම්කන් දුන්නෙවත් නැති නිසයි.
14 ඒ වෙනුවට ඔවුන් හිතුවක්කාර වෙලා ඔවුන්ගේ හිත කියන විදිහට වැඩ කළා.+ ඔවුන්ගේ පියවරුන් ඔවුන්ට කියලා දුන්න විදිහට ඔවුන් බාල්ගේ රූප පස්සේ ගියා.+
15 ඒ නිසා ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘මම මේ සෙනඟට තිත්ත පැල කන්න දෙනවා. ඔවුන්ට විෂ වතුර බොන්න දෙනවා.+
16 ඔවුන්වත් ඔවුන්ගේ පියවරුන්වත් දන්නේ නැති ජාතීන් අතරට මම ඔවුන්ව විසුරුවාහරිනවා.+ ඔවුන්ව නැත්තටම නැති වෙලා යන කල් මම ඔවුන් පස්සේ එළවගෙන යන්න කඩුවක් එවනවා.’+
17 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා.‘සිද්ධ වෙන දේවල් ගැන හිතලා බලන්න.
ශෝක ගී ගායනා කරන ස්ත්‍රීන්ව ගෙන්නගන්න.+අඬන්න දක්ෂ ස්ත්‍රීන්ව ගෙන්නගන්න.
18 එතකොට ඔවුන්ට පුළුවන් ඉක්මනින් ඇවිත් අපි වෙනුවෙන් ශෝක ගී ගයන්න.එතකොට අපේ ඇස්වලින් කඳුළු ගංගාවක් ගලාගෙන එයි.ඇසිපියවලින් වතුර ගලාගෙන එයි.+
19 මොකද සියොන්වලින් ශෝක ගීයක් ඇහෙනවා.+
“අපි විනාශ වෙලා ගිය හැටි බලන්න!
අපි මොන තරම් ලැජ්ජාවට පත් වුණාද!
අපිට දේශය අතහැරලා යන්න වුණා. ඔවුන් අපේ ගෙවල් බිමටම සමතලා කළා.”+
20 කාන්තාවෙනි, යෙහෝවා කියන දේට ඇහුම්කන් දෙන්න.
ඔහුගේ මුවින් පිට වෙන වචන ඔබේ කනට ගන්න.
ඔබේ දූවරුන්ට මේ විලාප ගීය උගන්නන්න.එකිනෙකාට මේ ශෝක ගීය කියලා දෙන්න.+
21 අපේ කවුළුවලින් මරණය ඇතුල් වෙලා.අපේ බලකොටුවලට මරණය ඇතුල් වෙලා.ඒ ඇවිත් ඉන්නේ පාරවල්වල ඉන්න අපේ දරුවන්වත්මංසන්ධිවල ඉන්න අපේ තරුණයන්වත් අරන් යන්නයි.’+
22 ‘යෙහෝවා මෙහෙම දැනුම් දෙනවා’ කියලා කියන්න.
“මිනිස්සුන්ගේ මළ කඳන් පොළොවේ වැටිලා තියෙන ගොම වගේ වෙනවා.ඒවා අස්වැන්න නෙළන්නා කපලා බිමට දාන ධාන්‍ය කරල් වගේ වෙනවා.ඒවා එකතු කරන්න කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ.”’”+
23 යෙහෝවා මෙහෙම කියනවා.
“ප්‍රඥාවන්තයා තමන්ගේ ප්‍රඥාව ගැනවත්+බලවත් කෙනා තමන්ගේ බලය ගැනවත්පොහොසත් කෙනා තමන්ගේ ධනය ගැනවත් ආඩම්බරයෙන් කතා කරන එකෙන් වළකින්න.”+
24 “ආඩම්බරයෙන් කතා කරන කෙනා ආඩම්බර වෙන්න ඕනෙ මේ ගැනයි.
මාව හොඳින් අඳුරගෙන ඉන්න එක ගැනත් මං වැඩ කරන විදිහ තේරුම් අරන් ඉන්න එක ගැනත් ආඩම්බර වෙන්න.+පොළොවේ ඉන්න අයට නොසැලෙන ආදරයක් පෙන්නන, යුක්තිය ඉටු කරන, හරි දේ කරන තැනැත්තා යෙහෝවා වන මමයි කියලා දැනගෙන ඉන්න එක ගැන ආඩම්බර වෙන්න.+මොකද මම සතුටු වෙන්නේ ඒ දේවල් ගැනයි”+ කියලා යෙහෝවා කියනවා.
25 යෙහෝවා මෙහෙම කියනවා. “බලන්න! චර්මච්ඡේදනය වුණත් ඇත්තටම චර්මච්ඡේදනය වෙලා නැති හැමෝටම මට වග කියන්න වෙන කාලයක් එනවා.+
26 ඒ කියන්නේ ඊජිප්තුවරුන්ටත්+ යූදා වැසියන්ටත්+ ඒදොම්වරුන්ටත්+ මෝවබ්වරුන්ටත්+ අම්මොන්වරුන්ටත්+ මට වග කියන්න වෙනවා. පාළුකරයේ ජීවත් වෙන කම්මුල් දෙපැත්තේ තියෙන කෙස් කපාගත්ත අයටත්+ මට වග කියන්න වෙනවා. මොකද ඒ ජාතීන් හැමෝමත් ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන හැමෝමත් ඔවුන්ගේ හිත් චර්මච්ඡේදනය කරගෙන නැහැ.”+
පාදසටහන්
^ හෝ, “මඟ පෙන්වීම්.”