Skip to content

පටුනට යන්න

යෙසායා පොත

පරිච්ඡේද

පොතේ සාරාංශයක්

  • 1

    • තාත්තා කෙනෙක් සහ එයාගේ කැරලිකාර පුත්තු (1-9)

    • කරන්නන් වාලේ කරන නමස්කාරය යෙහෝවාට පිළිකුල් (10-17)

    • “අපි අතරේ තියෙන ප්‍රශ්නේ විසඳගමු” (18-20)

    • විශ්වාසවන්ත නගරයක් විදිහට සියොන්ව ආපහු පිහිටුවයි (21-31)

  • 2

    • යෙහෝවාගේ කන්ද ඉහළින්ම තියෙයි (1-5)

      • කඩුවලින් නගුල් හදාගනියි (4)

    • යෙහෝවාගේ දවසේදී අහංකාර අයව ලැජ්ජාවට පත් කරයි (6-22)

  • 3

    • යූදා දේශයේ පාලකයන් සෙනඟව නොමඟ යවයි (1-15)

    • සියොන්වල දූවරුන්ට විනිශ්චය ලැබෙයි (16-26)

  • 4

    • ස්ත්‍රීන් හත්දෙනෙක්ට එක පුරුෂයෙක් (1)

    • යෙහෝවා හටගන්න සලස්වන දේවල් සරුවට, ලස්සනට වැඩෙයි (2-6)

  • 5

    • යෙහෝවාගේ මිදිවත්ත ගැන ගීයක් (1-7)

    • යෙහෝවාගේ මිදිවත්තට අත් වෙන විපත (8-24)

    • දෙවියන්ගේ කේන්තිය ඔහුගේ සෙනඟට විරුද්ධව ඇවිළෙයි (25-30)

  • 6

    • යෙහෝවා ඔහුගේ මාලිගාවේ ඉන්න දර්ශනයක් (1-4)

      • “යෙහෝවා ශුද්ධයි, ශුද්ධයි, ශුද්ධයි” (3)

    • යෙසායාගේ තොල් පවිත්‍ර කරයි (5-7)

    • යෙසායාට පැවරුමක් දෙයි (8-10)

      • “මම යන්න කැමතියි! මාව යවන්න!” (8)

    • “අනේ යෙහෝවා, තව කොච්චර කාලයක් මෙහෙම තියෙයිද?” (11-13)

  • 7

    • ආහස් රජට පණිවිඩයක් (1-9)

      • ෂෙයර්යාෂුබ් (3)

    • එම්මානුවෙල් ලකුණක් (10-17)

    • අවිශ්වාසවන්ත වුණ එකේ ප්‍රතිඵල (18-25)

  • 8

    • ඇසිරියාවේ ආක්‍රමණය (1-8)

      • මහෙර්ෂාලල්හෂ්බස් (1-4)

    • බය වෙන්න එපා. “දෙවියන් අපිත් එක්කයි!” (9-17)

    • යෙසායාවයි, දරුවන්වයි ලකුණු විදිහට දෙයි (18)

    • තොරතුරු දැනගන්න ඕනෙ නීතියෙන්, භූතයන්ගෙන් නෙමෙයි (19-22)

  • 9

    • ගලීලයට ආලෝකය උදා වෙයි (1-7)

      • ‘සමාදානයේ කුමාරයාගේ’ උපත (6, 7)

    • දෙවියන්ගේ අත ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව දිගහරියි (8-21)

  • 10

    • දෙවියන්ගේ අත ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව දිගහරියි (1-4)

    • ඇසිරියාව තමයි දෙවියන්ගේ කේන්තිය ප්‍රකාශ කරන දණ්ඩ (5-11)

    • ඇසිරියාවට දඬුවම් කරයි (12-19)

    • යාකොබ්ගෙන් ඉතුරු වුණ අය ආපහු එයි (20-27)

    • ඇසිරියානුවන්ව දෙවියන් විනිශ්චය කරයි (28-34)

  • 11

    • යෙස්සේගේ කඳෙන් එන රිකිල්ල ධර්මිෂ්ඨව පාලනය කරයි (1-10)

      • වෘකයා බැටළු පැටියා එක්ක කල් ගෙවයි (6)

      • යෙහෝවා ගැන දැනුමෙන් මුළු පොළොවම පිරෙයි (9)

    • ඉතුරු වෙලා ඉන්න සෙනඟව ආයෙත් එකතු කරයි (11-16)

  • 12

    • ස්තුති ගීයක් (1-6)

      • ‘මගේ ශක්තිය යාහ් යෙහෝවායි’ (2)

  • 13

    • බැබිලෝනියට විරුද්ධව දුන්න තීන්දුව (1-22)

      • යෙහෝවාගේ දවස ළඟයි (6)

      • මේදිය ජාතිකයන් බැබිලෝනිය පරාජය කරයි (17)

      • බැබිලෝනියේ ආයේ කවදාවත් කවුරුත් ජීවත් වෙන්නේ නැහැ (20)

  • 14

    • ඊශ්‍රායෙල්වරු තමන්ගේ දේශයේ ජීවත් වෙයි (1, 2)

    • බැබිලෝනියේ රජට කරන නින්දාව (3-23)

      • දිලිසෙන තරුව අහසින් කඩා වැටෙයි (12)

    • යෙහෝවා ඔහුගේ අතින් ඇසිරියාව පොඩි කරලා දායි (24-27)

    • පිලිස්තිවරුන්ට විරුද්ධව දුන්න තීන්දුව (28-32)

  • 15

    • මෝවබ් දේශයට විරුද්ධව දුන්න තීන්දුව (1-9)

  • 16

    • මෝවබ් දේශයට විරුද්ධව දුන්න තීන්දුවේ තව විස්තර (1-14)

  • 17

    • දමස්කයට විරුද්ධව දුන්න තීන්දුව (1-11)

    • යෙහෝවා ජාතීන්ට තරවටු කරයි (12-14)

  • 18

    • ඉතියෝපියාවට විරුද්ධව දුන්න තීන්දුව (1-7)

  • 19

    • ඊජිප්තුවට විරුද්ධව දුන්න තීන්දුව (1-15)

    • ඊජිප්තුවරු යෙහෝවා ගැන දැනගනියි (16-25)

      • යෙහෝවාට නමස්කාර කරන්න ඊජිප්තුවේ පූජාසනයක් (19)

  • 20

    • ඊජිප්තුවටයි, ඉතියෝපියාවටයි විරුද්ධව ලකුණක් (1-6)

  • 21

    • මුහුද වගේ තියෙන පාළුකරයට විරුද්ධව දුන්න තීන්දුව (1-10)

      • මුරකොටුවට වෙලා බලාගෙන ඉන්නවා (8)

      • “බැබිලෝනිය වැටුණා!” (9)

    • දූමා දේශයට සහ කාන්තාරයට විරුද්ධව දුන්න තීන්දුව (11-17)

      • “මුරකරුව, එළිය වැටෙන්න තව කොච්චර වෙලා තියෙනවාද?” (11)

  • 22

    • දේවල් එළිදරව් කරපු නිම්නයට විරුද්ධව දුන්න තීන්දුව (1-14)

    • ෂෙබ්නා වෙනුවට එලියාකීම්ව පත් කරයි (15-25)

      • ඇණයක් (23-25)

  • 23

    • තීර් දේශයට විරුද්ධව දුන්න තීන්දුව (1-18)

  • 24

    • යෙහෝවා දේශය හිස් කරයි (1-23)

      • යෙහෝවා සියොන්වල රජ වෙයි (23)

  • 25

    • දෙවියන්ගේ සෙනඟ පුදුමාකාර ආශීර්වාද අද්දකියි (1-12)

      • ඉස්තරම් වයින් තියෙන උත්සවයක් යෙහෝවා සූදානම් කරයි (6)

      • මරණය නැති කරයි (8)

  • 26

    • විශ්වාසවන්තකම සහ ගැලවීම ගැන ගයන ගීතය (1-21)

      • යාහ් යෙහෝවා සදාකාල පර්වතයයි (4)

      • පොළොවේ ඉන්න අය හරි දේ කරන්න ඉගෙනගනියි (9)

      • “මිය ගිය ඔබේ සෙනඟ ආපහු ජීවත් වෙයි” (19)

      • ඇතුල් කාමරවලට ගිහින් සැඟවෙන්න (20)

  • 27

    • යෙහෝවා ලෙවීයාතන්ව මරලා දායි (1)

    • ඊශ්‍රායෙල්වරුන්ව මිදිවත්තකට සමාන කරලා ගයන ගීයක් (2-13)

  • 28

    • එෆ්‍රායිම්වල බේබද්දන්ට මුහුණ දෙන්න වෙන විපත (1-6)

    • යූදාවල පූජකයනුයි, අනාගතවක්තෘවරුනුයි වැනිවැනී යයි (7-13)

    • “මරණය එක්ක ගිවිසුමක් ගහගත්තා” (14-22)

      • සියොන්වල අත්තිවාරමට අනර්ඝ ගලක් (16)

      • පුදුම හිතෙන යෙහෝවාගේ ක්‍රියාව (21)

    • යෙහෝවා දෙන හික්මවීම් ගැන උදාහරණයක් (23-29)

  • 29

    • අරියෙල්ට මුහුණ දෙන්න වෙන විපත (1-16)

      • වචනවලින් විතරක් කරන නමස්කාරය හෙළා දකියි (13)

    • බිහිරි අයට ඇහෙයි; අන්ධ අයට පෙනීම ලැබෙයි (17-24)

  • 30

    • ඊජිප්තුවෙන් ලැබෙන උදව්වලින් වැඩක් නැහැ (1-7)

    • සෙනඟ අනාවැකි පිළිගන්නේ නැහැ (8-14)

    • විශ්වාසය තියන එක ශක්තියක් වෙයි (15-17)

    • යෙහෝවා තමන්ගේ සෙනඟට කරුණාව පෙන්නයි (18-26)

      • යෙහෝවා තමයි උදාර උපදේශකයා (20)

      • “මේක තමයි හරි පාර” (21)

    • යෙහෝවා ඇසිරියාවට දඬුවම් කරයි (27-33)

  • 31

    • ඇත්තටම උදව් ලැබෙන්නේ දෙවියන්ගෙන් මිසක් මිනිස්සුන්ගෙන් නෙමෙයි (1-9)

      • ඊජිප්තුවරුන්ගේ අශ්වයන් නිකම්ම නිකම් සත්තු විතරයි (3)

  • 32

    • යුක්තිය ඉටු කරමින් පාලනය කරන රජෙක් සහ අධිපතීන් (1-8)

    • සැහැල්ලු ජීවිතයක් ගත කරන කාන්තාවන්ට අනතුරු ඇඟවීම් (9-14)

    • දෙවියන්ගේ බලය ලැබෙද්දී අද්දකින ආශීර්වාද (15-20)

  • 33

    • ධර්මිෂ්ඨ අයට ලැබෙන තීන්දුව සහ බලාපොරොත්තුව (1-24)

      • විනිශ්චයකරුත් නීති ලබා දෙන කෙනාත් රජත් යෙහෝවායි (22)

      • කවුරුත් “මම අසනීපෙන්” කියලා කියන්නේ නැහැ (24)

  • 34

    • යෙහෝවා ජාතීන්ට දඬුවම් කරයි (1-4)

    • ඒදොම් පාළුවට යයි (5-17)

  • 35

    • පාරාදීසය ආයෙත් (1-7)

      • අන්ධ අයට පෙනීම ලැබෙයි; බිහිරි අයගේ කන් ඇරෙයි (5)

    • මුදවගත්ත අය වෙනුවෙන් තියෙන ශුද්ධකමේ මඟ (8-10)

  • 36

    • සෙනකෙරිබ් යූදා දේශය ආක්‍රමණය කරයි (1-3)

    • රබ්ෂාකේ යෙහෝවා දෙවියන්ට නින්දා කරයි (4-22)

  • 37

    • හෙසකියා රජ යෙසායා මාර්ගයෙන් දෙවියන්ගේ උදව් ඉල්ලයි (1-7)

    • සෙනකෙරිබ් යෙරුසලමට තර්ජනය කරයි (8-13)

    • හෙසකියාගේ යාච්ඤාව (14-20)

    • දෙවියන් දුන්න උත්තරය යෙසායා දන්වයි (21-35)

    • දේවදූතයෙක් ඇසිරියානුවන් එක්ලක්ෂ අසූපන්දාහක් මරලා දායි (36-38)

  • 38

    • හෙසකියාගේ අසනීපය; සුවය ලබයි (1-22)

      • ස්තුති ගීය (10-20)

  • 39

    • බැබිලෝනියේ ඉඳන් පණිවිඩකරුවන් එයි (1-8)

  • 40

    • දෙවියන්ගේ සෙනඟට ලැබෙන සහනය (1-11)

      • පාළුකරයෙන් ඇහෙන හඬ (3-5)

    • දෙවියන්ගේ ශ්‍රේෂ්ඨත්වය (12-31)

      • ජාතීන් බාල්දියකින් වැටෙන දිය බිඳක් වගේ (15)

      • දෙවියන් “පෘථිවි ගෝලයට ඉහළින්” වාසය කරයි (22)

      • හැම තරුවකටම නම කියලා අඬගහයි (26)

      • දෙවියන් කවදාවත් වෙහෙසට පත් වෙන්නේ නැහැ (28)

      • යෙහෝවා ගැන බලාපොරොත්තු තියන අය බලවත් වෙයි (29-31)

  • 41

    • නැඟෙනහිරෙන් එන යටත් කරගන්නා (1-7)

    • දෙවියන්ගේ සේවකයා විදිහට ඊශ්‍රායෙල්ව තෝරගනියි (8-20)

      • “මගේ මිතුරා වන ආබ්‍රහම්” (8)

    • වෙනත් දෙවිවරුන්ට කරන අභියෝගය (21-29)

  • 42

    • දෙවියන්ගේ සේවකයා සහ ඔහුගේ පැවරුම (1-9)

      • “මම යෙහෝවා. මගේ නාමය ඒකයි” (8)

    • යෙහෝවාට ගයන අලුත් ගීය (10-17)

    • ඊශ්‍රායෙල් අන්ධයි, බිහිරියි (18-25)

  • 43

    • යෙහෝවා ඔහුගේ සෙනඟව ආපහු එකතු කරයි (1-7)

    • දෙවිවරුන්ව නඩුවකට කැඳවයි (8-13)

      • “මගේ සාක්ෂිකරුවන් ඔබයි” (10, 12)

    • බැබිලෝනියෙන් නිදහස් වෙයි (14-21)

    • “එන්න, අපි දෙගොල්ලොම අපේ නඩුව ඉදිරිපත් කරමු” (22-28)

  • 44

    • දෙවියන් තෝරගත්ත සෙනඟට ලැබෙන ආශීර්වාද (1-5)

    • යෙහෝවා හැර වෙන කිසි දෙවි කෙනෙක් නැහැ (6-8)

    • මිනිස්සු හදාගන්න රූපවලින් කිසිම වැඩක් නැහැ (9-20)

    • ඊශ්‍රායෙල්ගේ මිදුම්කරු යෙහෝවායි (21-23)

    • සයිරස් මාර්ගයෙන් ආපහු ගොඩනඟයි (24-28)

  • 45

    • බැබිලෝනිය අල්ලගන්න සයිරස්ව අභිෂේක කරයි (1-8)

    • මැටි පිඩට කුඹල්කරු එක්ක වාද කරන්න බැහැ (9-13)

    • අනිත් ජාතීන් ඊශ්‍රායෙල්ට ගෞරව කරයි (14-17)

    • දෙවියන්ගේ නිර්මාණවලත් ඔහු හෙළි කරන දේවලත් දෝෂයක් නැහැ (18-25)

      • පොළොව හැදුවේ මිනිස්සුන්ට ජීවත් වෙන්නයි (18)

  • 46

    • බැබිලෝනියේ රූප සහ ඊශ්‍රායෙල්ගේ දෙවියන් අතර තියෙන වෙනස (1-13)

      • යෙහෝවා අනාගතය ගැන කියයි (10)

      • නැඟෙනහිරෙන් එන ගොදුරු අල්ලන් කන කුරුල්ලා (11)

  • 47

    • බැබිලෝනිය වැටෙයි (1-15)

      • අහසේ වස්තූන්ට නමස්කාර කරන අය බොරුකාරයන් කියලා ඔප්පු වෙයි (13-15)

  • 48

    • ඊශ්‍රායෙල්ව සෝදිසි කරලා පවිත්‍ර කරයි (1-11)

    • යෙහෝවා බැබිලෝනියට විරුද්ධව වැඩ කරයි (12-16අ)

    • දෙවියන්ගේ ඉගැන්වීම් ප්‍රයෝජනවත් (16ආ-19)

    • “බැබිලෝනියෙන් අයින් වෙලා යන්න!” (20-22)

  • 49

    • යෙහෝවාගේ සේවකයාට ලැබෙන පැවරුම (1-12)

      • ජාතීන්ට ආලෝකයක් (6)

    • ඊශ්‍රායෙල්ට ලැබෙන සහනය (13-26)

  • 50

    • ඊශ්‍රායෙල්වරුන්ගේ වැරදි නිසා ඇති වුණ ප්‍රතිඵල (1-3)

    • යෙහෝවාගේ කීකරු සේවකයා (4-11)

      • දෙවියන්ගෙන් ඉගෙනගත්ත අයට ලැබෙන පුහුණුව (4)

  • 51

    • ඒදන් උයන වගේ සියොන් ආයෙත් ගොඩනඟයි (1-8)

    • සියොන් හදපු බලවත් තැනැත්තාගෙන් ලැබෙන සැනසීම (9-16)

    • යෙහෝවාගේ කේන්තිය කියන කුසලානය (17-23)

  • 52

    • සියොන්, අවදි වෙන්න! (1-12)

      • ශුභාරංචියක් අරගෙන එන කෙනාගේ පාද අලංකාරයි (7)

      • සියොන්වල මුරකරුවෝ එකතු වෙලා කරන ඝෝෂාව (8)

      • යෙහෝවාගේ ගෘහයේ භාණ්ඩ උසුලගෙන යන අය පවිත්‍රව ඉන්න ඕනේ (11)

    • යෙහෝවාගේ සේවකයාව උසස් කරයි (13-15)

      • පෙනුම විකෘති කරයි (14)

  • 53

    • යෙහෝවාගේ සේවකයා විඳින වේදනා, මරණය සහ තැන්පත් කිරීම (1-12)

      • ඔහුව පිළිකුල් කරයි. ඔහුගෙන් ඈත් වෙයි (3)

      • ලෙඩ රෝග සහ වේදනා උසුලගෙන යයි (4)

      • “මරන්න ගෙනියන බැටළුවෙක් වගේ” (7)

      • ඔහු බොහෝදෙනෙක්ගේ වැරදි උසුලගෙන ගියා (12)

  • 54

    • වඳ ස්ත්‍රියක් වුණ සියොන්ට ගොඩක් පුතුන් ලැබෙයි (1-17)

      • යෙහෝවා සියොන්ට ස්වාමිපුරුෂයෙක් වෙයි (5)

      • සියොන්ගේ දරුවන්ට යෙහෝවා උගන්වයි (13)

      • සියොන්ට විරුද්ධව හදන ආයුධ සාර්ථක වෙන්නේ නැහැ (17)

  • 55

    • වියදමක් නොදරා කන්න බොන්න කරන ආරාධනය (1-5)

    • යෙහෝවාවත් ඔහුගේ විශ්වාසවන්ත වචනයත් හොයන්න (6-13)

      • දෙවියන් වැඩ කරන විදිහ මිනිස්සු වැඩ කරන විදිහට වඩා උසස් (8, 9)

      • දෙවියන් කියන දේ අනිවාර්යයෙන් ඉටු වෙනවා (10, 11)

  • 56

    • විදේශිකයන් සහ වඳ පුරුෂයන් අද්දකින ආශීර්වාද (1-8)

      • හැමෝම වෙනුවෙන් තියෙන යාච්ඤා ගෘහයක් (7)

    • අන්ධ මුරකරුවෝ, බුරන්න බැරි බල්ලෝ (9-12)

  • 57

    • ධර්මිෂ්ඨ කෙනාත් විශ්වාසවන්ත අයත් නැති වෙලා යනවා (1, 2)

    • ඊශ්‍රායෙල්වරු ගණිකාවක් වගේ වැඩ කළා කියලා හෙළි වෙයි (3-13)

    • අසරණ අයට ලැබෙන සහනය (14-21)

      • දුෂ්ට අය කැලඹුණු මුහුද වගේ (20)

      • දුෂ්ටයන්ට නම් කිසිම සමාදානයක් නැහැ (21)

  • 58

    • හරි විදිහට සහ බොරුවට නිරාහාරව ඉන්න එක (1-12)

    • සබත් දවසෙන් ලොකු සතුටක් ලබන්න (13, 14)

  • 59

    • ඊශ්‍රායෙල්වරුන්ගේ වැරදි නිසා එයාලා දෙවියන්ගෙන් ඈත් වෙයි (1-8)

    • වැරදි පිළිගනියි (9-15අ)

    • පසුතැවිලි වෙන අය වෙනුවෙන් යෙහෝවා මැදිහත් වෙයි (15ආ-21)

  • 60

    • යෙහෝවාගේ තේජස සියොන් මත බැබළෙයි (1-22)

      • කූඩුවලට පියාඹන කොබෙයියන් වගේ (8)

      • තඹ වෙනුවට රත්තරන් (17)

      • කුඩා තැනැත්තා දහසක් වෙයි (22)

  • 61

    • ශුභාරංචිය ප්‍රකාශ කරන්න අභිෂේක කරයි (1-11)

      • ‘යෙහෝවා දයාව පෙන්නන කාලය’ (2)

      • “ධර්මිෂ්ඨකම කියන පල හටගන්න විශාල ගස්” (3)

      • විදේශිකයන් උදව්වට එයි (5)

      • “යෙහෝවා දෙවියන්ගේ පූජකයන්” (6)

  • 62

    • සියොන්ට අලුත් නමක් දෙයි (1-12)

  • 63

    • ජාතීන්ට යෙහෝවාගෙන් දඬුවම් ලැබෙයි (1-6)

    • යෙහෝවා නොසැලෙන ආදරයක් පෙන්නපු විදි (7-14)

    • පසුතැවිලි වෙලා කරන යාච්ඤාවක් (15-19)

  • 64

    • පසුතැවිලි වෙලා කරන යාච්ඤාවේ ඉතුරු කොටස (1-12)

      • “අපේ කුඹල්කරු” යෙහෝවායි (8)

  • 65

    • රූපවලට නමස්කාර කරන අයට යෙහෝවා දෙන තීන්දුව (1-16)

      • වාසනාවේ සහ ඉරණම තීරණය කරන දෙවිවරු (11)

      • “මගේ සේවකයන්ට කන්න කෑම තියෙයි” (13)

    • අලුත් අහසක් සහ අලුත් පොළොවක් (17-25)

      • ගෙවල් ගොඩනඟයි; මිදිවතු වවයි (21)

      • වෙහෙස මහන්සිය අපතේ යන්නේ නැහැ (23)

  • 66

    • සැබෑ නමස්කාරය සහ බොරු නමස්කාරය (1-6)

    • සියොන් කියන මව සහ ඇගේ පුතුන් (7-17)

    • නමස්කාර කරන්න මිනිස්සු යෙරුසලමට රැස් වෙයි (18-24)