යෙසායා 1:1-31

  • තාත්තා කෙනෙක් සහ එයාගේ කැරලිකාර පුත්තු (1-9)

  • කරන්නන් වාලේ කරන නමස්කාරය යෙහෝවාට පිළිකුල් (10-17)

  • “අපි අතරේ තියෙන ප්‍රශ්නේ විසඳගමු” (18-20)

  • විශ්වාසවන්ත නගරයක් විදිහට සියොන්ව ආපහු පිහිටුවයි (21-31)

1  ආමොෂ්ගේ පුතා වුණ යෙසායා* යෙරුසලමේ සහ යූදාවල සෙනඟ ගැන දැක්ක දර්ශනය+ තමයි මේ. යූදාවල රජවරු+ වුණ උසියා,+ යෝතම්,+ ආහස්+ සහ හෙසකියා+ පාලනය කරපු කාලේදී එයාට මේ දර්ශනය ලැබුණා.   ස්වර්ගයේ ඉන්න සියල්ලෙනි, සවන් දෙන්න. පොළොවේ ජීවත් වෙන සියල්ලෙනි, ඇහුම්කන් දෙන්න.+යෙහෝවා දෙවියන් මේ දේ කියනවා. “මම හදා වඩා ගත්ත පුතුන්+මට ද්‍රෝහි වුණා.+   ගවයා උගේ අයිතිකරුවත්බූරුවා ඌට කෑම ලැබෙන්නේ කාගෙන්ද කියලත් හොඳින් දන්නවා.ඒත් ඊශ්‍රායෙල්වරු මාව* අඳුරන්නේ නැහැ.+මගේ සෙනඟ කිසිම අවබෝධයකින් වැඩ කරන්නේ නැහැ.”   පව්කාර ජාතියට ලොකු විපතකට මුහුණ දෙන්න වෙයි.+ඒ සෙනඟ මොන තරම් නම් වැරදි කළාද!ඔවුන් දුෂ්ට පිරිසක්. හරිම දූෂිත දරුවෝ. ඔවුන් යෙහෝවාව අත්හැරියා.+ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තාට අගෞරව කළා.ඔහුට පිටු පෑවා!   දිගින් දිගටම කැරලිගහන ඔබට පහර දෙන්න තවත් තැනක් ඉතුරු වෙලා තියෙනවාද?+ ඔබේ හිස ලෙඩ වෙලා.හිත හොඳටම රෝගාතුර වෙලා.+   හිස මුදුනේ ඉඳන් දෙපතුල වෙන කල්ම අසනීපයක් නැති තැනක් නැහැ. මුළු ඇඟ පුරාම තුවාල, තැළුම් සහ වණ පිරිලා.ඒවා පිරිසිදු කරලවත්* බැඳලවත් ඒවාට තෙල් ආලේප කරලවත් නැහැ.+   ඔබේ දේශය පාළුවට ගිහින්. නගර ගිනිබත් වෙලා. විදේශිකයෝ ඔබේ ඇස් පනාපිටම දේශය නැති නාස්ති කරනවා.+ ඒක හරියට සතුරන් ආක්‍රමණය කරපු පාළු තැනක් වගේ.+   සියොන් දියණිය මිදිවත්තක අත්හැරලා දැම්ම මඩුවක් වගේ.පිපිඤ්ඤා වත්තක අත්හැරලා දැම්ම පැලක් වගේ.වටලලා තියෙන නගරයක් වගේ.+   ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා අපෙන් කීපදෙනෙක්ට හරි බේරෙන්න ඉඩ දුන්නේ නැත්නම්අපිටත් සොදොම්වලට වුණ දේම වෙයි.අපි ගොමෝරාවට සමාන වෙයි.+ 10  සොදොම්වල+ ඒකාධිපති පාලකයෙනි, යෙහෝවා කියන දේට ඇහුම්කන් දෙන්න. ගොමෝරාවේ+ ජනයෙනි, අපේ දෙවියන්ගේ නීතියට* සවන් දෙන්න. 11  යෙහෝවා මෙහෙම කියනවා. “ඔබ කොච්චර පූජා ඔප්පු කළත් ඒකෙන් මට කිසිම වැඩක් නැහැ.+ ඔබේ දවන පූජා මට දැන් ඇති වෙලා. ඔබ පූජා කරන බැටළුවන්වයි,+ තර සතුන්ගේ තෙලුයි+ මට දැන් එපා වෙලා.වස්සන්ගෙවත්+ බැටළු පැටවුන්ගෙවත් එළුවන්ගෙවත්+ ලේ+ මම කොහොමටවත් පිළිගන්නේ නැහැ. 12  මට නමස්කාර කරන්න මං ඉස්සරහට එන්න කියලා,+මගේ මළුව පාගන්න කියලාඔබට කිව්වේ කවුද?+ 13  කිසිම වැඩකට නැති ධාන්‍ය පූජා ගේන එක නවත්තන්න. ඔබ ඔප්පු කරන සුවඳ දුම් මට පිළිකුල්.+ ඔබ නව සඳ පායන දවස්,+ සබත් දවස්+ සහ එක්රැස්වීම්+ පවත්වනවා.මන්තර ගුරුකම්+ කරකර ඔබ පවත්වන එක විශේෂ රැස්වීමක්වත් මට පේන්න බැහැ. 14  ඔබ පවත්වන නව සඳ පායන දවස්, උත්සව මට පිළිකුල්. ඒවා මට මහ බරක්.ඒ බර දරාගෙන ඉඳලා මට දැන් හරි මහන්සියි. 15  අත් උස්සලා ඔබ කන්නලව් කරද්දීමම අහක බලාගන්නවා.+ ඔබ කොච්චර යාච්ඤා කළත්+මම සවන් දෙන්නේ නැහැ.+ඔබේ දෑත් ලේවලින් තෙමිලා.+ 16  ඉතින් දැන් නාගෙන පවිත්‍ර වෙන්න.+මං ඉස්සරහා ඔබ කරන දුෂ්ට වැඩ නවත්තන්න.නරක දේවල් අත්හරින්න.+ 17  යහපත් දේ කරන්න ඉගෙනගන්න. යුක්තිය ඉටු කරන්න.+අනිත් අයට පීඩා කරන අයව නිවැරදි කරන්න.පියා නැති දරුවා* වෙනුවෙන් සාධාරණය ඉටු කරන්න.වැන්දඹුව වෙනුවෙන් කතා කරන්න.”+ 18  යෙහෝවා දැන් මෙහෙම කියනවා. “එන්න, අපි අතරේ තියෙන ප්‍රශ්නේ විසඳගමු.+ ඔබ කරපු වැරදි රතට රතේ තිබුණත්ඒවා හිම වගේ සුදු වෙයි.+ඒ වැරදි තද රතු පාට රෙද්දක් වගේ තිබුණත්ඒවා සුදු ලොම් වගේ වෙයි. 19  ඔබ කැමැත්තෙන්ම කීකරු වෙනවා නම්දේශයේ හොඳම දේවල් කෑමට ගන්න ඔබට පුළුවන් වෙයි.+ 20  ඒත් ඔබ කීකරු නොවී කැරලිගැහුවොත්ඔබට කඩුවෙන් මැරුම් කන්න වෙයි.+ඒ දේ කියන්නේ යෙහෝවා වන මමයි.” 21  දෙවියන්ට ළැදි වෙලා හිටපු නගරය+ දැන් ගණිකාවක් වෙලා!+ ඇය කලින් නිතරම යුක්තිය ඉටු කළා.+ධර්මිෂ්ඨකම ඇය සමඟ වාසය කළා.+ඒත් දැන් ඉන්නේ මිනීමරුවන් විතරයි.+ 22  ඔබේ රිදී අපවිත්‍ර තත්වෙකට පත් වෙලා.+ඔබේ මත්පැන්වලට* වතුර මිශ්‍ර වෙලා. 23  ඔබේ පාලකයෝ හරිම මුරණ්ඩුයි. ඔවුන් හොරුන්ගේ මිතුරෝ.+ ඒ හැම කෙනෙක්ම අල්ලස්වලට හරිම ආසයි. දුවන්නේ තෑගි පස්සෙමයි.+ ඔවුන් පියා නැති දරුවාට යුක්තිය ඉටු කරන්නේ නැහැ.වැන්දඹුවගේ නඩුව ගාණකටවත් ගන්නේ නැහැ.+ 24  ඒ නිසා සැබෑ ස්වාමීන් සහ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා,ඊශ්‍රායෙල්වරුන්ගේ බලවත් තැනැත්තා මෙහෙම කියනවා. “බලන්න! මගේ විරුද්ධවාදීන්ව මම නැති කරලා දානවා.මගේ සතුරන්ට විරුද්ධව මම පියවර ගන්නවා.+ 25  මම ඔබට දඬුවම් කරනවා.ලෝහ උණු කරලා බොර අයින් කරනවා වගේ මම ඔබේ කුණු අයින් කරනවා.*හැම අපවිත්‍රකමක්ම මම අයින් කරනවා.+ 26  මම ආයෙත් ඔබ වෙනුවෙන් විනිශ්චයකරුවන්ව පත් කරනවා.කලින් වගේම උපදේශකයන්ව පත් කරනවා.+ ඊටපස්සේ ආයෙත් ඔබව ධර්මිෂ්ඨ නුවර, විශ්වාසවන්ත නගරය කියලා හඳුන්වයි.+ 27  සාධාරණ විනිශ්චයකින් සියොන්ව මුදවගනියි.+ආපහු එන ඇගේ සෙනඟව මුදවගත්තේ ධර්මිෂ්ඨකම නිසයි. 28  කැරලිකාරයන්වත් පව්කාරයන්වත් එකට විනාශ කරයි.+යෙහෝවා වන මාව අත්හරින අය නැති වෙලාම යයි.+ 29  ඔබ ආස කරපු විශාල ගස් නිසා ඔබ ලැජ්ජාවට පත් වෙනවා.+ඔබ තෝරගත්ත උයන්* නිසා ඔබ නින්දාවට පත් වෙනවා.+ 30  ඔබ මැලවී යන විශාල ගහක් වගේ වෙනවා.+වතුර නැතුව වේළිලා යන උයනක් වගේ වෙනවා. 31  බලවන්තයා හණ කෙන්දක් වගෙයි.ඔහු කරන දේවල් ගිනිපුපුරක් වගෙයි.ඔහු වගේම ඔහු කරන දේවලුත් ගින්නෙන් විනාශ වෙනවා.ඒ ගින්න නිවා දමන්න කාටවත් බැහැ.”

පාදසටහන්

තේරුම, “යෙහෝවා දෙන ගැලවීම.”
හෝ, “එයාලාගේ ස්වාමියාව.”
මූ.අ., “ඒවාවලින් සැරව අයින් කරලවත්.”
හෝ, “මඟ පෙන්වීම්වලට.”
හෝ, “අම්මා තාත්තා නැති දරුවා.”
හෝ, “තිරිඟුවලින් හදන බියර්වලට.”
හෝ, “මම ඔබේ කුණු අළු වතුරෙන් හෝදලා අයින් කරනවා.”
පේන විදිහට රූප නමස්කාරයට සම්බන්ධ ගස් සහ උයන්.