යෙසායා 10:1-34

  • දෙවියන්ගේ අත ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව දිගහරියි (1-4)

  • ඇසිරියාව තමයි දෙවියන්ගේ කේන්තිය ප්‍රකාශ කරන දණ්ඩ (5-11)

  • ඇසිරියාවට දඬුවම් කරයි (12-19)

  • යාකොබ්ගෙන් ඉතුරු වුණ අය ආපහු එයි (20-27)

  • ඇසිරියානුවන්ව දෙවියන් විනිශ්චය කරයි (28-34)

10  අනිත් අයට හානියක් වෙන විදිහේ නියෝග පනවන අයටත්+මිනිස්සුන්ව පීඩාවට පත් කරන නීති හදන අයටත් මොන තරම් විපතක් වෙයිද!   ඒ නියෝග, නීති පනවන්නේ දුප්පතුන්ට අයිතිවාසිකම් ලබා නොදී ඉන්නයි.මගේ සෙනඟ අතරේ ඉන්න අසරණ, පීඩිත අයට යුක්තිය ඉටු නොකර ඉන්නයි.+ඔවුන් වැන්දඹුවන්ගෙන් කොල්ල කනවා.පියා නැති දරුවන්ගෙන්* සූරා කනවා.+   විනිශ්චය* ලැබෙන දවසේදී ඔබ මොකද කරන්නේ?+ඔබව විනාශ කරන කෙනා දුර ඈත ඉඳන් එද්දී මොකද කරන්නේ?+ උදව් ඉල්ලලා දුවන්නේ කා ළඟටද?+ඔබේ වස්තුව කාටද දෙන්නේ?   හිරකරුවන් එක්ක දණගහගෙන ඉන්නවා ඇරෙන්න,සතුරන් අතින් මැරුම් කනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. සෙනඟගේ අකීකරුකම නිසා ඔහුගේ කේන්තිය නිවිලා ගියේ නැහැ.ඔහු තවමත් අත දිගහැරගෙන පහර දෙන්න සූදානමින් ඉන්නවා.+   “බලන්න! ඇසිරියානුවා එනවා!+ඔහු තමයි මගේ කේන්තිය ප්‍රකාශ කරන දණ්ඩ.+ඔහුගේ අතේ තියෙන සැරයටියෙන් තමයි මම දඬුවම් කරන්නේ.   මම ඔහුව එවන්නේ ද්‍රෝහි වුණ ජාතියකට විරුද්ධවයි.+මාව හොඳටම කේන්ති ගස්සපු සෙනඟකට විරුද්ධවයි.හැම වස්තුවක්ම කොල්ල කන්න කියලත්පාරේ පෑගෙන මඩ වගේ ඒ සෙනඟව පාගලා දාන්න කියලත් මම ඔහුට අණ කරනවා.+   ඒත් ඔහුට තියෙන්නේ වෙනම අදහසක්.ඔහුගේ හිතේ තියෙන්නේ වෙනම සැලැස්මක්.ඔහුට ඕනෙ හැම දෙයක්ම නැත්තටම නැති කරන්නයි.එකක් දෙකක් නෙමෙයි ගොඩක් ජාතීන්ව විනාශ කරන්නයි.   මොකද ඔහු මෙහෙම කියනවා.‘අධිපතීන් විදිහට දැන් මට සේවය කරන්නේ රජවරු නෙමෙයිද?+   කල්නො+ සහ කර්කෙමිෂ්+ අතරේ කිසිම වෙනසක් තියෙනවාද? අර්පාද්+ සහ හමාත්+ අතරේ වෙනසක් තියෙනවාද? දමස්කයත්+ සමාරියත්+ අතරේ වෙනසක් තියෙනවාද? 10  කිසි වටිනාකමක් නැති දෙවිවරුන්ව අදහපු රාජ්‍යවල් මම අල්ලගත්තා.යෙරුසලමෙයි, සමාරියෙයි තියෙනවාට වඩා ගොඩක් රූප ඔවුන්ට තිබුණා.+ 11  සමාරියටයි, ඇගේ කිසිම වටිනාකමක් නැති දෙවිවරුන්ටයි කරපු දේමයෙරුසලමටයි, ඇගේ රූපවලටයි කරන්න මට බැරිද?’+ 12  “යෙහෝවා වන මට සියොන් කන්දේ සහ යෙරුසලමේ කරන්න තියෙන හැම වැඩක්ම ඉවර කළාට පස්සේ මම ඇසිරියාවේ රජට දඬුවම් කරනවා. ඔහුට දඬුවම් කරන්නේ ඔහු හරිම උඩඟු, අහංකාර, උද්ධච්ච කෙනෙක් නිසයි.+ 13  ඔහු මෙහෙම කියකිය ඉන්නවා.‘මම මේක මගේම ශක්තියෙන් කරනවා.මේක මමම හිතලා කරනවා. මොකද මම හරිම බුද්ධිමත්.මම ජාතීන්ගේ දේශ සීමා වෙනස් කරලා+ඔවුන්ගේ වස්තු කොල්ල කනවා.+බලවත් කෙනෙක් වගේ ඇවිල්ලා මම හැම කෙනෙක්වම යටත් කරගන්නවා.+ 14  කුරුලු කූඩුවකට අත දාලා බිත්තර එකතු කරගන්න මිනිසෙක් වගේමම ජාතීන්ගේ හැම වස්තුවක්ම පැහැරගන්නවා.අත්හැරලා ගිය කූඩුවක තියෙන බිත්තර එකතු කරගන්න කෙනෙක් වගේමම මුළු පොළොවම අයිති කරගන්නවා. කිසිම කුරුල්ලෙක් තටු ගහන්නෙවත් හොට ඇරලා කෑගහන්නෙවත් නැහැ.’” 15  දර පළන කෙනාට වඩා පොරොව උසස් වෙන්න හදනවාද? කියතෙන් කපන කෙනාට වඩා කියත උසස් වෙන්න හදනවාද? සැරයටියකට+ පුළුවන්ද ඒක පාවිච්චි කරන කෙනාට වඩා ඉහළින් යන්න? දණ්ඩකට පුළුවන්ද ඒක අල්ලගෙන ඉන්න කෙනාට වඩා ඉහළින් යන්න? 16  ඒ නිසා සැබෑ ස්වාමීන් සහ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාඒ කෙනාගේ* තර අයව වැහැරිලා යන්න සලස්වයි.+ඒ කෙනාගේ තේජස පුච්චලා දාන්න ගින්නක් අවුළුවයි.+ 17  ඊශ්‍රායෙල්ගේ ආලෝකය+ ගින්නක් වගෙත්+ඔහුගේ ශුද්ධ තැනැත්තා ගිනිදැල්ලක් වගෙත් වෙයි.ඒ ගින්න හොඳටම ඇවිළිලා ඒ කෙනාගේ වල් පැළයි, කටු පඳුරුයි එක දවසකින් පුච්චලා දායි. 18  ඔහු ඒ කෙනාගේ අලංකාර වනාන්තරය සහ උයන නැත්තටම නැති කරයි.දරුණු රෝගයකින් පෙළෙන කෙනෙක් වැහැරිලා යනවා වගේ ඒවා විනාශ වෙලා යයි.+ 19  ඔහුගේ වනාන්තරයේ ඉතුරු වෙන ගස්ළාබාල දරුවෙක්ට වුණත් ගණන් කරන්න පුළුවන් වෙයි. 20  ඒ කාලේදී ඊශ්‍රායෙල්ගෙන් ඉතුරු වෙන අය,යාකොබ්ගෙන් පැවතෙන අයගෙන් බේරිලා ඉන්න අයඔවුන්ට පහර දුන්න කෙනාගෙන් ආයේ උදව් ලබාගන්නේ නැහැ.+ඔවුන් ඊශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තා වන යෙහෝවාගෙන් උදව් ලබාගනියි.ඔවුන් ඔහුට විශ්වාසවන්තව ඉඳියි. 21  ආපහු හැරිලා එන්නේ පොඩි පිරිසක් විතරයි.යාකොබ්ගෙන් පැවතෙන පොඩි පිරිසක් විතරයි බලවත් දෙවියන් ළඟට ආපහු එන්නේ.+ 22  ඊශ්‍රායෙල්, දැන් ඔබේ සෙනඟමුහුදේ වැලි වගේ විශාල වුණත්ආපහු එන්නේ කුඩා පිරිසක් විතරයි.+ දෙවියන් තීරණය කරපු විනාශයට මුහුණ දෙන්න ඔවුන්ට සිද්ධ වෙයි.+ජල පහරක් වගේ එන ධර්මිෂ්ඨ විනිශ්චය* ඔවුන්ව යට කරලා දායි.+ 23  ශ්‍රේෂ්ඨතම පාලකයාණන් සහ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාතීන්දු කරපු ඒ විනාශය මුළු දේශයටම බලපානවා.+ 24  ශ්‍රේෂ්ඨතම පාලකයාණන් සහ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. “සියොන්වල ජීවත් වෙන මගේ සෙනඟෙනි, බය වෙන්න එපා. ඊජිප්තුවරුන් ඔබට කරපු විදිහට+ සැරයටියෙන් සහ දණ්ඩෙන් ඔබට පහර දුන්න ඇසිරියානුවාට බය වෙන්න එපා.+ 25  මොකද තව කෙටි කාලෙකින් මගේ කේන්තිය නිවිලා යයි. මගේ කේන්තිය මම ඔවුන් පිටට හරවනවා. එතකොට ඔවුන් විනාශ වෙලා යයි.+ 26  ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ඔරෙබ් පර්වතය+ ළඟ මිදියන්වරුන්ව පරාජය කරපු විදිහට ඔහුට කසයකින් පහර දෙයි.+ ඊජිප්තුවරුන්ව පරාජය කරන්න දෙවියන් මුහුදට ඉහළින් සැරයටිය දික් කළා වගේ ඔහු ඔහුගේ සැරයටිය දික් කරයි.+ 27  “ඒ දවසේදී ඔහු ඔබ පිට පටවපු බරෙන් ඔබ නිදහස් වෙයි.+ඔබ පිට තියපු වියගහ අයින් කරයි.+තෛලය* නිසා වියගහ සම්පූර්ණයෙන්ම කැඩිලා යයි.”+ 28  ඔහු අයියත්වලට ආවා.+මිග්‍රොන් නගරය මැදින් ගියා.මික්මාෂ්වල+ ඔහුගේ බඩු තිබ්බා. 29  ඔහු තොටුපොළ පහු කරගෙන ගියා.ගෙබාවල+ රාත්‍රිය ගත කළා.රාමාවල මිනිස්සු බයෙන් වෙවුලනවා. සාවුල්ගේ නගරය වුණ ගිබෙයාවල+ මිනිස්සු පැනලා ගියා.+ 30  ගල්ලිම් දියණියනි, කෑ ගහන්න. ලායිෂා, ලෑස්ති පිට ඉන්න. අනේ, අසරණ අනාතොත්!+ 31  මද්මේනාවල මිනිස්සු පැනලා ගිහින්. ගෙබිම්වල හිටපු අය ආරක්ෂිත තැන් හොයාගෙන ගිහින්. 32  අද ඔහු නොබ්වල නතර වෙයි.+ ඔහු සියොන් දියණියගේ කන්ද දිහාවට ඔහුගේ අත දික් කරනවා.යෙරුසලම පිහිටුවලා තියෙන කන්දට තර්ජනය කරන්න ඔහු අත දික් කරනවා. 33  සැබෑ ස්වාමීන් සහ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කරන දේ බලන්න!ඔහු ගස්වල අතු කපලා දානවා. ඒවා බිමට වැටෙද්දී මහා ශබ්දයක් ඇහෙයි.+උසම ගසුත් කපලා දානවා.උත්තමයන්ව පහතට ඇදලා දානවා. 34  ඔහු වනළැහැබ පොරොවකින්* කපලා දායි.බලවත් කෙනෙක් අතින් ලෙබනොන් විනාශ වෙයි.

පාදසටහන්

හෝ, “අම්මා තාත්තා නැති දරුවන්ගෙන්.”
හෝ, “දඬුවම්.”
ඒ කියන්නේ ඇසිරියානුවාගේ.
හෝ, “යුක්තිසහගත දඬුවම.”
මෙතන කතා කරන්නේ ඊශ්‍රායෙල්වරුන්ගේ රජවරුන්ව අභිෂේක කරන්න පාවිච්චි කරපු තෛලය ගැන වෙන්න පුළුවන්. නැත්නම් ගිඩියොන් එක්ක හිටපු 300දෙනාගේ පන්දම් දල්වන්න පාවිච්චි කරපු තෙල් ගැන වෙන්න පුළුවන්.
හෝ, “යකඩ ආයුධයකින්.”