යෙසායා 11:1-16

  • යෙස්සේගේ කඳෙන් එන රිකිල්ල ධර්මිෂ්ඨව පාලනය කරයි (1-10)

    • වෘකයා බැටළු පැටියා එක්ක කල් ගෙවයි (6)

    • යෙහෝවා ගැන දැනුමෙන් මුළු පොළොවම පිරෙයි (9)

  • ඉතුරු වෙලා ඉන්න සෙනඟව ආයෙත් එකතු කරයි (11-16)

11  යෙස්සේගේ+ කඳෙන් රිකිල්ලක්+ හටගන්නවා.ඔහුගේ මුල්වලින් අංකුරයක්+ හටගෙන පල දරනවා.   ඔහුට යෙහෝවා දෙවියන්ගේ බලය ලැබෙයි. ඒ බලයෙන් ඔහු පිරිලා ඉතිරිලා යයි.+ඒ නිසා ඔහු ප්‍රඥාවෙන්+ සහ අවබෝධයෙන් වැඩ කරයි.නැණවත් මඟ පෙන්වීම් ලබා දෙයි. එඩිතරව වැඩ කරයි.+ඔහුට දැනුමෙන් කිසිම අඩුවක් නැහැ. ඔහු යෙහෝවා ගැන ගරුබිය ඇතුව වැඩ කරයි.   යෙහෝවාට ගරුබිය දැක්වීමෙන් ඔහු ලොකු සතුටක් ලබයි.+ ඔහු මතුපිටින් දකින දේ අනුව විනිශ්චය කරන්නේ නැහැ.යමක් ඇසුණු පමණින් නිවැරදි කරන්න ඔහු ඉක්මන් වෙන්නේ නැහැ.+   ඔහු අසරණ අයට සාධාරණ විනිශ්චයක් දෙයි.*පොළොවේ ඉන්න නිහතමානී අයව ආරක්ෂා කරන්න ඔහු සාධාරණ තීන්දු දෙයි. ඔහුගේ කටින් පිට වෙන වදන් හරියට දණ්ඩක් වගේ. ඔහු ඒවායින් පොළොවට පහර දෙයි.+ඔහුගේ කටින් පිට වෙන හුස්මෙන් ඔහු දුෂ්ටයාව මරලා දායි.+   ධර්මිෂ්ඨකම ඔහුගේ ඉණපටිය වගෙත්විශ්වාසවන්තකම ඔහුගේ බඳ පටිය වගෙත් වෙයි.+   වෘකයා බැටළු පැටියා එක්ක කල් ගෙවයි.+එළු පැටියා දිවියා එක්ක එකට ලගියි.වහු පැටියායි, සිංහයායි, තර සතායි එකට ලගියි.*+කුඩා දරුවෙක් උන්ට මඟ පෙන්නයි.   එළදෙනත් වැලහින්නත් එකට තණ කයි.උන්ගේ පැටවුන් එකට ලගියි. සිංහයා ගොනා වගේ පිදුරු කයි.+   කිරි බොන දරුවා නයාගේ තුඹස උඩ සෙල්ලම් කරයි.මව්කිරි බොන කාලේ පහු කරපු දරුවෙක් විෂ සර්පයෙක්ගේ ගුලට අත දායි.   මගේ ශුද්ධ කන්දේ කොතැනකදීවත් කවුරුත්* කාටවත් හානියක් කරන්නෙවත්+විනාශයක් කරන්නෙවත් නැහැ.+මොකද ජලයෙන් මුහුද පිරිලා තියෙනවා වගේයෙහෝවා ගැන දැනුමෙන් මුළු පොළොවම පිරිලා තියෙයි.+ 10  ඒ දවසේදී සෙනඟට ලකුණක්* විදිහට යෙස්සේගේ මුල+ නැඟිට සිටියි.+ ජාතීන් මඟ පෙන්වීම් පතා ඔහු වෙතට හැරෙයි.+ඔහුගේ වාසස්ථානය තේජසින් පිරිලා යයි. 11  ඒ දවසේදී යෙහෝවා දෙවෙනි පාරටත් ඔහුගේ අත දික් කරලා ඉතුරු වෙලා ඉන්න ඔහුගේ සෙනඟව ආයෙත් එකතු කරගන්නවා. ඇසිරියාව,+ ඊජිප්තුව,+ පත්‍රොස්,+ කූෂ්,+ ඒලාම්,+ ෂීනාර්,* හමාත් සහ දූපත්වල+ ඉන්න හැමෝවම ඔහු එක් රැස් කරගන්නවා. 12  ඔහු ජාතීන්ට පේන්න කණුවක්* හිටවලා විසිරිලා ඉන්න ඊශ්‍රායෙල්වරුන්ව එකතු කරගන්නවා.+ පොළොවේ හතර කොනටම විසිරිලා ගිහින් ඉන්න යූදා සෙනඟව ඔහු ආයෙත් එකතු කරගන්නවා.+ 13  එෆ්‍රායිම්ගේ ඊර්ෂ්‍යාව නැති වෙලා යයි.+යූදාට හතුරුකම් කරපු හැමෝම විනාශ වෙලා යයි. එෆ්‍රායිම් යූදාට ඊර්ෂ්‍යා කරන්නෙවත්යූදා එෆ්‍රායිම්ට හතුරුකම් කරන්නෙවත් නැහැ.+ 14  ඔවුන් බස්නාහිර පැත්තේ තියෙන පිලිස්තිවරුන්ගේ කඳු බෑවුමට කඩාවදියි.ඔවුන් එකතු වෙලා නැඟෙනහිර පැත්තේ ජීවත් වෙන සෙනඟගෙන් කොල්ල කයි. ඒදොම්වරුන්ටත්+ මෝවබ්වරුන්ටත්+ විරුද්ධව ඔවුන්ගේ අත දික් කරයි.*අම්මොන්වරු ඔවුන්ට යටත් වෙයි.+ 15  යෙහෝවා ඊජිප්තු මුහුදු බොක්ක දෙකට බෙදයි.*+ඔහු තමන්ගේ අත මහ ගඟට* විරුද්ධව දික් කරයි.+ ඔහුගෙන් පිට වෙන දැවෙන හුස්මෙන් ඒකේ අතු ගංගා හතට පහර දෙයි.*ඔහු සෙනඟට පාවහන් ගලවන්නේ නැතුව ඒ මැදින් යන්න සලස්වයි. 16  ඔහුගේ සෙනඟ අතරින් ඉතුරු වෙන අයට+ ඇසිරියාවෙන් පිටත් වෙලා එන්න මාර්ගයක් තියෙයි.+ඒක හරියට ඊශ්‍රායෙල් ඊජිප්තුවෙන් පිටත් වෙලා එද්දී තිබුණ මාර්ගය වගේ වෙයි.

පාදසටහන්

හෝ, “ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරයි.”
හෝ සමහරවිට, “වහු පැටියායි, සිංහයායි, තර සතායි එකට කෑම කයි.”
මූ.අ., “උන්.”
හෝ, “සංඥාවක් දෙන කණුවක්.”
ඒ කියන්නේ බැබිලෝනියාව.
හෝ, “ලකුණක් විදිහට කණුවක්.”
හෝ, “ඒදොම්වරුන්වත් මෝවබ්වරුන්වත් පරාජය කරයි.”
හෝ සමහරවිට, “වතුර හිඳිලා යන්න සලස්වයි.”
ඒ කියන්නේ යුප්‍රටීස් ගඟට.
හෝ සමහරවිට, “ඒක අතු ගංගා හතකට බෙදයි.”