යෙසායා 12:1-6

  • ස්තුති ගීයක් (1-6)

    • ‘මගේ ශක්තිය යාහ් යෙහෝවායි’ (2)

12  ඒ දවසේදී ඔබ මෙහෙම කියයි. “යෙහෝවා දෙවියනි, ඔබට මාත් එක්ක ගොඩක් කේන්ති ගියා.ඒත් ඒ කේන්තිය දැන් නිවිලා ගිහින්.ඔබ මාව සැනසුවා.+ ඒ ගැන මම ඔබට ස්තුති කරනවා.   මට ගැලවීම ලබා දෙන්නේ දෙවියනුයි.+ මම ඔහු ගැන විශ්වාසය තියනවා. ඒ නිසා මට බයක් දැනෙන්නේ නැහැ.+මොකද මගේ ශක්තියත් මගේ බලයත් යාහ්* යෙහෝවායි.ඔහු මට ගැලවීම ලබා දෙනවා.”+   ගැලවීම ලබා දෙන ළිංවලින්ඔබ සතුටින් දිය ඇදගනියි.+   ඒ දවසේදී ඔබ මෙහෙම කියයි. “යෙහෝවාට ස්තුති කරන්න. ඔහුගේ නම කියලා ඔහුට කන්නලව් කරන්න!ඔහු කරන දේවල් ගැන හැමෝටම කියන්න.+ඔහුගේ නම කොච්චර ශ්‍රේෂ්ඨද කියලා ප්‍රකාශ කරන්න.+   යෙහෝවාට ප්‍රශංසා ගී ගයන්න.*+ මොකද ඔහු පුදුම දේවල් කරලා තියෙනවා.+ ඒ ගැන පොළොව පුරාම දැනුම් දෙන්න.   සියොන්වල ජනයෙනි,* ප්‍රීතියෙන් හඬ නඟන්න!මොකද ඔබ අතරේ ඉන්න ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තාණන් හරිම ශ්‍රේෂ්ඨයි.”

පාදසටහන්

“යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.
හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරන්න.”
මූ.අ., “වාසය කරන තැනැත්තිය.” ස්ත්‍රියක් විදිහට හඳුන්වලා තියෙන්නේ සෙනඟවයි.