යෙසායා 13:1-22

  • බැබිලෝනියට විරුද්ධව දුන්න තීන්දුව (1-22)

    • යෙහෝවාගේ දවස ළඟයි (6)

    • මේදිය ජාතිකයන් බැබිලෝනිය පරාජය කරයි (17)

    • බැබිලෝනියේ ආයේ කවදාවත් කවුරුත් ජීවත් වෙන්නේ නැහැ (20)

13  බැබිලෝනියට විරුද්ධව දුන්න තීන්දුව+ ගැන ආමොෂ්ගේ පුතා වුණ යෙසායාට+ ලැබුණ දර්ශනය තමයි මේ.   “හමුදාවට ලකුණක් විදිහට ගහක් කොළක් නැති කන්දක් උඩ කණුවක් හිටවන්න.+ ඔවුන්ට අඬගහන්න. අතින් සංඥාවක් දෙන්න.ඔවුන්ට උත්තමයන්ගේ දොරකඩවල් ළඟට එන්න පුළුවන් වෙන්න එහෙම කරන්න.   මම පත් කරපු අයට* මම ආඥාවක් දුන්නා.+ මම මගේ සෙබළුන්ව රැස් කළා. ඔවුන්ව රැස් කළේ ඔවුන් ලවා මගේ කේන්තිය පිට කරන්නයි.ඒ ගැන ඔවුන් හරිම ආඩම්බරෙන් සතුටු වෙනවා.   අහන්න! කඳුකරයෙන් විශාල පිරිසකගේ හඬක් ඇහෙනවා.ඔවුන්ගේ ශබ්දය මහත් සමූහයකගේ හඬ වගෙයි. අහන්න! එකට රැස් කරපු ජාතීන්ගේ ඝෝෂාවක්,+රාජ්‍යයන්වල ඝෝෂාවක් ඇහෙනවා! ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා හමුදාව යුද්ධයට රැස් කරනවා.+   දුර ඈත දේශයකින්,+අහස කෙළවරේ තියෙන දුර තැනකින් ඔවුන් එනවා.යෙහෝවාත් ඔහුගේ කේන්තිය පිට කරන ආයුධත් එන්නේමුළු පොළොවම නැති නාස්ති කරන්නයි.+   යෙහෝවාගේ දවස ළඟ නිසා කෑගහලා අඬන්න! ඒක සියලු බලැති දෙවියන් විනාශයක් ගේන දවසක්.+   ඒ නිසා ඔවුන් හැමෝගෙම අත් පණ නැති වෙලා යයි.හැම මනුස්සයෙක්ගෙම හදවත බයෙන් ගැහෙයි.+   මිනිස්සු හොඳටම කලබල වෙලා.+ දරුවෙක් බිහි කරන්න ළං වෙලා ඉන්න ස්ත්‍රියක් වගේඔවුන් ලොකු වේදනාවකින් දුක් විඳිනවා. බයෙන් මිරිකිලා ඉන්න ඔවුන් පුදුමයෙන් එක් එක් කෙනා දිහා බලනවා.ඔවුන්ගේ බය මූණෙන්ම පේනවා.   බලන්න! යෙහෝවාගේ දවස එනවා.ඒක හරිම භයානක දවසක්. කේන්තියත් කෝපයත් පිට කරන දවසක්.ඒ දවසේදී දේශය නැති නාස්ති කරලා දානවා. ඒක දකින අය හොඳටම බය වෙනවා.+වැරදි වැඩ කරපු හැමෝමත් දේශයෙන් නැත්තටම නැති කරනවා. 10  අහසේ තරුවත් තාරකා මණ්ඩලවත්*+බැබළෙන්නේ නැහැ.ඉර පායද්දීම ඒක අඳුරු වෙයි.හඳත් එළිය නොදෙයි. 11  පොළොවේ වැසියන්ගේ දුෂ්ටකම්වලට මම දඬුවම් ලබා දෙනවා.+දුෂ්ටයන්ට තමන් කරපු වැරදිවලට දඬුවම් දෙනවා. මම හිතුමතේට වැඩ කරන අයගේ අහංකාරකම නැති කරලා දානවා.කුරිරු මිනිස්සුන්ගේ ආඩම්බරකම නැති කරලා දානවා.+ 12  මිනිස්සුන්ව හොයාගන්න එක පිරිසිදු රන් හොයාගන්නවාට වඩා මම අමාරු කරනවා.+ඕෆීර් දේශයේ රත්තරන්+ හොයාගන්නවාට වඩා අමාරු කරනවා. 13  ස්වර්ගයේ සේනාවල අධිපති යෙහෝවා වන මම අහස දෙදරුම් කන්න සලස්වනවා.ගින්නක් වගේ ඇවිළිලා තියෙන මගේ කේන්තිය පිට කරන දවසේදීපොළොව ඒක තියෙන තැනින් හොල්ලලා දානවා.+ 14  දඩයක්කරුවෙක්ගෙන් පලා යන මුවෙක් වගෙත් එඬේරෙක් නැති බැටළු රැළක් වගෙත්හැම කෙනෙක්ම තමන්ගේ සෙනඟ ළඟට ආයෙත් යයි.හැම කෙනෙක්ම තමන්ගේ දේශයට පලා යයි.+ 15  අහු වෙන හැම කෙනෙක්වම හෙල්ලෙන් ඇනලා මරලා දායි.අල්ලගන්න හැම කෙනෙක්වම කඩුවෙන් මරලා දායි.+ 16  ඔවුන් ඉස්සරහම ඔවුන්ගේ දරුවන්ව පොළොවේ ගහලා මරලා දායි.+ගෙවල් කොල්ල කයි.භාර්යාවන්ව දූෂණය කරයි. 17  මම මේදිය ජාතිකයන්ව ඔවුන්ට විරුද්ධව එවනවා.+ඔවුන්ට රිදීවලින් කිසිම වැඩක් නැහැ.රන්වලට ආශා කරන්නෙත් නැහැ. 18  ඔවුන් විදින ඊතල නිසා තරුණයෝ මැරිලා වැටෙයි.+ඔවුන් බිලිඳුන්ට අනුකම්පා කරන්නෙවත්දරුවන්ට දයාව පෙන්නන්නෙවත් නැහැ. 19  හැම රාජ්‍යයකටම වඩා අලංකාර,කල්දිවරුන්ගේ+ මහත් ආඩම්බරයට හේතු වුණ, තේජවත් බැබිලෝනියටත්+මම සොදොම් සහ ගොමෝරාවට කළ දේම වෙයි.+ 20  ඇය ආයේ කවදාවත් වාසයට සුදුසු තැනක් වෙන්නේ නැහැ.මතු පැමිණෙන පරම්පරාවල අය කවදාවත් එහේ ජීවත් වෙන්නේ නැහැ.+ අරාබි ජාතිකයන් තමන්ගේ කූඩාරම් එහේ ගහගන්නේ නැහැ.එඬේරු තමන්ගේ බැටළු රැළවල් එහෙට ගෙනියන්නේ නැහැ. 21  කාන්තාරවල ඉන්න සත්තු එහේ ජීවත් වෙයි.ඇගේ ගෙවල්වල ලගින්නේ බකමූණන්* විතරයි. පැස්බරු එහේ සැරිසරයි.+වල් එළුවෝ* එහේ දුව පැන යයි. 22  ඇගේ බලකොටුවලින් ඇහෙන්නේ වනසතුන්ගේ මූසල හඬ විතරයි.ඇගේ අලංකාර මාලිගාවලින් ඇහෙන්නේ හිවලුන් උඩු බුරන හඬ විතරයි. ඇයට දඬුවම් ලැබෙන කාලය ළඟයි. ඇයට ඉතුරු වෙලා තියෙන්නේ කෙටි කාලයක් විතරයි.”+

පාදසටහන්

මූ.අ., “මම විශේෂ වැඩකට වෙන් කරපු අයට.”
හෝ, “කේසිල් තාරකා මණ්ඩලවත්.” සමහරවිට මේකෙන් අදහස් කරන්නේ දඩයක්කාරයා සහ අවට තියෙන වෙනත් තාරකා මණ්ඩල වෙන්න පුළුවන්.
මහ බකමූණාට සමාන බකමූණෙක්.
හෝ සමහරවිට, “එළුවන්ගේ පෙනුම තියෙන භූතයන්.”