යෙසායා 15:1-9

  • මෝවබ් දේශයට විරුද්ධව දුන්න තීන්දුව (1-9)

15  මෝවබ් දේශයට විරුද්ධව දුන්න තීන්දුව මේකයි.+ මෝවබ් දේශයේ ආර්+ නගරය එක රැයකින් විනාශ කළ නිසාඒක දැන් නිහඬ වෙලා.මෝවබ් දේශයේ කිර්+ නගරය එක රැයකින් විනාශ කළ නිසාඒක දැන් නිහඬ වෙලා.   සෙනඟ දේවාලවලටත් දීබොන්වලටත් ගියා.අඬා වැලපෙන්න පූජනීය+ ස්ථානවලට* ගියා. නෙබෝ+ සහ මේදෙබා+ ගැන මෝවබ් අඬා වැලපෙනවා.හැමෝම ඉන්නේ හිස් බූ ගාගෙන,+ රැවුල් කපාගෙන.+   ඔවුන් ගෝණි රෙදි ඇඳගෙන වීථිවල ඒ මේ අත යනවා. පැතලි වහල උඩත් ප්‍රධාන හන්දිවලත් ඉඳගෙන අඬා වැලපෙනවා.ඔවුන් අඬඅඬ උස් තැන්වලින් බැහැලා එනවා.+   හෙෂ්බොන් සහ එලෙයාලෙ+ අඬා වැලපෙනවා.ඒ හඬ යහෂ්+ වෙන කල්ම ඇහෙනවා. මෝවබ්වල සෙබළු කෑගහන්නේ ඒ නිසයි. මුළු සෙනඟම බයෙන් වෙවුලනවා.   මෝවබ් ගැන මගේ හිතටත් දුකක් දැනෙනවා. අසරණ වුණ සෙනඟ ෂොවර්+ සහ එග්ලත්ෂෙලීෂියා+ දක්වාම පලා යනවා. ඔවුන් අඬඅඬ ලූහිත්වලට නැඟගෙන යනවා.ඔවුන්ට වුණ විපත ගැන අඬඅඬ හෝරනායිම්වලට යන මඟ දිගේ යනවා.+   නිම්රිම්වල දිය පහරවල් වේළිලා ගිහින්. ඒක පාළු තැනක් වෙලා.නිල් තණකොළ වේළිලා ගිහින්.පේන තෙක් මානෙක තණකොළ ගහක් හොයාගන්නවත් නැහැ.   ඒ නිසා ඔවුන් ගබඩාවල ඉතුරු වෙලා තියෙන දේවලුයි, වටිනා දේවලුයි අරගෙනවිලෝ ගස් වැවෙන නිම්නය හරහා පලා යනවා.   අඬා වැලපෙන හඬ මුළු මෝවබ් දේශය පුරාම දෝංකාර දෙනවා.+ ඒ හඬ එග්ලයිම්වලටත්බෙයර්එලීම්වලටත් ඇහෙනවා.   දීමොන්වල දිය පහරවල් ලෙයින් පිරිලා ගිහින්.මම* තව තවත් පීඩා ගෙනත් දීමොන්වලට පහර දෙනවා. මෝවබ්වලින් බේරිලා යන අයවයි,දේශයේ ඉතුරු වෙන අයවයි+ කාලා දාන්න සිංහයන්ව එවනවා.

පාදසටහන්

මූ.අ., “උස් තැන්වලට.”
හෝ, “දෙවියන්.”