යෙසායා 17:1-14

  • දමස්කයට විරුද්ධව දුන්න තීන්දුව (1-11)

  • යෙහෝවා ජාතීන්ට තරවටු කරයි (12-14)

17  දමස්කයට විරුද්ධව දුන්න තීන්දුව මේකයි.+ “දමස්කය කියන නගරය තවත් තියෙන්න යන්නේ නැහැ.ඒක නටබුන් ගොඩක් වෙලා යනවා.+   අරෝයේර්වල+ නගර අත්හැරලා දානවා.ඒවා සත්තු ලගින තැන් වෙයි.උන්ව බය කරලා එළවලා දාන්න කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ.   පවුරුවලින් වට වුණ නගර එෆ්‍රායිම්වලින්+ නැති වෙලා යයි.රාජකීය බලය දමස්කයෙන්+ නැති වෙලා යයි.ඊශ්‍රායෙල්වරුන්ගේ තේජස නැති වෙලා ගිය විදිහටම සිරියාවේ ඉතුරු වෙන අයට තියෙන බලයත්නැති වෙලා යනවා.” එහෙම කියන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවියන්.   “ඒ දවසේදී යාකොබ්ගේ තේජස අඩු වෙලා යයි.ඔහුගේ පුෂ්ටිමත් සිරුර වැහැරිලා යයි.   ඒ දවස හරියට කෙනෙක් අස්වැන්න නෙළලාකරල් එකතු කරගන්න දවස වගෙයි.ඒ දවස හරියට රෙෆායිම් නිම්නයේ*+ අත්හැරුණු කරල් ඇහිඳින දවස වගෙයි.   බේරෙන්නේ සුළු පිරිසක් විතරයි.ඔවුන් හරියට ඔලීව ගස්වල අතු හොලවලා ගෙඩි ඇහිඳගත්තාට පස්සේඉහළ අතුවල ඉතුරු වෙන ඉදුණු ගෙඩි දෙක තුන වගෙයි.අනිත් අතුවල ඉතුරු වෙන ගෙඩි හතර පහ වගෙයි.”+ එහෙම කියන්නේ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවායි.  ඒ දවසේදී මිනිසා තමන්ව හදපු තැනැත්තාගෙන් උදව් ඉල්ලයි. ඔහු ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තා ගැන බලාපොරොත්තු තියයි.  ඔහු තමන්ම හදාගත්ත+ පූජාසන ගැන විශ්වාසය තියන්නේ නැහැ.+ ඔහුගෙම අතින් හදාගත්ත සුවඳ දුම් ඔප්පු කරන පූජාසන ගැනවත් කණු* ගැනවත් බලාපොරොත්තු තියන්නේ නැහැ.   ඒ දවසේදී පවුරුවලින් වට වුණ ඔහුගේ නගර කැලෑවක අත්හැරලා දාපු තැනක් වගේ වෙයි.+ඊශ්‍රායෙල්වරු ඉදිරියෙන් වීසි කරලා දැම්ම අත්තක් වගේඒවා සම්පූර්ණයෙන්ම පාළු වෙලා යයි. 10  මොකද ඔබව ගලවගත්ත දෙවියන්ව ඔබ අමතක කළා.+ඔබේ පර්වතය+ සහ ඔබේ බලකොටුව සිහි කරන්න ඔබට අමතක වුණා.ඒ නිසයි ඔබ ලස්සන උයන් හදාගත්තේ.වෙනත් දේශවලින් ගෙනාපු* පැළෑටි වගා කරගත්තේ. 11  දවල් කාලේදී ඔබ උයන වටේට හරිම පරෙස්සමින් වැටක් බැන්දා.උදේ වෙද්දී බීජ පැළ වෙන්නත් පටන්ගත්තා.ඒත් ඔබ හොඳටම අසනීප වෙලා වේදනාවෙන් ඉද්දී අස්වැන්න විනාශ වෙලා යනවා.+ 12  සෙනඟ නඟන ඝෝෂාවට ඇහුම්කන් දෙන්න!ඔවුන් මුහුද වගේ කැලඹිලා. කැලඹිලා ඉන්න ජාතීන්ගේ හඬ හරියටමහ මුහුදේ දරුණු රළ පහර වගෙයි. 13  ජාතීන් කෑ මොර ගහන හඬ හරියට වේගයෙන් ගලාගෙන යන ජල ධාරාවක් වගෙයි. දෙවියන් ඔවුන්ට තරවටු කළාම ඔවුන් දුර ඈත පැතිවලට පලා යයි.කඳු මුදුන්වලින් හුළඟට ගහගෙන යන දහයියා වගෙත්සුළිසුළඟට අහු වුණ වේළිච්ච තණකොළ ගහක් වගෙත් ඔවුන් ගහගෙන යයි. 14  අඳුර වැටෙද්දීම විපතක් වෙයි. උදේ වෙන්න කලින් සතුරන් නැත්තටම නැති වෙලා යයි. අපෙන් වස්තුව පැහැරගන්න අයටත්අපෙන් කොල්ල කන අයටත් ලැබෙන දඬුවම ඒකයි.

පාදසටහන්

හෝ, “තැනිතලාවේ.”
හෝ, “වෙනත් දෙවි කෙනෙක්ගේ.”