යෙසායා 18:1-7

  • ඉතියෝපියාවට විරුද්ධව දුන්න තීන්දුව (1-7)

18  තටුවලින් හඬ නඟන කෘමීන්ගෙන් පිරුණ දේශයට,ඉතියෝපියාවේ ගංගා අසල තියෙන දේශයට මුහුණ දෙන්න වෙන විපත මොන තරම් දරුණුද!+   ඒ තමයි මුහුද හරහා පණිවිඩකරුවන්ව යවලා,ජල ධාර හරහා පැපිරස්වලින් හදපු ඔරුවලින් පණිවිඩකරුවන්ව යවලා මෙහෙම දැනුම් දෙන දේශය. “වේගවත් පණිවිඩකරුවෙනි, යන්න.සිනිඳු හමක් තියෙන, උස මිනිස්සු ඉන්න ජාතිය වෙතට යන්න.ළඟපාත වගේම දුර ඈත ඉන්න හැමෝම බයෙන් ඉන්න සෙනඟ වෙතට යන්න.+ජාතීන්ව යටත් කරගන්න ශක්තිමත් සෙනඟ වෙතට යන්න.ගංගාවලින් භූමිය හෝදගෙන යන දේශය වෙතට යන්න.”   හැම තැනම ඉන්න සෙනඟෙනි, පොළොව පුරා ඉන්න ජනයෙනි,ඔබ දකින දේ, සෙනඟව එකතු කරන්න කඳු මුදුනක හිටවන සංඥාවක් වගේ වෙයි.ඔබට ඇහෙන හඬ හොරණෑවක හඬට සමාන වෙයි.   මොකද යෙහෝවා දෙවියන් මට මෙහෙම කිව්වා. “මගේ වාසස්ථානය දිහා* මම නොසෙල්වී බලාගෙන ඉන්නවා.තණබිම් උණුසුම් කරන හිරු එළිය වගේ මම නොසෙල්වී බලාගෙන ඉන්නවා.අස්වැන්න නෙළන කාලේ වැටෙන පිනි බිඳු වගේ මම නිහඬව ඉන්නවා.   මල් වැටිලා ගිහින් ඉදීගෙන එන මිදිපල නෙළාගන්න කලින්,ඒ අස්වැන්න නෙළාගන්න කලින්දෑකැත්තකින් මිදි රිකිලි කපලා දානවා.වැල එතිලා උඩට යන්න නොදී ඒක කපලා දානවා.   ඔවුන්ගේ මළ කඳන් කඳුවල ඉන්න ගිජුලිහිණියන්ටත්පොළොවේ ඉන්න වනසතුන්ටත් කන්න අත්හැරලා දායි. ගිම්හාන කාලය පුරාම ගිජුලිහිණියන් ඒවා උඩ වහගෙන ඉඳියි.අස්වැන්න නෙළන කාලය පුරාම වනසතුන් ඒවායින් පෝෂණය වෙයි.   ඒ කාලේදී ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාට තෑග්ගක් ගෙනෙයි.ඒ තෑග්ග ගේන්නේ සිනිඳු හමක් තියෙන, උස මිනිස්සු ඉන්න ජාතියක්.ළඟපාත වගේම දුර ඈත ඉන්න හැමෝම බයෙන් ඉන්න සෙනඟක්.ජාතීන්ව යටත් කරගන්න ශක්තිමත් සෙනඟක්.ඒක ගේන්නේ ගංගාවලින් භූමිය හෝදගෙන යන දේශයකින්.ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාගේ නම දරන සියොන් කන්ද වෙතට ඔවුන් ඒක අරගෙන එයි.”+

පාදසටහන්

හෝ සමහරවිට, “මගේ වාසස්ථානයේ ඉඳන්.”