යෙසායා 19:1-25

  • ඊජිප්තුවට විරුද්ධව දුන්න තීන්දුව (1-15)

  • ඊජිප්තුවරු යෙහෝවා ගැන දැනගනියි (16-25)

    • යෙහෝවාට නමස්කාර කරන්න ඊජිප්තුවේ පූජාසනයක් (19)

19  ඊජිප්තුවට විරුද්ධව දුන්න තීන්දුව මේකයි.+ යෙහෝවා දෙවියන් වේගයෙන් යන වලාකුළක නැඟලා ඊජිප්තුවට එන හැටි බලන්න! ඊජිප්තුවේ කිසිම වැඩකට නැති දෙවිවරු ඔහු ඉදිරියේ වෙවුලයි.+ඊජිප්තුවරුන්ගේ හදවත් බයෙන් ගැහෙයි.   “මම ඊජිප්තුවරුන්ව ඔවුන්ටම විරුද්ධව වැඩ කරන්න පොලඹවනවා.ඔවුන් එකිනෙකා එක්ක ඇනකොටා ගනියි.ඔවුන් තම තමන්ගේ සහෝදරයාටත් අසල්වැසියාටත් විරුද්ධ වෙයි.නුවරක් නුවරකටත් රාජ්‍යයක් රාජ්‍යයකටත් විරුද්ධ වෙයි.   ඊජිප්තුවරු වියවුල් වෙයි.මම ඔවුන්ගේ සැලසුම් අවුල් කරනවා.+ ඔවුන් කිසිම වැඩකට නැති දෙවිවරුන්ගෙන්,මතුරන්නන්ගෙන්, මායාකාරයන්ගෙන්* සහ සාස්තර කියන්නන්ගෙන්+ උපකාර පතයි.   මම ඊජිප්තුවරුන්ව කෲර ස්වාමියෙක්ගේ අතට භාර දෙනවා.දරුණු රජෙක් ඔවුන්ව පාලනය කරන්න යනවා”+ කියලා සැබෑ ස්වාමීන් සහ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියනවා.   ගඟේ වතුර හිඳිලා යයි.ගං පතුල වේළිලා ඉරි තළයි.+   ගංගාවලින් දුගඳක් හමයි.ඊජිප්තුවේ නයිල් ගඟේ අතු ගංගාවල වතුර හිඳිලා ගිහින් පොළොව ඉරි තළයි. බට පඳුරුයි, පන් ගසුයි කුණු වෙලා යයි.+   නයිල් ගඟ දෙපසත් මෝය කට ළඟත් තියෙන පන් ගසුත්ගඟේ ඉවුරු දිගේ තියෙන කෙත්වතුත්+ වේළිලා යයි.+ ඒවා හොයාගන්නවත් බැරි වෙන විදිහට හුළඟට ගහගෙන යයි.   මසුන් මරන්නෝ අඬා වැලපෙයි.නයිල් ගඟේ බිළී බාන අය විලාප තියයි.දැල් හෙළන අයත් අඩු වෙලා යයි.   හණ නූල්වලින් ඇඳුම් හදන අයත්+සුදු රෙදි වියන අයත් නින්දාවට පත් වෙයි. 10  ඊජිප්තුවේ රෙදි වියන්නෝ කම්පා වෙයි.කුලී වැඩ කරන අය සුසුම්ලයි. 11  ෂොවන්වල+ පාලකයන් හරිම මෝඩයි. පාරාවෝගේ හොඳම උපදේශකයන් පවා මෝඩ උපදෙස් දෙයි.+ “මම එන්නේ හරිම බුද්ධිමත් පවුලකින්,අතීතයේ ඉඳන් එන රජ පෙළපතකින්” කියලා ඔබ පාරාවෝට කියන්නේ කොහොමද? 12  ඔබේ බුද්ධිමත් මිනිස්සු දැන් කොහෙද?+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ඊජිප්තුව ගැන ගත්ත තීරණය ඔවුන් දන්නවාද? එහෙමනම් ඒ ගැන ඔබට දැනුම් දෙන්න කියන්න. 13  ෂොවන්වල පාලකයෝ වැඩ කළේ මෝඩ විදිහටයි.නොෆ්වල*+ පාලකයෝ හොඳටම රැවටුණා.ඊජිප්තුවේ ගෝත්‍රවල නායකයෝ සෙනඟව මංමුළා කළා. 14  යෙහෝවා ඇයව වියවුලට පත් කළා.+පාලකයන් මුළු ඊජිප්තුවම සම්පූර්ණයෙන්ම නොමඟ යැව්වා.ඊජිප්තුව හරියට තමන්ගෙම වමනේ උඩ වැටිලා දඟලන බේබද්දෙක් වගෙයි. 15  ඊජිප්තුවේ හිසටවත් වලිගයටවත් රිකිල්ලටවත් පන් ගහටවත්*ඊජිප්තුව වෙනුවෙන් කිසිම දෙයක් කරන්න බැහැ. 16  ඒ දවසේදී ඊජිප්තුවරු හරියට ස්ත්‍රීන් වගේ බයෙන් වෙවුලයි. මොකද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ඔවුන්ට විරුද්ධව ඔහුගේ අත ඔසවගෙන ඉන්නවා.+ 17  යූදා දේශය නිසා ඊජිප්තුවරු බයෙන් වෙවුලයි. ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ඊජිප්තුවරුන්ට විරුද්ධව ගත්ත තීරණය නිසා යූදා කියන නම ඇහෙද්දීත් ඔවුන් බයෙන් වෙවුලයි.+ 18  ඒ දවසේදී ඊජිප්තුවේ නගර පහක මිනිස්සු කානාන් දේශයේ කතා කරන භාෂාව කතා කරයි.+ ඔවුන් ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ඉස්සරහා ඔහුට විශ්වාසවන්තව ඉන්නවා කියලා දිවුරලා පොරොන්දු වෙනවා. ඒ එක නගරයක් කඩා බිඳ දමන නගරය කියලා හඳුන්වනවා. 19  ඒ කාලේදී ඊජිප්තු දේශය මැද යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න පූජාසනයකුත් දේශයේ මායිම ළඟ යෙහෝවාව ගෞරවයට පත් කරන්න කුලුනකුත් තියෙයි. 20  ඒවා ලකුණක් සහ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ගැන සාක්ෂියක් විදිහට ඊජිප්තු දේශයේ තියෙයි. සෙනඟ තමන්ට පීඩා කරන අය නිසා යෙහෝවාට කන්නලව් කරයි. ඔහු ඔවුන්ව බේරගන්න ගැලවුම්කරුවෙක්ව, උතුම් කෙනෙක්ව එවයි. 21  යෙහෝවා දෙවියන් තමන් කවුද කියලා ඊජිප්තුවරුන්ට හෙළි කරයි. ඒ දවසේදී ඔවුන් යෙහෝවා ගැන දැනගනියි. ඔවුන් ඔහුට පූජා ඔප්පු කරයි. ඔහු ඉදිරියට තෑගි ගෙනෙයි. යෙහෝවා ඉස්සරහා පොරොන්දුවක් දීලා ඔවුන් ඒක ඒ විදිහටම ඉටු කරයි. 22  යෙහෝවා දෙවියන් ඊජිප්තුවට පහර දෙයි.+ ඊටපස්සේ ඔවුන්ව සුව කරයි. ඔවුන් ආපහු යෙහෝවා ළඟට හැරිලා එයි. එතකොට ඔහු ඔවුන්ගේ කන්නලව්වලට ඇහුම්කන් දීලා ඔවුන්ව සුව කරයි. 23  ඒ දවසේදී ඊජිප්තුවේ ඉඳන් ඇසිරියාවට යන්න මාර්ගයක් තියෙයි.+ ඒ නිසා ඇසිරියානුවන් ඊජිප්තුවටත් ඊජිප්තුවරු ඇසිරියාවටත් යයි. ඊජිප්තුවරු ඇසිරියානුවන් එක්ක එකතු වෙලා දෙවියන්ට සේවය කරයි. 24  ඒ කාලේදී ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවරුන්ටයි, ඇසිරියානුවන්ටයි+ එකතු වෙයි. ඊශ්‍රායෙල්වරු පොළොවේ හැමෝටම ආශීර්වාදයක් වෙයි. 25  මොකද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ඔවුන්ට ආශීර්වාද කරලා මෙහෙම කියයි. “මගේ සෙනඟ වන ඊජිප්තුවරුන්ටත් මගේ අතින්ම හදපු ඇසිරියානුවන්ටත් මගේ උරුමය වන ඊශ්‍රායෙල්වරුන්ටත් ආශීර්වාද ලැබේවා!”+

පාදසටහන්

ඒ කියන්නේ මැරුණ අය එක්ක කතා කරන්න හදන අයගෙන්.
හෝ, “මෙම්ෆිස්වල.”
හෝ සමහරවිට, “තාල වර්ගයේ ගස්වල අත්තකටවත්.”