යෙසායා 2:1-22

  • යෙහෝවාගේ කන්ද ඉහළින්ම තියෙයි (1-5)

    • කඩුවලින් නගුල් හදාගනියි (4)

  • යෙහෝවාගේ දවසේදී අහංකාර අයව ලැජ්ජාවට පත් කරයි (6-22)

2  ආමොෂ්ගේ පුතා වුණ යෙසායාට යෙරුසලම සහ යූදා ගැන ලැබුණ දර්ශනය තමයි මේ.+   අවසාන කාලේදී යෙහෝවා දෙවියන්ගේ ගෘහය තියෙන කන්දඅනිත් හැම කන්දකටම වඩා ඉහළින්, ස්ථිරව පිහිටුවයි.+ඒක හෙල්වලටත් වඩා ඉහළින් තියෙයි.හැම ජාතියකටම අයිති සෙනඟ ඒ කන්දට වැල නොකැඩී ඇදී එයි.+   හුඟදෙනෙක් ඇවිත් මෙහෙම කියයි. “එන්න, යෙහෝවාගේ කන්දට අපි යමු.යාකොබ්ගේ දෙවියන්ගේ ගෘහයට යමු.+ ඔහුගේ මාර්ග ගැන ඔහු අපිට උගන්වයි.අපි ඔහු පෙන්නන පාරේ යමු.”+ මොකද සියොන් කන්දේ ඉඳන් නීතිය* ගැන උගන්වයි.යෙරුසලමේ ඉඳන් යෙහෝවාගේ වචනය දැනුම් දෙයි.+   ඔහු හැම ජාතියක්ම විනිශ්චය කරයි.ඔවුන්ගේ අඩුපාඩු හරිගස්සයි. ඔවුන් තමන්ගේ කඩුවලින් නගුලුත්හෙල්ලවලින් දෑකැතිත් හදාගනියි.+ ජාතියක් තව ජාතියකට විරුද්ධව කඩු ඔසවන්නේ නැහැ.ඔවුන් ආයේ කවදාවත් යුද්ධ කරන්න ඉගෙනගන්නේ නැහැ.+   යාකොබ්ගෙන් පැවතෙන්නෙනි, එන්න.යෙහෝවා දෙන ආලෝකයෙන් අපි ගමන් කරමු.+   යාකොබ්ගෙන් පැවතෙන ඔබේ සෙනඟව ඔබ අත්හැරියා.+මොකද ඔවුන් නැඟෙනහිර දේශවලින් ආපු චාරිත්‍ර වැලඳගත්තා.පිලිස්තිවරු වගේ මන්තර ගුරුකම්වල+ නියැලුණා.ඔවුන්ගේ දේශය පුරාම විදේශිකයන්ගේ දරුවෝ ඉන්නවා.   ඔවුන් දේශය රන් රිදීවලින් පුරවගෙන,සීමාවක් නැතුව ධන සම්පත් එකතු කරගෙන, දේශය අශ්වයන්ගෙන් පුරවගෙන,සීමාවක් නැතුව අශ්ව රථ හදාගෙන.+   ඔවුන්ගේ දේශය කිසි කමකට නැති රූපවලින් පිරිලා.+ ඔවුන්ම හදාගත්ත රූපවලට ඔවුන් වැඳ වැටෙනවා.ඔවුන්ගෙම දෑතින් හදාගත්ත දේවලට නමස්කාර කරනවා.   එහෙම වැඳ වැටෙන අය තමන්වම ලැජ්ජාවට පත් කරගන්නවා.ඔවුන්ට ඔබෙන් කිසිම සමාවක් ලැබෙන්නේ නැහැ. 10  යෙහෝවාගේ දැවෙන කේන්තිය නිසාත්තේජවත් බලය නිසාත්ගිහින් පර්වතවලත්+ දූවිල්ලෙත් හැංගෙන්න. 11  ඔහු උඩඟු අයව පහතට ඇදලා දායි.අහංකාර අයව ලැජ්ජාවට පත් කරයි. ඒ දවසේදී ගෞරවයට පත් වෙන්නේ යෙහෝවා විතරයි. 12  මොකද ඒ දවස අයිති ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාටයි.+ ඔහු ඒ දවසේදී අහංකාර, උඩඟු හැමෝටම දඬුවම් කරයි.උස් පහත් හැමෝටම දඬුවම් කරයි.+ 13  ලෙබනොන්වල තියෙන තේජවත්, දැවැන්ත දේවදාර ගස් හැම එකකටමත්බාෂාන්වල තියෙන විශාල ගස්වලටත් ඔහු දඬුවම් කරයි. 14  උස් කඳු හැම එකකටමත්හෙල් සියල්ලටත් 15  උසට හදපු මුරකොටුවලටත් දැවැන්ත පවුරුවලටත් 16  තර්ෂිෂ් නැව්+ හැම එකකටමත්වටින බෝට්ටු හැම එකකටමත් ඔහු දඬුවම් කරයි. 17  ඔහු උඩඟු මිනිස්සුන්ව පහතට ඇදලා දායි.අහංකාර මිනිස්සුන්ව ලැජ්ජාවට පත් කරයි. ඒ දවසේදී ගෞරවයට පත් වෙන්නේ යෙහෝවා විතරයි. 18  කිසිම වැඩකට නැති දෙවිවරු නැත්තටම නැති වෙලා යයි.+ 19  යෙහෝවාගේ දැවෙන කේන්තිය නිසාත්තේජවත් බලය නිසාත්+මිනිස්සු ගල් ගුහාවලට ගිහින් හැංගෙයි.වළවල්වලට රිංගයි.+මොකද මුළු පොළොවම හොල්ලලා හැමෝවම බය කරන්න ඔහු ඇවිත් ඉන්නවා. 20  ඒ දවසේදී මිනිස්සු නමස්කාර කරන්න හදාගත්තකිසිම වැඩකට නැති ඔවුන්ගේ රන් රිදී රූපහික්මීයන් සහ වවුලන් ලගින තැන්වලට වීසි කරයි.+ 21  ඊටපස්සේ ඔවුන් ගල් ගුහාවලටත්පර්වතවල තියෙන කුහරවලටත් ගිහින් හැංගෙයි.ඔවුන් එහෙම කරන්නේ යෙහෝවාගේ දැවෙන කේන්තිය නිසයි.ඔහුගේ තේජවත් බලය නිසයි.මොකද මුළු පොළොවම හොල්ලලා හැමෝවම බය කරන්න ඔහු ඇවිත් ඉන්නවා. 22  ඉතින් මිනිස්සු ගැන විශ්වාසය තියන එක නවත්තන්න.ඔවුන් හුස්මක් වගේ මොහොතකින් නැති වෙලා යනවා. ඒ වගේ කෙනෙක් ගැන විශ්වාසය තියන එකේ කිසි තේරුමක් තියෙනවාද?

පාදසටහන්

හෝ, “මඟ පෙන්වීම්.”