යෙසායා 22:1-25

  • දේවල් එළිදරව් කරපු නිම්නයට විරුද්ධව දුන්න තීන්දුව (1-14)

  • ෂෙබ්නා වෙනුවට එලියාකීම්ව පත් කරයි (15-25)

    • ඇණයක් (23-25)

22  දෙවියන් ගොඩක් දේවල් එළිදරව් කරපු නිම්නයට* විරුද්ධව දුන්න තීන්දුව මේකයි.+ ඔබට මොකද මේ වෙලා තියෙන්නේ? හැමෝම පැතලි වහලේ උඩට නඟින්නේ මොකටද?   ඔබ ගොඩක් කැලඹුණා.ඔබ හිටියේ හරිම ඝෝෂාකාරී, අහංකාර නගරයක් විදිහටයි. ඔබේ සෙනඟ මැරුණේ කඩුවෙන්වත්යුද්ධයෙන්වත් නෙමෙයි.+   ඔබේ කුරිරු පාලකයෝ හැමෝම පලා ගියා.+ එක ඊයක්වත් විදින්නේ නැතුව ඔවුන්ව අල්ලගත්තා. අහු වෙන හැමෝවම හිරකරුවන් විදිහට අරන් ගියා.+දුර ඈත පළාත්වලට පලා ගියත් ඔවුන්ව අල්ලගත්තා.   ඒ නිසයි මම මෙහෙම කිව්වේ. “මං දිහා බලන්න එපා.අඬා වැලපෙන්න මට ඉඩ දෙන්න.+ මාව සනසන්න හදන්න එපා.මගේ දියණියගේ,* මගේ සෙනඟගේ විනාශය ගැන වැලපෙන්න මට ඉඩ දෙන්න.+   මොකද ඒක වියවුලක් සහ කැලඹීමක් ඇති කරන, පරාජය අද්දකින දවසක්.+ඒක ගේන්නේ ශ්‍රේෂ්ඨතම පාලකයාණන් සහ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.ගොඩක් දේවල් එළිදරව් කරපු නිම්නය පිටට ඔහු ඒක ගෙනෙයි. පවුර බිඳලා දායි.+උදව් ඉල්ලලා කෑගහන සෙනඟගේ හඬ කඳුකරය දක්වාම ඇහෙයි.   ඒලාම්වරු+ ඊකොපු පුරවගෙනයුධ රථ සහ අශ්වයන් පිට නැඟලා එයි.කිර්වල+ සෙනඟ පලිස් සූදානම් කරගනියි.*   ඔබේ සාරවත්ම නිම්න*යුධ රථවලින් පිරිලා යයි.අසරුවෝ* දොරටුව ළඟ සැරසිලා ඉඳියි.   යූදාවල රැකවරණය* ඉවත් කරයි. “ඒ දවසේදී ඔබ ලෙබනොන් වනාන්තරය කියලා හඳුන්වන ශාලාවේ තියෙන ආයුධ ගැන විශ්වාසය තියයි.+  දාවිත්ගේ නුවරේ තියෙන පවුර හැම තැනින්ම කැඩිලා තියෙන විදිහ දකියි.+ එතකොට ඔබ පහළ පොකුණට වතුර රැස් කරගනියි.+ 10  යෙරුසලමේ තියෙන ගෙවල් පරීක්ෂා කරලා ඒවායින් සමහරක් කඩලා දාලා පවුර ශක්තිමත් කරයි. 11  පරණ පොකුණේ තියෙන වතුර රැස් කරගන්න පවුරු දෙක අතරේ ඔබ තටාකයක් හදයි. ඒත් ඒක හදපු ශ්‍රේෂ්ඨ තැනැත්තා ගැන ඔබ විශ්වාසය තියන්නේ නැහැ. ගොඩක් කාලෙකට කලින් ඒ ගැන තීරණයක් ගත්ත තැනැත්තා දිහා ඔබ බලන්නේ නැහැ. 12  ඒ දවසේදී ශ්‍රේෂ්ඨතම පාලකයාණන් සහ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාඅඬා වැලපෙන්න කියලත් විලාප තියන්න කියලත් නියම කරයි.+හිස බූ ගාගෙන ගෝණි රෙදි ඇඳගන්න කියලා අණ කරයි. 13  ඒත් ඒ වෙනුවට ඔබ සතුටින් උත්සව පවත්වනවා.ගොනුන්වයි, බැටළුවන්වයි මරලාඋන්ගේ මස් කනවා. වයින් බොනවා.+ ‘අපි හෙට මැරෙන නිසා අද හොඳට කමු, බොමු’+ කියලා කියනවා.” 14  ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා මට ඇහුණා. “‘ඔබ හැමෝම මැරෙන කල් ඔබ කරපු මේ වරදට සමාව ලැබෙන්නේ නැහැ.’+ එහෙම කියන්නේ ශ්‍රේෂ්ඨතම පාලකයාණන් සහ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා.” 15  ශ්‍රේෂ්ඨතම පාලකයාණන් සහ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. “රජමාලිගාව භාරව ඉන්න සේවකයා ළඟට, අර ෂෙබ්නා+ ළඟට ගිහින් මෙහෙම අහන්න. 16  ‘ඔයාට මොනවාද මෙහේ තියෙන්නේ? ඔයාටම කියලා මෙහේ සොහොන් ගෙයක් හදාගන්න මොකක්ද ඔයාට තියෙන අයිතිය?’ එයා කන්දක් උඩ එයාටම කියලා සොහොන් ගෙයක් හදාගන්නවා. පර්වතයක් කපලා එයාව තැන්පත් කරන්න තැනක් හදාගන්නවා. 17  එයාට මෙහෙමත් කියන්න. ‘යෙහෝවා ඔයාව පහළට ඇදලා දානවා. ඔයාට හෙල්ලෙන්නවත් බැරි විදිහට ඔයාව අල්ලගන්නවා. 18  ඔයාව හොඳටම ගුලි කරලා බෝලයක් වීසි කරනවා වගේ දුර ඈත තියෙන විශාල දේශයකට වීසි කරලා දානවා. එහෙදී ඔයා ඔයාගේ අලංකාර අශ්ව රථත් එක්කම නැති වෙලා යයි. ඒකෙන් ඔයාගේ ස්වාමියාගේ පවුලේ අයට ලොකු නින්දාවක් වෙයි. 19  මම ඔයාව ඔයාගේ තනතුරෙන් අයින් කරලා ඔයාව එළියට ඇදලා දානවා. 20  “‘ඒ දවසේදී මම හිල්කියාගේ පුතා වුණ මගේ සේවක එලියාකීම්ව+ තෝරගන්නවා. 21  මම ඔයාගේ ඇඳුම එයාට අන්දවලා ඔයාගේ ඉණපටිය එයාගේ ඉණ වටේ තදින් බඳිනවා.+ ඔයාට තිබුණ අධිකාරිය එයාට දෙනවා. එයා යෙරුසලමේ ඉන්න අයටත් යූදා ජාතියටත් තාත්තා කෙනෙක් වගේ වෙයි. 22  දාවිත්ගේ රාජකීය පෙළපතේ යතුර මම එයාට භාර දෙනවා.*+ එයා දොරක් ඇරියොත් කවුරුත් ඒක වහන්නේ නැහැ. එයා දොරක් වැහුවොත් කවුරුත් ඒක අරින්නෙත් නැහැ. 23  ඇණයක් තදට ගහනවා වගේ මම එයාව ස්ථිර තැනක රඳවලා තියනවා. එයා එයාගේ තාත්තාගේ පවුලේ අයට ගෞරවයක් ගේන අලංකාර සිංහාසනයක් වගේ වෙයි. 24  එයාගේ තාත්තාගේ පවුලේ සම්පූර්ණ ගෞරවය* එයා මත රැඳිලා තියෙයි. එයාගේ තාත්තාගෙන් පැවතෙන අයගෙත් දරුවන්ගෙත්* ගෞරවය ඒ කියන්නේ ලොකු පොඩි භාජන වගේම විශාල ජෝගුත් එයා මත රැඳිලා තියෙයි. 25  “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. ‘ඒ දවසේදී මම කලින් ස්ථිර තැනක තදට ගහලා තිබුණ ඇණය ගලවලා දානවා.+ ඒක කපලා බිමට දානවා. ඒකේ එල්ලලා තිබුණ හැම දෙයක්මත් වැටිලා විනාශ වෙලා යනවා. ඒ දේ කියන්නේ යෙහෝවායි.’”

පාදසටහන්

පේන විදිහට මෙතන කතා කරන්නේ යෙරුසලම ගැනයි.
කාව්‍යමය විදිහට මෙතන සෙනඟව දියණියක් විදිහට හඳුන්වන්නේ අනුකම්පාව පෙන්නන්නයි.
මූ.අ., “පලිහේ වැස්ම ඉවත් කරයි.”
හෝ, “තැනිතලාවන්.”
හෝ, “අශ්වයන්.”
හෝ, “වියන.”
මූ.අ., “එයාගේ කර පිට තියනවා.”
මූ.අ., “බර.”
හෝ, “රිකිලිවලත්.”