යෙසායා 23:1-18

  • තීර් දේශයට විරුද්ධව දුන්න තීන්දුව (1-18)

23  තීර් දේශයට විරුද්ධව දුන්න තීන්දුව මේකයි.+ තර්ෂිෂ් නැව්වල+ ගමන් කරන්නෙනි, අඬා වැලපෙන්න! මොකද ඔබේ වරාය විනාශ වෙලා. එහෙට ඇතුල් වෙන්න බැහැ.ඒ ගැන කිත්තිම්+ දේශයෙන් ආරංචි වුණා.   වෙරළබඩ ප්‍රදේශයේ වැසියන් නිහඬ වෙලා. මුහුද තරණය කරලා ආව සීදොන්වල වෙළෙන්දෝ+ ඔබව පොහොසත් කළා.   ෂිහොර්වල*+ ධාන්‍යත් නයිල් ගඟ අවටින් නෙළාගත්ත අස්වැන්නත්ජල ධාරා මැදින් ගෙන ගියා. ඇය ලාභ ලබාගත්තේ එහෙමයි.ජාතීනුත් ඒකෙන් ලාභ ලැබුවා.+   සීදොන්, මුහුද ළඟ සුරක්ෂිතව ඉන්න ඔබ ලැජ්ජා වෙන්න!මොකද මුහුද මෙහෙම කිව්වා. “මම ප්‍රසව වේදනා වින්දෙවත් දරුවන් බිහි කළේවත් නැහැ.මම දූපුතුන්ව ඇතිදැඩි කළෙත් නැහැ.”+   ඊජිප්තුවට වුණ දේ ගැන ආරංචි වුණාම+ මිනිස්සු කම්පා වුණා වගේතීර් ගැන අහන්න ලැබුණාමත් මිනිස්සු කම්පා වෙයි.+   තර්ෂිෂ්වලට පලා යන්න. වෙරළබඩ ප්‍රදේශයේ වැසියෙනි, අඬා වැලපෙන්න.   ඉස්සර ඉඳන්ම ප්‍රීති ඝෝෂා නඟපු ඔබේ නගරයද මේ? ඇගේ සෙනඟ දුර ඈත දේශවලට ගිහින් පදිංචි වුණා.   රජවරුන්ට කිරුළ පලඳවපුතීර්වලට විරුද්ධව මේ තීන්දුව දුන්නේ කවුද?ඇගේ වෙළෙඳුන්ව අධිපතීන් විදිහට සැලකුවා. බඩු විකුණන්නන්ට පොළොව පුරාම මහත් ගෞරවයක් ලැබුණා.+ඇයට විරුද්ධව මේ තීන්දුව දුන්නේ කවුද?   මේ තීන්දුව දුන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.එහෙම කළේ ඇගේ අලංකාරය ගැන ඇයට දැනෙන උඩඟුකම නැති කරන්නයි.පොළොව පුරාම ලොකු ගෞරවයක් ලබන හැමෝවම නින්දාවට පත් කරන්නයි.+ 10  තර්ෂිෂ් දියණිය, නයිල් ගඟ පිටාර ගලන විදිහට ඔබත් දේශය පුරා විසිර යන්න. මොකද දැන් ඔබට වරායක් නැහැ.+ 11  දෙවියන් තමන්ගේ අත මුහුද හරහා දිගු කළා.ඔහු රාජ්‍යයන් සෙලෙව්වා. ෆිනීෂියාවේ බලකොටු විනාශ කරන්න කියලා යෙහෝවා අණ කළා.+ 12  ඔහු මෙහෙම කියනවා. “පීඩා විඳින තැනැත්තිය, සීදොන් කන්‍යා දියණිය,ඔබ ආයේ සතුටු වෙන්නේ නැහැ.+ දැන් නැඟිටින්න. කිත්තිම්+ දෙසට යන්න. එහෙට ගියත් ඔබට සහනයක් නම් ලැබෙන්නේ නැහැ.” 13  කල්දිවරුන්ගේ දේශය දිහා බලන්න!+ ඇයව* කාන්තාරයේ සැරිසරන සතුන් ලගින තැනක් කරන්නේඇසිරියානුවන්+ නෙමෙයි කල්දිවරුනුයි. ඔවුන් දේශය වටලලා ඒකට පහර දෙන්න යුධ රථ ලෑස්ති කළා.ඇගේ බලකොටු බිමටම සමතලා කරලා,+ඇයව නටබුන් ගොඩක් කළා. 14  තර්ෂිෂ් නැව්වල ගමන් කරන්නෙනි, අඬා වැලපෙන්න!මොකද ඔබේ බලකොටුව විනාශ වෙලා.+ 15  ඒ දවසේ ඉඳන් තීර් ගැන මතකය නැති වෙලා යනවා. අවුරුදු 70ක් යන කල්+ ඒ කියන්නේ එක රජ කෙනෙක්ගේ ජීවිත කාලෙකට මිනිස්සුන්ට ඇයව අමතක වෙලා යනවා. අවුරුදු 70 අවසානයේදී තීර් මේ ගීතයේ සඳහන් ගණිකාවගේ තත්වයට පත් වෙනවා. 16  “මතකයෙන් ගිලිහී ගිය ගණිකාව,වීණාවක් අරගෙන නුවර වටේ යන්න. ඔබේ වීණාව ලස්සනට වයන්න.ගොඩක් ගී ගයන්න.එතකොටවත් ඔවුන්ට ඔබව මතක් වෙයි.” 17  අවුරුදු 70 ඉවර වුණාම යෙහෝවා ආයෙත් තීර්ව සිහි කරයි. ඇය ගණිකාවක් වගේ ආපහු පොළොවේ හැම රාජ්‍යයක් එක්කම අනාචාරයේ යෙදිලා කුලී ලබාගනියි. 18  ඒත් ඇයට ගෙවන කුලියත් ඇයට ලැබෙන ලාභයත් යෙහෝවාට කැප කරපු දෙයක් වෙයි. ඇය ඒ දේවල් රැස් කරන්නෙවත් ගබඩා කරලා තියන්නෙවත් නැහැ. මොකද ඇයට ලැබෙන කුලිය යෙහෝවාගේ සෙනඟ වෙනුවෙන් වෙන් කරයි. ඒකෙන් ඔවුන් කාලා බීලා සතුටු වෙයි. වටින ඇඳුම්වලින් සැරසිලා ඉඳියි.+

පාදසටහන්

ඒ කියන්නේ නයිල් ගඟේ අතු ගංගාවක්.
මෙතන කතා කරන්නේ තීර් ගැන වෙන්න පුළුවන්.