යෙසායා 24:1-23

  • යෙහෝවා දේශය හිස් කරයි (1-23)

    • යෙහෝවා සියොන්වල රජ වෙයි (23)

24  බලන්න! යෙහෝවා දෙවියන් දේශය* හිස් කරනවා. ඒක පාළු තැනක් කරනවා.+ ඔහු දේශය කණපිට පෙරළලා+ සෙනඟව විසුරුවාහරිනවා.+   හැමෝටම වෙන්නේ එකම දෙයයි. සාමාන්‍ය මිනිස්සුන්ට සහ පූජකයන්ටත්සේවකයාට සහ ස්වාමියාටත්සේවිකාවට සහ ස්වාමිදුවටත්වෙළෙන්දාට සහ බඩු මිල දීලා ගන්නාටත්ණයට දෙන්නාට සහ ණයට ගන්නාටත්පොලී අය කරන්නාට සහ පොලී ගෙවන්නාටත්+ වෙන්නේ එකම දෙයයි.   දේශයෙන් හැමෝවම අයින් කරලා දානවා.දේශයේ තියෙන හැම දෙයක්ම කොල්ල කනවා.+ඒ දේ කියන්නේ යෙහෝවායි.   දේශය වැලපෙයි.*+ ඒක විනාශ වෙලා යනවා. සාරවත් බිම් වේළිලා යනවා. ඒවා පාළු වෙලා යනවා. දේශයේ ඉන්න උත්තමයෝ පරඬැල් වගේ වෙනවා.   එහි වැසියෝ දේශය දූෂ්‍ය කළා.+මොකද ඔවුන් නීති ගාණකටවත් ගත්තේ නැහැ.+ඔවුන් නියෝග වෙනස් කළා.+පරම්පරා ගාණක් පුරා* තියෙන ගිවිසුම කඩ කළා.+   ඒ නිසයි දේශය පිටට එන ශාපයෙන් ඒක විනාශ වෙන්නේ.+එහි වැසියෝ වරදකරුවන් වෙන්නේ. ඒ නිසයි දේශයේ ඉන්න වැසියන් අඩු වෙලා යන්නේ.කීපදෙනෙක් විතරක් එහි ඉතුරු වෙන්නේ.+   අලුත් වයින් හිඳිලා ගිහින්. මිදිවැලත් වේළිලා ගිහින්.+සතුටු සිතින් හිටපු අය දැන් සුසුම්ලනවා.+   සතුටින් රබන් ගහන හඬ දැන් ඇහෙන්නේ නැහැ.විනෝද වෙන අයගේ ඝෝෂාවත් නැති වෙලා ගිහින්.වීණාවේ මිහිරි හඬත් දැන් ඇහෙන්නේ නැහැ.+   ගී ගයන්නේ නැතුව ඔවුන් වයින් බොනවා.මත්පැන් පවා දැන් ඔවුන්ට තිත්තයි. 10  අත්හැරලා ගිය නගරය ගරාවැටිලා.+ගෙවල් ඔක්කොම කාටවත් ඇතුල් වෙන්න බැරි විදිහට වහලා දාලා. 11  වයින් නැති නිසා ඔවුන් වීථිවල අඬා වැලපෙනවා. ප්‍රීති ඝෝෂා හඬ කොහෙන්වත් ඇහෙන්නේ නැහැ.දේශයේ තිබුණ සතුට දැන් නැති වෙලා ගිහින්.+ 12  නගරය නටබුන් ගොඩක් වෙලා.දොරටුව කුඩු කරලා. ඉතුරු වෙලා තියෙන්නේ සුන්බුන් විතරයි.+ 13  මොකද ජාතීන් අතරේ දේශයේ ඉන්න මගේ සෙනඟ හරියට ඔලීව පල නෙළාගත්තාට පස්සේ+ ඉතුරු වෙන ගෙඩි කීපය වගේ වෙයි.මිදි අස්වැන්න නෙළාගත්තාට පස්සේ ඉතුරු වෙන මිදිගෙඩි කීපය වගේ වෙයි.+ 14  ඔවුන් සතුටින් කෑගහයි.ප්‍රීතියෙන් ඝෝෂා නඟයි. මුහුදේ* ඉඳන් ඔවුන් යෙහෝවාගේ ශ්‍රේෂ්ඨත්වය ගැන ප්‍රකාශ කරයි.+ 15  නැඟෙනහිර දේශවල* ඉඳන් ඔවුන් යෙහෝවාව ගෞරවයට පත් කරයි.+මුහුද මැද තියෙන දූපත්වල ඉඳන් ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාගේ නමට ප්‍රශංසා කරයි.+ 16  පොළොව කෙළවරේ ඉඳන් මේ ගීතවල හඬ අපිට ඇහෙනවා. “ධර්මිෂ්ඨ තැනැත්තාණන්ට ගෞරවය* ලැබේවා!”+ ඒත් දැන් මම මෙහෙම කියනවා. “මගේ ශක්තිය නැති වෙලා මම වැහැරිලා යනවා. අනේ, මට දැනෙන වේදනාව දරාගන්න බැහැ. සෙනඟ එකිනෙකාට ද්‍රෝහි වෙලා එකිනෙකාව රවට්ටනවා.දිගටම එකිනෙකාට ද්‍රෝහි වෙලා එකිනෙකාව රවට්ටනවා.”+ 17  දේශයේ වැසියෙනි, භීතිය ඔබව වෙළාගන්න බලාගෙන ඉන්නවා. වළවල් සහ උගුල් ඔබව ගිලගන්න බලාගෙන ඉන්නවා.+ 18  භයානක සද්දෙන් බේරෙන්න පලා යන කෙනා වළකට වැටෙයි.වළෙන් ගොඩ එන කෙනා උගුලකට අහු වෙයි.+ මොකද අහසේ කවුළු අරියි.දේශයේ අත්තිවාරම් දෙදරුම් කයි. 19  දේශය පැළිලා යයි.ඒක හොඳටම හෙල්ලිලා යයි.ඒක දරුණු විදිහට කම්පා වෙයි.+ 20  වෙරි මතින් වැනෙන කෙනෙක් වගේ දේශය ඒ මේ අත වැනෙයි.හුළඟට අහු වුණ පැලක් වගේ ඒක ඒ මේ අත සෙලවෙයි. ඒකේ වැරදි ඒකට දරාගන්න බැරි තරම්.+ආයේ නැඟිටින්න බැරි වෙන විදිහට දේශය වැටිලා යනවා. 21  ඒ දවසේදී යෙහෝවා ඉහළ තැන්වල ඉන්න සේනාවත්පොළොවේ රජවරුන්වත් විනිශ්චය කරන්න පියවර ගනියි. 22  හිරකරුවන්ව එකතු කරලා වළකට දානවා වගේඒ හැමෝවම එකට රැස් කරනවා.ඔවුන්ව අඳුරු හිරකුටියකට දාලා වහනවා.හුඟ දවසකට පස්සේ ඔහු ඔවුන්ව විනිශ්චය කරනවා. 23  පුන්සඳ ලැජ්ජාවට පත් වෙයි.බැබළෙන හිරු ලැජ්ජාවෙන් හැංගෙයි.+මොකද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා සියොන් කන්දෙත්+ යෙරුසලමෙත් රජ වෙලා.+ඔහුගේ සෙනඟ අතරේ ඉන්න වැඩිමහල්ලන් ඉදිරියේ ඔහු තේජසින් රජකම් කරයි.+

පාදසටහන්

හෝ, “පොළොව.”
හෝ සමහරවිට, “වේළිලා යයි.”
හෝ, “ඈත අතීතයේ ඉඳන්.”
හෝ, “බස්නාහිර.”
මූ.අ., “එළිය වැටෙන ප්‍රදේශයේ.”
හෝ, “අලංකාරය.”